වයස අවු 17ක ස්වාමීන් වහන්සේ නමකට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

Update: 2022-08-29 12:28 GMT

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවන් වලදී උදව් උපකාර අවැසි මිනිසුන් සඳහා නන්දෙසින් උපකාර ලබා ගැනීමට මහඟු අත්වැලක් වෙනවා. එවැනි සත්‍ය සිදුවීම් මෙන්ම අසත්‍ය තොරතුරු ද, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නේ ඇතැම් අවස්ථා වලදී උදව් උපකාර කිරීම වැනි අරමුණු අභිබවා යමින් ෆේස්බුක් පිටු සහ සමුහ ජනතාව අතර ජනප්‍රිය කරවීමට එම සටහන් හුවමාරු වීමට සැලැස්වීමයි.

එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

සුමන ධම්මාලංකාර නමැති පොඩි හාමුදුරුවන් නමකට (අවු 17) ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමට රුපියල් මිලියන 05ක මුදලක් අවශ්‍ය බවත්, ඒ සඳහා උපකාර ඉල්ලමින්, සමාජ මාධ්‍ය සටහනක්, පසුගිය කාලයේ දී සංසරණය වුණා.

Facebook | Archived Link

මෑතකදී මෙම සටහන බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු

මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීම සඳහා අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, මෙම සටහන පසුගිය වසරේ සිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබූ බවයි. එම සටහන මෙතනින්. Archived Link

පසුගිය වසරේ සටහන් සඳහා ද, ෆේස්බුක් පරිශීලකයින් විසින් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ, ඉහත සටහන් වල දක්වා තිබූ ස්වාමීන් වහන්සේ නම අපවත් වී ඇති බවකි.

මෙම ප්‍රතිචාර ඔස්සේ කළ නිරීක්ෂණයේ දී අපට ඉහත සටහන් වල සඳහන් වූ සුමන ධම්මාලංකාර පොඩි හාමුදුරුවන් වැඩ සිටි පන්සල වන කඩුවෙල පට්ටියවත්ත සෙත්රුවන සෝමසුමනරාම විහාරස්ථානයෙහි අනු-නායක ස්වාමීන් වහන්සේ වන හේනෙගම සුමනරතන හිමියන් දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ස්වාමීන් වහන්සේ සඳහන් කළේ ඉහත සටහන් වල දැක්වෙන ස්වාමීන් වහන්සේ මේ වන විට අපවත් වී ඇති බවත්, අපවත් වී වසර 3කටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති බවයි. ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා විදේශීය රටකට ගෙන යාමට අවශ්‍ය වූ බැවින් ඒ සඳහා ලක්ෂ 50ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබූ බැවින් මෙම මුදල එකතු කර ගැනීම සඳහා ජනතා සහය ලබා ගැනීමට කටයුතු කිරීමේදී එවකට ඉහත සඳහන් සටහන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබු බවත්, අදාළ සැත්කම සඳහා මුදල් එකතු කිරීම් සිදු වන අතර තුර කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි එවකට 17 වන වියේ පසු වූ ස්වාමීන් වහන්සේ, පසුව අපවත් වූ බවද, පැවසූහ.

කෙසේ වසර ගණනක සිට මේ වන විටත් එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත්, ගිලන් වූ හිමිට ප්‍රතිකාර කිරීම සඳහා පරිත්‍යාගගීලී ජනතාවගෙන්මේ වන විටත් දුරකතන ඇමතුම් ලැබෙන බවත්, මේ පිළිබඳ අදාළ ජනතාව දැනුවත් කරන ලෙසද, හේනෙගම සුමනරතන හිමියන් අපගෙන් ඉල්ලීමක් සිදු කර සිටියා.

ඒ අනුව පැවසිය හැක්කේ නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත සටහන් පෙළින්දැක්වෙන හිමිනම මේ වන විට අපවත් වී වසර 3ක් ද, ඉක්මවී ඇති බවයි.

Also Read : FACT CHECK: හිමි නමකගේ සැත්කමකට යැයි පවසමින් ලක්ෂ 4 ක මුදල් ආධාර ඉල්ලූ ව්‍යාජ සටහනක්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, වයස අවු 17ක ස්වාමීන් වහන්සේ නමකට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා රුපියල් මිලියන 05ක මුදලක් අවශ්‍ය බවත්, ඒ සඳහා උපකාර ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වූ සටහන් නොමග යවන සුළු බවයි.

එම ස්වාමීන් වහන්සේ නම සැත්කමට භාජනය වීමට පෙරම අපවත් වී ඇති අතර මේ වන විට අපවත් වී අවුරුදු 3ක්ද ඉක්මවා ඇති බව එම ස්වාමීන් වහන්සේ වැඩ සිටි කඩුවෙල පට්ටියවත්ත සෙත්රුවන ශ්‍රී සෝමසුමනරාමය විහාරස්ථානහි අනු නායක හේනෙගම සුමනරතන හස්වාමීන් වහන්සේ අපට තහවුරු කළා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වයස අවු 17ක ස්වාමීන් වහන්සේ නමකට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News