සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

Update: 2022-12-19 13:58 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

තෑගි දිනාගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. බොහෝ දෙනා සතුව පවතින මෙම උනන්දුව නිසා විවිධ වංචනික ක්‍රියාකරන පුද්ගලයින් සමාජ ජාලා හරහා ව්‍යාජ සහ නොමගයවන සුලු පණිවිඩ, වෙබ් අඩවි ලින්ක් ආදිය හුවමාරු කරනවා. මෙවර සීතල නත්තලේදී නොමිලේ ත්‍යාග දිනාගත හැකි බවට පවසමින් හුවමාරුවන ව්‍යාජ සමාජ ජාලා පණිවිඩ පිලිබදව අප විසින් සිදු කරන දැනුවත් කිරීමක් මෙලෙසින්.

සමාජ ජාලා සටහන්

මැලිබන් බිස්කට් නොමිලේ ලබා ගැනීමට නත්තල මූලික කර ගනිමින් තරඟ පවත්නා බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වූයේ මෙලෙසින්

සීතල නත්තලට 50 GB දක්වා Data දිනාගත හැකි බවට පවසමින් සමාජ ජාලා සටහන් පසුගිය දින කිහිපයක් තිස්සේ පැතිර තිබුණේ "සීතල නත්තලේ 50GB දක්වා නොමිලේ Data දිනාගැනීමට මෙන්න ඔබට සුපිරි අවස්ථාවක්.ඉක්මන් කර මෙම දීමනාව ලබාගන්න._(මෙම දීමනාව මෙම මස අවසන් වන තුරු පමණි.)_" යන තේමාවෙන්. ඒ සමඟ ලබා දී සබැඳිය වුයේ https://bit.ly/3FWFrQi

මෙම පණිවුඩය ලංකාව තුළ බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබු ආකාරය එක් සටහනකින් දක්වා තිබු අයුරු පහතින්.

Facebook | Archived

ඒ පිලිබදව විවිධ අදහස් ෆේස්බුක් වල පැතිර තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් මෙම සටහන් බහුලවම පැතිර තිබුණේ වට්ස්ඇප් හරහායි. එවැනි සටහනක් පහතින්.

මීට අමතරව වට්ස්ඇප් සමාජ ජාලය හරහා මේ දිනවල නත්තල වෙනුවෙන් නොමිලේ කැඩ්බරි චොකලට්ස් ලබාදෙන බවට වන සටහන්ද පැතිරෙනවා.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මෙම වෙබ් ලින්ක්ස් පරික්ෂා කරන අවස්ථාව වන විට මේවා හා සබැදිව තිබූ වෙබ් අඩවි ක්‍රියා විරහිත තත්ත්වයේයි පැවතුනේ. කෙසේ වෙතත් මේ ආකාරයේ Free Data ,Free Gifts ලබාදෙන බවට සමාජ ජාලා හරහා පැතිරෙන සටහන් බොහෝ අවස්ථාවලදී නොමගයවන සුලු සහ වැරදි සහගතයි. විශේෂයෙන්ම මෙම සටහනේ දක්වා තිබු පරිදි මෙවැනි ව්‍යාජ සටහන් හඳුනාගැනීමේ එක් ක්‍රමයක් වන්නේ ඔවුන් බොහෝ විට url shortner වැනි ක්‍රම හෝ සාමාන්‍යයෙන් පිළිගත නොහැකි වෙබ් අඩවි සබැඳි යොදා ගැනීමයි.

මෙම සබැඳිය පිළිබඳව කරුණු දක්වමින් පළවූ වීඩියෝවක් පහතින්.

https://youtu.be/zn27YdTO3AE

මෙවැනි සටහන් පැතිරවීම මගින් එම සබැඳිවලට පිවිස ඔබගේ වටිනා දත්ත ලබාදීම මඟින් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපින /Email Addreses , දුරකතන අංක ආදිය පිලිබදව තොරතුරු ලබාගෙන ඒවා Digital Marketing වැනි ප්‍රවර්ධන සිදුකරන ආයතන ආදියට විකිණීම සිදුවිය හැකි අතර ඊටත් වඩා භයානක දේ ද සිදුවිය හැකියි.

එසේම ඇතැම් වෙබ් අඩවිවලට ඇතුළුවන පරිශීලකයන් වැඩි කර ගැනීම මගින් මුදල් උපයාගැනීම(Click Baits) ආදී කටයුතුත් මේ මේ හරහා සිදුවෙනවා.

මෙහි ඇති වඩාත්ම බරපතල තත්ත්වය නම් මෙම ලින්ක්ස් හරහා විවිධ වෙබ් අඩවිවලට ඇතුල්වීමේදී පරිගණක වෛරස වලට නිරාවරණය වීම ඔස්සේ, ඔබගේ උපාංග සතු දත්ත දත්ත සොරා ගැනීම ආදියද සිදුවීමට ඇති හැකියාවයි.

මේ නිසා කලයුතු වඩාත්ම සුදුසුම දෙය නම් නොදන්නා ලින්ක්ස් හරහා තෑගි ලබාදෙන බවට පවසන විවිධ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැලකි සිටීමයි.

මෙම තෑගි ලබාදෙන බවට පවසන පණිවිඩ බහුලව හුවමාරු වන්නේ , සිංහල අවුරුදු, නත්තල් ආදී උත්සව සමයන් ඉලක්ක කරගනිමින් වන අතර සමහර අවස්ථාවලදී ප්‍රසිද්ධ සමාගම් වල සංවත්සර ඉලක්කගතකරගනිමින් ද මෙවැනි දේ පැතිරෙනවා.

කිසියම් ප්‍රසිද්ධ සමාගමක් හෝ ආයතනයක් මගින් තෑගි ආදිය ලබදෙනවානම් ඒ සම්බන්ධයෙන් ඔවුන් ජනතාව දැනුවත් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා හෝ නිල සමාජ ජාලා පිටු හරහා පමණක් වන අතර ව්‍යාජ සමාජ ජාලා පිටු, ව්‍යාජ වෙබ් අඩවි හරහා සිදුවන්නේ විවිධ කූට අරමුණු වෙනුවෙන් ඔබගේ තොරතුරු ලබාගැනීමයි.

තෑගි ලබාදෙන බවට පවසා ජනතාව නොමග යැවීම්වලට ලක්කළ විවිධ සමාජ ජාලා පණිවිඩ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ FactCrescendo ආයතනය මගින් සිදුකරන ලද කරුණු විමසා බැලීම් කිහිපයක් පහතින්.

හොන්ඩා ආයතනය මගින් සාංවත්සරික දිනුම් ඇදීමකින් හොන්ඩා සිවික් රථ 10ක් නොමිලේ දෙන බවට ව්‍යාජ පුවතක්!

ඇපල් ජංගම දුරකතන ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් ව්‍යාජ සටහන් පෙළක්

හොන්ඩා ආයතනය මගින් DIO BIKE 100ක් නොමිලේ පිරිනැමීමට තීරනය කර ඇති බව පැවසෙන ව්‍යාජ පුවතක්!

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

සීතල නත්තලට 50GB දක්වා දත්ත දිනාගත හැකි බවට පවසමින් හුවමාරුවන සමාජ ජාලා පණිවිඩය සත්‍ය පණිවුඩයක් නොවේ. සමාජ ජාලා පරිශීලකයන් රැවටීම සදහා සකසන ලද නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයකි. මෙවන් පණිවිඩ උත්සව සමයන් ආශ්‍රිතව බහුලව හුවමාරුවන අතර අදාළ ආයතනවල නිල වෙබ් අඩවි හෝ නිල සමාජ ජාලා අඩවි මගින් පළ නොකර මේ ආකාරයේ කිසිදු වගකීමකින් තොරව , තෑගි ලබාදෙන බවට පවසමින් සමාජ ජාලා හරහා පළවන ලින්ක්ස් ක්ලික් නොකිරීම වඩාත් ආරක්‍ෂිත පියවරයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

Written By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News