ලිට්රෝ ගෑස් මිල සැකසෙන ආකාරය පිළිබඳ හුවමාරු වූ සටහන් පිලිබඳ පැහැදිලි කිරීමක්!

Update: 2022-07-21 12:20 GMT

ලංකාවේ ගෑස් භාවිතයෙන් වැඩි ප්‍රමාණයක් සපයන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. මේ දිනවල ගෑස් ආනයනය අභියෝගාත්මක කාර්යයක් වී ඇත්තේ විදෙස් සංචිත හිඟය නිසායි. කෙසේවෙතත් ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරිය හැකි බවක් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා තිබුණා.

මෙවන් පසුබිමක් තුළ , ගෑස් මිල සහ සැපයුම්කාර සමාගම ඇතුළු කරුණු පිළිබඳව ද බොහෝ දෙනා විමසිලිමත් වෙනවා. ලිට්රෝ ගෑස් 12.5 සිලින්ඩරයක මිල නිර්ණය වන ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සමාජ ජාලා සටහන් පැතිරුණා. ඒවා මගින් ඒත්තු ගැන්වීමට උත්සාහ ගෙන තිබුණේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් සඳහා වැය වන මිල ඉතා අඩු බව සහ එක සිලින්ඩරයක ගෑස් සඳහා වැයවන්නේ රුපියල් 612 ක් පමණක් බවයි.මේ, ඒ පිලිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ලිට්රෝ ගෑස් 12.5 කිලෝ සිලින්ඩරයක් සඳහා වැයවන වියදම් සම්බන්ධයෙන් සමාජ ජාලා සටහනක් පලව තිබුණේ මේ ආකාරයෙන් .

Facebook | Archived

එම සටහන් ෆේස්බුක් අවකාශයේ පැතිර පැවතියේ මෙලෙසින් .

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check( සත්‍ය තොරතුරු විමසා බැලීම )

මෙහි දක්වා ඇති සංඛ්‍යාලේඛන හොදින් පිරික්සා බැලු අපට තහවුරු වූ කාරණය වන්නේ ලිට්රෝ ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා වැයවන නැව් ගාස්තුව මෙහි ගෑස් සඳහා වැයවන මුදල ලෙස භාවිතා කර ඇති අතර ගෑස් මෙට්‍රික් ටොන් එකක් මිලදී ගැනීම සඳහා වැයවන මුදල මෙම දත්ත වල අඩංගු නොවන බවයි.

ගෑස් මෙට්‍රික් ටොන් එකක් ප්‍රවාහනය කිරීම සඳහා නැව් ගාස්තු ලෙස ලිට්රෝ සමාගම මගින් ඇමෙරිකන් ඩොලර් 129 ක් ඕමාන් ට්‍රේඩින් සමාගමට ගෙවන බව අප මීට පෙර සිදුකරන ලද කරුණු විමසීමකදී තහවුරු කරගෙන තිබුණා. එම කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

එම ඩොලර් 129 අගය ගෑස් සඳහා ගෙවන අගය ලෙස සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබුණු අතර ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ගෙවන සැබෑ මුදල මෙම සමාජ ජාලා සටහන් වල දක්වා නොමැත. ගෑස් මෙට්‍රික් ටොන් එකක් ගෙන එම සඳහා නැව් ගාස්තු ලෙස ඩොලර් 129 ක් ගෙවිය යුතු නම් ගෑස් මෙට්‍රික් ටොන් එකක් මිලට ගැනීම සඳහා ඊට වඩා වැඩි මුදලක් වැය වන බව පැහැදිලිවම උපකල්පනය කල හැකි කාරණයක් .

මේ සම්බන්ධයෙන් අප ලිට්රෝ ගෑස් සමාගමෙන්ද විමසීමක් සිදු කළා. ඔවුන් ගෑස් සිලින්ඩරයක් සඳහා යන වියදම පිලිබදව සටහනක් අප වෙත ලබාදුන්නා , එම සටහන පහතින්.

මේ අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක් මිලට ගැනීම සඳහා වැයවන මුදල (CP) ඩොලර් 725 ක්. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක අඩංගු ගෑස් සඳහා වැයවන මුදල රුපියල් 3350 ක්. අප විසින් සිදු කල ගණනය කිරීම් අනුවද ඉහත අගයන් නිවැරදි බව තහවුරු වුණා. ( 725 * 369.71 ) /1000 *12.5 ) මෙහිදී ගණන සඳහා ඩොලරයේ අගය ඉහත පරිදි 369.71 ලෙස සලකා බලා තිබෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා නැව් ගාස්තු සහ බදු සඳහා වැයවන මුදල ඩොලර් 129 ක්. එය 12.5 ගෑස් සිලින්ඩරයක් සඳහා යෙදු විට එකතුවන මුදල රුපියල් 596 ක්. ඊට අමතරව මෙහෙයුම් වියදම් ලෙස එක 12.5kg සිලින්ඩරයක් සඳහා රුපියල් 590 ක් සහ බෙදාහැරීම් වියදම් සඳහා රුපියල් 373 ක් ලෙස ලිට්රෝ සමාගම විසින් දක්වා තිබෙනවා.

මේ අගයන් හතරෙහි එකතුව අනුව 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල වන රුපියල් 4910 ක අගයක් ගනී. (ගෑස් සඳහා වැයවන මුදල රු. 3350 + නැව් ගාස්තු සහ බදු සඳහා වැයවන මුදල රු.596 + මෙහෙයුම් වියදම් රු. 590 + බෙදාහැරීම් වියදම් රු. 373)

ලිට්රෝ සමගම ලබාදුන් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් අගයන් මත අප රුපියල් වෙත පරිවර්තනය කොට 12.5kg සිලින්ඩරයක් සඳහා සිදුකළ ගණනය කිරීම් පහතින්

ගෑස් සිලින්ඩරයක මුළු මුදලින් 68% ක්ම ගෑස් මිලදී ගැනීම සඳහා යන මුදලයි. නැව් ගාස්තු සහ බදු සඳහා වැය වන මුදල ප්‍රතිශතයක් ලෙස 12% කි. ඒ අනුව 80% ක් ම මිල දී ගැනීමට සහ නැව් ගාස්තු සහ බදු වශයෙන් වැයවන බව දැක්වෙනවා.

12.5 kg ගෑස් සිලින්ඩරයක මිල නියම වන අයුරු ප්‍රස්ථාරයකින්

කෙසේවෙතත් අප විසින් ජාත්‍යන්තර වෙළෙදපොලේ ගෑස් සඳහා මේ වන විට නියමව ඇති මිල පිළිබදවද සොයා බැලුවා.

ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ජාත්‍යන්තර වශයෙන් කෙබදුද යන්න කෙරෙහි අප අවධානය යොමු කළා. එහිදී අපට දැකගන්නට හැකියාව ලැබුණේ ලිට්රෝ සමාගම සඳහන් කල ගෑස් මිලදී ගැනීමේ අගයන් හා ජාත්‍යාන්තර මිල (CP) ගණන් ද බොහෝදුරට සමාන බවත් දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධ වන වෙබ් සටහනක් කියවිය හැකියි මෙතනින්.Archived

එසේම අප දැනට ඉන්දියාවේ ගෑස් මිල ගණන් පිළිබඳව ද අප Factcrescendo ඉන්දියානු කණ්ඩායමෙන් විමසා බැලු අතර එහි ද සමාගම කිහිපයක් පැවතිය ද මිල ගණන් බොහෝ දුරට සමාන බවත් 14.2kg සිලින්ඩරයක මිල දැන් ඉන්දියානු රු.1100 පමණ (ලංකා මුදලින් රුපියල් පන්දහසකට ආසන්න) අගයක් ගන්නා බවත් දැක ගන්නට ලැබුණා. ඒ අනුව 12.5kg සඳහා ඊට සාපේක්ෂව ගණනය කිරීමක් සිදුකළහොත්, ශ්‍රී ලංකාවේ වර්තමාන ලිට්රෝ ගෑස් අගය රුපියල් පන්සියයකින් පමණ වැඩි බවක් පෙනෙනවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Conclusion (අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ 12.5kg ගෑස් සිලින්ඩරයක , ගෑස් සඳහා යන වියදම රුපියල් 612 ක් පමණක් බවට සදහන් කරමින් පැතිර ගිය සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවා වන බවයි. නැව් ගාස්තු සහ බදු සඳහා මෙට්‍රික් ටොන් එකක් සඳහා වැය වන ඩොලර් ඩොලර් 129 ක මුදල, ගෑස් මිලදී ගැනීම සඳහා වැයවන මුදල ලෙස සලකා සමාජ මාධ්‍ය සටහන් හි දැක්වූ ගණනය කිරීම සිදුකර තිබු බැවින් මෙම වැරදි අර්ථකථනය සිදුව තිබෙනවා.

ලිට්රෝ සමගම විසින් ලබාදුන් පැහැදිලි කිරීම් අනුව ගෑස් සඳහා රු .3350 ක මුදලක් වැයවන වන අතර ගෑස් , නැව් ගාස්තු සහ බදු සඳහා රු. 3946 ක් පමණ (මුළු ගෑස් සිලින්ඩරයක අගයෙන් 80% පමණ) අගයක් ගන්නා බව ද පෙන්වා දෙනවා

එසේම ඉන්දියාවේ වර්තමානගෑස් මිල ගණන් සසඳා බැලීමේ දී ද , සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු පරිදි රු. 2300 අගයකට 12.5kg ගෑස් සිලින්ඩරයක් ලබා දීමේ හැකියාවක් නොමැති බව පෙනී යනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලිට්රෝ ගෑස් මිල සැකසෙන ආකාරය පිළිබඳ හුවමාරු වූ සටහන් පිලිබඳ පැහැදිලි කිරීමක්!

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News