“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සමාජ ජාලා හරහා හුවමාරුවන නොමගයවන සුලු සටහන්!

Update: 2022-12-14 12:54 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Update : 26/05/2024

මේ අතර සමරකෝන් පුජා භාණ්ඩ නමින් පළකර තිබූ තවත් සමාජ ජාලා සටහනක දැක්වුණේ තිස්ස ජනනායක ,දිනේෂ් මුතුගල ,අකිල විමංග යන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරුන් “උපකාරක ගුරු ධර්ම දේශනා” ලෙස සමරකෝන් පුජා භාණ්ඩ විසින් සංවිධානය කරන ධර්ම දේශනා මාලාවකට සහභාගිවන බවක් සහ පැයක දේශනාවක් සදහා නිවසකට ,පන්සලකට හෝ වෙනත් ස්ථානයකට පැමිණීමට රුපියල් 125 ,000 ක මුදලක් අය කරන බවයි.

FB | Archived

නමුත් , අප සිදුකල විමසුමේදී මෙම උපකාරක පන්ති ගුරුවරු තිදෙනාම පැවසුවේ තමන් මෙවන් වැඩසටහනකට සම්බන්ධ නොමැති බව සහ මෙම සමාජ ජාලා සටහනේ ඇති කරුණු සම්පුර්ණ සාවද්‍ය බවයි.

********************************************************************

Update: 12-03-2023

සමරකෝන් පුජා භාණ්ඩ නිෂ්පාදකයෝ යන නමින් තවත් නොමගයවන සුලු සහ ව්‍යාජ සටහනක් පළව තිබු අතර එම සටහන වට්සැප් ඔස්සේ ද බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

සමරකෝන් පුජා භාණ්ඩ ෆේස්බුක් පිටුව උපහාසාත්මක පෝස්ට් පලකරන පිටුවක් බව එම ෆේස්බුක් පිටුව නිරන්තරව පරිශීලනය කරන පිරිස් දැනුවත්ව සිටිය හැකි වුවත්, එම පිටුවේ පළවන කොටස් උකහා ගනිමින් ඒවා වට්ස්ඇප් වැනි සමාජ ජාලා තුළත් නොමගයවන සුලු ආකාරයෙන් බොහෝ සෙයින් පැතිර යන අවස්ථා ද ඉහත පරිදි දැක ගන්නට ලැබෙන අතර, බොහෝ දුරට මෙම සටහන් හුවමාරු කරගන්නා පිරිස් මේ පිලිබඳ වැඩිදුර කරුණු සොයා බලන්නේ නැති බැවින් නොමඟ යාමේ වැඩි අවස්ථාවක් පවතිනවා. ෆේස්බුක් ඔස්සේ ද මෙහි සත්‍යතාවය ඇතැමුන් විමසා තිබුනේ මෙලෙසින්

මේ සම්බන්ධව අප සමග අදහස් පළ කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පවසා සිටියේ ඉහත සමාජ ජාලා සටහනේ දැක්වෙන ආකාරයට ස්වාමින් වහන්සේලා සඳහා ගුවන් යානා තුළ දාන පැකේජ ලබාදීමේ කිසිදු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකන් එයාර්ලයින් විසින් ක්‍රියාත්මක කර නොමැති බවයි. මීට දින කිහිපයකට පෙර ස්වාමින් වහන්සේලා සදහා ගුවන් යානයක් තුලදී පිළිගැන්වූ දානයකට ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය මගින් යම් ශ්‍රම දායකත්වයක් ලබාදීම නිසා මෙවැනි නොමගයවන සුලු සමාජ ජාලා සටහන් පැතිරෙන බවත් ඔහු පවසා සිටියා.

ස්වාමීන් වහන්සේලා සදහා ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ දන් පිළිගැන්වීමේ අවස්ථාවක් මීට දින කිහිපයකට පෙර සිදුව තිබුණු අතර එහි සේයාරූ සමග සටහනක් පහතින්.

Full View

Update :

පහුගිය දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වූ ශ්‍රී දළදා මාලිගාව තුලට ළමා රැඳවුමයක් රැගෙන යාමට අවසර නොදීමේ පුවත ඔබට මතකද?

ඉන් ජනතාවට සිදුවන පිඩාව හඳුනාගත් "සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ" වන අප ශ්‍රී දළදා මාලිගාවේ වගකිවයුතු නිළධාරීන් සහ ත්‍රයිනිකායික නාහිමිවරුන් සහ අන්‍යාගමික නායකයින් සමග සාකච්චා කොට විසඳුමක් ලබාදීමට කල්පනා කළෙමු.

එම සාකච්චා වල අවසන් ප්‍රතිඵලය ලෙස ඔබගේ අලුත උපන් කිරිකැටියා ආරක්ෂිතව පූජණීය ස්ථාන වලට රැගෙන යාමට නොහැකිව තැවුණ කාලය අවසන් කරමින් ත්‍රයිනිකායක නාහිමිවරුන් සහ අනෙකුත් ආගමික නායකයින්ගේ අනුමැතිය ලත්

"ගෞරවාර්භ ළමා රැඳවුම්" සතුටෙන් හඳුන්වාදීමට කැමැත්තෙමු.

යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

ශ්‍රී දළදා මාලිගාව තුලට ළමා රඳවනයක්(Baby Carrier) රැගෙන යාමට අවසර නොදීම පිළිබඳ “සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ” යනුවෙන් හඳුන්වන මනංකල්පිත ආයතනය ශ්‍රී දළදා මාලිගාවේ වගකිවයුතු නිළධාරීන් සහ ත්‍රයිනිකායික නාහිමිවරුන් සහ අන්‍යාගමික නායකයින් සමග සාකච්චා කොට විසඳුමක් ලබා දුන් බව ටත්, ඒ රුපියල් - 173,900 ක් මුදලට ‘ගෞරවාර්භ ළමා රැඳවුම්’ යන නාමයෙන් රැඳවුමක් විකුණන බවට දක්වා උපාහාසාත්මක කෝණයෙන් සටහනක් පළ කර තිබුණා.

මේ පිළිබඳ දළදා මාලිගාව මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය අප දැනුවත් කළ අතර ඔවුන් සඳහන් කළේ, එම සටහනේ දැක්වෙන තොරතුරු අසත්‍ය බවයි. ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය තුළ දරුවන් රඳවනය පැළදසිටීමේ තහනමක් නොමැති බව ත්, දළදා හාමුදුරුවන් වැඩසිටින ඉහළ මාලයේදී පමණක් ආරක්ෂා හේතුන් මත මෙන් ම දළදා වහන්සේට ගෞරවය දැක්වීම යන හේතුන් මත ඉහළ මාලයේදී පමණක් ළමුන් රඳවනය භාවිත නොකරන ලෙස පාලන අධිකාරිය විසින් පවසා ඇති බව ත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

මෙම උපහාසාත්මක සටහන් නිර්මාණය වීමට හේතු වූයේ දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළත් වීමේදී එහි පොලිස් මුරපොළෙන් ළමා රඳවනය ඉවත් කරන ලෙස පැවසූ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් විසින් එකතු කළ ෆේස්බුක් සටහනකි. එම සටහන මෙතනින්. Archived Link

ඒ සඳහා දළදා මාලිගාවේ මාධ්‍ය අංශය විසින් ලබා තිබූ ප්‍රතිචාරය පහතින්.

මෙය සත්‍ය වශයෙන්ම පවතින ව්‍යාපාරයක් ලෙසට ෆේස්බුක් ඔස්සේ ඔවුන් හඳුන්වා දී තිබෙනවා. මෙවැනි ෆේස්බුක් පිටු බොහෝ අවස්ථාවන් වලදී "විනෝදාස්වාදය" (Entertainment)සඳහා නිර්මාණය කර ඇති පිටු ලෙස පළ කිරීමට හැකියාව පවතින අතර මෙහිදී මොවුන් “ප්‍රජා සංවිධානය” ක් (Community Organization) ලෙස එම පිටුව හඳුන්වා දීම තුළින් මෙම නොමග යෑම සිදු වී තිබෙනවා.

සියලු ආගම් මූලික කරගනිමින් හා මිත්‍යා දෘෂ්ඨිකයන් වෙත උපහාසාත්මක කෝණයෙන් ආමන්ත්‍රණය කිරීමට මෙවැනි ෆේස්බුක් පිටු නිර්මාණය කළ ද, මෙම සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය බවට වටහා ගැනීම හේතුවෙන් ඇතැම් පාර්ශවයන් නොමග ගොස් තිබුණා.

‘Meta’ ආයතනය විසින් මෙලෙස ජනතා නොමග යෑම් සිදුවීම හේතුවෙන් උපහාසාත්මක කෝණයෙන් පළ කෙරෙන සටහන් ඇතුළත් ෆේස්බුක් පිටු සඳහා ලේබල් ක්‍රමක්‍රමයක් ආරම්භ කළ අතර, මේ හේතුවෙන් ෆේස්බුක් පරිශිලකයින් වෙත ළඟා වෙත තොරතුරු පැමිණෙන්නේ උපාහාසාත්මක කෝණයෙන් පළ වන පිටු වලින් බවට ඔවුන් දැනුවත් කිරීම එහි අරමුණ බවට පවසා තිබුණේ මෙලෙසින්.

https://twitter.com/MetaNewsroom/status/1379887135998763014

මීට පෙර ද 'සමරකෝන් පුජා භාණ්ඩ' නමින් හුවමාරු වූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

තමන් කැමති විශ්වාසයක් , අන් අයට හානියක් නොවන ආකාරයට ඇදහීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය මගින් පවා තහවුරු කර ඇති මානව හිමිකම් වලින් එකක්. ඒ අනුව අන් අයට හානියක් නොවන පරිදි තමන් කැමැති ආගමක් /දර්ශනයක් ඇදහීමේ අයිතිය සියලු දෙනා සතුයි. නමුත් මෙම අයිතියට අභියෝග කරමින් ආගම් සහ දර්ශනවලට අපහාස කරන අවස්ථා සමාජ ජාලාවල බහුලව දැකගත හැකියි. මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරයන එවැනි අපහාසාත්මක /උපහාසාත්මක සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන්

“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සැකසු ෆේස්බුක් පිටුවක් මගින් විවිධ ආගමික කොටසක් ඉලක්කකරගනිමින් නොමගයවන සුලු ,උපහාසාත්මක සහ විටෙක අපහාසාත්මක සමාජ ජාලා සටහන් පළව තිබුණේ පහත අයුරින්.

මේ බෞද්ධ විශ්වාස ඉලක්කකරගනිමින් පලකොට තිබු ෆේස්බුක් සටහනක්.

Facebook | Archived

මේ කතෝලික ආගම ඉලක්කගතකර ගනිමින් පළකර තිබු ෆේස්බුක් සටහනක්

Facebook| Archived

මේ ඉස්ලාම් ආගම ඉලක්කගතකර තිබු අයුරුයි.

Facebook | Archived

මෙම සටහන් ෆේස්බුක් වල පළවීමෙන් අනතුරුව ට්විටර් වලද හුවමාරුව තිබුණු ආකාරයක් දක්නට ලැබුණා. මේ එවන් සටහන් කිහිපයක් සහ ඒවාට ලැබී තිබුණු ප්‍රතිචාර වල ස්වභාවයයි. Tweet | Archived

Twitter | Archived

මෙම ෆේස්බුක් පොස්ටුවල පවතින සමරකෝන් පුජා භාණ්ඩ ලෙස නම සදහන් සැබෑ ආයතනයක් පවතී ද යන්න පිළිබඳව විමාසා බලන ලෙසත් අපට ඉල්ලීම් කිහිපයක් ම ලැබී තිබුනේ මෙලෙසින්.

තවත් විමසීමක් මෙලෙසින්

එසේම මෙම ඡායාරුප බාගත කොට වෙනත් ෆේස්බුක් පිටු මෙන්ම WhatsApp වැනි මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වන බවක් ද අපට නිරීක්ෂණය වුණා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම “ සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන් .” ලෙස සදහන් සැබෑ ආයතනයක් පවතිනවාද යන්න සොයා බැලුවා.

ෆේස්බුක් පොස්ටුවල දක්නට ලැබෙන දුරකතන අංකය පිලිබදව අප සොයා බැලු අතර , එහිදී අපට දක්නට ලැබුණේ එම දුරකථන අංකය භාවිතයේ නොමැති අතර එම අංකය මඟින් කිසිවෙකු හා සම්බන්ධ විය නොහැකි බවයි.

එම ෆේස්බුක් පිටුවේ සදහන්ව ඇත්තේ මෙම වෙළෙද ආයතනය ඇත්තේ මහනුවර බවයි. කෙසේ වෙතත් නුවර වෙසෙන කිහිප දෙනෙකුගේද සහාය ඇතිව එවන් ආයතනයක් මහනුවර පිහිටා ඇතිද යන්න සොයා බැලු අපට දක්නට ලැබුණේ එවන් වෙළෙදසලක් නුවර හෝ තදාසන්න ප්‍රදේශයේ නොමැති බවයි.

එමෙන්ම අදාල ෆේස්බුක් පිටුව මගින් පලකළ සමහර සටහන්වල තිබූ වෙබ් අඩවිය පිලිබදව අප විමසා බැලු අතර එහිදීද දක්නට ලැබුණේ එම වෙබ් අඩවිය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවයි. අඩුම තරමින් එම දැන්වීම් හි සඳහන් domain එක අප මෙම ලිපිය පළකරන මොහොත වන තෙක් කිසිවකු විසින් හෝ වෙන් කර ගැනීමක් හෝ සිදුකර නොමැත. ඒ පිලිබඳ සාක්ෂි මෙතනින් Archived එනම් අන්තර්ජාලය හරහා විකුණුම් කරන වෙබ් අඩවියක් හෝ නොමැති බව පැහැදිලිය.

තවද සමරකෝන් පූජා භාණ්ඩ පිළිබඳව අප Google Trends ඔස්සේ ද පරික්ෂා කළ අතර එහිදී ද මේ ආකාරයේ ව්‍යාපාරයක් පිලිබඳව කිසිඳු හෝ සඳහනක් දැකගන්නට ලැබුනේ නැත.

මෙවන් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ වෙළෙද ආයතනයක් ලෙස ලියාපදිංචිවී ඇතිද යන කාරණයක් අප සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ මෙම නම ඇති ආයතනයක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිවී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් ඔබටත් විමසා බැලිය හැකියි සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව හරහා මෙතනින්. එසේම අප ලිපිය පළකිරීමෙන් මෙම ව්‍යාපාරය අයත් යැයි කියන අයෙකු ඊමේල් හරහා සම්බන්ධ වූ අතර එම ව්‍යාපාරයට අයත් යයි කියන ලිපිනය හෝ කිසිඳු හෝ ප්‍රාදේශීය වශයෙන් ව්‍යාපාරයේ ලියාපදිංචි විස්තරයක් ලබා දීමට සමත් වුයේ ද නැත.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

"සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ” ලෙස ආයතනයක් සැබැවින්ම පවතින බවට සාක්ෂියක් නොමැති අතර , එම නම යොදාගෙන, ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති දුරකතන අංක සහ වෙබ් අඩවිවල නම් භාවිතා කරමින් විවිධ ආගම් අපහාසයට /උපහාසයට ලක්කරන සමාජ ජාලා සටහන් පලකරන බවක් දක්නට ලැබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සමාජ ජාලා හරහා හුවමාරුවන නොමගයවන සුලු සටහන්!!

Fact Check By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News