ලංකාව 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය කරන බවට ඉන්දියානු රිෂිවරයෙකුගේ අනාවැකියක්?

Update: 2022-10-14 06:46 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නොයෙක් කාරණා මුල් කොටගෙන මැතිවරණ, ක්‍රීඩා තරඟාවලි ආදිය ආරම්භ වීමට පෙර ජ්‍යෝතිර්වේදීන් සහ විවිධාකාරයේ අනාවැකි පළ කරන්නන්ගේ පුරෝකථන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවර 20-20 ලෝක කුසලානයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය රිෂිවරයෙකු විසින් සිදු කළ අනාවැකියක් සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

20-20 ලෝක කුසලානයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජඩ්ඩි තුමස්කර් ජඩිදිර් නමැති ඉන්දියාවේ අනාවැකි පළ කරන්නෙකු විසින් කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එම සටහන පහතින්.

ඉන්දියානු සුපිරි අනාවැකිකරුවෙකු වන ජඩ්ඩි තුමස්කර් ජඩිදිර් යන දෙස්, විදෙස්, වසංගත රෝග, ලෝක ව්‍යසන, ලෝක දේශපාලන, ලෝක කුසලාන ක්‍රීඩා තරගාවලි සහ ඉන්දියානු මහ මැතිවරණය පිළිබඳව අනාවැකි පළ කරනු ලැබූ මෙම අනාවැකිකරුවා විසින් මෙවර 20-20 ලෝක කුසලානය පිළිබඳව අනාවැකි පළ කර ඇත. ඔහු පවා ඇති අන්දමට කළු, අළු මිශ්‍ර වරණයකින් ක්‍රීඩා කරන රටකට තමන් නොසිතූ පරාජයක් උරුම වන බවත්, ඔවුන්ට මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවන බවත්, තමන්ගේ මවු රට වන ඉන්දියාවද, මෙවර 20-20 ලෝක කුසලානයේදී මූලික වටයෙන්ම ඉවත් වන බවත්, මෙවර 20-20 ලෝක කුසලානයේ අවසන් මහ තරගයට වාසනාව උරුම නැති අවාසනාව දොත දරාගෙන පැමිණි රටක් සහ ශ්‍රී ලංකාව තරග වදින බවත් එහිදී ශ්‍රී ලංකාව විසින් වාසනාව උරුම නැති එම රට පරාජයට ලත් කර මෙවර 20-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ගන්නා බවට ප්‍රකාශ කර ඇත.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙම සටහනේ සඳහන් ලෙස ජඩ්ඩි තුමස්කර් ජඩිදිර් යනුවෙන් ඉන්දියාවේ අනාවැකි පළ කරන්නෙකු විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබුණාද යන්න නිරීක්ෂණය කරනු ලැබුවා.

එනමින් අනාවැකි පළ කරන්නෙකු පිළිබඳ කිසිදු සටහනක් හෝ තොරතුරක් අන්තර්ජාලය ඔස්සේ කළ නිරීක්ෂණයේදී දැක ගන්නට නොලැබුණි. එමෙන්ම ජඩ්ඩි තුමස්කර් ජඩිදිර් නමින් හැඳුන් වූ එම අනාවැකි පළ කරන්නා ලෙසට දක්වා තිබූ ඡායාරූපය ද, අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. නමුත් එම ඡායාරූපය අන්තර්ජාලය ඔස්සේ ඉන්දීය පූජක වරයන් නියෝජනය කරන ඡායාරූපයක් (stock image) පමණක් බවට දැක ගන්නට ලැබු‍ණේ මෙලෙසින් හා මෙලෙසින්. Archived Link | Archived Link

කෙසේ වෙතත් මෙනමින් ඉන්දියාවේ අනාවැකි පළ කරන්නෙකු විසින් 20-20 ලෝක කුසලානයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළා ද යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ඉන්දීය Fact Crescendo කණ්ඩායමෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ ද, එනමින් ඉන්දියාවේ අනාවැකි පළ කරන්නෙකු නොමැති බවට හා එවන් ප්‍රකාශයක් සිදු කළ බවට පුද්ගලයෙකු හෝ එහිදී වාර්තා නොවූ බවයි.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර 16 වන දා පැවැත්වෙන මූලික වටයේ තරගයෙන් ආරම්භ වන අතර, සුපිරි 12 තරග වටය 22 වන දා ආරම්භ වීමට නියමිතයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 20-20 ලෝක කුසලානයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජඩ්ඩි තුමස්කර් ජඩිදිර් නමැති ඉන්දියාවේ අනාවැකි පළ කරන්නෙකු විසින් කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන නොමග යවන සුළු සටහනක් බවයි. එවැනි අනාවැකි පළ කරන්නෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සඳහන් නොවන අතර අප ඉන්දීය කණ්ඩායම ද, තහවුරු කරනු ලැබුවේ,එනමින් අනාවැකි පළ කරන්නෙකු පිළිබඳ හෝ සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වූ සටහනේ දැක්වෙන ප්‍රකාශයක් සිදු කළ බවට වාර්තා නොවන බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකාව 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය කරන බවට ඉන්දියානු රිෂිවරයෙකුගේ අනාවැකියක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News