අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඉලක්ක කරගත් ව්‍යාජ සංස්කරණයක්!

Update: 2022-06-22 10:33 GMT

දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් යා යුතු යැයි යානා දී වශයෙන්, 2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශය පෙළක්, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පුවත්පතකට ප්‍රකාශ කළ බව හඟවමින් නැවත වරක් හුවමාරු වන ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ආගමිකයන් ආරක්ෂා කරන්න බැරි දෙවියන්වහන්සේ ස්වර්ගයෙන් යා යුතුයි,

බැතිමතුන් 250 මරාදමන තුරු බලා සිටියා.

වතිකානුව කුණු කානුවක් නැත්ත-ඇත්ත කරලා ඇත්ත-නැත්ත කරනවා

අපේ දෙවියන්ගේ කොන්ද පණ මදි

බෝම්බ ගසනතුරු ඔහේ බලාසිටියා

යනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කළ ප්‍රකාශයන් පුවත් පතක පළ වූ බවට දක්වා තිබූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙලෙස සඳහන් කළ සටහන් 2019 වසරේද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Archived Link

මෙම සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙවන් ප්‍රකාශයන් සිදු කළා ද, යන්න හා ඉහත සඳහන් ආකාරයට පුවත් පතක පළ වී තිබුණා ද, යන්න පිළිබඳව අප ප්‍රථමයෙන්ම විමර්ශනය සිදු කළා.

කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එම ප්‍රකාශයන් සිදු කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් පළ වී නොතිබිණි.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන නිරීක්ෂණය කිරීමේදී අපට දැක ගන්නට ලැබු‍ණේ, එම පුවතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ අක්ෂර භාවිතයද නිවැරදි නොවන බවයි.

ප්‍රධාන වශයෙන් එහි පළවෙනි වාක්‍යයේ “ආගමිකයන් අරක්ෂා කරන්න බැරි” ලෙස සඳහන් වී තිබේ. “ආරක්ෂා” වෙනුවට “අරක්ෂා” ලෙස එහි සඳහන් වී තිබේ.

පුවත් පතක ප්‍රධාන ශිර්ෂ පාඨය එලෙස වැරදීමට බොහෝ සෙයින් ඉඩකඩ අඩු වේ.

එමෙන්ම මෙම පුවත්පතේ කටාන, මාධ්‍යවේදී බර්නාඩ් වීරසිංහ ලෙස සඳහන් වූ කොටසත්, 2වන පිටුව යන කොටසක් සැලකිල්ලට ගැනීමේදී, මෙය පුවත් පතක මුල් පිටුවේ පළ වූ ලිපියක් සංස්කරණය කර ඇති බවට අනුමාන කළ හැක.

අප මෙහි සත්‍ය පුවත්පත පිළිබඳ කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ 2019 වර්ෂයේ ජූලි 22 වන දා ‘මව්බිම’ පුවත් පතේ මුල් පිටුවේ පළ වූ ලිපියක ඡායාරූප සහ ආකෘතිය සමාජ මාධ්‍යයේ සංසරණය වූ ඡායාරූප සටහනට සමාන බවයි.

එම පුවත් පතේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සම්බන්ධයෙන් පුවතක් පළ වී තිබුණේ මෙලෙසින්.

(2019 ජුලි 22 ‘මව්බිම’ පුවත්පතේ E-පුවත්පත ට අදාළ ඔවුන්ගේ වෙබ් අඩවියේ සබැඳිය මේ වන විට ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති අතර ඉහත ඡායාරූපය, සම්බන්ධයෙන් අප එම අවධියේ ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමසුමෙන් ගනු ලැබුවා)

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත් ලිපියේ ප්‍රධාන ශිර්ෂ පාඨය වූ, “ආගමිකයන් ආරක්ෂා කරන්න බැරි දෙවියන්වහන්සේ ස්වර්ගයෙන් යා යුතුයිවෙනුවට, සත්‍ය පුවත්පතේ පළ වී තිබුණේ, “මේ විනාශය සිදුකළ ප්‍රතිපත්තියක් නැති නායකයන් ගෙදර යා යුතුයි” යන ශීර්ෂ පාඨයයි.

එසේම, සමාජ මාධ්‍ය සටහනේ, “බැතිමතුන් 250 මරාදමන තුරු බලා සිටියායනුවෙන් සංස්කරණය කර තිබුණේ, “ශක්තිමත් තිබූ බුද්ධි අංශය විනාශ කළා” යනුවෙන් පුවත්පතේ පළ වී තිබු පාඨයක්.

එමෙන්ම “වතිකානුව කුණු කානුවක් නැත්ත-ඇත්ත කරලා ඇත්ත-නැත්ත කරනවායනුවෙන් සංස්කරණය වී තිබුණේ, “.ජා. සංවිධානය ඇත්ත-නැත්ත කරලා නැත්ත-ඇත්ත කරනවා.”යනුවෙන් පළවූ පාඨයයි.

අපේ දෙවියන්ගේ කොන්ද පණ මදියනුවෙන් සංස්කරණය කර ඇත්තේ, “අපේ නායකයන්ගේ කොන්ද පණ මදි” යනුවෙන් පළ කර තිබූ සිරස්තලයයි.

බෝම්බ ගසනතුරු ඔහේ බලාසිටියාසමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ, “වනාතවිල්ලුවේ අන්තවාදීන් නිදහස් කළා” යනුවෙන් සඳහන් ශිර්ෂයයි.

සංස්කරණය කර තිබූ පුවත් පතේ සහ සත්‍ය පුවත් වාර්තාවේ ඡායාරූප අතර සංසන්දය පහතින්.

අප කළ විමසීමේදී කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ද, තහවුරු කළේ, අගරදගුරු තුමන් පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් හුවමාරු වන ඉහත ප්‍රකාශයන් අගරදගුරු තුමන් විසින් කිසිවිටෙකත් සිදු නොකළ බවත් එය අසත්‍යක් බවත්ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, පාස්කු ප්‍රහාරය හමුවේ දෙවියන් වහන්සේ හෙළා දකිමින් සිදුකළ ප්‍රකාශයන් පුවත් පතක පළ වූ ආකාරයක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප සටහන් ව්‍යාජ සංස්කරණක් බවයි.

2019 වර්ෂයේ ජූලි 22 වන දා අගරදගුරු තුමන් සම්බන්ධයෙන් ‘මව්බිම’ පුවත් පතේ මුල් පිටුවේ පළ වූ පුවතක කොටස් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉලක්ක කරගත් ව්‍යාජ සංස්කරණයක්!

Fact Check By: Pavithra Sandamali

Result: Altered

Tags:    

Similar News