අරගලයට සම්බන්ධවූ නිසා වීසා අහිමිවූ බ්‍රිතාන්‍ය කාන්තාවට ලිංගික අල්ලස් ලබාදීමේ චෝදනා?

Update: 2022-08-22 05:50 GMT

Kayleigh Fraser නම් බ්‍රිතාන්‍ය කාන්තාව පසුගිය සමය තුළ ශ්‍රී ලාංකික මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය තුළ ද අවධානයට ලක්වුයේ, ඇයගේ වීසා අහෝසිකිරීමට ලංකාවේ බලධාරීන් කටයුතු කිරීම මතයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල මිශ්‍ර අදහස් පළවන අතර ඇයගේ වීසා අහෝසි කිරීමට පක්ෂපාති මත දරන අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටිනවා.

කෙසේ නමුත් ඇය විසින් කිසියම් පිරිසකට ලිංගික අල්ලස් ලබාදීමට කටයුතු කිරීමේ සිදුවීමක් හා සම්බන්ධව රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බව සහ ඇය ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම් මග හැර සැගව සිටින බවට සමාජ ජාල සටහන් පළව තිබුණා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්

සමාජ ජාලා සටහන් 

Kayleigh Fraser විසින් කිසියම් පිරිසකට ලිංගික අල්ලස් ලබාදීමට තැත් කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් මගහැර සිටින බවට වන සමාජ ජාලා සටහන් පළව තිබුණේ මේ ආකාරයෙන්.

ලිංගික අල්ලස් දීමට තැත් කල බ්‍රිතාන්‍ය කත වැඩ වරද්දා ගනී.

අරගල නායකයන්ට කුඩාරම් අස්සේ සැප දුන් වීසා අහිමි NGO කත,ලිංගික අල්ලසක් දීමට තැත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් සැගවී පළා යයි.අපරාධ කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ.වරදකාරියට පැනයන්න උදවු දෙන්නේ කවුද ?”

Facebook | Archived

මෙම බ්‍රිතාන්‍ය කාන්තාව පිලිබදව මේ දිනවල වැඩියෙන් කතාබහට ලක්වෙන නිසා මේ පිලිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප විසින් මුලින් විමසා බැලුවේ ඇය විසින් කිසිවකුට ලිංගික අල්ලස් ලබාදීමට උත්සාහ කල බවට වන මාධ්‍ය වාර්තා පවතිනවද යන කාරණයයි. නමුත් එවැනි මාධ්‍ය වාර්තා අපට දක්නට ලැබුණේ නැහැ.

ඉන් අනතුරුව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුවගෙන් ද මේ පිලිබදව විමසා සිටියා. මේ ආකාරයට ලිංගික අල්ලස් දීමට තැත් කිරීමක් හා සම්බන්ධව චෝදනාවක් බ්‍රිතාන්‍ය කාන්තාවට මෙතෙක් එල්ලවී නොමැති බවත් ඔහු තහවුරු කර සිටියා.

Kayleigh Frazer

වෛද්‍ය ප්‍රතිකාර සදහා වන වීසා (medical visa) ලබාගෙන දැනට වසරක පමණ කාලයක සිට පමණ ලංකාවේ රැදී සිටින Kayleigh Frazer සිය ඉන්ස්ටග්‍රෑම් Archived ගිණුම හරහා ඇතුළුව පසුගිය කාලය තුළ පැවති ආණ්ඩු විරෝධී ගාලු මුවදොර අරගලයට සහාය දීම තුළ ඇය විසින් වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමක් සිදුකර තිබීම යන යන පදනම මත ආගමන විගමන නිලධාරීන් විසින් අගෝස්තු මස 15 වනදා ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කර තිබුණා.

එම තීන්දුවට එරෙහිව ඇය අධිකරණයට(අභියාචනාධිකරණය) ගිය නමුත් ඇය විසින් ගොනුකළ නඩුව විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය මගින් අගෝස්තු මස 16 වනදා තීරණය කළා. මේ අනුව ඇයගේ වීසා අවසන්ව ඇති නිසා, බ්‍රිතාන්‍ය දක්වා යාමට ගුවන් ටිකට්පතක් ලබාගන්නා තෙක් රැදවුම් භාරයේ රදවා ගැනීම සදහා ආගමන විගමන නිලධාරින්, පොලිසියේද සහාය ලබාගෙන ඇයව සොයමින් පවතිනවා. නමුත් ඔවුන්ට මෙතෙක් ඇයව සොයාගැනීමට හැකිව නැහැ.

ඒ හැරුණු විට ඇයට ලිංගික අල්ලස් දීම ආදී දේ පිලිබදව චෝදනා නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද අපට තහවුරු කර සිටියා.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින් සහ මෙතනින් Archived

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් වෙත නිකුත් කරන කයිලි ෆ්රේසර් පවසන්නේ තමන් ලංකාවේ රැදී සිටි කාලය අතරතුර ලිංගික අතවරයකට ලක්වූ බවත්, ඒ සම්බන්ධයෙන් සංචාරක පොලිසියට පැමිණිලි කලත් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. එවැනි අපයෝජනයක් සිදු නොවූ බවට ලිපියක් ලබා දෙන ලෙසට තමාට බලපෑම් එල්ල වූ බවද ඇය එම වීඩියෝ සඳහන් කර තිබුණි. එම වීඩියෝව පහතින්.

https://www.instagram.com/p/ChR6RBsIU7C/

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ Kayleigh Frazer නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාට, තමා විසින් ලිංගික අල්ලස් ලබාදීමේ චෝදනාවක් එල්ලව නොමැති අතර ඇය වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාව මත ආගමන - විගමන දෙපාර්තුමේන්තුව විසින් ඇයගේ වීසා අවලංගු කිරීමට කටයුතු කර තිබු බවයි.

ආගමන - විගමන දෙපාර්තුමේන්තුව සහ පොලිසිය මේ දිනවල ඇයව සොයන්නේ ඇය ගුවන් ටිකට්පත ලබාගෙන රටින් පිටවන තෙක් ඇයව රැදවුම් මධ්‍යස්ථානයක රැදවීමටයි. කෙසේනමුත් මෙතෙක් ඇයව සොයා ගැනීමට හැකිවී තිබුනේ නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අරගලයට සම්බන්ධවූ නිසා වීසා අහිමිවූ බ්‍රිතාන්‍ය කාන්තාවට ලිංගික අල්ලස් ලබාදීමේ චෝදනා?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News