සාතන් ඇදහීමේ සංගීත ප්‍රසංගයක් පිළිබඳව සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයක් ?

Update: 2022-10-03 17:14 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කතෝලික පියතුමෙකු වන සිරිල් ගාමිණී පියතුමන් ඉලක්ක කරගනිමින් පසුගිය කාලයේ දී ද විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වුණා. ඔහු විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“සාතන් ඇදහීමේ සංගීත ප්‍රසංගයකට යක්ෂයා කැඳවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා කණස්සල්ලෙන්” යනුවෙන් සිරිල් ගාමිණී කතෝලික පියතුමන් සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි නාලිකාවේ, Live at 8 ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

එම සටහන සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

මෙහි නිරවද්‍යතාවය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

කතෝලික පියතුමෙකු වන සිරිල් ගාමිණී පියතුමන් ‘Hellfire’ විද්‍යුත් නර්තන සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණු පරිදි යක්ෂයා කැඳවීම පිළිබඳ කණස්සල්ලෙන් යනුවෙන් අදහසක් ලබාදෙන පරිදි ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ප්‍රකාශ කර තිබුණාද යන්න පිළිබඳව ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළා. නමුත් එම ප්‍රසංගය සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා තිබු බවක් අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

ස්වර්ණවාහිනි නාලිකාවේ, Live at 8 පුවත් විකාශයේ හෝ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේද, ඉහත සටහන් වල දැක්වෙන ඡායාරූපය පළ කර තිබුණාද යන්න පිළිබඳව නිරීක්ෂණය සිදු කළද, එවැනි ෆේස්බුක් සටහනක් පළවී තිබුනේ ද නැහැ.

මේ හේතුවෙන් අප Live at 8 පුවත් වෙබ් අංශයෙන් ද, විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ, එවන් සටහනක් හෝ පුවතක් ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ ෆේස්බුක් පිටුවේ හෝ පළ නොකළ බවත්, ඔවුන්ගේ පොස්ටු ආකෘතිය යොදා ගනිමින් සන්නාමය අවභාවිතා කරමින් අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බවයි.

අප තවදුරටත් මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමන් දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුනා. පියතුමන් ද, තහවුරු කළේ, තමන් ‘Hellfire’ විද්‍යුත් නර්තන සංගීත ප්‍රසංගයට විරුද්ධව කිසිදු අයුරකින් කිසිදු අවස්ථාවකින් අදහසක් දක්වා නොමැති බවත්, කිසිදු මාධ්‍යකට ද, අදහසක් පළ නොකළ බවයි.

Also Read : FACT CHECK: අනුර කුමාරට සහය නොදැක්වීම ගැන සිරිල් ගාමිණී පියතුමා පැවසුවාද?

ප්‍රසංගයට එල්ල වූ විරෝධතා සහ ඒ සඳහා සංවිධාකයාගේ පිළිතුරු:

සැප්තැම්බර් 30 වන දා ශ්‍රී ලංකාවේ මෑතකදී විවෘත කරන ලද දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණේ පැවැත්වූ ‘Hellfire’ විද්‍යුත් නර්තන සංගීත (EDM) උත්සවය පිළිබඳ ඇතැම් ආගමික නායකයන් , ආගමික පාර්ශවයන් මෙන්ම කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් ද විරෝධත්වයක් එල්ල වුණා.

බොහෝ මෙම විරෝධතා තුළින් පැවසුනේ මෙම ප්‍රසංගය සඳහා යොදා ගත් තේමාව තුළින් සාතන්වාදය / යක්ෂයා ප්‍රවර්ධනය කළ බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ ලිපියක් මෙතනින්. Archived

ඒ පිළිබඳව මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබු Thorz විසින් එම ප්‍රසංගයට දින කිහිපයකට පෙර අදහස් දක්වා තිබුණේ මෙලෙසින්. ඔහු එහිදී පවසා සිටින්නේ, මේ තුළින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම සහ නවමු අත්දැකීමක් ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ට ලබාදීමට බලාපොරොත්තු වූ බවත් ඒ තුලින් සාතන් වන්දනයක් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රසංගයට අවශ්‍ය අනුමැති ලබාගත් තිබූ බවයි.

එසේම කිසිදු ආගමකට , දර්ශනයකට  හෝ ඇදහිල්ලකට හානියක් හෝ අපහාසයක් නොයන අයුරින් සහ ‘Hellfire’ යන නම ප්‍රදර්ශන නොවන ලෙසින් මෙම ප්‍රසංගය සඳහා අනුමැතිය ලැබීම පිළිබඳව ද තමා වෙත කොළඹ නාගරික කොමසාරිස් යොමුකරන ලද ලිපියක් ද Thorz පළකර තිබුණේ මෙලෙසින්.

Also Read : EMF සංගීත ප්‍රසංගය අතරතුර දී ‘අපේ විරුවා’ ගීතය වාදනය කළාද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, කතෝලික පියතුමෙකු වන සිරිල් ගාමිණී පියතුමන් විසින් නෙළුම් කුළුණේ පැවැත්වූ ‘Hellfire’ විද්‍යුත් නර්තන සංගීත (EDM) උත්සවය පිළිබඳ කණස්සල්ලෙන් පසුවන බවට , Live at 8 ෆේස්බුක් පිටුවේ පළ වූ පුවතක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය වේ.

සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් හැඟවෙන පරිදි කිසිදු අදහසක් කිසිදු මාධ්‍යයක් වෙත සඳහන් නොකළ බවට සිරිල් ගාමිණී පියතුමන් පැවසූ අතර Live at 8 නිල ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර නොතිබුණි. Live at 8 පෝස්ටු ආකෘතිය යොදා ගනිමින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සාතන් ඇදහීමේ සංගීත ප්‍රසංගයකට යක්ෂයා කැඳවීම පිළිබඳව සිරිල් ගාමිණී පියතුමා කණස්සල්ලෙන් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News