තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහයද ? (PHOTO)

Update: 2023-03-31 17:34 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

තොටගමුවේ රාහුල හිමියන් යනු සියවස් ගණනකට පෙර ශ්‍රී ලංකාවේ වැඩවාසය කරන ලද ප්‍රකට ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේ බොහෝ සෙයින් ලංකාවේ ප්‍රචලිත වුයේ, සංදේශ කාව්‍යයන් රචනය ආදී දේශීය සාහිත්‍ය පෝෂණය කිරීමෙහි ලා ඉටුකරන ලද සේවය හේතුවෙන්. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණි ස්වාමින්වහන්සේ නමක් ලෙසද උන්වහන්සේ ප්‍රකටයි.

තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් සහ මරණයෙන් පසු දේහයට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් බොහෝ ජනප්‍රවාද තිබෙනවා. මේ අතර කාලයක සිට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන සේයාරුවක් තිබෙන අතර එම සටහන් මඟින් පවසන්නේ එම සේයාරුව මගින් නිරුපණය වන්නේ රාහුල හිමියන් ගේ දේහය බවයි. ඒ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන්

තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහය බවට සදහන් කරමින් සමාජ ජාලා සටහන් හුවමාරු වුවේ මෙලෙසින්.

Facebook | Archived

ඒ සම්බන්ධව පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මෙම සටහන් ෆේස්බුක් සමාජ ජාලය තුළ පැතිර පැවතුනේ මෙලෙසින්.

කරුණු විමසා බැලීම

මුලින්ම අප මෙම සටහනේ දැක්වෙන සේයාරුව reverse image සෙවුමකට ලක්කළා. එහිදී අපට මෙය ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පළවන ප්‍රධාන පුවත්පතක් වන Herald පුවත්පතේ වෙබ් අඩවියේ පළව තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවුණා. ඒ 2014 වසරේදීයි.

එහි මෙම සේයාරුව සහ එහි පසුබිම පිලිබදව වන සටහනක් දක්නට ලැබෙනවා. පුවත්පත් වෙබ් අඩවියේ දැක්වෙන විස්තරය සැකෙවින් පහතින්.

Basilica of Bom Jesus ලෙස හැදින්වෙන ඉන්දියාවෙ ගෝවේ ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයේ මෙම දේහය සංරක්ෂණය කර තිබෙනවා. මෙම දේහය අයත් වන්නේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් නම් මීට සියවස් ගණනාවකට පෙර මියගිය කතෝලික ශාන්තුවරයෙක්ටයි. මෙම දේහයේ කොටස් පුජා වස්තු ලෙස ගලවා ඉවත්කරගෙන ලෝකයේ බොහෝ ප්‍රදේශවලට මේ වන විට ගෙනගොස් තිබෙනවා. 16 වන සියවසේ පමණ මෙහි තැන්පත් කර ඇති මෙම දේහය අවස්ථා ගණනාවකදීම කැපුම් වලට ලක්කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තරය කියවිය හැකියි මෙතනින්. Archived

ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්

යුරෝපයේ උපත ලද මොහු ,16 වන සියවෙසේදී ආසියාවේ පෘතුග්‍රීසින් ගේ සහාය ඇතිව කතෝලික ආගම පතුරුවාහැරිම සිදුකරන ලද මිෂනාරි පුජකවරයෙක්. ඔහු ඉන්දියාව,ජපානය ආදී ආසියාතික රටවල කතෝලික ආගම පතුරුවාහැරීමට කටයුතු කර තිබෙනවා. ඉන්දියාවෙ ගෝව ප්‍රදේශයේද රෝමානු කතෝලික දහම පතුරුවා හැරීමට මුලිකව කටයුතු කරන ලද කතෝලික පුජකවරයෙක්.

ඔහුගේ මරණය සිදුව ඇත්තේ චීනයේ සැන්චුවාන් නම් දුපතෙදියි. ඒ චීන ප්‍රධාන භූමියට පිවිසීමට බෝට්ටුවක් එනතුරු බලාසිටින අතර උණ රෝගයට ගොදුරු වීමෙන්. ඒ 1553 වසරේදීයි. අන්තර්ජාල මුලාශ්‍රවල සදහන්වන ආකාරයට ඔහුගේ දේහය මුලින්ම සන්චුවාන් දුපතේ වෙරළෙදි මිහිදන් කර තිබෙනවා. ඉන්පසුව එය එම ස්ථානයෙන් ඉවත්කර තාවකාලිකව මිහිදන් කර තිබෙන්නේ පෘතුග්‍රීසි මලක්කාව ලෙස එකල හදුන්වන ලද මැලේ අර්ධද්වීපයේ පිහිටි ප්‍රදේශයේයි. එකල එම ප්‍රදේශය පැවතුනේ පෘතුග්‍රීසීන් භාරයේයි. ඉන් අනතුරුව එතැනින්ද දේහය ඉවත්කර පෘතුග්‍රීසීන් සතුව පාලන බලය පැවතුන ඉන්දියාවෙ ගෝව ප්‍රදේශයට ගෙනගොස් අප ඉහත සදහන්කරන ලද දේවස්ථනයේ සංරක්ෂණය කර තිබෙනවා.ඒ පිළිබද විස්තර මෙතනින්.Archived

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ජනප්‍රවාද වල රාහුල හිමියන් සහ මෙම දේහය පිලිබදව ඇත්තේ වෙනස් කියවීමක්.

උන්වහන්සේ වයස්ගත කාලයේ, පස්දුන් කෝරළේ ඉඳුරුගල නම් පර්වතයක වූ ගල් ලෙනක භාවනායෝගීව වාසය කළ බව ද, මරණාසන්න කාලයෙහි ‘සිද්ධාලෝක’ නම් ඖෂධයක් වළඳා මෘත ශරීරය නොදිරන ලෙස සලස්වා අපවත් වූ බව ද කලක් නොදිරා පැවතුණු දේහය, පෘතුගීසීන් විසින් ගෝවට ගෙන යන ලද බව ද ජනප්‍රවාදයෙහි එයි.

ජනප්‍රවාදවලට අනුව, මිය යාමක් කිසි සේත් පෙනෙන්නට නොහැකිවූ උන් වහන්සේගේ දේහය දින ගණනාවක් එසේම නොදිරා තිබුණු හෙයින්, පළාතේ ගම් වාසීන් ආදාහන උත්සවයක් ගැනීමට මැළි වීමයි. මෙකල පෘතුගීසීන් විසින් පන්සල් කඩන, බෞද්ධ ජනතාවට හිරි හැර කරන, බලාත්කාරයෙන් ආගමට හරවා ගන්නා අවිචාර සමයක් විය. රාහුල හිමියන්ගේ නොදිරන දේහය ගැන ආරංචි වූ ඔවුන්, එම දේහය බලාත්කාරයෙන් රැගෙන ඉන්දියාවට ගෙන ගිය බව කියවේ. ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ පල්ලියක මේ දේහය දැනට තබා ඇත. ඒ ශාන්ත ක්ෂේවියර් යන කිතුණු සාන්තුවරයකුගේ බව කියති.මේ සම්න්බන්ධව විස්තරාත්මක බ්ලොග් අඩවි ලිපියක් මෙතනින්.Archived

කෙසේ නමුත් තොටගමුවේ රාහුල හිමියන් මියගිය වසර ලෙස බොහෝ මුලාශ්‍රවල සදහන්ව ඇත්තේ 1491 වසරයි. එය ෆ්‍රැන්සිස් සේවියර් පියතුමන් නියගිය වසර ලෙස සදහන් 1553 වසරට වඩා දශක 6 කට පමණ පෙර සිදුවූ සිදුවීමකි. තොටගමුවේ රාහුල හිමියන් සම්බන්ධ විස්තර මෙතනින්. Archived

කෙසේ නමුත් මේ ඉතිහාසගත පුරාවෘත්තවල සත්‍ය අසත්‍යතාවය පිලිබදව 100% ක් ම නිවැරදි තොරතුරු ලබාදීම අභියෝගාත්මක කාර්යයකි.

නමුත් මෙම දේහය තොටගමුවේ රාහුල හිමියන්ගේ බවට පවතින ජනප්‍රවාද හැරුණු විට මෙය තහවුරුකරගත හැකි ප්‍රබල පුරාවිද්‍යාත්මක හෝ ජිව විද්‍යාත්මක සාක්ෂ්‍ය මෙතෙක් නොමැත.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහයද ? (PHOTO) 

Fact Check By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News