ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම සදහා රාජාලියාගේ ජිවන චක්‍රය සම්බන්ධ මිත්‍යා මත යොදා ගැනීමක්!!

Update: 2022-12-13 11:15 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ධනාත්මක චින්තනය පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්.ලංකාව තුළද ධනාත්මක චින්තනය පිලිබදව දේශනා මගින් කරුණු පැහැදිලි කරන අය ,මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කරුණු පැහැදිලි කරන අය බොහෝ සිටිනවා.මේ අය ධනාත්මක චින්තනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමට,කලකිරුණු ජිවිත සහිත අයට ජීවත්වීම සදහා උත්ප්‍රේරණයක් ඇති කිරීමට විවිධ උදාහරණ යොදා ගන්නවා.මෙම ඇතැම් උදාහරණ අසත්‍ය සහ නොමග යවන සුලුයි.මේ රාජාලියාගේ ජීවිතය සම්බන්ධව සමාජ ජාලාවල පැතිරෙන නොමගයවන සුලු සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

රාජාලියා වයස අවුරුදු 70 ක් දක්වා ජීවත්වන බවත්, වයස් අවුරුදු 40 දී බොහෝ සෙයින් කායිකව දුර්වල වන රාජාලියා කදු මුදුනකට ගොස් හොට,නියපොතු සහ පිහාටු ගලවා දමා අලුත් ශරීර අවයව විකසිත වන තෙක් මාස කිහිපයක් නිරාහාරව සිට අලුතින් හොට,නියපොතු සහ පිහාටු ලැබුණු පසු නව ජවයකින් ජීවිතය පටන් ගෙන ජීවිතයේ ඉතිරි කොටස ගෙවා දමන බවත් සදහන් සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත අයුරින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් වල පැතිර පැවතියේ පහත ආකාරයෙන්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

මෙම සමාජ ජාලා සටහන් සදහා යොදාගෙන තිබෙන්නේ Bald Eagle(තට්ට රාජාලියා ) ලෙස හැදින්වෙන රාජාලි ප්‍රබේදයයි .ඇමරිකාවේ ජාතික පක්ෂියා ලෙස සැලකෙන්නේද මෙම රාජාලියන් .

අප මුලින්ම Bald Eagle රාජාලියන් පිලිබදව සොයා බැලුවා.

තට්ට රාජාලියා (Haliaeetus leucocephalus) යනු උතුරු ඇමරිකාවට පමණක් ආවේණික වූ එකම රාජාලි ප්‍රබේදය වේ. තට්ට රාජාලියා යනු මුහුදු ආශ්‍රිතව විශාල වශයෙන් දක්නට ලැබෙන අතර ඔවුන් සාමාන්‍යයෙන් ගංගා සහ විශාල විල් ඔස්සේ රට අභ්‍යන්තරයේ ද දැකගන්නට පුළුවන්. තට්ට රාජාලියන් පිලිබදව වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

තට්ට රාජාලියන් පිලිබදව වන කෙටි වීඩියෝවක් පහතින්.

https://youtu.be/2SoTPB_ISvs

තට්ට රාජාලියන් පිලිබදව දුර්ලබ කරුණු සදහන් වීඩියෝවක් මෙතනින්.

තට්ට රාජාලියන්ගේ ආයු අපේක්ෂාව

ස්වාභාවික පරිසරයේ වනගතව ජීවත්වන තට්ට රාජාලියන්ගේ දළ ආයු අපේක්ෂාව වසර 20-30 ක් පමණ වෙනවා.නමුත් සංරක්ෂණ ක්‍රියාමාර්ග නිසා ඔවුන් ජීවත්වන කාලය වැඩිව තිබෙනවා. කෙසේ නමුත් දැනට ඇති දත්ත වලට අනුව ස්වාභාවික පරිසරයේ වැඩිම කාලයක් ජීවත්ව ඇති තට්ට රාජාලියාගේ වයස අවුරුදු 38 ක් පමණ වේ.කෙසේ නමුත් මිනිස් රැකවරණය යටතේ වැඩෙන තට්ට රාජාලින් මීට වඩා වැඩි කාලයක් ජීවත්විය හැකියි. කෙසේ වෙතත් වසර 70 ක් ජීවත්වූ තට්ට රාජාලියෙක් සම්බන්ධව මෙතෙක් වාර්තාවී නැහැ.මේ පිලිබදව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. Archived & Archived

කෙසේ නමුත් රාජාලියන් විසින් තමන්ගේ හොට,නියපොතු සහ පිහාටු ගලවා දමා අලුත් අවයව වැඩෙන තෙක් මාස ගණනක් නිරාහාරව බලා සිටීමක් හා සම්බන්ධව කිසිදු පිළිගත හැකි විද්‍යාත්මක හෝ පර්යේෂණාත්මක සාක්ෂියක් සොයා ගැනීමට අපට හැකිවුවේ නැහැ.

රාජාලියන් පිලිබදව වන විද්වතුන්ගේ අදහස්

ප්‍රංශ පුවත් සේවය ට අදහස් දක්වමින් පක්ෂීන් පිලිබදව වන විද්වතුන් පවසා තිබුණේ ලොව පුරා සමාජ ජාලා හරහා රාජාලින් පිලිබදව පැතිරෙන මෙම තොරතුරු නොමගයවන සුලු ඒවා වන බවයි.

Todd Katzner “ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා අධිකාරියේ ජිව විද්‍යාව සහ වන සතුන් පිළිබද පර්යේෂක .”

“කුරුල්ලන්ගේ හොට විනාශ වුවහොත් එය සම්පුර්ණ වැඩිමක් නැවත සිදුවන්නේ නැහැ .එවිට එම කුරුල්ලට සිදු වන්නේ ආහාර ගැනීමකින් තොරව මිය යාමටයි. නියපොතු සම්බන්ධ තත්ත්වයක් එසේමයි. නියපොතු සම්පුර්ණ ඉවත්කර ගතහොත් ඒවා සම්පුර්ණයෙන්ම නැවත වර්ධනය වන්නේ නැහැ.යම් සුලු කැඩී බිදී යාමකදී සකස්විය හැකි එවුවත් ,සම්පුර්ණ බිද වැටීමකදී ඒවා නැවත සැකසෙන්නේ නැහැ .”

Heather Huson සත්ව විද්‍යා මහාචාර්ය

රාජාලියන් සම්බන්ධ මෙම කතාව සත්‍ය බවට සදහන් කල හැකි දෙයක් මම මෙතෙක් අසා නැහැ.මේ ආකාරයට රාජාලියන්ගේ හොටේ පුනර්වර්ජනයක් සිදුවන්නේ හෝ ඔවුන් හොට කඩා දමන්නේ නැහැ.හොට සහ නියපොතු පක්ෂියෙකුට ජීවත්වීම සදහා අත්‍යවශය දේවල් .

ඔවුන් දැක්වූ අදහස් සම්බන්ධ වැඩිදුර තොරතුරු ප්‍රංශ පුවත් සේවයේ වෙබ් අඩවියේ පළවූ මෙම ලිපියෙන් .Archived

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් පලකල ශ්‍රී ලංකාවේ කුරුල්ලන් පිලිබදව පර්යේෂකයෙක් වන හිමේස් ජයසිංහ ද සදහන් කලේ රාජාලියන් සම්බන්ධයෙන් පැතිරෙන මෙම මතවාද සම්පුර්ණයෙන් අසත්‍ය බවයි.

එමෙන්ම කුරුල්ලන්ගේ හොට සම්පුර්ණ අහිමිවුවහොත් එය සම්පුර්ණ නැවත වැඩිමක් සිදු නොවන බව මෙන්ම මෙම සමාජ ජාලා වල සදහන් ආකාරයට මාස ගණනක් නිරාහාරව සිටීමේ හැකියාවක් පක්ෂීන්ට නොමැති බවයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරුවූ කාරණය වන්නේ රාජාලියන් සම්බන්ධව මෙන්ම ඔවුන් ගේ සිරුරේ අවයව පුනර්වර්ධනය කර ගැනීමත් සම්බන්ධයෙන් සමාජ ජාලාවල පළවන සටහන් නොමගයවන සුලු ඒවා මෙන්ම අසත්‍ය වන බවයි.දෙස් විදෙස් කුරුළු ගවේෂකයන් මෙන්ම විද්වතුන්ද මෙම සමාජ ජාලා සටහන්වල ඇති කරුණු අසත්‍ය බව සලකා ප්‍රතික්ෂේප කරනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම සදහා රාජාලියාගේ ජිවන චක්‍රය සම්බන්ධ මිත්‍යා මත යොදා ගැනීමක්!!

Fack Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News