පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙයි, බරපතල වෙනස්කම් ඉදිරියේදී ?

Update: 2022-08-27 16:57 GMT

අප ජිවත්වන ග්‍රහලෝකය ,එහි ස්වභාවය , භ්‍රමණය වන ආකාරය ආදිය සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක් සහ කුතුහලයක් . ඒ හේතුව නිසාම බොහෝ දෙනා අප ජිවත්වන මෙම ග්‍රහලෝකය ගැන විස්තර කතා වන අතර පෘථිවි චලිතයන්ට සම්බන්ධ සිදුවීම් පිලිබදව සමාජ ජාලා සටහන් පළවන ආකාරය බොහෝ අවස්ථාවන්හිදී දැක ගන්නට පුලුවන්.

මීට මාස කිහිපයකට පෙර වාර්තා පෘථිවි භ්‍රමණ වේගය වැඩිවීම පිලිබඳ වාර්තා වීමේ පුවත මුල්කරගමින් ඒ ඔස්සේ බරපතල භෞතික වෙනස්කම් වන බවට ඉදිරිපත් කර තිබු කරුණු දැක්වීමක් පිලිබඳ අප කරුණු විමසා බැලීමක් සිදුකළා.

සමාජ ජාලා සටහන්

පෘථිවියේ භ්‍රමණ වේගය වැඩිවන බව ඔබ දන්නවාද? ලෙස සදහන් කරමින් යුටියුබ් වීඩියෝවක් හා සබැදියක් ෆේස්බුක් වල තිබුණේ මේ ආකාරයෙන් . Facebook| Archived

අප මෙම ෆේස්බුක් පෝස්ටුව හා සම්බන්ධ යු ටියුබ් වීඩියෝවට සවන් දුන්නා. එම වීඩියෝව පහතින්.

https://youtu.be/d_U1pJMwUu4

එම වීඩියෝවේ අදහස් දක්වන පුද්ගලයා මෙම පෘථිවි භ්‍රමණයේ වේගය එක් දිනකදී වැඩිවීම පදනම් කරගෙන, එහි ප්‍රතිඵල, භෞතික සහ අධ්‍යාත්මික ලෙස කොටස් 2 කට වෙන්කරයි. මෙම වීඩියෝ මුල් කොටසින් ඔහු භෞතික දේ විශ්ලේෂණය කරන අතර ඉන් අනතුරුව අධ්‍යාත්මික ලෙස ඔහු හදුන්වන විශ්ලේෂණයක් කරයි. භෞතික කාරණා පිලිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් තිබෙන බැවින්, අප ඔහු පැවසූ භෞතික කාරණා පිලිබදව අවධානය යොමු කළෙමු. අධ්‍යාත්මික යන කාරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඒ පිලිබදව විස්ලේෂණයකට අප උත්සාහ කරන්නේ නැත .

ඔහු පැවසූ භෞතික වෙනස්කම් මෙපරිදියි.

පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙලා තියෙනවා. මෙතෙක් වාර්තා වෙලා තියෙන වැඩිම වේගය ජූලි මාසයේ 29 වැනිදායි .එදින වේගය පැය 24 ට වඩා 1.59 මිලි තත්පර ප්‍රමාණයක් අඩුයි. ඊට කලින් වැඩිම වේගයක් වාර්තාව තිබුණේ 2020 වසරේදීයි. එය පැය 24 ට වඩා මිලි තත්පර 1.47 ක් අඩුයි. මෙම කාලය ගැන මොනිටරින් කරන්නේ International Earth Reference And Rotation Services(IERS) ආයතනයයි. මෙය පසුගිය කාලය පුරාම වාර්තා වුණේ පෘථිවිය අඩු වේගයකින් භ්‍රමණය වූ අවස්ථාවයි. එම නිසා 2012 දී පමණ මෙම ආයතනය විසින් දවසකට ඇති කාලය පැය 24 කට වඩා වැඩි කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

මෙහෙම වෙන්නේ ඇයි ?? පර්යේෂකයෝ මෙයට අනුමාන ඉදිරිපත් කරලා තියෙනවා.එක හේතුවක් තමයි දේශගුණික විපර්යාසය. ඒ හේතුවෙන් උත්තර ධ්‍රැවයේ සහ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් දියවෙනවා. පෘථීවියේ ස්කන්ධය අඩුවෙනවා. එම හේතුව නිසා භ්‍රමණ වේගය වැඩිවෙනවා. පෘථිවි චුම්භක ක්ෂේත්‍රයටත් මෙයින් බලපෑමක් වෙනවා.

ඇත්තටම මෙම භ්‍රමණ වේගය වැඩිවීම තුලින් පෘථිවිය නව පරිවර්තන යුගයකට පිවිසිලා තියෙනවා. මෙලෙස දිනෙන් දින ක්‍රමිකව සිදුවන භ්‍රමණ වේගයේ වැඩිවීම නිසා ලෝකය භෞතිකව වේගයෙන් වෙනස්වෙමින් තියෙනවා. කාලය වගේ සංකල්ප.

පැය 24 ,තවදුරටත් භාවිතා කල හැකිද යන ගැටලුව පවතිනවා. මෙම වෙනස නිසා අනාගතයේදී ඔරලෝසුව, පරිඝනක , සමාජ ජාලා වගේ පැය 24 කක්ෂය වටා ගමන් ගැනීම පදනම් කරගෙන නිපදවූ දේ භාවිතා කල හැකිද යන්න ගැටලුකාරී තත්ත්වයක්. මෙම දේවල් වල පද්ධති System Corrupt වීම නිසා ගැටළු බොහොමයක් මතුවිය හැකියි.

මේ පිලිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

සිදුවීම සිදුවූ සත්‍ය දිනය

සමාජ ජාලා සටහනේ ඇති ආකාරයට, පෘථිවිය සිය කක්ෂය වටා මෑතක දී වේගයෙන් ම භ්‍රමණය වූ අවස්ථාව වාර්තා වන්නේ ජූලි මස 29 වන දින නොව ඊට මසකට පෙර, එනම් ජුනි මස 29 වනදායි. කෙසේවෙතත් 2022 ජුනි 29, යනු වසර බිලියන ගණනක් වන පෘථිවි ඉතිහාසයේ වේගයෙන්ම පෘථිවිය භ්‍රමණය වූ දිනය ලෙස ද සැලකීමට අපහසුය.

පරමාණුක ඔරලෝසුව 1950 දශකයේදී හදුන්වා දී එහි උදවුවෙන් භ්‍රමණය වීමට ගතවන කාලය සොයන පසුගිය දශක කිහිපය ගෙන බැලු කල, එම දශක කිහිපයේ පෘථීවියේ භ්‍රමණ වේගය වැඩියෙන්ම සිදුවූ දිනය ලෙස 2022 ජුනි 29 වන ද වාර්තා වෙනවා. එනම් අඩුම කාලයක් තුළ පෘථිවිය සිය අක්ෂය වටා, භ්‍රමණ වාරයක් සම්පුර්ණ කල දිනයයි.

පෘථිවිය සිය අක්ෂය වටා ගමන් කිරීමට සම්පුර්ණ වශයෙන් පැය 24 ක් ගතවන ලෙස පෘථීවියේ කාල රාමු ගලපා ඇති අතර පැය 24 ට වඩා මිලි තත්පර 1.59 ක් අඩුවෙන් මෙම භ්‍රමණ වාරය සිදුව තිබෙනවා. ඊට පෙර වැඩිම වේගයෙන් පෘථිවි භ්‍රමණය සිදුවූ අවස්ථාව ලෙස සැලකෙන්නේ 2020 වසරේ ජූලි මාසයේ 19 වැනිදායි. එය පැය 24 ට වඩා මිලි තත්පර 1.47 කට පෙර සිදුවූ පෘථිවි භ්‍රමණයක්. එසේම 2022 ජුලි මස 26 වැනිදා ද පැය 24 ට වඩා මිලි තත්පර 1.50 ක් අඩුවෙන් පෘථිවි භ්‍රමණ වාරයක් සිදුව තිබෙනවා. ඒ හා සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින් | Archived

අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධ විද්වතුන්ගේ අදහස්

Associated Press වෙබ් අඩවිය මෙම සිදුවීම හා එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල සම්බන්ධයෙන් අභ්‍යවකාශ විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන් පිරිසකගෙන් අදහස් විමසා තිබුණා. අපි ඔවුන් දක්වන අදහස් කෙරෙහි අවධානය යොමු කරමු .

NASA ආයතනයේ Goddard අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමණාකරු මෙන්ම විද්‍යාඥයෙක් වන Stephen Merkowitz පැහැදිලි කරන්නේ පෘථිවිය සිය අක්ෂය වටා එක් වටයක් භ්‍රමණය වීමට ගතවන කාලය පැය 24 ක් ලෙස දළ වශයෙන් සලකන බවයි. නමුත් මෙම වේගය මිලි තත්පර කිහිපයකින් වෙනස්වන අවස්ථා පැවතිය හැකි බවට සැකකළ විද්‍යාඥයින් මෙම කාර්යය සදහා දශක කිහිපයකට පෙර පරමාණුක ඔරලෝසු හදුන්වා දී ඇති බවයි.

නමුත් මෙම මිලි තත්පර කිහිපයක වෙනස පෘථීවියේ දිනක කාලය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කල නොහැකි බවත් ඔහු පවසනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මෙම ප්‍රවණතාව දිගින් දිගටම දැකගනන්ට ලැබී තිබු අතර, 1960 පමණ සිට මෙම මිනුම් ආරම්භ වූ අවධියේ සිට මෙතෙක් වාර්තා වූ කෙටිම මාසය (දින 28) ද වාර්තා වන්නේ 2020 දෙසැම්බර් මාසයේ දී ය. ඒ පිලිබඳ විස්තර මෙතනින්.

මෙසේ පෘථිවිය වේගයෙන් සිය කක්ෂය වටා භ්‍රමණය වන තත්වය දිගටම පැවතුනහොත් International Earth Rotation and Reference Systems Service සංවිධානය මගින් වැඩිපුර මිලි තත්පරයක් (leap second) අවශ්‍ය ආකාරයට එකතු කෙරෙනු ඇති බවත් විද්‍යාඥ Merkowitz පවසනවා.

මීට පෙර අවස්ථා ගණනාවක දී , පෘථිවියේ භ්‍රමණය සමඟ සමපාත වන පරිදි Leap Seconds එකතුකර තිබෙන අතර, 1972 සිට මේ දක්වා 27 වාරයක් පමණ එසේ සිදුව තිබෙනවා. කෙසේනමුත් මේ සියල්ලම Positive, එනම් වැඩිපුර මිලි තත්පරයක් (Ex: 23:59:59 -> 23:59:60 -> 00:00:00) එකතුකරන ලද අවස්ථා වන අතර පෘථිවිය වේගයෙන් සිය කක්ෂය වටා වේගයෙන් භ්‍රමණය වන තත්වය දිගටම පැවතුනහොත් සෘණ (negative) මිලි තත්පරයක් (Ex: 23:59:58 -> 00:00:0) යෙදීමට සිදුවනු ඇත.

සෘණ leap තත්පරයක බලපෑම මහා පරිමාණයෙන් මෙතෙක් පරීක්‍ෂා කර නොමැති අතර එය ටයිමර් හෝ කාලසටහන් මත යැපෙන මෘදුකාංග සඳහා බලපෑමක් ඇති කළ හැකි අතර ඒ පිලිබඳ Meta, Google ඇතුළු තොරතුරු තාක්ෂණ ආයතන රැසක් කනස්සල්ල ද පළ කර තිබු අතර මෙම සියවසේ දී අවශ්‍ය නොවනු ඇතැයි ද තාක්ෂණවේදීන් අනුමාන කරනවා.

තවදුරටත් අදහස් දක්වන විද්‍යාඥ Stephen Merkowitz පවසන්නේ, පෘථිවි භ්‍රමණය සදහා විවිධ සාධක බලපාන බවයි. වෙනත් ග්‍රහලෝක වල බලපෑම් ,චන්ද්‍රයාගේ බලපෑම් , මෙන්ම ධ්‍රැව කලාපයේ සිදුවන අයිස් දියවීම ආදිය ද නිසා සිදුවන පෘථිවි ස්කන්ධ ව්‍යාප්තියේ වෙනස්කම් ද මේ සදහා බලපෑ හැකි බව ඔහුගේ අදහසයි.

පෘථිවිය සිය අක්ෂය වටා භ්‍රමණය වන විට කාලයත් සමඟ යම්කිසි සුළු සෙලවීමක් (Chandler wobble) සිදුවන අතර ඒ සඳහා උතුරු සහ දක්ෂිණ ධ්‍රැවයන්හි ඇති අයිස් දියවීම ඔස්සේ මුහුදු මට්ටම ඉහළ යාම මත සිදුවන දේශගුණික විපර්යාස, ග්ලැසියර දියවීම ඔස්සේ පෘථිවි ස්කන්ධයට වන බලපෑම් මෙන්ම පෘථිවියේ මැද ස්ථරය (mantle) හි මන්දගාමී චක්‍රයත් බලපාන බවත් සොයාගෙන තිබෙනවා. ඒ පිලිබඳ විස්තර මෙතනින්

Also Read :Earth sets record for shortest day, Climate Change may be the reason

පෘථිවි ස්කන්ධය ප්‍රමාණය, භ්‍රමණ අක්ෂයට සමීප වන විට, වේගයෙන්ඒ භ්‍රමණය වීම අයිස් සේක්ටින් කරන පුද්ගලයෙකු ඔස්සේ පැහැදිලි කළ හැක්කේ අත් දෙක දිගහැර කරකැවෙන විට භ්‍රමණය වන වේගය අඩු වන අතර දෙඅත් ලං කළ විට පහත පරිදි වේගයෙන් කැරකෙන ආකාරයටයි.

ඇමෙරිකා එක්සත් ජනපද තාක්ෂණය සහ ප්‍රමිතිය පිලිබදව ආයතනයේ භෞතික විද්‍යාඥයෙක් වන Judah Levine පවසන්නේ මෑතදී මේ ආකාරයෙන් පෘථිවි භ්‍රමණ වේගය වැඩිවූ අවස්ථා වාර්තා වුවද , විද්‍යාඥයින් උපකල්පනය කරන්නේ පසුගිය සියවස් කිහිපයක කාලය තුළ යම් ආකාරයක පෘථිවි භ්‍රමණ වේගය අඩුව ඇති බව සහ සිය අක්ෂය වටා භ්‍රමණය වීමට වැඩි කාලයක් ගතව ඇති බවයි. මේ ආකාරයට භ්‍රමණ වේගය වැඩිවී, භ්‍රමණය වීමට ගතවන කාලය අඩුවීම අනුමාන කල දෙයක් නොවුනත් ඒ සම්බන්ධයෙන් කලබලයට පත්විය යුතු නැති බවත් ඔහු පවසනවා.

මේ අනුව විද්‍යාඥයින් පවසන ආකාරයට පෘථිවිය සිය අක්ෂය වටා ගමන් කිරීමට ගතවන කාලය මිලි තත්පර කිහිපයකින් අඩුවීම යනු පෘථීවියේ සැලකිය යුතු භෞතික වෙනසකට මග පාදන හෝ මානව වර්ගයා විසින් දැඩි අවධානය යොමුකළ යුතු කාරණයක් නොවේ. මේ හා සම්බන්ධයෙන් වන Associated Press වාර්තාව කියවිය හැකියි මෙතනින් | Archived

ඇමරිකාවේ ප්‍රකට මාධ්‍ය ආයතනයක් වන NPR සමග සම්මුඛ සාකච්චාවකට එක්වන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ භූ භෞතික විද්‍යාඥයෙක් වන Duncan Agnew ද සදහන් කරන්නේ ජුනි 29 ඉතිහාසයේ වේගවත්ම දිනය ලෙස හැදින්වීම නොමඟ යවන සුළු බවයි. එය භ්‍රමණ කාලය ගණනය ආරම්භ කල 1950-60 දශකවල සිට ඇතිවූ කෙටිම දිනය බව සත්‍යක් වුව ද ඔහු පවසන්නේ 1930 දශකයේ මීට වඩා කෙටි දින තිබුණු බවයි. 1870 වසර වල මෙන්ම රෝම අධිරාජ්‍ය සමයේද මීට වඩා වේගවත් දින තිබුණු බවට විද්‍යාඥයින් උපකල්පනය කරන බවත් ඔහු පවසනවා. භූ-භෞතික විද්‍යාඥයෙක් වන ඔහු පවසන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති යම් ස්ථරවල සිදුවන විවිධ සුලු සුලු වෙනස්කම් නිසා මෙවැනි දේ ඇතිවිම ඉතා සාමාන්‍ය බවයි. එමෙන්ම ධ්‍රැවාසන්න අයිස් දියවිමද මේ සදහා බලපාන හේතුවක් වියහැකි බව ඔහුගේ අදහසයි. නමුත් මෙය විශේෂ සිදුවීමක් නොවන බව සහ පෘථීවියේ මිනිසුන්ට ගෝචරවන දැනෙන භෞතික වෙනස්කම් සිදුනොවන බව ඔහුගේ අදහසයි. මේ සම්බන්ධයෙන් වන විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙයි, බරපතල වෙනස්කම් ඉදිරියේදී ?

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News