මාරාන්තික විෂ සහිත දළඹුවෙක් ද? (PHOTO)

Update: 2022-09-28 09:55 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

සමාජය දැනුවත් කිරීම් බහුලව සිදු කිරීමට පහසුම මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍ය ජාලායි. මේ හේතුවෙන් සත්‍ය තොරතුරු මෙන්ම නොමග යවන සුළු, අසත්‍ය තොරතුරුත් සීඝ්‍රයෙන් හුවමාරු වෙන අතර, ජනතාව ඒවා පිළිගැනීමේ සම්භාවිතාවය ද වැඩි වනවා.

මේ ආකාරයට මාරාන්තික සත්ත්වයෙකු ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

කොහේ හරි දුටුවොත් අල්ලන්න හිතන්නවත් එපා

තහවුරු නොකල වාර්ථා අනුව මාරාන්තික විෂ සහිත දලඹුවෙකි.

පැතිරී යන කතා සනාත වන තෙක් ප්රවේසම් වන්න... ” යනුවෙන් සඳහන් පණිවිඩය රැගත් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් පරිශිලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් සඳහා එක් කර තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ බොහෝ දෙනා මේ ඔස්සේ නොමග ගොස් ඇති බවත්, නිසියාකාර තොරතුරක් නොමැති බවයි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මාරාන්තික විෂ සහිත දළඹුවෙක් ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන දළඹු වර්ගය කුමක්ද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරමින් කරුණු නිරීක්ෂණයක් සිදු කළා.

එහිදී දැක ගන්නට ලැබුණේ, මෙම දළඹු වර්ගය Slug Moth Caterpillar / Slug Caterpillar Moths ලෙස හඳුන්වන බවයි. Archived Link

මෙම සළඹ දළඹුවා මාරාන්තික දළඹුවෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුන්වා තිබු බවට කිසිදු වාර්තාවක අපට දැක ගන්නට නොලැබුණි. මේ හේතුවෙන් Slug Caterpillar Moths පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමයෙන් (BCSSL) විමසීමක් සිදු කළා.

ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමය

ඔවුන් සඳහන් කළේ, මෙම දළඹුවා Limacodidae පවුලේ සලබයෙකුගේ කීට අවධිය වන Nettle Slug caterpillar වන බවයි.

එමෙන්ම එම දළඹුවන්ගේ හිසකෙස්වල ඇති විෂ දෂ්ඨ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැඩි කැසීම සහ වේදනාව ඇති වන බවත්, නමුත් ඉහත සටහනේ දක්වා ඇති පරිදි එම විෂ මාරාන්තික නොවන බව ඔවුන් පවසා සිටියා. එවැනි විෂ සහිත දළඹුවන් ද දුර්ලභ වන අතර ඉන් ජීවිතක්ෂයට පත් වන තරම් විෂ සහිත බවට කිසිදු සිදුවීමක් හෝ වාර්තා වී නොමැති බවත් අවධාරණය කරනු ලැබුවා.

නුවන් චතුරංග - සලබයන් පිළිබඳ ගවේෂක

ඉහත රූපයේ ඇති දළඹුවා Phocoderma සලබ විශේෂය (Phocoderma velutina (Kollar, [1844]) විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

මෙම විශේෂය කොඳු ඇට පෙළ ඉතා උද්දීපකයක් වන අතර දෂ්ට කරන නමුත් එය මාරාන්තික නොවන බවට ඔහු පවසා සිටියා. සාමාන්‍යයෙන් Limacodidae පවුලේ සියලුම සලබ දළඹුවන්ට දෂ්ට කරන හිසකෙස් ඇති බවත්, බ්‍රසීලයේ Lonomia obliqua (Saturniidae) වැනි සමහර දළඹුවන්ගේ "දෂ්ට කිරීම්" මිනිසුන්ට පවා ඇතැම්විට මාරාන්තික විය හැකි බවයි පවසා සිටියේ.

කෙසේනමුත් පොදුවේ ගත් කල, දළඹුවෙකු දෂ්ඨ කිරීමට මිනිසෙකු මරා දැමිය නොහැකි යැයි කිව නොහැකි බවත්, කුහුඹුවන් දෂ්ට කිරීමෙන් පවා මරණ සිදු වන අවස්ථා ඇති බවත්, එය පුද්ගලයාගේ විඳදරාගැනීම සහ ශරීරය ප්‍රතික්‍රියා කරන අයුරු මත රඳා පවතින බවත් සඳහන් කළා.

මෙම දළඹු විශේෂය මාරාන්තික නොවන්නේ එය මාරාන්තික නම් එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වන බවත්, මෙම විශේෂ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දක්නට ලැබෙන බවත් තමන් ඇතුළු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ දෂ්ඨ කිරීම් පිළිබඳ අත්දැකීම් ඇති හෙයින් එය මාරාන්තික නොවන බවට පැවසිය හැකි බවයි ඒ මහතා වැඩි දුරටත් පැහැදිලි කළේ.

මෙම කෘමීන් සමග ගැටීමෙන් වැළකී සිටීම නුවණට හුරු බවත්, ඔවුන් මරා දැමීම නොකළ යුතු බවත්, ඔවුන් ස්වාභාවික පරිසරයේ කොටසක් වන නිසා ඔවුන් ඉවත් කිරීම පද්ධතිය අස්ථායී කරන බවත් පෙන්වා දෙනු ලැබුවා.

තමිල්නාඩුවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක කීට විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්

අප ඉන්දියානු දමිළ භාෂා Fact Crescendo කණ්ඩායම විසින්ද මෙම දළඹුවා පිළිබඳ කළ කරුණු පරීක්ෂණය කර තිබූ අතර මෙම දළඹුවා තොරතුරු තහවුරු කර ගැනීමට තමිල්නාඩුවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක කීට විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුගෙන් විමසා බැලීමක් සිදු කර තිබුණා.

ඔහු සඳහන් කර තිබුණේ, මෙම දළඹුවා විසින් දෂ්ඨ කිරීමේදී එය සමේ කුෂ්ඨ වැනි දැවිල්ලක් ඇති කළ හැකි බවයි. අධික අසාත්මිකතා ඇති පුද්ගලයින්ට පවා ශරීරයේ බොහෝ ස්ථානවල දැවිල්ල ඇති විය හැකි වෙනත් බලපෑමක් ඇති නොවන බවත් මේ පණුවා නිසා ජීවිත හානියක් සිදු නොවන බවයි ඔහු සඳහන් කර තිබුණේ. එම කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

ඉන්දියාවේ ද පසුගිය දින කිහිපයේ දී මෙම දළඹුවා නිසා පුද්ලයින් මරණයට පත් වූ බවට අසත්‍ය පුවත් වාර්තා වී තිබුණා. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මාරාන්තික විෂ සහිත දළඹුවෙක්’ ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ දැක්වෙන Slug Caterpillar Moths නමැති සලබ කීටයා මාරාන්තික විෂ සහිත දළඹුවෙකු නොවන බවයි. ඒ බවට ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංගමය විසින් මෙන්ම, සලබ විශේෂයන් ගවේෂකයින් මෙන්ම, අන්තර්ජාල වාර්තා ද, පෙන්වා දෙනු ලබනවා. මෙම දළඹුවන් දෂ්ඨ කිරීමේදී සම ආශ්‍රිත කැසීම්, තුවාල වීම් සිදුවූවත් කිසිසේත්ම මරණය ළඟා කිරීමට නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාරාන්ති විෂ සහිත දළඹුවෙක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News