මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව, ඉදිරියේදී ලංකාවට අහිමි වේවිද ?

Update: 2023-02-11 05:38 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Mitsubishi Corporation නම් සමාගම ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු නවතා දමන්නට තීරණය කර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ ජනතාව අතර ප්‍රචලිත Mitsubishi සන්නාමය සහිත නිෂ්පාදන කාණ්ඩයක් වන මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව ඉදිරියේදී නැවතෙනු ඇති බවට වන සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙනවා.

මේ, මිට්සුබිසි Corporation සමාගමේ ලංකාව හැර යාම පිලිබදව සහ මිට්සුබිසි මෝටර් රථ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් :

මිට්සුබිසි වාහන පිලිබදව විස්තර කරමින් , ඒවා ලංකාවට පැමිණි කාලය පිලිබදව පැහැදිලි කරමින් , මේ වන විට ලෝකය තුළ ඒවාට ඇති වැදගත්කම ද ,මිට්සුබිසි ලංකාව හැරයාම කණගාටුදායක දෙයක් ලෙස  සදහන් කරමින් සමාජ ජාලා සටහන් පළවුයේ පහත අයුරින්.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එසේම මේ සටහන් ඔස්සේ මිට්සුබිසි වාහන ද ලංකාවට ගෙන්වීම නතර වනු ඇති දැයි බොහෝ දෙනෙක් විමසා ද සිටි අතර එයට ඇතැමුන් ප්‍රතිචාර ද දක්වා තිබුනේ මෙලෙසින්.

මෙවැනි සටහන් බොහොමයක් අන්තර්ජාලයේ තිබුණු අතර ඒ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Explanation ( කරුණු පැහැදිලි බැලීම ) 

මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය සහ මිට්සුබිසි වාහන පිලිබදව සමාජ ජාලා වල පළවන සදහන් කරුණු පිළිබදව දැනගැනීම සදහා අප කතා කලේ ලංකාවේ Mitsubishi Corp. කාර්යාලයේ ඉහල නිලධාරියෙක්ට. ඔහු පැවසුවේ Daily FT පුවත් පතේ ඒ පිලිබඳ සිදුකර තිබු විස්තරය බොහෝදුරට නිවැරදි බවයි.

එසේම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඒ කෙසේ වෙතත් මිට්සුබිසි මෝටර්ස් ලෙස සදහන් වන්නේ මිට්සුබිසි සමුහයට(Mitsubishi Group)  අයත් වෙනත් සමාගමක්  බවත් , තම සමාගම  ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීම මිට්සුබිසි මෝටර් රථ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති නොකරන බවයි.

Mitsubishi Corporation නම් සමාගම ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු නවතා  දැමීම හා සම්බන්ධව Daily FT පුවත්පතේ පළවුණු වාර්තාවක සිංහල පරිවර්තනය පහතින්.

වසර 60කට ආසන්න කාලයක් ද්විපාර්ශ්වික සබඳතා සහ රටේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක අත්‍යවශ්‍ය අංගයක් වූ ජපානයේ දැවැන්ත සමාගමක් වන Mitsubishi Corporation ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර තිබේ.

Mitsubishi Corporation හි කොළඹ කාර්යාලය මාර්තු 31 වන විට වසා දැමීම ශ්‍රී ලංකාවට විශාල පසුබෑමක් ලෙස හැඳින්වූ දේශීය හා විදේශීය පෞද්ගලික අංශයට විශාල කම්පනයක් ඇති කර තිබේ.

Mitsubishi Corporation, ශ්‍රී ලංකාව ව්‍යාපාර සහ බොහෝ ශ්‍රී ලාංකික සමාගම් සඳහා ඉමහත් දායකත්වයක් ලබා දුන් බැවින් ශ්‍රී ලංකාව එහි පළමු විදේශීය කාර්යාලවලින් එකක් විය. එය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ ද වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.

ජපානය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ණය දෙන්නා වන අතර 2022 සැප්තැම්බර් වන විට ඩොලර් බිලියන 2.46 හි හිඟ මුදල් වේ. කාර්යාලය වසා දැමීමට ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය පැහැර හැරීම, අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මයි.

Mitsubishi මෙහෙයුම් ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අරමුදල් සපයන ව්‍යාපෘති කිහිපයක ප්‍රධාන හවුල්කරුවෙකු විය.

ජපානය විසින් යෝජනා කරන ලද සැහැල්ලු දුම්රිය මාර්ගය (LRT) සහ ද්‍රව ස්වභාවික වායුව (LNG) ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් හදිසියේ අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා මෑත වසරවලදී පළුදු විය.

වර්තමානයේ, Mitsubishi Corp. හි කොළඹ කාර්යාලයේ 20 ක් පමණ සේවය කරන නමුත් එහි ව්‍යාපාර සහ ව්‍යාපෘති විවිධ අංශවල දහස් ගණනකට ජීවනෝපාය සපයා ඇත.

Daily FT | Archived

Mitsubishi Corp .යනු ස්වාභාවික වායු ,කර්මාන්ත, ඛනිජ නිෂ්පාදන ,ඉදිකිරීම් ,නාගරික සංවර්ධනය ආදී පුළුල් පරාසයක් සහිත ඒ ඔස්සේ කටයුතු කරන සමාගමක් .ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ලබාගත හැකියි මෙතනින්.  

මිට්සුබිසි මෝටර්ස් ලෙස සදහන් වන්නේ ජපානයේ ප්‍රකට වාහන නිෂ්පාදනය කරන සමාගමක් නමුත් එයද මිට්සුබිසි සමුහයට(Mitsubishi Group)  අයත්. මිට්සුබිසි මෝටර්ස් සමාගම සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්

මිට්සුබිසි මෝටර්ස් ලංකාවේ නියෝජිත ආයතනය - United Motors

මිට්සුබිසි මෝටර්ස් සමාගමේ ලංකාවේ අලෙවි නියෝජිතයා ලෙස කටයතු කරන්නේ යුනියන් මෝටර්ස් ආයතනයයි. සමාජ ජාලාවල පළවන සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ඔවුන් පවසන්නේ Mitsubishi Corp හි ලංකාව හැර යාම මිට්සුබිසි වාහන ,සහ අමතර කොටස් අලෙවිය ආනයනය පිලිබදව තමන් සහ මිට්සුබිසි මෝටර්ස් සමාගම අතර අවබෝධතා ගිවිසුමට කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි. ඔවුන්ගේ නිවේදනය පහතින්.

https://www.facebook.com/unitedmotors.lk/posts/2898728080257511

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මිට්සුබිසි වාහන මිලදී ගැනීමේ හැකියාව ඉදිරියේදී අපට අහිමි වේවිද ??

Fact Check By: Fact Crescendo Team

Result: Explainer

Tags:    

Similar News