ඉන්දියානු රු.500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කළා ද?

Update: 2023-01-05 07:04 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වැඩි අවධානය දිනා ගැනීමේ අරමුණින් ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු ඔස්සේ නොමග යන සුළු සිරස්තල භාවිත කරමින් මාධ්‍ය සටහන් නිර්මාණය කරන අයුරු අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවල එවැනි සටහන්හි දක්වා ඇති කරුණු නිරවද්‍යතාවයෙන් තොර වීමත් ජනතාව නොමග යැවීමට හේතුවක් වනවා.

එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ කළ, ඉන්දීය මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීම පිලිබඳ කරුණු ඇතුළත් සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

500, 1000 නෝට්ටු භාවිතයෙන් ඉවතට යනුවෙන් සඳහන් කරමින් ඉන්දියානු මුදල් නෝට්ටු වල ඡායාරූපයක් ද දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එම සටහන සඳහා යොමු කර තිබූ සබැඳියේ වෙබ් අඩවියේ එම පුවතේ ශීර්ෂ පාඨයේ දක්වා තිබුණේ, “500, 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය” හිමි වූ බවයි. එම වෙබ් වාර්තාව මෙතනින්. Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම තේමාවෙන් පළ වූ සටහන සංසරණය වූයේ මෙලෙසින්.

එසේම ඉහත වාර්තාව ඇතුළත් නොකරමින් ඉහත ඡායාරූප පමණක් ද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පළකර තිබුනේ මෙලෙසින්

Archived

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ ඇතැමුන් මෙය ලංකාවේ මුදල් නෝට්ටු පිළිබඳ බවට උපකල්පනය කර ඇති බවත්, තවත් පිරිස් විසින් ඉන්දීය 500, 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කරන එරට ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මෑතකදී ලබා දී ඇති බවයි.

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

අප ප්‍රථමයෙන්ම ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කරනු ලැබුවේ, පසුගිය 02 වන දා 500, 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබුණාද යන්නයි.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2016 වසරේදී රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කරමින්, ඉන්දියාවේ සංසරණයේ වන මුදලින් 86% ක් demonetize කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බව පමණක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 02 වන දා තීන්දු කර ඇති බවයි.

ඒ, 2016 මෝඩි විසින් ගනු ලැබූ එම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 58ක් ගොනු කර තිබූ හෙයිනි. ඒ බවට පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

මීට අමතරව නැවත වරක් මේ ආකාරයේ කිසිදු ආකරයේ ව්‍යවහාර මුදල් අවලංගු කිරීමක් මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නේ නැහැ

2016 වසරේදී රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කිරීම

ඉන්දියානු රු. 500 හා රු. 1000 නෝට්ටු අවලංගු කිරීමේ තීරණය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් 2016 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලදී.

ඉන්දීය අගමැති මෝදි ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ක්‍රියාවට නැංවූ මෙම ක්‍රියාදාමයේ මුලික පරමාර්ථ වුයේ, කළු සල්ලි ජාවාරම්වලට වැට බැඳීම, ව්‍යාජ මුදල් නෝට්ටු හා දූෂණ වැළැක්වීම, නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම සඳහා නීති විරෝධී සහ ව්‍යාජ මුදල් භාවිතය අවම කිරීම යනාදියයි.

ව්‍යවහාර මුදල් අවලංගු කිරීම හෙවත් Demonotization ක්‍රියාවලිය

මෙහිදී කිසියම් මුදල් ඒකකයක් සම්පූර්ණයෙන්ම අවලංගු කර රටක් නව මුදල් ඒකකයකට පිවිසීමේ ක්‍රියාවලියේ සිට එකම මුදල් ඒකකය තුළ තිබෙන තෝරාගත් නෝට්ටු හෝ කාසි භාවිතය යම් තෝරාගත් දිනකට පසු අවලංගු කර ඒ වෙනුවට නව මුදල් නෝට්ටු හෝ කාසි භාවිතය සිදු කිරීම දක්වා වන ක්‍රියාවලිය සඳහා Demonetization නම් වචනය භාවිතා කළ හැක. මේ කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය තුලදී සාමාන්‍යයෙන් භාවිතයෙන් ඉවත්කරන මුදල් වෙනුවට අලුතින් භාවිතයට ගත හැකි මුදල් බැංකු ගිණුම් වල තැන්පත් කිරීමට හෝ බැංකු මගින් මාරු කර ගැනීමට යම් නිශ්චිත කාලසීමාවක් ලබාදීම සිදුවේ .

2016 ඉන්දියාවේදී මුදල් අවලංගු කිරීමේ ක්‍රියාවලිය කුමක් ද?

2016 නොවැම්බර් 8 වන දින, මහත්මා ගාන්ධි ශ්‍රේණියේ සියලුම පැරණි රුපියල් 500 සහ රුපියල් 1,000 මුදල් නෝට්ටු අවලංගු කරන බව ඉන්දීය රජය නිවේදනය කළේ, අවලංගු කරන ලද මුදල් නෝට්ටු වෙනුවට නව රුපියල් 500 සහ රුපියල් 2,000 මුදල් නෝට්ටු නිකුත් කරන බවයි.

මෙහිදී මහත්මා ගාන්ධි ‍ශ්‍රේණියේ රුපියල් 500 සහ රුපියල් 1000 නෝට්ටු අවලංගු කළ ද, මහත්මා ගාන්ධි ශ්‍රේණියේ නව රු. 500 නව මුදල් නෝට්ටුවක් හඳුන්වා දී තිබුණි.

එසේම රු.1000 මුදල් නෝට්ටුව සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවත්, ඉන්දියානු රුපියල් 500 පැරණි මුදල් නෝට්ටුව වෙනුවට, නව රු.500 මුදල් නෝට්ටුවක් භාවිත කිරීමට තීරණය කර තිබෙනවා. සම්බන්ධයෙන් වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

කෙසේනමුත් ව්‍යවහාර මුදල් අවලංගු (demonetize) කිරීමට 2016 වසරේ දී ගත් තීන්දුව පිළිබඳව, ඊට වසර දෙකකට පමණ පසු, ඉන්දීය මහා බැංකුව වාර්තාවක් ඉදිරිපත් කළා. මෙහිදී, 2016 නොවැම්බර් 8 දින සංසරණය වූ නෝට්ටුවලින්, 99.3 % ක්ම නැවත බැංකු වෙත පැමිණීම ඇතුළු හේතු මත අපේක්ෂිත ඉලක්ක ලැබුනේ නැති බව වාර්තා වෙනවා. අපේක්ෂා කල ආකාරයට කලු සල්ලි හිර වීමක් / කලු සල්ලි ඇති පුද්ගලයන් පිළිබද අනාවරණය වීමක් සිදුව තිබුනේ ද නැහැ. මේ පිලිබඳ වාර්තාවක් මෙතනින්.

මේ පිළිබඳ අප විසින් මීට පෙර සිදුකළ අනාවරණයකින් ද පැහැදිලි කලා. වාර්තාව පහතින්.

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ඉන්දියාවේ දැනට ව්‍යවහාරයේ තිබෙන මුදල් නෝට්ටු මොනවා ද ?

මේ අනුව 2016 වසරේ Demonitize කිරීමේ ක්‍රියාවලියෙන් පසුව මේ දක්වාම රු.1000 නෝට්ටු ඉන්දීය මහ බැංකුව විසින් නිකුත් කර නැහැ. ඉන්දිය මහ බැංකුව (RBI) විසින් දැනට ව්‍යවහාරයේ පවතින නෝට්ටු ඇතුළත් විස්තර පහතින්.

RBI | Archived

බොහෝ විට ඉන්දියාවේ වර්තමානයේ දක්නට ලැබෙන ඉහළ වටිනාකම ඇති නෝට්ටුව වන්නේ රු.500 නෝට්ටුවයි. රු. 2000 නෝට්ටු සංසරණයේ තිබුණ ද සාමාන්‍ය භාවිතයේ දී ඉතා අඩුවෙන් දක්නට ලැබෙන අතර එයට හේතු ලෙස මෙම Indiatimes වාර්තාවෙන් ද , RTI ඔස්සේ ලබාගත් තොරතුරු මත පෙන්වා දෙන්නේ ද පසුගිය අවුරුදු දෙකක පමණ කාලයේ දී රු.2000 නෝට්ටු ද ඉන්දියාවේ දී අලුතින් මුද්‍රණය කර නොමැති බවටයි. Archived

RBI වාර්තා ඇසුරෙන් දැනට ව්‍යවහාර මුදල් නෝට්ටු සහ එහි ප්‍රතිශත පිළිබඳ සැකසු වාර්තාවකින් ද ඒ බව පෙන්වා දී තිබෙන්නේ මෙලෙසින්.

Factly

එසේම ඉන්දීය රුපියල් 2000 වටිනාකමින් යුත් මුදල් නෝට්ටු “කළු සල්ලි” ලෙස මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි ක්‍රියා භාවිතා කරන බව භාරතීය ජනතා පක්ෂයේ (BJP) පාර්ලිමේන්තු මන්ත්‍රී සුෂිල් කුමාර් මෝඩි පසුගිය දා රාජ්‍ය සභාවේදී කියා සිටි අතර මෙම ඉහළ වටිනාකම ඇති 2000 මුදල් නෝට්ටුව ක්‍රමිකව භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. වාර්තාවක් මෙතනින්

එසේම රුපියල් 1000 නෝට්ටු, 2023 ජනවාරි 1 වැනිදා සිට ආපසු හඳුන්වාදෙන බවට ද සටහන් ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය මාසයේ දී හුවමාරු වූ අතර එයට පිළිතුරු දෙමින් එම පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය ලෙස රජය විසින් බැහැර කර තිබුණා. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉන්දියානු රු.500, රු.1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබුණු බවට පළ වූ සටහන් නොමග යන සුළු බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රජය විසින් 2016 වසරේදී රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කරමින් භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය (Demonetize) නීත්‍යානුකූල බව පමණක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා තීන්දුවක් ලබා දී තිබේ. එහිදී ඉන්දියානු රුපියල් 500 පැරණි මුදල් නෝට්ටුව වෙනුවට, ඉන්දියානු රුපියල් 500 නව මුදල් නෝට්ටුවක් හඳුන්වා දී තිබෙන අතර ඉන්දියාවේ වැඩි වටිනාකමක් ඇති මුදල් නෝට්ටු අතරින් දැනට වැඩියෙන්ම භාවිතා වන්නේ රු.500 නොට්ටුවයි. ඉන්දීය මහ බැංකුව විසින් 2016 වසරේ සිට නව රු.1000 මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඉන්දියානු රු.500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News