ඉන්ධන සඳහා වන QR කේත ක්‍රමය පොහොට්ටු IT කණ්ඩායමක සංකල්පයක් - ඇමති කාංචන?

Update: 2022-08-10 17:21 GMT

QR කේතයක් ඔස්සේ සතියකට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම මඟින්, මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිතව පැවති දිගු පෝලිම් බොහෝදුරට අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුව නිසාම මෙම QR කේත ක්‍රමය පිලිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. සමාජ ජාලාවලද මේ සම්බන්ධයෙන් වන සටහන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා.

මෙම ක්‍රමය යෝජනා කරන ලද්දේ පොහොට්ටුවට සම්බන්ධ IT කණ්ඩායමක් විසින් බවත් , තම මග පෙන්වීම අනුව ඔවුන් විසින් ඉන්ධන ලබාගැනීම සදහා වන මෙම ක්‍රමවේදය නිර්මාණය කරන ලද බවත් ඇමැති කාංචන විජේසේකර පැවසූ බවට වන සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා. මේ , ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

පොහොට්ටුවට සමබන්ධ තොරතුරු තාක්ෂණික කණ්ඩායමක් විසින් ඉන්ධන බලපත්‍රය සදහා වන QR කේත ක්‍රමය නිර්මාණය කරන ලද බවත් ඔවුන්ව තමන් වෙත යොමුකරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවටත් , බලශක්ති ඇමැති කාංචන විජේසේකර පැවසූ බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත අයුරින්.

රාජපක්ෂලාව ප්‍රමෝට් කරන අලුත්ම විදිහ තමයි මේ ,වටෙන් එන්නේ ,වටෙන් .”

QR පිලිබදව මුලික අදහස මට ලබාදුන්නේ පොහොට්ටුව හා අනුබද්ධ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීන වෘත්තිකයන් කණ්ඩායමක් විසිනුයි.අද එම ක්‍රමය සාර්ථක වෙලා පෝලිම් අඩු වෙලා තියෙනවා.ඔවුන් මාහට සම්බන්ධ කරවුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි.ඉන්පසු මාගේ මගපෙන්වීම යටතේ QR ක්‍රමය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කරනු ලැබුවා.”- ඇමති කාංචන විජේසේකර කියයි.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් වන පෝස්ටුවක පළව තිබු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් තුළ පැතිර පැවතියේ මේ අයුරින්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්ම විමසා බැලුවේ කාංචන විජේසේකර ඇමතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කල බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණය පිලිබදවයි. එහිදී අපට දක්නට ලැබුණේ එවැනි මාධ්‍ය වාර්තා කිසිවක් නොමැති බවයි.

ඉන්පසුව අප කාංචන විජේසේකර ඇමතිවරයාගෙන්ද මේ පිලිබදව විමසා බැලීමක් සිදු කළා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර

රාජපක්ෂවරුන්ගේ නම් ප්‍රවර්ධනය කරන බවට චෝදනා කරමින් හුවමාරු වන මෙම සටහන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ , තමා විසින් කිසිවිටෙකත් නොකියූ දෙයක්, තමන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.

අමාත්‍යවරයා පවසා සිටියේ, 'ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය' ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ(ICTA) සමග එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අංශයේ ඉහළම තලයක සිටින සමාගම් 2ක් නියෝජනය කරමින් පුද්ගලයන් 100කට අධික පිරිසක් විසින් නිර්මාණය කළ බවත් ඔවුන්ට මෙහි ස්තූතිය හිමිවිය යුතු බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් ට්විටර් පණිවිඩයක් ද, නිකුත් කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/kanchana_wij/status/1556310420985499648

Archived Link

එසේම ඉතා කෙටි කාලයක් තුළ දී QR කේතය ඇතුළු ඉන්ධන සලාක ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවූ බවත් එහිදී අපේක්ෂිත ලෙස විවිධ ගැටළු මුලික අදියරයන්හි දී ඇතිවූ බවත් ඒවා ක්‍රමයෙන් මඟහරවා ගනිමින්, සෑම පර්ශවකම ප්‍රතිචාර ලබාගනිමින් වඩාත් සුදුසු විධික්‍රම ඔස්සේ ඉදිරියේ දී ද අවශ්‍ය පරිදි මෙම ව්‍යපෘතියේ යාවත්කාලීන කිරීම් සිදුකිරීමට යොමුව ඇති බවත් අමාත්‍යවරයා කරුණු දක්වා තිබුණා. එවැනි අදහස් දැක්වීමක් මෙතනින්

අමාත්‍යවරයා මෙහි දී පවසා සිටින්නේ QR ක්‍රමවේදයේ ඔබ්බට ගොස් ඇතැම් පෞද්ගලික ඉන්ධන හල් හිමියන් විසින් ඒ මොහොතේ පවතින ඉන්ධන ප්‍රමාණය මහජනතාවට පරීක්ෂා කළ හැකි තත් කාලීන (Real-time) ක්‍රමවේදයන් පවා හඳුන්වා දී ඇති බවයි.

එසේම ජුනි මාසයේ මැද දී මාධ්‍ය වෙත කරුණු දැක්වීමක දී QR ක්‍රමය වැනි ආකාරයේ නියමු ව්‍යාපෘතියක් හඳුන්වා දීම පිලිබඳ අමාත්‍ය කාංචන අදහස් දක්වා තිබු අවස්ථාවක් මෙතනින්

පොදුජන පෙරමුණ තාක්ෂණික අංශයේ ප්‍රධානි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තාක්ෂණික අංශයේ ප්‍රධානි අප සමඟ පවසා සිටියේ, කාංචන විජේසේකර බලශක්ති අමාත්‍යවරයා විමට පෙර සහ ඔෂධ සේනානායක මහතා ICTA සභාපතිව සිටි පසුගිය වසර අග / මේ වසර මුල ජනවාරි වැනි කාලයේ දී යම්කිසි ආකාරයේ කෝටා ක්‍රමයක් හරහා ඉන්ධන ලබාදීම පිලිබඳ මුලික සකච්ඡා පවැත්වූ නමුත් එම අවධියේ දී රජයේ ප්‍රතිපත්තිය වුයේ කෝටා ක්‍රමයක් නොව ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය නැවත ගොඩනැගීම වූ බැවින් එය ක්‍රියාවට නැංවුණේ නැති බවයි.

කෙසේවෙතත් වර්තමාන අමාත්‍යවරයා මුල් කරගත් කණ්ඩායම්, පුද්ගලික අංශයේ ද සහයෝගිත්වය ලබාගනිමින් QR කේතයක් ඔස්සේ ඉන්ධන කෝටාවක් සැපයීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මණින් සහ සාර්ථකව ක්‍රියාවට නංවා ඇති බවත් ඒ මහතා පවසා සිටියා.

ICTA ආයතනය

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) මෘදුකාංග නිර්මාණකරණය පිළිබද අංශයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මහතා පැවසුවේ මෙම ඉන්ධන ලබාදීම සදහා වන QR කේත ක්‍රමය , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ උපදෙස් මත ICTA ආයතනයේ නායකත්වයෙන් තොරතුරු තාක්ෂණ ආයතන 2 ක දායකත්වයෙන් රටේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් සති 2 කටත් අඩු ඉතා කෙටි කාලයක් තුළ සකසා අවසන් කරන ලද බවයි.

මෙම ක්‍රියාවලිය පිලිබදව ජනතාවට මුලින්ම හදුන්වා දුන්නේ ජූලි මස 16 බවත් මෙම මෘදුකාංගය සම්පුර්ණයෙන්ම වාණිජ අරමුණු වලින් තොරව නොමිලයේ සකසන ලද බවත් ඔහු පැවසුවා. මේ සඳහා ලංකාවේ ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ෂණික ආයතන 2 ක් , ICTA ආයතනයට තාක්ෂණික දායකත්වය ලබාදුන් බවත් දසුන් හෑගොඩ පවසා සිටියා.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෑගොඩ මහතා සදහන් කලේ මෙම QR කේත ක්‍රමය , විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය , ICTA ආයතනය , තාක්ෂණික දායකත්වය ලබාදුන් ආයතන මෙන්ම ඛනිජ තෙල් සංස්ථාව , ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ආදී මෙම ක්‍රියාවලියට සහයෝගය ලබාදුන් ආයතන ගණනාවක සමෝධානික උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි. එමෙන්ම මෙම ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් දියුණු කිරීමට ඉදිරිකාලයේ දී සිදුවන මෘදුකාංග යාවත්කාලීන කිරීම් මගින් අපේක්ෂා කරන බවත් පැවසුවා.

ICTA ආයතනයේ තාක්ෂණික විශේෂඥයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ විෂය පථය පිලිබඳ විශේෂඥයින් ඇතුළු පාර්ශව රැසක් සමඟ පැවැත්වූ පුළුල් සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, සහයෝගී ප්‍රයත්නයක් ලෙස QR සංකල්පය බිහිවූ බව මේ අනුව පැහැදිලි වෙනවා.

මෙම කේත ක්‍රමය හා සම්බන්ධව ජනතාවට නිතර පැනනැගෙන ගැටලුවලට විසදුම් මෙතනින් .Archived

ඩොලර් අර්බුදය නිසා ඇති වූ ඉන්ධන හිඟයත් සමග පසුගිය කාලයේදී ඉන්ධන පෝලිම් ආශ්‍රිතව පුද්ගල මරණ කිහිපයක් ම වාර්තා වී තිබු අතර විවිධ කලහකාරී තත්වයන් ද උද්ගත වී තිබු අතර ඒවා පාලනය කිරීමට යෙදවූ ආරක්ෂක අංශය සමග ද ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල වූ සහ අත්අඩංගුවට ගන්නා පිරිස ද, වැඩි වූවා.

ඉන්ධන අර්බුදය හමුවේ රජය හඳුන්වා දුන් විකල්ප ක්‍රම

ඉන්ධන පෝලිම්වල රැඳී සිටින පිරිසට ඉන්ධන ක්‍රමවත්ව ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මුලින් ක්‍රමවේද කීපයක් අනුගමනය කර තිබුණා. රටපුරා තෙල් පෝලිම් කිලෝමීටර ගණන් දිගු වී ඒවා ඇතැම් ස්ථානවල ඇතිවූ කලහකාරි තත්ත්වය සංසිඳවීම සඳහා ක්ෂණික පියවරක් ලෙස 'ටෝකන්' ක්‍රමයක් හඳුන්වා දෙමින් ටෝකන් ලබා ගත් අය පෝලිම්වලින් තාවකාලිකව කෙරුණත් ඇතැම් තැන්වල දිගු පෝලිම් එලෙසම දක්නට ලැබුණා. මේ ඇතුළු කාරණා රැසක් හේතුවෙන් එම අවස්ථාවේ හඳුන්වා දුන් ‘ටෝකන්' ක්‍රමය එතරම් සාර්ථක වූයේ නැත.

එසේම QR කේත ක්‍රමය හඳුන්වා දීමට පෙර වාහනයේ ලියාපදිංචි අංකයේ අග ඉලක්කමට නියමිත දිනයක් ලබාදී වාහන ඒ අනුව වර්ග කර නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් අදාළ දිනයන්හි දී පමණක් ලබාදීමේ වැඩපිළිවෙලක් ද දියත් කෙරුණා. ඉන්පසුව මෙම ක්‍රමයට සමගාමී ව QR කේත ක්‍රමය ද හඳුන්වා දුන් අතර අවසාන වශයෙන් අගෝස්තු මස පළමුවැනිදා සිට QR කේතය යටතේ පමණක් සතියකට අදාළ ඉන්ධන ප්‍රමාණක් (කෝටාවක්) නිකුත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ වුවා.

මෙලෙස QR කේතය ඔස්සේ ඉන්ධන සැපයීම සිදුකරන 'ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය' මේ වන විට බොහෝදුරට සාර්ථක ලෙස දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්හි ක්‍රියාත්මක වෙනවා. 

Also Read : ත්‍රිරෝද රථ හිමියන්ට ඉන්ධන මදි නම්, වෙන රැකියාවක් කරන්න – ඇමති කාංචන ?

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී පැහැදිලි වන්නේ සමාජ ජාලා වල සදහන් ආකාරයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද පොදුජන පෙරමුණේ තොරතුරු තාක්ෂණ විද්වතුන් පිරිසකගේ සංකල්පයකට අනුව QR කේතය නිර්මාණය කරන ලද බවට ප්‍රකාශයක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් සිදුකර නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තාක්ෂණික අංශයේ ප්‍රධානි පවසන්නේ ඇමති කාංචන බලශක්ති අමාත්‍යධුරයට පැමිණිමටත් පෙර මීට මාස ගණනාවකට ඉහත දී කෝටා ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීම පිලිබඳ සකච්ඡා කෙරුණ ද එකල රජයේ පතිපත්තිය යටතේ ඒවා ක්‍රියාවට නැංවුණේ නැති බවයි.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගේ නායකත්වය යටතේ පාර්ශව රැසක් සමඟ පවත්වා තිබු සකච්ඡා මාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන්, ඉන්ධන අර්බුදයට පිලියමක් ලෙස, QR කේතය ඔස්සේ තහවුරු කරගන්නා ක්‍රමවේදයක් හරහා සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමේ දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය නිර්මාණය වී තිබෙන්නේ ICTA ආයතනයේ මෙහෙයවීම යටතේ ලංකාවේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතන 2 ක තාක්ෂණික සහාය යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ,ඉන්දියන් ඔයිල් සමාගම ද ඇතුළු කොටස් රැසකගේ සහය ඇතිවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉන්ධන සඳහා වන QR කේත ක්‍රමය පොහොට්ටු IT කණ්ඩායමක සංකල්පයක් - ඇමති කාංචන??

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News