මද්දකට හසු වී දිවි අහිමි වූ කොටියා සංරක්ෂණය කර ඇති අයුරු? (PHOTO)

Update: 2022-09-16 13:32 GMT

පසුගිය අගෝස්තු මස මද්දකට හසු වී සිටි කඳුකර කොටියෙකු බේරාගැනීමට යද්දී එම කොටියා මරණයට පත් වූ සිද්ධිය, සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. මේ පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුව ද දැඩි දෝෂාරෝපණයට ලක් වුණා.

මෙවන් පසුබිමක, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම කොටියා සංරක්ෂණය කළ අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“මද්දට අහුවෙලා ගහේ ඉඳන් ඇදන් වැටිල මැරුණු කොටියව වනජීවි එකෙන් සංරක්ෂණය කර ඇති අයුරු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived

මෙම ඡායාරූපය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කළ බවට දක්වමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ තවත් සටහන් මෙතනින්, සහ මෙතනින්. Archived Link | Archived Link

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අගෝස්තු මස මද්දකට හසුව මියගිය කොටියාගේ පුවත

පසුගිය අගෝස්තු 07 වන දා හැටන්, වනරාජ වතුයායේ සමර්හිල් කොටසේ මද්දකට හසු වීමෙන් පසු ගසක් උඩට නැග සිටි කඳුකර කොටියෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වල මෙන්ම සමාජ මාධ්‍යයේද, උණුසුම් මාතෘකාවක් වුණා. ඒ පුවත මෙතනින්

https://youtu.be/trGIvA51Pnk?t=1

අගෝස්තු 06 වන දා රාත්‍රියේ වල් ඌරන් සහ කඳුකර කොටියන් දඩයම් කිරීම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු මද්දකට මෙම කඳුකර කොටියා හසු වී ඇති අතර මද්ද ගලවා ගැනීම සඳහා කදුකර කොටියා ගසට නැග තිබේ. කඳුකර කොටියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවි නිලධාරීන් ගස කපා කොටියා බිමට ගැනීමට උත්සාහ කළත්, කොටියා ජීවිතක්ෂයට පත්වූවා.

එසේම මෙම සමර්හිල් සිදුවීමේ දී එම කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය නිසා මරණයට පත් ව ඇති බවත් එම සතා ගසට යටවී නොමැති බවත් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බවත් කමිටුව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් මෙම කොටියා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කිරීමට අවසර හිමි වූවාද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා පුවත් වාර්තා වූවාද යන්න නිරීක්ෂණය කළත්, අපට එවැනි මාධ්‍ය වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

වසර ගණනාවක සිට හුවමාරු වන ඡායාරූපයක්

ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට මෙම ඡායාරූපය සම්බන්ධයෙන් නිසි මූලාශ්‍රයක් නොලැබුණත්, මෙය අඩුම වශයෙන් 2014 වසරේ සිට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් බවට තහවුරු වුණේ මෙලෙසින්. Archived Link තවත් අවස්ථාවක් පහතින්.

https://twitter.com/CrapTaxidermy/status/495131851129110528

Archived Link

ඒ අනුව පැහැදිලි වන්නේ, මේ වසරේ පසුගිය අගෝස්තු මස මෙරට සිදුවූ කඳුකර කොටියාගේ මරණයට බොහෝ කලකට පෙර සිටම මෙම ඡායාරූපය අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වී ඇති බවයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

කෙසේ වෙතත් කඳුකර කොටියාගේ සිරුරු සංරක්ෂණය කර ඇත්දැයි යන්න විමසීම සඳහා අප වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඒ මහතා පැවසුවේ, කඳුකර කොටියා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, එලෙස සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලියට දිගු කාලයක් ද, ගත වන බැවින් මසකට කලින් ජීවිතක්ෂ්‍යට පත් වූ කොටියෙකුගේ සංරක්ෂණය කළ පිළිරුවක් මෙතරම් ඉක්මනින් නිමා කළ නොහැකි බවත් තවදුරටත් වැඩි දුර පරීක්ෂණ සිදුවිය හැකි බැවින් එම කොටියා වෙනත් ස්ථානයක ඇති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය මෙරට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කළ කොටියෙකු නොවන බවත් අවධාරණ කරමින් තවදුරටත් අමරරත්න මහතා පැවසුවේ, මෙරට සංරක්ෂණය කරන ලද සත්ත්වයන් ගිරිතලේ සත්ත්ව කෞතුකාගාරයේ ඇති බවත්, ඉහත ඡායාරූපයේ දැක්වෙන ලෙස එස රූප විකෘති කරමින් සංරක්ෂණය නොකරන බවත්ය.

ගිරිතලේ සත්ත්ව කෞතුකාගාරයේ ඇති සංරක්ෂණය කරන ලද කොටින්ගේ පිළිරූ පහතින්.

Attractionsinsrilanka | Archived Link

ගිරිතලේ සත්ත්ව කෞතුකාගාරයේ වීඩියෝ මෙතනින් සහ මෙතනින්. තවත් ඡායාරූප එකතුවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය අගෝස්තු මස මද්දකට හසු වීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ කඳුකර කොටියා, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සංරක්ෂණය කළ ඇති අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය අසත්‍යක් බවයි.

එම ඡායාරූපය 2014 වසරේ සිට අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයක් වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා පවසා සිටියේ, එම කොටියා සංරක්ෂණය කිරීමට මෙතෙක් තීරණය ගෙන නොමැති බවත්, එම ඡායාරූපයේ දැක්වෙන්නේ, මෙරට සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සංරක්ෂණයක් නොවන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මද්දකට හසු වී දිවි අහිමි වූ කොටියා සංරක්ෂණය කර ඇති අයුරු? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News