දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා මුළු ලෝකයම අඳුරේ බවට NASA ආයතනයෙන් ප්‍රකාශයක්? 

Update: 2022-11-25 17:58 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලෝකප්‍රකට NASA ආයනතනය සහ එහි සිටින ප්‍රධාන පුද්ගලයන්ගේ නම් භාවිත කරමින්, ජනතාව නොමග යවන සුළු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“දවස් 6 ලොකේම අඳුරේ" යන තේමාවෙන් හුවමාරු වී තිබු එම සටහනේ පහත පරිදි විස්තරයක් දක්වා තිබුණා.

"ලබන දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා අභ්‍යන්තරයේ ඇතිවන සූර්ය කුණාටුවක් ඇතිවන බවත් එහිදි නිකුත් වන දුහිවිලි හා අභ්‍යවකාශ අපද්‍රව්‍ය හේතුවෙන් පෘථිවියට වැටෙන හිරු එළිය 90%ක්ම කපා හැරෙනු ඇතැයි නාසා ආයතනය පවසයි. මේ පිළිබඳ තව දුරටත් අදහස් දැක්වූ නාසා ආයතනයේ ප්‍රධානි චාල්ස් බොල්ඩන් මහතා ප්‍රකාශ කළේ, වසර 250කට පසුව එන විශාලම සූර්ය කුණාටුව මෙය බවත් ඇතිවන අන්ධකාරයට අමතරව වෙනත් කිසිදු බලපෑමක් ඇති නොවන බවත්ය. මෙය කලබල හො බියවිය යුතු තත්ත්වයක් නොවන බව හෙතම අවධාරණය කළේය. යාලුවන්ටත් දැන ගන්න ෂෙයාර් කරන්න. ” යනුවෙන් සඳහන් කරමින් පණිවිඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

WhatsApp ඔස්සේ මෙම පණිවිඩය බහුලව හුවමාර වී තිබුණේ මේ අයුරින්.

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන හුවමාරු වූයේ මෙලෙසින්.

Facebook | Archived Link FB

මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරත්, එවැනි තොරතුරක් වාර්තා වී ඇති බවක් දැක ගන්නට නොලැබුණි.

අනතුරුව, NASA ආයතනය විසින් ලබන දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා අභ්‍යන්තරයේ ඇතිවන සූර්ය කුණාටුවක් හේතුවෙන අන්ධකාරයේ පවතින බවට සඳහන් කර තිබුණා ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කර බැලුවා.

එහිදී අපට දැක ගන්නට ලැබුණේ, ඉහත සටහනේ නාසා ආයතනයේ ප්‍රධානී ලෙස චාල්ස් බෝල්ඩන් ලෙස සඳහන් කර තිබුණත්, ඔහු 2017 ජනවාරි මාසයේදී ඉල්ලා අස් වී ඇති අතර නාසා වෙබ් අඩවියට අනුව ඔහු තවදුරටත් නාසා පරිපාලක නොවන බවයි. Sen. Bill Nelson වත්මන් නාසා පරිපාලක වන අතර 2021 මැයි 03 වනදා ඔහු දිවුරුම් දී ඇත්තේ, 14 වන නාසා පරිපාලක ලෙසිනි.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම පණිවිඩය, මීට වසර 10කටත් පෙර, එනම 2012 වසරේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන තෙක් ම හුවමාරු වෙන බවත් එය ව්‍යාජ සහ අසත්‍ක්ය බවටත් නාසා වෙබ් අඩවිය

NASA වෙබ් අඩවිය මගින් පැණ හා පිළිතුරු (Q & A) කොටසේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ, "නාසා හෝ වෙනත් කිසිදු විද්‍යාත්මක සංවිධානයක් එවැනි අන්ධකාරයක් පිළිබඳ පුරෝකථනය කර නොමැති බවයි. එය අසත්‍ය බවයි.

nasa.gov | Archived Link

"WikiLeaks Alien Interview - Death Does Not Exist" (විකිලීක්ස් පිටසක්වල සම්මුඛ සාකච්ඡාව - මරණය නොපවතියි) වැනි අසත්‍ය කථා කලින් කරුණු උපුටා ගත් වෙබ් අඩවියක් වන Daily Buzz Live විසින් 2020 වසරේ නොවැම්බර් 30 වන දා යූටියුබ් වෙත එක් කළ අසත්‍ය වීඩියෝවක් හේතුවෙන් මෙවැනි අසත්‍ය සටහන් නිර්මාණය වී තිබු බව අනුමාන කිරීමට පුළුවන්.

මේ පිළිබඳ ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායම් සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලබන දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා පෘථිවියට වැටෙන හිරු එළිය 90%ක්ම කපා හැරෙනු බැවින් ලොව අන්ධකාරයේ පවතී යානුවෙන් නාසා ආයතනය විසින් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වසර ගණනාවක් පුරා හුවමාරු වන්නේ ව්‍යාජ සහ අසත්‍ය සටහන් පෙළක් බව නාසා ආයතනය විසින් ම තහවුරු කර ඇති බවයි.

Also Read : FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා ලෝකේම අඳුරේ බවට Nasa ආයතනයෙන් ප්‍රකාශයක්?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News