සිංහ පැටවකු තම හොඬවැලේ තබාගෙන ගමන්කරන ඇතාගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

Update: 2023-03-29 09:43 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මිනිසුන් තුළ නොවන යහපත් ගුණ සතුන් තුළ ඇති බවට පවසමින් සියවසේ හොඳම ඡායාරූපය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මේ ඡායාරූපය සියවසේ ඡායාරූපය ලෙස නම් කෙරුණා. සැවානා කතරේ වතුර සොයමින් යන සිංහ පැටවාගේ අපහසුව දුටු ඇතෙක් විලට යෑමට පැටවාට සහය වන අයුරු ඡායාරූපයේ දිස්වේ. සිංහ මව නිහතමානීව පසකින් ගමන් කරයි. කිසිම හේතුවකින් තොරව ගහමරා ගන්නා මනුසතාට මේ සතුන්ගෙන් ගතහැකි ආදර්ශ බොහෝය.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ 

Facebook

මෙම සටහන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එසේම මෙම ඡායාරූපය ඔස්සේ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති අයුරු මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙලෙසින්.

මීට පෙර ද වතාවන් කිහිපයක දී හුවමාරු වී තිබු මෙම ඡායාරූපයේ ඇත්ත තතු සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මේ හේතුවෙන්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම ඡායාරූපය සියුම්ව නිරීක්ෂණය කිරීමේදී එම ඇතාගේ හොඬවැල ප්‍රදේශයේ සිංහ පැටවාගේ ඡායාරූපයක් සංස්කරණය කර ඇති බවට දැක ගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එහිදී අපට දැක ගන්නට ලැබුණේ, මෙහි දැක්වෙන්නේ, 2018 වසරේ අප්‍රේල් 01 වන දා මෝඩයාගේ දිනට (April Fool's Day) සමගාමීව Latest Sightings – Kruger (අප්‍රිකානු සංචාරක ව්‍යාපාරයක්) නමැති ෆේස්බුක් පිටුවකින් පළ කරන ලද සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.

Facebook | Archived Link

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා ඇති ලෙස සිංහ ධේනුවට ඇති විඩාව හේතුවෙන් සිංහ පැටවා ඔසවා යන ඇතෙුක් බවට පවසමින් එම සටහනේ අවසන "Sloof Lirpa" එනම් අප්‍රේල් මෝඩයාගේ දින ලෙස සටහන් කර තිබේ. එමෙනම් ඔවුන් සිය ට්විටර් ගිණුමේ ද, මෙම ඡායාරූප සටහන දක්වා තිබුණේ මේ අයුරින්. Archived Link

වැඩිදුර විමර්ශනයේදී 2018 අප්‍රේල් 2 වන දින Kruger Sightings ගිණුම හා සම්බන්ධ Nadav Ossendryver නම් ට්වීටර් ගිණුමකින් පළ කරන ලද ට්වීට් පණිවිඩයක් දැක ගන්නට ලැබුණා.

එමෙන්ම ඉහත සංස්කරණය කරන ලද ඡායාරූපයේ සත්‍ය ඡායාරූපය සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එය දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානයේ "Loxodonta africana" කුසගින්නේ සිටින පිරිමි සැවානාහි අලියෙක් බවයි. wikimedia

සංස්කරණය කරන ලද හා සත්‍ය ඡායාරූප අතර සංසන්දනය පහතින්.

ඉහත සංස්කරණය කරන ඡායාරූපය සඳහා පසුබිම සහිත අලියාගේ ඡායාරූපය සත්‍ය නමුත්, සිංහ ධේනුව සහ සිංහ පැටවා යන දෙදෙනාම ඡායාරූපයට ඩිජිටල් ලෙස එකතු කර සංස්කරණය කොට තිබුණා.

සිංහ ධේනුවගේ සත්‍ය ඡායාරූපය ඇඩම් බැනිස්ටර් විසින් ලියන ලද බ්ලොග් අඩවියකින් හමු වුණා.

londolozi.com

සිංහ පැටිවාගේ මුල් පින්තූරය ඕස්ට්‍රේලියාවේ ‘Werribee Open Range Zoo’ (විවෘත සත්ත්වෝද්‍යානය) වෙබ් අඩවියේ තිබූ ඡායාරූපයකි. මෙම සත්‍ය ඡායාරූපය හා සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

මේ පිළිබඳව FactCrescendo අප 2019 වසරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කළ කරුණු විමර්ශනය මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “සැවානා කතරේ වතුර සොයමින් යන සිංහ පැටවාගේ අපහසුව දුටු ඇතෙක් විලට යෑමට පැටවාට සහය වන අයුරු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන සංස්කරණය කරන ලද ඡායාරූපයන්හි එකතුවකි. අප්‍රිකාවේ සංචාරක ව්‍යාපාරයකට අයත් ෆේස්බුක් පිටුවක, අප්‍රේල් 01 වනදා මෝඩයාගේ දිනයට සමගාමීව, 2018 වසරේ පළ කරන ලද මෙම ඡායාරූප සටහන හේතුවෙන් දෙස් විදෙස් බොහෝ දෙනා මෙලෙස නොමග ගොස් තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සිංහ පැටවාගේ අපහසුව දුටු ඇතෙක් විලට යෑමට පැටවාට සහය වන අයුරු?

Fact Check By: Pavithra Sandamali

Result: Altered

Tags:    

Similar News