මාර්තු 15 වැඩ වර්ජනයට සම්බන්ධවී රැකියා අහිමි වුවහොත්, මාලිමා රජයකින් රැකියා නැවත ලබාදෙන බවට අනුර පවසා නැහැ!

Update: 2023-03-14 18:13 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සෞඛ්‍ය , අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පිරිස් මාර්තු 15 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වෙමින් පවතින පසුබිමකයි අප මෙම සටහන තබන්නේ. වෘත්තීය සමිති සැලකිය යුතු ප්‍රමාණයක් එක්ව රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදු කිරීමට නියමිතයි. මේ සඳහා ඇතැම් දේශපාලන පක්ෂවලද සහාය හිමිව තිබෙනවා. ඉන් ප්‍රධාන පිරිසක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි.

මෙවන් පසුබිමක් තුළ සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, වර්ජකයන්ට ලබාදුන් පොරොන්දුවක් පිළිබඳවයි. අනුර කුමාර සැබැවින්ම එවැනි පොරොන්දුවක් ලබාදුන්නාද ,නැද්ද ? මේ සටහන ඒ පිලිබදවයි.

සමාජ ජාලා සටහන් 

විජේවීර 82 ජූලි වර්ජකයන්ට ජවිපෙ රජයක් යටතේ නව රැකියා ලබාදෙන බවට සහතිකවූ බවටත්, ඒ ආකාරයටම මාර්තු 15 වැඩ වර්ජනයෙන් රජයේ රැකියා අහිමිවන පිරිස් සිටියහොත් ඔවුන්ට මාලිමා රජයක් යටතේ රජයේ රැකියා ලබාදෙන බවට එහි නායක අනුර කුමාර දිසානායක පැවසූ බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණා.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) 

මෙම සමාජ ජාලා සටහන්වල මුලිකව පැවසීමට උත්සාහ දරන කරුණ වන්නේ වර්ජනයට සහභාගිවන පිරිස් වලට රජයේ රැකියා අහිමිවුවහොත්, අනාගතයේ පිහිටවන සිය රජයක් යටතේ නැවත සේවයේ පිහිටුවමින්, එසේ රැකියා අහිමි කිරීම සදහා හවුල්වන නිලධාරීන්ට සහ දේශපාලන නායකයන්ට දඩුවම් ලබාදෙන බවට, ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසූ බවයි.

ජාජබ නායක අනුර කුමාර දිසානායක විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණය පිලිබදව අප සොයා බැලුවා. කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක හෝ ජවිපෙ නායකයාගේ නිල සමාජ ජාලා පිටුවල එවැන්නක් සදහන්ව තිබුණේ නැහැ. ඉන් අනතුරුව අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන්ද මේ පිලිබදව විමසු විට ඔවුන් පැවසුවේ මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය සමාජ ජාලා සටහනක් වන බවයි.

කෙසේ වෙතත් 15 එක්දින වැඩවර්ජනයට සහාය දැක්වීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය තීරණය කර ඇති බව සත්‍යක් නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙය අඛන්ඩ වැඩ වර්ජනයක් ලෙස 15 වනදා සිට දිගටම සිදුකිරීමට ඇතැම් පාර්ශව සිදුකළ යෝජනා, ජාතික ජන බලවේගයේ ප්‍රතික්ෂේප කළ බවත්, එහි මාධ්‍ය ප්‍රකාශයක පවසා සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර 82 ජූලි වර්ජකයන් පිලිබදව සිදුකරන ලද බවට සමාජ ජාලාවල සදහන් ප්‍රකාශය පිලිබදව අපගේ අවධානය යොමු වූ අතර ඔහු එවැනි දෙයක් පැවසූ බවට නිශ්චිත සාක්ෂියක් සොයා ගැනීමට නොහැකිවූ අතර තවදුරටත් ඒ පිලිබදව සොයා බලා මෙම ලිපිය යාවත්කාලින කිරීමට අප බලාපොරොත්තු වෙමු .

මාර්තු 15 වැඩ වර්ජනය

එසේම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමඟම, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර තිබු බව වාර්තා වෙනවා

එසේම මෙම මාර්තු 15 වන දින ක්‍රියාත්මක වීමට නියමිත වැඩ වර්ජනයට ඇතැම් සේවක සංගම සහයෝගය දෙන බවත් තවත් සේවක සංගම ඒ සඳහා සහභාගී නොවන බවටත් අදහස් දක්වා තිබු අයුරු දැක ගන්නට ලැබුණා.

https://youtu.be/ccNoDbSVzPU

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුයේ, මාර්තු 15 වැඩ වර්ජනයට සහභාගිවී රජයේ සේවකයන්ට රැකියා අහිමි වුවහොත් තම රජයකින් එම රැකියා නැවත ලබාදෙන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසන ලද බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. ඔහු එවැන්නක් පවසා නොමැති බව ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක තහවුරු කරනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාර්තු 15 වැඩ වර්ජනයට සම්බන්ධවී රැකියා අහිමි වුවහොත්, මාලිමා රජයකින් රැකියා නැවත ලබාදෙන බවට අනුර පවසා නැහැ!

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News