හදුන් කලවැද්දෙකුගේ ඡායාරූපයක්ද?  (PHOTO)

Update: 2022-06-11 06:39 GMT

දුර්ලභ හෝ වඳවී ගොස් ඇති සත්ත්වයන් ලෙස හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ඡායාරූප සංසරණය වනවා. මෙවැනි සත්ත්වයන් දැකගන්නීමට තිබෙන කුතුහලය නිසාම වැඩිදුර කරුණු සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමට ද පෙළඹෙනවා.

මේ ආකාරයට ලංකාවේ දුර්ලභ සත්ත්වයෙකු ලෙස හැඳින්වෙන හඳුන් කලවැද්දෙකුගේ ඡායරුපයක් යැයි දක්වමින් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ සත්ත්වයෙකුගේ ඡායාරුපයක් පිළිබඳ නිවැරදි කරුණු සොයා අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“හදුන් කලවැද්දා මූ. මූ ලග මාරම සුවදයි. දුර්ලබ සතෙක් මමත් ගොඩක් කාලෙකට පස්සේ දැක්කේ මන් චූටිකාලේනම් අපේ ගමෙත් හිටියා දැන් උන් වදවෙලා ගිහින්” යනුවෙන් සඳහන් කළ ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන සංසරණය වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්. Archived Link|Archived Link.

මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී ගියේ බොහෝ පිරිසක් මෙම සත්ත්වයා පිළිබඳ නොමග ගොස් ඇති බවකි.

මෙම සත්ත්වයා පිළිබඳ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක යෙදීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

හදුන් කලවැද්දා නමින් සත්ත්වයෙක් මෙරට සිටිනවාද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණයක යෙදුණා. නමුත් අපට එනමින් සත්ත්වයෙක් ඇති බවට ප්‍රමාණවත් සාක්ෂියක් හමු නොවුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ තතු

Reverse Image සෙවුමක් ඔස්සේ අපට දැක ගන්නට ලැබුණේ, පැපුවා නිව්ගිනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශවලින් හමුවන සත්ත්වයෙකු වන “Quoll” නමැති සත්ත්වයෙකු මෙහි දක්වා තිබෙන බවයි

එමෙන්ම ඔවුන් මූලික වශයෙන් නිශාචර වන අතර දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ගුහාවක බවද සඳහන් වී තිබුණා.

https://twitter.com/Distinctboxes/status/1117419142850732032

මෙම ඡායාරුපය හුවමාරු වූ තවත් අවස්ථාවක්.

pinterest| Archived Link

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් පළ වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්.

‘Quoll’ සත්ත්වයා පිලිබඳ තොරතුරු

අප මෙම Quoll සත්ත්වයා සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු නිරීක්ෂණය කරනු ලැබුවා.

ඕස්ට්‍රේලියාවේ Quoll විශේෂ හතරක් ඇති අතර එම සත්ත්ව වර්ග නම්,

Spotted-tailed Quoll (Dasyurus maculatus)

Western Quoll (Dasyurus geoffroii)

Eastern Quoll (Dasyurus viverrinus)

Northern Quoll (Dasyurus hallucatus).

ඒ සියල්ලටම ලාක්ෂණික උල් වූ නාසය, හොඳින් වර්ධනය වූ සුනඛයින් මෙන් කෙස් සහිත වලිගයක් ඇති අතර ඉහත සත්ත්වයා අයත් Spotted-tailed Quoll/ Tiger quolls වර්ගය ශරීරයේ සුදු ලප වල රටාව වලිගය දක්වාම පවතින එකම විශේෂයක් බවට ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම Quoll සත්ත්වයා අතුරින් Spotted-tailed Quoll යනු Tasmanian Devil ට පසුව ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම මාංශ භක්ෂක සත්ත්වයා වේ.

ඒ අනුව ඡායාරූපයේ ඇත්තේ, Spotted-tailed Quoll සත්ත්වයායි.

මේ සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

තරුණ සත්ත්ව විද්‍යා සංගමයේ හිටපු සභාපති

අප මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා තරුණ සත්ත්ව විද්‍යා සංගමයේ හිටපු සභාපති මේඝා ගනේෂන්ගෙන් අප විමසීමක් කරනු ලැබුවා.

ඇය සඳහන් කළේ, ඉහත ඡායාරූපයේ සිටින සත්ත්වයා මෙරට සත්ත්වයෙකු නොවන බවයි. එය විදේශිය රටක ඡායාරූපයක් බවත් ඇය සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම හදුන් කලවැද්දා නමින් සත්ත්වයෙකු මෙරට නොමැති බවත් තහවුරු කළ ඇය වැඩි දුරටත් පවසා සිටියේ, එම සත්ත්වයාගේ හැඩ හුරුවට සමාන ලෙසින් ලංකාවේ සිටින සත්ත්වයා වන්නේ කලවැද්දා(Golden Palm Civet) නමැති සත්ත්වයා බවයි.

එසේම හදුන් කලවැද්දා ලෙස සඳහන් කළ සත්ත්වයෙකුගේ වීඩියෝවක් පමණක් යූටියුබ් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

මේ පිළිබඳව ද අප මේඝා ගනේෂන්ගෙන්ගෙන් විමසීමක් සිදුකළ අතර ඇය පවසා සිටියේ මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ද කලවැද්දෙකු බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ හදුන් කලවැද්දෙකු ලෙස හඳුන්වා දෙමින් සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියාවේ සහ පැපුවා නිව්ගිනියාවේ විශේෂයෙන්ම හමුවන සත්ත්වයෙකු වන “Quoll” නමැති සත්ත්ව කොට්ඨාශයක් බවයි.

එසේම මෙරට හදුන් කලවැද්දෙකු ලෙස නම් කළ සත්ත්වයෙකු නොමැති අතර ඉහත ඡායාරූපයේ සත්ත්වයාට සමාන කම් ඇති මෙරට සත්ත්වයන් වන්නේ, ‘කලවැද්දන්’ බව තරුණ සත්ත්ව විද්‍යා සංගමයේ හිටපු සභාපති මේඝා ගනේෂන් පැවසුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හදුන් කලවැද්දෙකුගේ ඡායාරූපයක්ද? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News