ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස BTS සංගීත කණ්ඩායමේ "Kim Nam-Joon" තේරී පත් වුණාද?

Update: 2022-08-27 09:57 GMT

ලොවපුරා ප්‍රේක්ෂක ආදරය දිනූ වඩාත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන කොරියානු BTS සංගීත කණ්ඩායම පිළිබඳ ජාත්‍යන්තරය මෙන්ම මෙරටදීද මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමු වී තිබුණේ, එහි නායක"Kim Nam-Joon" ලොව කඩවසම් පුද්ගලයා ලෙස තේරී පත් වීම පිළිබඳවයි.

කොරියානු පුද්ගලයන් විසින් ඔවුන් අඳින පළඳින විලාශය, ඔවුන්ගේ විලාසිතාවන් කාන්තාවන්ගේ විලාසිතා වල ස්වරූපය ගන්නා බැවින් මේ කණ්ඩායමට ද, ඇතැම් පිරිසගේ දෝෂාරෝපණය, අප්‍රසාදයට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් එම කණ්ඩායමේ නායකයා ලොව කඩවසම් පුද්ගලයා ලෙස තේරී පත් වීම පිළිබඳ විවේචනයන් එල්ල වුණා. කෙසේ වෙතත් Kim Nam-Joon සැබවින්ම ලොව කඩවසම් පුද්ගලයා ලෙස තේරී පත්වුණා ද යන්න පිළිබඳ අප කළ විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

2022 වසරේ ලෝකයේ සිටන කඩවසම්ම පුද්ගලයා ලෙස තේරීපත් වන්නට BTS නම් සංගීත කණ්ඩායමේ ගායකයකු වන "Kim Nam-Joon" හට හැකි වී තිබෙනවා. යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

ඇතැම් සටහන් වල දක්වා සඳහන් කර තිබුණේ, TC Candler වෙබ්අඩවිය විසින් කෙරෙන සමීක්ෂණයෙන් මෙලෙස ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස Kim Nam Joon ලෙස තේරී පත් වුණේ හොලිවුඩ් නළු Henry Cavill අභිබවා යමින් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත් ප්‍රසිද්ධියක් උසුලන කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සංගීත කණ්ඩායමේ නායක Kim Nam Joon (RM) ලෝකයේ කඩවසම්ම පුරුෂයා ලෙස තෝරා පත් කෙරුනු බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වෙබ් අඩිවිද මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් වාර්තා කර තිබුණා. Archived Link

ලොව පුරා ප්‍රේක්ෂක මනාප මත TC Candler වෙබ්අඩවිය විසින් කෙරෙන සමීක්ෂණයෙන් මෙලෙස ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස Kim Nam Joon ලෙස තේරී පත් වුණාද යන්න පිළිබඳ අප එම වෙබ් අඩවිය හරහා නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදී අපට පෙනී ගියේ, එවැනි සමීක්ෂණයක් TC Candler වෙබ්අඩවිය සිදු නොකරන බවයි. එහි කිසිදු අවස්ථාවක ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස තෝරා පත් කර ගැනීමක් සිදු නොකරන අතර එම සමීක්ෂණයෙන් තෝරා ගනු ලබන්නේ, ලස්සනම මුහුණ හිමි 100 දෙනෙකු(100 Most Beautiful Faces) සහ කඩවසම් මුහුණ හිමි පුද්ගලයන් 100 (100 Most Handsome Faces)දෙනෙකු පමණයි.

එමෙන්ම එම තෝරා පත් කර ගැනීම සඳහා මනාප ලබා දිය හැකි වන්නේ, සෑම වසරකම දෙසැම්බර් මස පමණකි. ඒ අනුව 2022 මේ වසර සඳහා මනාප ලබා දීම මෙතෙක් සිදු කර නොමැති බව ද දැකගන්නට ලැබෙනවා.

තවද, Kim Nam Joon හෝ හොලිවුඩ් නළු Henry Cavill යන දෙදෙනාම TC Candler වෙබ්අඩවියේ වාර්ෂික සිදු කරන කඩවසම් මුහුණ හිමි පුද්ගලයන් පිළිබඳ සමීක්ෂණයෙන් අවසන් 5 දෙනා අතර හෝ තේරීපත් වූ අවස්ථාවක් මෙතෙක් දැකගන්නට නොලැබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් වෙබ් අඩවි වල පළ වූ ලොව පුරා ප්‍රේක්ෂක මනාප මත TC Candler වෙබ්අඩවිය විසින් කෙරෙන සමීක්ෂණයෙන් මෙලෙස ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස Kim Nam Joon ලෙස තේරී පත් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවට, ඉහත කරුණු ද ඇතුළත්ව, TC Candler නිවේදනයක් කර තිබුණා.

Facebook

2022 වසරේ ජයග්‍රහණයන් පිළිබඳ වාර්තාවක් ඔවුන් විසින් මෙතෙක් එළි නොදැක් වූ බවත් 2022 වසර සඳහා මනාප ලබා දී ඇරඹී නැති බවත් ලබන දෙසැම්බර් වස දී මනාප ලබා දීම ඇරඹෙන බවත්, ව්‍යාජ සටහන් හුවමාරු කර නොගන්නා ලෙසත් ඔවුන් ඉහත නිවේදනයෙන් වැඩි දුරටත් දන්වා තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ ඉහලුව සංසරණය වූ සටහනක් වන TC Candler වෙබ්අඩවිය විසින් සිදු කළ සමීක්ෂණයෙන් 2022 වසරේ ලෝකයේ සිටන කඩවසම්ම පුද්ගලයා ලෙස තේරීපත් වන්නට BTS නම් සංගීත කණ්ඩායමේ ගායකයකු වන "Kim Nam-Joon" හට හැකි වී ඇති බවට පළ වූ සටහන් අසත්‍ය බවයි.

TC Candler වෙබ්අඩවිය විසින් 2022 වසරේ කිසිදු ජයග්‍රහණයන් පිළිබඳ වාර්තාවක් මෙතෙක් එළි නොදැක් වූ බවත් 2022 වසර සමීක්ෂණයේ මනාප ලබා දීම ලබන දෙසැම්බර් මසදී ඇරඹෙන බවත් ඉන් අනතුරුව ජයග්‍රහකයන් පිළිබඳ හෙළි දක්වන බවත් ඔවුන් සඳහන් කරනවා. එමෙන්ම එම වෙබ් අඩවිය විසින් ජනතා මනාපයෙන් තෝරාගනු ලබන්නේ වඩාත් ලස්සන මුහුණු 100 දෙනා සහ වඩාත් කඩවසම් මුහුණු 100 දෙනා පමණි.

FACT CHECK: BTS සංගීත කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බවට ව්‍යාජ සටහන් පෙළක්!

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස BTS සංගීත කණ්ඩායමේ "Kim Nam-Joon" තේරී පත් වුණාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News