ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක් ද?

Update: 2024-09-04 19:15 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.


සමාජ මාධ්‍ය සටහන් :

මේ ආකාරයට ජාතික ජන බලවේගය නියෝජනය කරන සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුනාරත්න මහතා කරන ලද ප්‍රකාශයක් බව දක්වමින් ෆේස්බුක් සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.


 Fb1 | Archived Fb1 | Archived

ඔහුගේ ප්‍රකාශයට අනුව ජාතික ජන බලවේගයේ රජයක් බලයට පත් වූවොත් වී කිලොවක් 150ක අවම මිලකට මිලට ගන්නා බවත් ඊට අඩුවට වී මිලට ගන්නේ නම් කොට්ටාශ සභාවෙත් පැමිනිලි කල හැකි බවත් මෙම ඡායාරූප සටහන මගින් හඟවා තිබුණා. එසේම මෙම ප්‍රකාශය 2024/08/27 වන දින සිරස පුවත් ඔස්සේ වාර්තා කල බවත් එහි පෙන්වා තිබුණා.

මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳව වැඩි දුරටත් සොයා බැලීමට අප තීරනය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සත්‍යාපනය කළ හැකි මූලාශ්‍ර නොමැත:

අප පළමුවෙන්ම 2024.08.27 වන දින සිරස ටීවී පුවත් විකාශයේ මේ ආකාරයේ පුවතක් පළ කළා දැයි නිරීක්ශනය කලා. නමුත් අපට මේ ආකාරයේ පුවතක් සොයා ගැනීමට හැකි වුනේ නැහැ. එදින පළ වූ පුවත් විකාශයේ සබැඳි මෙතනින්, මෙතනින් සහ මෙතනින්එමෙන් ම සිරස ටීවී නිල පුවත් ෆේස්බුක් පිටුව ද, අප පරීක්ෂා කළ අතර එහිදී ද, තහවුරු වූයේ ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි එවැනි පුවතක් එහි පළ වී නොමැති බවයි. ඒ බවට එහි පුවත් කළමණාකරුවෙකු ද, සඳහන් කළා.

නාමල් කරුණාරත්න මහතා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කරන බැවින් ඔහු වී මිල පිලිබඳව මොනයම් හෝ ප්‍රකාශයන් සිදු කර ඇත්දැයි අප සොයා බැලුවා. මීට මාස දෙකකට පෙර යූටූබ් නාලිකාවක් සමග එක් වෙමින් වී මිල සම්බන්දයෙන් ඔහු අදහසක් දක්වන අතර, එහිදී පවසන්නේ, වී මිල රුපියල් 50ක මුදලට ගෙන ආ හැකි බවත්, එමගින් සහල් කිලෝවක් 92ක් වැනි මුදලකට ලබාදිය හැකියාවක් ලැබිය හැකි බවකුයි. කෙසේ නමුත් වී මිල 150 කට මිලට ගන්න බවට කිසිඳු තොරතුරක් එහි සඳහන් වන්නේ නෑ.

එම වීඩියෝව පහතින්. (19 විනාඩියේ සිට)

Full View


මෙම ෆේස්බුක් පුවතට අදාල ඡායාරූපය 2016 වසරේ නාමල් කරුණාරත්න මහතාගේ ෆේස්බුක් පි‍ටුවේ පලවූ එකක් බව අපට දැකගන්නට ලැබුනා. ඒ අනුව මෙම ඡායාරූපය මෑතකදී ගත් එකක් නොවන බව අපට පැහැදිලි වෙනවා.




නාමල් කරුනාරත්න :

අප මෙම කරුණ පිලිබඳව නාමල් කරුනාරත්න මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු නොකල බව අපට ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙම චායාරූපයේ දකුනු පසින් සිටින සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ හිටපු සමාජික. සෝමචන්ද්‍ර මහතා මේ වන විට ජීවතුන් අතර නොමති බවත් ඔහු අප සමගින් ප්‍රකාශ කලා.එබැවින් මෙම චායාරූපය පැරනි එකක් බව ඔහුද අප වෙත සනාත කරනු ලැබුවා. කොට්ටාශ සභා ක්‍රමයක් පිලිබඳව කිසිඳු කතා බහක් පක්ශ ප්‍රතිපත්ති වල නොමැති බවත් ජනාධිපතිවරනය ඉලක්ක කරගනිමින් වැරදි ප්‍රචාරයක් මෙසේ පල කර ඇති බවත් නාමල් කරුනාරත්න මහතා අපට මෙහිදී වැඩිදුරටත් කරුනු දක්වා සිටියා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ "අපි ආවහම වී කිලෝ එකේ අවම මිල 150යි. ඊට අඩුවෙන් දෙන්න හැදුවොත් ගොවි ජනතාවට ලගම තියන අපේ කොට්ටාස සභාවට පැමිනිලි කරන්න පුලුවන්" ලෙසින් කිසිඳු ප්‍රකාශයක් නාමල් කරුනාරත්න මහතා සිදු කර නැති බවයි. මෙම ෆේස්බුක් සටහන සාවද්‍ය එකක් බව අපට තහවුරු කල හැකියි.

Claim :  ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක් ද?
Claimed By :  Social Media Users
Fact Check :  -
Tags:    

Similar News