අසේකා - ජනික් විවාහ උත්සවයට පැමිණි රෝහිත රාජපක්ෂ(චිචී ) ව "හු" කියා එළවා දැමුවාද ?

Update: 2022-08-06 10:18 GMT

රාජපක්ෂවරුන් ජනාධිපතිධුර ,අග්‍රාමාත්‍ය ධුර හෙබවූ පසුගිය පාලන කාලය තුළ රටේ ඇතිවූ උග්‍ර ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ විශාල ජනතා විරෝධයක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතිවුණා. එම හේතුව නිසාම ඔවුන්ට එම ධුරවලින්ද ඉවත් වීමට ද සිදුවුණා. මෙම පසුබිම තුළ රාජපක්ෂවරු සම්බන්ධ විවිධ සටහන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වනවා. ඉන් සමහර සටහන් නොමගයවන සුළුයි.

මේ, මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ(චිචී) සම්බන්ධකරගෙන පැතිරුණු එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්.

සමාජ මාධ්‍ය සටහන් :

ප්‍රවීණ නර්තනාචර්‍යවරුන් දෙපළක් වන චන්න විජේවර්ධන සහ උපුලි පනීභාරතගේ දියණිය වන අසේකා විජේවර්ධනගේ සහ ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරෙකු වන ජනික් ජයසූරියගේ විවාහ මංගල උත්සවයට, ආරාධිතයෙකු ලෙස පැමිණි රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ, උත්සවයේ සිටි පිරිස හූ හඬ නංවමන් ඔවුන් නෙරපූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණේ මෙලෙසින්.

හූ හඬ මැද ච්චී මගුල් ගෙදරින් පැන දුවයි.

චන්න විජේවර්ධනයන්ගේ දියණිය අසේකා සහ සිනමා නළු ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරාගේ විවාහ උත්සවය ආරාධනා ලැබ පැමිණි චිචී

සිය බිරිඳ දරුවන් දෙදෙනා සමඟ අසුන් ගන්නවාත් සමඟම එහි අසුන් ගෙන සිටි අනෙකුත් ආරාධිත අමුත්තන් චිචී සමඟ මේසයේ එකට වාඩිවීම පවා පිළිකුලෙන් ප්රතික්ෂේප කොට නැගිට ගිය පැවසේ..

අනතුරුව එම ස්ථානයට පැමිණි කාන්තාවක්,

මේ හලෝ මං එංගලන්තෙ පදිංචිය , තමුන්ගෙ බාප්පට චන්දෙ දෙන්න දවස් තුනකට ටිකට් අරන් ඇවිත් ගියේ , තමුන් ඔය දාගෙන ඉන්න සපත්තු දෙක පවා අපේ සල්ලි මනුස්සයෝ..ලැජ්ජයි“ කියා උස් හඬින් බැණ වදින අතරේ

එයින් උත්තේජනය ලද තවත් පුද්ගලයෙක් චිචී ලඟටම ගොස් සිය ඇඟිල්ල චිචී ගේ පපුවට තබා...

ලැජ්ජයි හලෝ තමුසෙලා ගැන, අපේ සල්ලි වලින් කකා බිබී ඉන්න නිකම්මු , තමුසෙලා කසාද බැන්දෙ, දරුවො හැදුවෙත් අපේ සල්ලිවලින්“ කියා බැණ වදිනවිට තවත් විනාඩියක් වත් එම ස්ථානයේ රැඳී නොසිට මනාල යුවලට සුබ පැතීමත් පසෙක තබා එතැනින් වේගයෙන් පිටත්වුයේ හූ හඬ මැදින් බව පැවසේ..

කෙසේ වුවත් අවසාන වශයෙන් ඔවුන්ට පිදූ ලෝකයම අද ඔවුනට එරෙහිව නැගී සිටීම ඇස් පනාපිටම දක්නට ලැබේ.තිස්වසරක කුරිරු යුද්ධයකින් රට ගලවා ගැනීම නිසාම ඉමහත් ගෞරවාදයට පාත්රවිය යුතු වුවත් අද ඔබලා වැපිරූ දේ අස්වැන්න අද ඔබලාටම නෙලා ගැනීමට සිදුව ඇත.”

Facebook | Archived Link

මෙම සටහන පැය 03 ක වැනි කෙටි කාලයක් තුළිදී එක්දහස් අටසියයක් පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු කර ගෙන තිබුණා.

මෙම සටහන ප්‍රථමයෙන්ම ෆේස්බුක් ඔස්සේ දක්වා තිබූ සටහන මෙතනින්. Archived Link

මෙලෙස සඳහන් කළ සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය අගෝස්තු 01 වන දා අසේකා සහ ජනික්ගේ විවාහ මංගලෝත්සවය කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පවත් වනු ලැබුවා.

අප ප්‍රථමයෙන්ම අසේකා විජේවර්ධනගේ සහ ජනික් ජයසූරියගේ විවාහ මංගල්‍ය අවස්ථාවේදී ඉහත සඳහන් කළ ආකාරයේ සිදුවීමක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ ද යන්න පිළිබඳ නිරීක්ෂණය කරනු ලැබුවා.

නමුත් ඔවුන්ගේ විවාහ මංගල්‍ය අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්ෂ ඇතුළු ඔහුගේ බිරිඳ සහ දරුවාට “හූ හඬ” නංවමින් එළවා දැමූ ආකාරයේ වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි.

නර්තනාචර්‍ය උපුලී පණීභාරත මහත්මිය

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප අසේකාගේ මව වන නර්තනාචර්‍ය උපුලී පණීභාරත මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඇය සඳහන් කළේ, රෝහිත රාජපක්ෂ තම බෑණා වන ජනික්ගේ යහළුවෙකු බවත්, ඔවුන්ගේ ආරාධනය මත රෝහිත රාජපක්ෂ පැමිණි බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ කිසිදු ආකාරයේ සිදුවීමක් නොවූ බවත්ය.

ආරාධිතයින් සියල්ල ඉතාමත් වැදගත් පිරිසක් බවත්, එවැනි කලබලකාරී තත්ත්වයක් ඇති නොවූ බවත්, ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහන් වල පරිදි කිසිදු සිදුවීමක් නොවූ අතර රෝහිත රාජපක්ෂ ඇතුළු ඔහුගේ බිරිඳ ඇතුළු දරුවාද, කෙටි වේලාවකට විවාහ මංගල්‍යය අවස්ථාවට සහභාගි වී ගිය බවයි ඇය පවසා සිටියේ.

රෝහිත රාජපක්ෂ

මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන්ම ගොතපු අසත්‍ය පුවතක් බවයි. තමන් හා ජනිත් ජයසූරිය පාසල් සමයේ සිට රග්බි ක්‍රීඩාවේ යෙදෙන බවත්, ඔවුන් හොඳ යහළුවන් වන බවත්, ඔහුගේ විවාහ මංගල්‍යයට ආරාධනා කිරීමෙන් අනතුරුව තමන් ද එයට සහභාගී වූ බවත්, කිසිදු අවස්ථාවක එම උත්සවයට පැමිණි කිසිදු ආරාධිතකයෙකුගෙන් තමන්ට හෝ බිරිඳට ප්‍රහාරයක් එල්ල නොවූ බවත්, තමන්ව කිසිදු අවස්ථාවකදී එම පිරස හූ හඬ නංවමින් එලවා නොදැමූ බවත් සඳහන් කළා.

Clover Lee Films (වීඩියෝ ශිල්පී)

එම උත්සව අවස්ථාව පටිගත කළ Clover Lee Films ආයතනයෙන් ද අප විමසීමක් කරනු ලැබුවේ, ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි සිදුවීමක් වූවාද යන්නයි.

එදින පටිගත කිරීම් සිදු කළ ශිල්පියා සඳහන් කළේ, එම සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

අසේකාගේ සහ ජනික්ගේ විවාහ මංගල්‍යය සම්පූර්ණයෙන්ම වීඩියෝ ආවරණය සිදු කළේ මෙම ආයතනය විසින් වූ අතර ඔවුන් සඳහන් කලේ, රෝහිත සහ ඔහුගේ බිරිඳ රාත්‍රී 08.20 ට පමණ ඔවුන් විවාහ උත්සව ශාලාවට පැමිණි අතර රාත්‍රී 10.10 වන තෙක් පමණ ඔවුන් එහි රැඳී සිටින අයුරු රූප රාමුවල දැක ගන්නට ලැබෙන බවත්, පැමිණි සිටි සියලුම අමුත්තන් සමග සුහදව කටයුතු කරන ආකාරය එම රූප රාමුවල දැක ගන්නට ලැබෙන බවත්, කිසිදු අවස්ථාවක පැමිණ සිටි අමුත්තන් විසින් ඉහත දැක්වෙන ආකාරයට හූ හඬ නංවමින් ඔවුන් උත්සව ශාලාවෙන් පිටත එලවන ආකාරයක් සිදු නොවුනු බවත්, තහවුරු කළා.

එමෙන්ම ඔහු වැඩි දුරටක් පවසා සිටියේ, එම උත්සවයට පැමිණි ආරාධිතයින් සියල්ල ඉතාම වැදගත් අයුරින් උත්සවයට සහභාගී වූ බවත්, රෝහිත රාජපක්ෂට එවැනි දෝශාරෝපණයක් නැගුණු කිසිදු අවස්ථාවක් දැක ගන්නට නොලැබුණු බවත්, එලෙස සිදු වූයේ නම් එම අවස්ථාවේ වීඩියෝවක් කුමන හෝ අයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සිදු වීමේ හැකියාවක් ද, පවතින බවයි.

(මෙම උත්සවය සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශනද සහිතව ඉදිරියේදී මෙම ලිපිය යාවත්කාලින වනු ඇත. )

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ අසේකා -ජනික් විවාහ උත්සවයට පැමිණි චිචී ව (රෝහිත රාජපක්ෂ) උත්සවයේ සිටි අනෙක් පිරිස විසින් "හු" හඩ නගමින් විරෝධය පා එළවා දමන ලද බවට වන සටහන් නොමඟ යවන සුළු බවයි. උත්සවයට පැමිණි ඔහු එහි පැය දෙකක පමණ කාලයක් එහි රැදී සිට ඇති අතර එහි සිටි අනෙත් පිරිස සමඟත් සුහදව කතා බහ කර තිබෙනවා. "හු" හඩ නගා විරෝධය පා එළවීමක් සිදු නොවූ බව අප විසින් පාර්ශව කිහිපයකින් ම සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අසේකා -ජනික් විවාහ උත්සවයට පැමිණි චිචීව හු කියා එළවා දැමුවාද ??

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News