මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් රචිත බව සඳහන් කරමින් සමාජ ජාලා වල හුවමාරුවන නොමගයවන සුලු ලිපියක්!

Update: 2022-08-18 17:01 GMT

ශ්‍රී ලංකාව මුහුනදෙන ආර්ථික අර්බුදය හා සමගම රටවැසියන් දැඩි පීඩනයකින් යුක්තවයි සිය ජීවිත ඉදිරියට ගෙනයන්නේ. පසුගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ උත්සන්නවූ මෙම ආර්ථික අර්බුදය නිසා , ඒ සදහා පිළියමක් කල හැකි ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් ලෙස, ඒ වන විට ඕස්ට්‍රේලියාවේ වාසය කල, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වූ ආචාර්ය නන්දලාල් වීරසිංහට , ශ්‍රී ලංකාවට පැමිණ මහා බැංකු අධිපතිධුරය බාරගන්නා ලෙස ආරාධනයක් ලැබුණා. එම ආරාධනය පිළිගත් ඔහු, ශ්‍රී ලංකාවට පැමිණ මහා බැංකු අධිපතිධුරය භාරගෙන මේ වන විටත් ඔහු එහි කටයුතු කරමින් සිටිනවා.

නන්දලාල් වීරසිංහ මහතා විටින් විට මාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබෙන අතර, ඔහු ලංකාවේ ආර්ථිකය පිළිබඳව දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඔහු සිදුකල බවට සමාජ ජාලා වල පැතිරෙන ඇතැම් ප්‍රකාශ සැබැවින්ම ඔහු විසින් පවසා නැති නොමගයවනසුලු ඒවායි. අපගේ මේ අවධානය යොමුවන්නේ එවන් නොමග යවන සුලු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධවයි.

සමාජ ජාලා සටහන් :

මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ විසින් රචනා කරන ලද ඉංග්‍රීසි ලිපියක සිංහල පරිවර්තනය ලෙස දිගු ලිපියක් සමාජ ජාලා වල පැතිරෙන්නේ පහත ආකාරයෙන් .

අද අපට තිබෙන ප්‍රශ්නය උද්ධමනය නොවේ. ඇත්ත වශයෙන්ම, උද්ධමනය අපගේ ගැටළු සඳහා පරිපූර්ණ විසඳුමයි. ඇයි අපේ ඩොලර් ඉවර වුණේ? අපට විශාල වශයෙන් රුපියල් සහ ඩොලර් ණය ඇත්තේ ඇයි? ඇයි අපි දිගින් දිගටම ණය ගත්තේ? ණය පැහැර හැරීමෙන් පසුවත්, අපි ණය දෙන්නන් පසුපස ගොස් තවත් ණය ඉල්ලන්නේ ඇයි?

හේතුව වන්නේ, අපි නිෂ්පාදකයින්ගේ ජාතියක් නොව පාරිභෝගික ජාතියක් වීමයි. මිලියන 22 ක ජනගහනයක්, නිෂ්පාදනය කරනවාට වඩා පරිභෝජනය කරනවා. නිසැකවම, ඔබ උපයන මුදලට වඩා වියදම් කළහොත්, ඔබ ණයට ගැනීමට සිදු වේ. අපේ දේශපාලකයෝ දශක ගණනාවක් තිස්සේ අපිව සහනාධාරවල වහලුන් බවට පත් කළා.

ඉන්ධන සහනාධාර, පොහොර සහනාධාර, නොමිලේ නිවාස, සහනාධාර ජලය සහ විදුලිය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, නොමිලේ මුදල් යනාදී වශයෙන් මේ දේශපාලකයින් මේවා කළේ ඔබටත් මටත් තිබෙන ආදරය නිසා නොවෙයි. ඔවුන් එය කළේ අපේ ඡන්දය මිළදී ගැනීමටයි.

අප දැන් ඔවුන්ගේ වහලුන්ය. අප දැන් වෙනස් කළ යුතු සංස්කෘතිය එයයි. අපේ මුළු ණය ප්‍රමාණයෙන් දේශපාලකයෝ උපරිමයෙන් 10%ක් කඩා ගන්න ඇති. නමුත් ඉතිරි 90% අපි හැමෝම ජාතියක් විදියට අවුරුදු 30 ක් තිස්සේ සහනාධාර භාණ්ඩ හා සේවා පරිභෝජනය ලෙසින් රැගෙන තිබේ.

ඔබ දන්නවාද, පසුගිය වසර 25 තුළ අපි ඉන්ධන සහ පොහොර සහනාධාර නොදුන්නා නම්, අපේ විදේශ ණය අද තිබෙන මුදලින් අඩකටත් වඩා අඩුවෙන් තිබෙන බව? මේ රටේ රජයේ සේවකයන් 1,500,000ක්, ත්‍රිරෝද රථ 800,000ක්, සාප්පු 200,000ක් සහ රූපලාවන්‍යාගාර, ස්පා, රූපලාවන්‍ය හා ඡායාරූප රූගත කිරීම් මධ්‍යස්ථාන 50,000ක් තිබෙන බව ඔබ දන්නවාද?

ඔබ නිතිපතා විදේශගත වන අයෙක් නම්, ඔබට කවදා හෝ විදේශගත ශ්‍රී ලාංකික කුලී රථ රියදුරෙකු හමු වී තිබේද? ශ්‍රී ලාංකික ස්පා සේවකයෙක්, ශ්‍රී ලාංකේය ජංගම දුරකථන හෝ කඩ සාප්පු වෙළෙන්දෙක්? කවදාවත්! ඇයි ඒ?

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල මෙන් නොව, ශ්‍රී ලංකාවේ, ඔබ ඵලදායී රැකියාවක් නොකළත්, මිනිසුන්ට කුසගින්නෙන් තොරව සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. මන්ද මෙහි සෑම මූලික අවශ්‍යතාවක්ම පාහේ නොමිලේ හෝ සහනාධාර ලබා දෙන බැවිනි. ඔබ පෝෂණය කරන්නේ නම්, මුදල් සොයන්නට මහන්සි වන්නේ ඇයි?

අපේ දේශපාලන ගිජුලිහිණියන් අපට දායාද කළ සංස්කෘතිය මෙයයි. අප කළ යුත්තේ එම ගිජු ලිහිණියන් එළවා දැමීම පමණක් නොව, එම සංස්කෘතිය හා සමාජය ද වෙනස් කිරීමයි. අප බලාපොරොත්තු වන්නේ එම ගිජු ලිහිණියන් පලවා හැරීම පමණක් නොව ඉන් පසුව නැවත පැමිණීම නම්, ඵලදායී නොවන, සහනාධාර, මධ්‍යස්ථ සමාජයක ජීවත් වීමට අප ඉල්ලා සිටින එම වෙනසෙහි තේරුමක් නැත.

සෞඛ්‍ය හා අධ්‍යාපනය හැර අන් කිසිවකට සහනාධාර නොදිය යුතුය. සෑම කෙනෙකුටම පරිභෝජනය කිරීමට අවශ්‍ය නම්, තමන් පරිභෝජනය කරන දේ සඳහා නියමිත මිලක්‌ ගෙවීමට ඉඩ දෙන්න. දුප්පත්කම යනු පරාජය කළ යුතු දෙයක් මිස වැළඳ ගත යුතු දෙයක් නොවේ. අපේ දේශපාලන සංස්කෘතිය දිළිඳුකම වැළඳගන්නට දිරිමත් කළා මිස, දිළිඳුකම කවදාවත් පරාජය කිරීමට උදව් කලේ නැත.

උන් අපිට නොමිලේ සහ සනාධාර අනුව දෙන දේවල් දීලා අපි ඒකට ඇබ්බැහි වුණා. ඔවුන් කලේ සහනාධාර සමාජයක වහලුන් වීමට ඵලදායි නොවන පුද්ගලයන්ගේ, පාරිභෝගිකයන්ගේ පරම්පරාවක් ඇති කිරීමයි. අද අප පසුකරමින් සිටින්නේ එහි සෘජු ප්‍රතිඵලයයි.

උද්ධමනය මෙම විෂමතාවෙන් අපව මුදවනු ඇත. උද්ධමනය පැවැත්ම සඳහා ඵලදායී වීමට මිනිසුන් තල්ලු කරනු ඇත. උද්ධමනය භාණ්ඩ හා සේවාවල මිල ගළපා ගන්නා අතර පාරිභෝගිකයන් තම පරිභෝජනයේ පිරිවැය තමන් විසින්ම ගෙවන ලෙස ඉල්ලා සිටියි. ත්‍රිරෝද රථයක්, පාර අයිනේ කඩ සාප්පුවක් හෝ කුඩා සැලෝන්/ස්පා එකක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයෙකුට පවුලක් නඩත්තු කළ නොහැකි බව උද්ධමනය සහතික කරයි. කෙටියෙන් කිවහොත්, උද්ධමනයට වඩා ඔබ ඵලදායි විය යුතුය, නැතහොත් ඔබ විනාශ වනු ඇත.

අප ක්‍රියාත්මක කළ යුත්තේ වඩා ඵලදායිතාව කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්ති මිස පාරිභෝගික මූලික ප්‍රතිපත්ති නොවේ. පැරණි න්‍යායන් අනුව යමින්, මෑතකදී මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත විශාල ලෙස වැඩි කළේය. එහි අරමුණ වූයේ උද්ධමනය පාලනය කිරීමයි. මෙය කනගාටුදායක ලෙස වැරදි පියවරක් වන අතර ඵලදායිතාව දිරිමත් නොකරනු ඇත, නමුත් එය අධෛර්යමත් කරනු ඇත. තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාත සෑම විටම ඵලදායිතාවයේ වියදමින් තැන්පතු හිමියන්ට ලබා දෙන සහනාධාරයකි.

මෙම ඵලදායි නොවන සහනාධාර සමාජය නැවත ක්‍රියාත්මක කිරීමට හෝ නඩත්තු කිරීමට කිසිදු මිත්‍ර රටක් හෝ ණය දෙන ආයතනයක් ශ්‍රී ලංකාවට මුදල් ණයට නොදිය යුතුය. මක්නිසාද යත් ඔවුන් එසේ කළහොත්, මෙම ණය දෙන්නන්ට ඔවුන්ගේ මුදල් ආපසු නොලැබෙන අතර තවත් වසර කිහිපයකින් රට නැවත බංකොලොත් වනු ඇත. IMF ඇතුළු ණය දෙන්නන් පොහොර සහ ඉන්ධන ඇතුළු කිසිදු ආනයනික භාණ්ඩයකට කිසිදා සහනාධාර නොදෙන ලෙස අවධාණනය කළ යුතුය.

වෙනත් විවිධ සහනාධාර යෝජනා ක්‍රම මගින් මුදල් නාස්ති කිරීම නතර කළ යුතු බව ඔවුන් අවධාරනය කළ යුතුය. සියලු ම රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 නොව 60 විය යුතු බව ඔවුන් අවධාරනය කළ යුතුය! පාඩු ලබන රජයේ ව්‍යාපාර වසා දමන ලෙස හෝ පෞද්ගලීකරණය කරන ලෙස ණය දෙන්නන් ඉල්ලා සිටිය යුතුය. අපේ මුදල් කෘතිමව ආරක්ෂා කර ගැනීමට අපට ණය දෙන්න එපා. අපේ මුදලේ වටිනාකමක් නැත්නම්, එය ඩොලරයකට රුපියල් 400 ක් නොව රුපියල් 4000ක් වේවා!

කරුණාකර, කරුණාකර, කරුණාකර! නාස්ති කිරීමට සතයක්වත් අපට ණයට දෙන්න එපා. ඔබ අපට නාස්ති කිරීමට ණයට දෙන්නේ නම්, ඔබ මිතුරෙකු නොවේ, ඔබ සතුරෙකි! එවිට ඔබ අපේ ගැටලුව කළමනාකරණය කරනවා නොව, ඔබ එය නරක අතට හරවනවා පමණි.

මේ ආර්ථික කඩාවැටීම අපේ ජීවිත කාලය තුළ සිදු වූ හොඳම දෙයයි. අපි අවදි විය යුත්තේ මේ දේශපාලන ගිජුලිහිණියන් පලවා හැරීමට පමණක් නොව අප, අපේ ආකල්ප, සමාජය වෙනස් කිරීමට ය. නැවත මෙවැනි අවස්ථාවක් අපට ලැබෙන්නේ නැත.

(මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ලියන ලද ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයකි)

Facebook | Archived

මේ ඒ සම්බන්ධයෙන් පළව තිබු අදහස් කිහිපයක් .

එම ලිපියේ කොටස් උපුටා දක්වමින් විවිධ සමාජ ජාලා සටහන් සකසා තිබුණා. එම සටහන් කිහිපයක් පහතින්.

Facebook |Archived

Facebook | Archived

මේ එම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව පැතිර තිබුණු ආකාරයයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) :

අප විසින් මුලින්ම විමසා බැලුවේ මහා බැංකු අධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශ සිදුකර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණය පිළිබඳවයි. නමුත් අපිට එවැනි මාධ්‍ය වාර්තා සොයාගැනීමට හැකිවුණේ නැහැ.

ඉන් අනතුරුව අප මෙම සිංහල පරිවර්තනයක් බවට පළවන සමාජ ජාලා සටහනට සමාන ඉංග්‍රීසි බසින් ලියන ලද ලිපියක් තිබේද යන කරුණ සොයා බැලුවා. එහිදී අපට මීට මාස කිහිපයකට පෙර රචනා කරන ලද ලිපියක් සොයාගැනීමට හැකිවුණා.

එය පළව තිබුණේ ,The Sun Daily නම් වෙබ් අඩවියකයි. ඒ මැයි මස 20 වනදායි. එය රචනා කර තිබුණේ Sampath Liyanage නමැති පුද්ගලයෙකුගේ නමක් යටතේයි. එහි සිරස්තලය ලෙස සඳහන්ව ඇත්තේ Inflation is not a problem; But a solution ලෙසයි. එම ලිපිය මෙතනින් | Archived 

ඉන් අනතුරුව අප මහ බැංකුව මේ සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිචාරය කුමක්ද යන කාරණය පිළිබඳව නිරීක්ෂණය කළා.

සිය නිල වෙබ් අඩවියේ සටහනක් තබමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, Inflation is not a problem, but a solution... යන තේමා ඔස්සේ හුවමාරු වන ලිපිය කෙරෙහි සහ එය මුලාශ්‍ර කරගෙන පැතිර යන සටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ එහි අධිපතිවරයා වගකීමක් නොගන්නා බවයි. එමෙන්ම එවන් ලිපියක් මහා බැංකු අධිපතිවරයා විසින් රචනා කර නොමැති බවත් ඔවුන් එමගින් පවසනවා. ඉංග්‍රීසි බසින් තබා ඇති එම සටහන පහතින්.

The Appearance of Erroneous News Items referring to Statements made by the Governor of the Central Bank of Sri Lanka on various websites and social media platforms

Sinhala translations of articles construed to be authored by the Governor of the Central Bank of Sri Lanka, Dr. Nandalal Weerasinghe, in English, have been circulating in websites and social media platforms these days.

For example, since of late, there has been numerous instances where articles under the topic “Inflation is not a Problem, but a Solution…..This Economic Crisis may be the best thing that happened to us – says Central Bank Governor” or similar topics have been circulating widely in social media.

Please be informed that neither Dr. Nandalal Weerasinghe nor the Central Bank of Sri Lanka is  responsible for the article on the topic of “Inflation is not a problem, but a solution” authored by other individuals under the guise of Dr. Nandalal Weerasinghe or the contents thereof.

Central Bank| Archived

පහතින් දැක්වෙන්නේ මෑතදී ආචාර්ය නන්දලාල් වීරසිංහ හිරු නාලිකාවේ සලකුණ  වැඩසටහනට සහභාගිවෙමින් පලකළ අදහස්. මෙම වැඩසටහන පුරාවටම වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව විග්‍රහ කරන ඔහු සමාජ ජාලා සටහනේ පවතින අදහස්වලට සමාන අදහස් පලනොකරණ බව පැහැදිලිව නිරීක්ෂණය කල හැකියි. එම වීඩියෝව මෙතනින්

එසේම පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ රට යම්තාක් දුරකට ස්ථාවර වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කෙරෙන බවත්, විදුලි බිල ඉහළ යාම ඇතුළු කරුණු මත ඉදිරියේ දී උද්ධමන වේගය සුළු වශයෙන් ඉහළ යාමක් අපේක්ෂා කරන අතර සැප්තැම්බර් මස ඉහළ අගයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා අකරණ අතර, ඉන්පසුව එය ක්‍රමයෙන් පහළට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. එම අදහස් දැක්වීම පහතින්, වාර්තාවක් මෙතනින්.

Full View

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් සමාජ ජාල වල සඳහන් ආකාරයේ ප්‍රකාශ ඇතුලත් ලිපියක් ඉංගිසි බසින් රචනා කර නොමැති බවයි. සම්පත් ලියනගේ යන නම යටතේ කිසියම් පුද්ගලයෙක් මාස කිහිපයකට පෙර වෙබ් අඩවියක ඉංග්‍රීසි බසින් පලකරන ලද ලිපියක් ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් රචිත ලිපියක සිංහල පරිවර්තනයක් ලෙස සමාජ ජාලා හරහා පැතිරේ. එම ලිපියෙන් උපුටා ගත් කොටස්ද ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් දක්වා ඇති අදහස් බවට ජනතාව නොමග යවමින් සමාජ ජාලා වල පැතිරේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් රචිත බව සඳහන් කරමින් සමාජ ජාලා වල හුවමාරුවන නොමගයවන සුලු ලිපියක්!!

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News