පොලිස් අත්අඩංගුවට පත් ඇන්ඩෘ ටේට් (Andrew Tate) පැය 24ක් යෑමට පෙර නිදහස් කළා ද?

Update: 2023-01-02 11:33 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

රුමේනියා පොලිස් අත්අඩංගුවට පත් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර වශයෙන් ම,මෑතක දී ඉමහත් ප්‍රසිද්ධයට පත්ව සිටින පුද්ගලයෙකු වන ඇන්ඩෘ ටේට් ට, පැය 24ක් යනන්ටත් මත්තෙන් නිදහස ලැබුණු බවට මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පැය 24කටත් පෙර ඇන්ඩෘ නිදහස්..

නිදහස ලබා පළ කළ පළමු ට්විටර් පණිවිඩය පැයක් ගත වෙද්දි මිලියන 7ක් මිනිස්සු බලලා..යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ, Andrew Tate නිදහස් වූ බවට දක්වමින්.

Facebook | Archived Link

එම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ ඔහු නිදහස් වූ බවට මෙම සටහන හේතුවෙන් බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සිව් වතාවක් ලෝක කික්බොක්සිං ශූරතාව දිනාගත්, පසුගිය මාස 12 තුළ කාන්තාවන් සහ මුදල් පිළිබඳ ආන්දෝලනාත්මක අදහස් ප්‍රකාශ කරමින් වඩාත් ජනප්‍රියත්වයට පත් බ්‍රිතාන්‍ය-ඇමරිකානු ජාතික 36 හැවිරිදි ඇන්ඩෘ ටේට්, රොමේනියාවේදී එරට පොලිසිය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 29)අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ 34 හැවිරිදි ඔහුගේ සොහොයුරා වන ට්‍රිස්ටන් ද ඇතුළුව තවත් රුමේනියා ජාතිකයන් දෙදෙනෙකු ද සමගින්.

සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන ටේට්, මිනිස් ජාවාරම (අසභ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීමට බල කිරීමෙන් කාන්තාවන් බඳවා ගැනීම), දූෂණය සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිහිටුවීම සම්බන්ධයෙන් සැකපිට රුමේනියාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. 

රුමේනියාවේ සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පිළිබඳ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලයේ නඩු පවරන්නන් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ විමර්ශනයේ කොටසක් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු සහ රුමේනියානුවන් දෙදෙනෙකු පැය 24 ක් රඳවාගෙන සිටින බවයි. එම ප්‍රකාශයේ ටේට් නම් කර නැති මුත් ඔහු සහ බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය ඇති ට්‍රිස්ටන් යන දෙදෙනාම රඳවා ගත් අය අතර සිටින බව රොමේනියාවේ පොලිසිය සිකුරාදා තහවුරු කළා. ඒ සම්බන්ධයෙන් පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස ටේට් නිදහස ලබා ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අප ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පරීක්ෂා කළත්, එවන් පුවතක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, රුමේනියාවේ බුකාරෙස්ට් හි අධිකරණය විසින් අත්අඩංගුවට ගත් පාර්ශව හතරම, අමතර දින 30 ක කාලයක් රඳවා ගැනීමට නියෝග කර ඇති බවයි. මේ පිළිබඳ දක්වා තිබූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

එමෙන්ම රුමේනියාවේ සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පිළිබඳ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය (DIICOT) ටේට් ඇතුළු සිව්දෙනා විමර්ශනය කරන බැවින් ඉදිරි දින 30 රුමේනියානු රැඳවුම් මධ්‍යස්ථානයක ගත කරන බවට mirror ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය දක්වා තිබුණේ මේ අයුරින්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටේට්ගේ නීතීඥයෙකු වන Eugen Vidineac පැවසුවේ විනිසුරු තීරණය සම්බන්ධයෙන් තමන් කලකිරුණු බවත් අභියාචනයක් ගොනු කර ඇති බවත්ය. ටේට් මුළු දින 30 පුරාවටම සිරගතව සිටිනවාද යන්න අභියාචනා විනිසුරුවරයෙකු විසින් තීරණය කරනු ඇති බවත්, ඒ සඳහා ඉක්මනින් තීරණයක් ගත හැකි බවත් ඔහු පවසා තිබුණා. 

ඒ අනුව පැවසිය හැක්කේ ඇන්ඩෘ ටේට් මෙතෙක් නිදහස් කොට නොමැති බවයි.

එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය සටහනට මුල් වී තිබූ ටේටගේ ට්විටර් පණිවිඩය වෙත ද, අපගේ අවධානය යොමු වූයේ, අත්අඩංගුවට ගැනීමෙන් පසු සිය නිෂ්ශබ්දතාවය බිඳ දමමින් සිකුරාදා ඔහු විසින් සිය නිල ට්විටර් ගිණුමට පණිවිඩයක් යොමු කිරීමයි. සිර මැදිරයක සිටිනවා නම් ඔහු සමාජ මාධ්‍ය භාවිත කිරීමේ හැකියාවක් තිබුණේ ද යන්නයි.

එහි සඳහන් කර තිබුණේ, "The Matrix ඔවුන්ගේ නියෝජිතයන් යවා ඇත", යන අර්ථය දැක්වෙන පණිවිඩයයි.

https://twitter.com/Cobratate/status/1608772573692854272

ජනප්‍රියත්වයට පත් The Matrix චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ වර්තමාන තත්ත්වය පිළිබඳ අදහස් දක්වා ඇති බවට මින් උපකල්පනය කළ හැක. එමෙන්ම ඔහුට නිදහස ලැබුණු බවට හඟවමින් ඔහු විසින් පළ කළ එවැනි තවත් ට්විටර් පණිවිඩ ඔහු විසින් දිගින් දිගට පළ කර ඇති බව ඔහුගේ ට්විටර් හසුරුව පරීක්ෂා කිරීමේදී පෙනියයි. 

මේ පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මොවුන් නිර්දෝෂී යන්න පිළිබඳ සමාජය ට ඒත්තු ගැන්වීමට සඳහා ඔහුගේ අනුගාමිකයන් පෙළඹවීම සඳහා ඔවුන් කටයුතු කරන බවට The Guardian වෙබ් පුවතක් පෙන්වා දුන්නේ මෙලෙසින්.

මේ හේතුවෙන් TikTok සහ Twitter හි, #freetopG සහ #tateinnocent වැනි හැෂ් ටැග් භාවිතා කරමින් ටේට්ගේ රසිකයන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි නොමැති බවට ප්‍රකාශ කරමින් ඔහු නිදහස් කළ යුතු බවට අදහස් පළ කරන බවට ද, ඔවුන් පෙන්වා දෙනු ලබයි.

The Matrix

1999 විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ මිනිසුන් හසුකර ගැනීමට සහ ඔවුන්ගේ ශක්තිය පරිභෝජනය කිරීමට භාවිතා කරන සමාකරණ යථාර්ථයක් තුළ මිනිසුන් නියෝජිතයින්ට එරෙහිව සටන් කරන අයුරු දැකගත හැකිය.

පළමු චිත්‍රපටිය අවසානයේදී, ප්‍රධාන චරිතයට රතු පෙත්තක් අතර තේරීම ලබා දෙන අතර, එය ඔහුව The Matrix වෙතින් අවදි කරනු ඇත, සහ එහි පැවැත්ම පිළිබඳ ප්‍රීතිමත් නොදැනුවත්කමට පත් කරන නිල් පෙත්තකි.

මෑත වසරවලදී, මෙම චිත්‍රපටය කුමන්ත්‍රණ න්‍යායවාදීන් සහ ටේට් වැනි ස්වයං-විලාසිත "ස්වයං-උදව්" බලපෑම් කරන්නන් විසින් සම්මත කර ගෙන ඇත්තේ, ඔවුන්ගේ අනුගාමිකයින් සමාජයේ බාධා කිරීම් - ඊනියා "රතු පෙති" විකල්පයෙන් මිදීමට උත්සාහ කිරීමට සහ ඒවායින් මිදීමට දිරිගැන්වීම සඳහා ය.

රතු පෙති සංකල්පය ස්ත්‍රීවාදය විසින් පිරිමින් "යටත්" කරන බව විශ්වාස කරන "අනිච්ච බ්‍රහ්මචාරී" (ඉන්සෙල්) කණ්ඩායමේ අනුගාමිකයින් වැනි ආන්තික සබැඳි ප්‍රජාවන් විසින් ද අනුගමනය කර ඇත.

ඒ පිළිබඳ පළ වූ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

ඇන්ඩෘ ටේට්

ටේට් මේ වසරේ Google හි වැඩිපුරම සෙවූ මිනිසා බවට පත් වූයේ මුදල්, කාන්තාවන් සහ ජීවන රටාව ගැන කතා කරන මීට පෙර පොඩ්කාස්ට් වැඩසටහන් වල විවිධ වීඩියෝ ප්‍රචලිත වීමෙන් පසුවය. ටේට් තමාව " self-made multimillionaire ( තමන්ගේ උත්සාහයෙන්ම ගොඩනැගුණු මිලියනපතියෙක් )" ලෙස හඳුන්වා දෙයි.

ටේට්ගේ මතභේදාත්මක අදහස් බිලියන ගණන් නරඹා ඇති අතර TikTok හි #AndrewTate හැෂ් ටැගය සහිත වීඩියෝ බිලියන 12.7කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබේ. ඒවා විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ විවේචනයටයන් ද, තුඩු දී ඇත.

තවත් යූ ටියුබ්කරුවෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ඔහු "සම්පූර්ණයෙන්ම ස්ත්‍රී ද්‍රෝහියෙකු" බව පැවසූ අතර, ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "මම යථාර්ථවාදියෙකු වන අතර ඔබ යථාර්ථවාදියෙකු වූ විට, ඔබ ලිංගිකත්වයට පත්වේ. ඔබට යථාර්ථයේ මුල් බැස ගත හැකි ක්‍රමයක් නැත."

එම වීඩියෝ පටයේම ඔහු කාන්තාවන් "සහජයෙන්ම කම්මැලි" ලෙස විස්තර කර ඇති අතර "ස්වාධීන කාන්තාවක් කියා දෙයක් නොමැති" බව ට සඳහන් කරයි.

යූ ටියුබ්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු බොහෝ සමාජ මාධ්‍ය වේදිකා ඔහුව තහනම් කර ඇත.

ලිංගික අතවරයට ලක්වීම සම්බන්ධයෙන් කාන්තාවන් "වගකීම දැරිය යුතු" බව පැවසීම හේතුවෙන් ටේට් ට්විටර් වෙබ් අඩවියෙන් ද, තහනම් කර තිබී පසුව එම ගිණුම සක්‍රීය කර තිබුණා. ඔහු සම්බන්ධ වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

එසේම පාරිසරික සංරක්ෂණය ක්‍රියාකාරිනියන් ලෙස ප්‍රචලිත ස්වීඩන් ජාතික 19 හැවිරිදි Greta Thunberg (ග්‍රේටා තුන්බර්ග්) තරුණිය සහ ටේට් අතර ද මීට දින කිහිපයකට පෙර ට්විටර් ට්විටර් සටහන් සහ ප්‍රතිචාර සටහන් රැසක් හුවමාරු වී තිබු ආකාරය බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ චරිතයක් වන ඇන්ඩෘ ටේට් පසුගිය බ්‍රහස්පතින්දා රුමේනියාවේ පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව නිදහස් වී ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවත් ඔහු මේ වන විටත් රුමේනියාවේ බුකාරෙස්ට් හි අධිකරණය විසින් දින 30 ක රැඳවුම් නියෝගයක් මත රැඳී ඇති බවත් ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙන්ම ඇන්ඩෘ ටේට්ගේ නීතිඥයා වන Eugen Vidineac පෙන්වා දේ. එසේම එම දින 30 ට මත්තෙන් ටෙට්ව මුදවාගැනීමට අභියාචනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහුගේ නීතිඥයා පවසනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පොලිස් අත්අඩංගුවට පත් ඇන්ඩෘ ටේට්ට පැය 24ක් යෑමට පෙර නිදහස් කරාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News