වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තරයකින් දමා ගැසුවොත්, පෙනීම 92.5% දක්වා අවහිර වෙනවා ද ?

Update: 2022-10-01 05:59 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින්, ගැටළුකාරී අවස්ථාවන්හි දී කටයුතු කළ යුතු ආකාරයන් පිලිබඳව, සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම දැනුවත් කිරීම් සිදුකරනු ලබයි. නමුත් මෙහිදී ලබාදෙන ඇතැම් තොරතුරු හේතුවෙන් ජනතාව නොමඟ යා හැකියි.

එලෙස නොමග යැවීමට තුඩු දුන්, වාහනයේ වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තරයකින් දමා ගැසුවොත්, ක්‍රියා කල යුතු ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමක් පිළිබඳ මීට පෙර ද අවස්තාවන් ගණනාවක දී හුවමාරු වී නැවත සංසරණය වෙමින් පවතින සටහනක් අපට හමුවුණා.

එහි සඳහන් කර තිබුණේ, රාත්‍රී කාලයේදී රිය පදවන විට, අපරාධකරුවන් විසින් වාහනයේ ඉදිරිපස වීදුරුවට බිත්තරයකින් දමා ගැසුවහොත්, මෝටර් රථය පරීක්ෂා කිරීමට නවත්වන්න එපා, වයිපර් ක්‍රියා නොකරන්න, ජලය ඉසීමෙන් වළකින්න, මන්ද ජලය සමඟ මිශ්‍ර වූ බිත්තර කිරි බවට පත් වී 92.5% දක්වා, ඔබේ පෙනීම අවහිර කරන බවයි.

මෙය උපක්‍රමය සොර කල්ලි විසින් භාවිතා කරන නව ක්‍රමයක් වන බැවින් කරුණාකර ඔබගේ මිතුරන් සහ ඥාතීන් දැනුවත් කරන මෙන් ද එම පණිවිඩයේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද, මෙම පණිවිඩය හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙම පණිවිඩයේ සත්‍යක් තිබේද, යන්න පිළිබඳව අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන බහුලව හුවමාරු වීමත්, ඒ ඔස්සේ ජනතාව නොමග ගොස් ඇති නිසාවත් හේතුවෙන්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම විමසා බැලීමක් සිදු කරනු ලැබුවේ, ඉහත සටහනේ දැක්වෙන පරිදි මේ දිනවල රාත්‍රී කාලයේදී රිය පදවන්නන් ඉලක්ක කර ගනිමින් අපරාධකරුවන් විසින් මෙලෙස මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව මතට බිත්තර ගැසීමේ සිදුවීම් හා ඉන් අනතුරුව ඔවුන් විසින් අපරාධ සිදු කර ඇති බවට ලංකාවෙන් වාර්තා වී තිබුණේ ද යන්නයි.

ඒ සඳහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් සිදු කළ අතර, ඒ මහතා සඳහන් කළේ, එවැනි සංවිධානාත්මක අපරාධ පිලිබඳ මෙතෙක් වාර්තා නොවී ඇති බවයි.

සමාජ මාධ්‍ය සටහන්හි මූලාරම්භය

මෙම පණිවිඩය 2009 වසරේ සිට අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ලෙස, විද්‍යුත් ලිපි මාර්ගයෙන් සංසරණය වී ඇති බවත්, මෙම මංකොල්ලකෑම් හෝ මෝටර් රථ නැවැත්වීම් සිදු වූ බව පැවසෙන ස්ථාන ලෙස ලෙබනනය, මැලේසියාව, ඉන්දියාව හා ආසියාවේ වෙනත් ප්‍රදේශ පිළිබඳව Snopes කරුණු විමර්ශන කණ්ඩායම පෙන්වා දී තිබුණා.

එමෙන්ම මෙම සටහන් නව අනුවාද එකතු කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත නැවත පළ වී තිබුණා. විශේෂයෙන්ම 92.5% අගය සහිත පළකිරීමේ අනුවාදය මෙන්ම, පසුකාලීන බිත්තර දැමීමේ උපක්‍රමය මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තයේ අගනුවර වන ජොහෝර් බාරු හි කොල්ලකරුවන් විසින් භාවිතා කරන ලද බවට තවත් එම සටහනේ නව අනුවාදයක් සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බවට Snopes වාර්තා කරනු ලැබුවා. එම වාර්තාව මෙතනින්. Archived Link

උතුරු අයර්ලන්ත පුවත්පතක් 2002 ඔක්තෝම්බර් මාසයේදී බිත්තර විසිකරන කණ්ඩායමක් පිළිබඳ වාර්තා කර ඇති අතර මෝටර් රථ කිහිපයක් ඉලක්ක කර ගත් නමුත් ඔවුන් ඒවා කොල්ලකෑමට උත්සාහ නොකළ බවට එම ලිපියේ වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived

මංකොල්ලකෑමේ උත්සාහයකට සම්බන්ධ නොවූවත්, උතුරු කැරොලිනාවේ චාලට් ප්‍රදේශයේ දී මෝටර් රථ වෙත බිත්තර එල්ල කිරීමේ සිදුවීමක් 2019 සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට හේතුව ලෙස, එම ප්‍රදේශයේ කාන්තාවක් රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවක් වන WCNC වෙත පවසා තිබෙුණේ, තරුණ ළමයින් කණ්ඩායමක් විසින් සිය මෝටර් රථය වෙත බිත්තර එල්ල කර බවත්, තමන් ඒ අවස්ථාවේ වයිපර් භාවිත කළේ නම් තමාගේ දෘෂ්‍යත්වය ද, නැතිවී යාමට හැකි බව පවසමින් ඒ පිළිබඳ සැළකිළිමත් වන ලෙස කළ ඉල්ලීමක් හේතුවෙනි. කෙසේ වෙතත් ඇය ඇය වයිපර් දියර භාවිතා කර නිරීක්ෂණය කළා ද යන්න පිළිබඳ ඇය සඳහන් කර නොතිබුණි. එම අවස්ථාව මෙතනින්.

බිත්තර වාහන වෙත එල්ල කිරීමෙන් අපරාධ සිදු කර ඇති බවට සාක්ෂි තිබෙනවාද ?

කෙසේ වෙතත්, 2019 ජුනි 23 වන දින ඉන්දියාවේ නැගෙනහිර දිල්ලියේදී මේ හා සමාන සිදුවීමක් වාර්තා වී තිබෙනවා. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, මාධ්‍යවේදිනියෙකු වූ මිතාලි චන්දෝලා ඇගේ මෝටර් රථය මාර්ග සංඥා එළිය අසළදී නවත්වා තිබියදී ඇයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එලෙස වෙඩි තැබීමට පෙර ඇය‍ෙගේ මෝටර් රථයේ වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තර විසි කිරීමෙන් පසුවය. කෙසේනමුත් බිත්තර පිස දැමීමට පෙර වාහනය ඉදිරියට ධාවනය කිරීමෙන් පසු චන්දෝලාට හානියක් සිදු නොවී ඇති බවත්, ප්‍රවෘත්ති වාර්තාවලට අනුව බිත්තර දැමූ වහාම වෙඩි තැබීම සිදුව ඇති බවත් සඳහන් කර තිබෙනවා. එම වාර්තාව මෙතනින්.

The Hindustan Times පුවත් පත 2010 දී වාර්තා කර තිබුණේ නව දිල්ලි පොලීසියට කොල්ලකරුවන් උපක්‍රම භාවිතා කරන බවට වාර්තා කිහිපයක් ලැබී ඇති අතර රියදුරන් වයිපර් භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ප්‍රාදේශීය නේවාසික සුභසාධක සංගම්වල උපදෙස් ඇතුළත් කර තිබූ බවයි.

2018 Express පුවත් පත වාර්තා කළේ, ස්පාඤ්ඤයේ නිවාඩුවක් ගත කරන බ්‍රිතාන්‍ය සංචාරකයෙකුගේ වාහනයේ ඉදිරිපස වීදුරුව වෙත බිත්තරයක් වැදීමෙන් පසු මෝටර් රථයක් ඔහු පසුපස පැමිණි බවයි. ඒ පිළිබඳ ඔවු විසින් පළ කළ ෆේස්බුක් සටහන මෙතනින්.

බිත්තර ජලය සමග මිශ්‍ර වීමෙන් කිරි බවට පත්වන අතර එමගින් ඔබේ පෙනීම 92.5% දක්වා අවහිර කරනවාද?

"බිත්තර ජලය සමග මිශ්‍ර වීමෙන් කිරි බවට පත්වන අතර වින්ඩ්ස්ක්‍රීඩ් වයිපර් මගින් සහ ස්ප්‍රේ භාවිතා කිරීම මගින් ඔබේ පෙනීම 92.5% දක්වා අවහිර කරයි" යන බවට කිසිදු සාක්ෂියක් අපට සොයාගත නොහැකි විය.

මෙම සටහන් මඟින් අදහස් කරන්නේ "වින්ඩ්ෂීල්ඩ් දෘශ්‍යතාව" පිළිබඳව යැයි උපකල්පනය කළහොත්, 92.5% කින් එම දෘෂ්‍යතාව අඩු වීම යන්නෙන් අදහස් වන්නේ රියදුරෙකුට බිත්තර-ජල අපද්‍රව්‍ය මිශ්‍රණය මඟින් ඉතා සුළු ආලෝකයක් පමණක් දැකිය හැකි බවයි.

බිත්තර සහ වතුර මිශ්‍රණය හේතුවෙන් වින්ඩ් ස්ක්‍රීන් එක මත සුළු කිරි වැනි දියරයමය තත්වයක් ඇතිවුව ද එමඟින් රියදුරෙකුගේ දර්ශනය සම්පූර්ණයෙන්ම අවහිර නොවන බව මාර්ගගත අත්හදා බැලීම් රැසකින් ද පෙන්වා දී තිබෙනවා.

නමුත් රාත්‍රියේදී පවා, ඉදිරියෙන් එන හෙඩ් ලයිට් මගින් වින්ඩ්ෂීල්ඩ් දිලිසීමක් ඇති කරනු ලබයි, මේ සම්බන්ධයෙන් YouTube හි පළ කරන ලද අත්හදා බැලීමකින් පෙනී ගියේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන තරම් දෘශ්‍යතාව කොතැනකවත් අඩු නොවන බවයි. ඉතිරි වූ අපද්‍රව්‍ය යම් ආලෝකයක් පරාවර්තනය කළ ද, ඔහු තම වයිපර් ක්‍රියා කර තුන් හතර වතාවක් ඉසීමෙන් පසුවද ඔහුට හොඳ දෘශ්‍යතාවක් ඇති බව පෙන්වා දුන්නා.

රියදුරුගේ ඉදිරිපස වීදුරුවේ බිත්තර කඩා දැමීමෙන් පසු ඝන, පැහැදිලි පටලයක් වීදුරුව ආවරණය කළද, ක්ෂණිකව වීදුරුව මත දියර ඉසීමෙන් සහ වයිපර් ක්‍රියාත්මක කිරීමෙන් ඉතිරි වූ බොහෝ දේ ඉවත් වන බවට මෙයින් දැක ගත හැක.

https://www.youtube.com/watch?v=l4C2EbYJeQ4&feature=youtu.be

මේ පිළිබඳව සිදු කළ වෙනත් කරුණු විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්.

මේ අනුව රියදුරෙකුගේ දර්ශන පථය සම්පුර්ණයෙන්ම අවහිර වී, ක්ෂිණිකව නැවතිය යුතු තරම් වන ආකාරයේ බිත්තර ප්‍රහාරයකට ලක්වීම, ප්‍රයෝගික තත්වයන් යටතේ ඉතාමත් අඩු සම්භාවිතාවක් පවතින බැවින්, මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදුවහොත් ගතහැකි ආරක්‍ෂිත ක්‍රියාමාර්ගය වන්නේ එක්වර නොනැවතී, වයිපර් ක්‍රියාත්මක කොට පිරිසිඳු කරමින් ඉදිරියේ ආරක්‍ෂිත ස්ථානයක් කරා යෑමයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, රාත්‍රී කාලයේදී රිය පදවන විට ඇතැම් අපරාධ කරුවන් විසින් වාහනයේ ඉදිරිපස වීදුරුවට බිත්තරයකින් දමා ගැසුවහොත්, මෝටර් රථය පරීක්ෂා කිරීමට නවත්වන්න එපා, වයිපර් ක්‍රියා නොකරන්න, ජලය ඉසීමෙන් වළකින්න, මන්ද ජලය සමඟ මිශ්‍ර වූ බිත්තර කිරි බවට පත් වී 92.5% දක්වා, ඔබේ පෙනීම අවහිර කරන පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන නොමග යවන සුළු බවයි.

මෙරටින් එලෙස සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර, එවැනි සිදුවීමකට මුහුණ දුන්හොත් වයිපර් ක්‍රියාත්මක කොට සේදීම මඟින් වින්ඩ් ස්ක්‍රීන් එක බොහෝදුරට යථා තත්ත්වයට පත් කර හොඳ දෘශ්‍යතාවක් ලබා ගැනීමට හැකි බවට පෙන්වා දිය හැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වාහනයේ වින්ඩ් ස්ක්‍රීන් එකට බිත්තරයකින් දමා ගැසුවොත්, පෙනීම 92.5% දක්වා අවහිර වෙනවා ද ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News