වස්ති Productions හි අනුෂ්ක යුග දිවියට?

Update: 2023-04-05 09:51 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Update :

වස්ති Productions හි අනුෂ්ක උදාන සහ රංගන ශිල්පිනි වොල්ගා කල්පනී විවාහ වී ඇති බවට පවසමින් ඔවුන් දෙදෙනාගේ මංගල ඡායාරූපයක් ද, සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම ඡායාරූපවල දැක්වෙන්නේ වස්ති ප්‍රඩක්ෂන් යූ ටියුබ් නාලිකාව විසින් සිදු කළ තව ත් එක් වෙළඳ දැන්වීමක් වන අතර එම වීඩියෝව මෙතනින්. මෙය වෙළඳ දැන්වීමක් සඳහා කරනු ලැබූ වීඩියෝවක් බවට අනුෂ්ක උදාන විසින් පළ කරන ලද පැහැදිලි කිරීමේ මෙතනින් සහ මෙතනින්.

වස්ති Productions හි අනුෂ්ක උදාන, විවාහ දිවියට ඇතුළත් වූ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“වස්ති අනුෂ්ක යුගදිවියට” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් කිහිපයක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් ඔස්සේ බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවට දැක මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මේ අයුරින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කටයුතු කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

YouTube නාලිකාවක් වන වස්ති ප්‍රඩක්ෂන් ඔස්සේ ජනප්‍රියත්වයට පත් අනුෂ්ක උදාන ලියනගේ, යුග දිවියට පත්වු අවස්ථාවේ ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවයේ ඡායාරූප ලෙස හඟවමින්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම බොහෝ ගොසිප් වෙබ් අඩවි වල ද ඡායාරූප ද පළ කර තිබුණේ මෙලෙසින්.

කෙසේවෙතත් අනුෂ්ක උදාන විවාහ පත් වූ බවට ඔහුගේ කිසිදු ඡායාරූපයක් ඔහුගේ සමාජ මාධ්‍ය නිල ගිණුම් ඔස්සේ දැක ගන්නට නොලැබුණි. මේ හේතුවෙන් ඉහත ඡායාරූපය ඔස්සේ අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ මෙම ඡායාරූප වල දැක්වෙන්නේ, දමිත් කුමාරතුංග සහ සජිනි ඕෂධි නම් යුවළගේ විවාහ මංග්‍ය අවස්ථාවේ ඡායාරූප බවයි.

දමිත් කුමාරතුංග නමැති තරුණයාගේ ඇතැම් කෝණවලින් පළ වූ ඡායාරූප කිහිපයක් වස්ති ප්‍රඩක්ෂන්හි අනුෂ්ක උදාන ලියනගේ රුවට සමාන වූ හේතුවෙන් මෙලෙස උපහාසාත්මක කෝණයෙන් බොහෝ දෙනෙකු මෙම විවාහය අනුෂ්කගේ විවාහ මංගල්‍ය ලෙස සඳහන් කර තිබුණා.

Ushan Malshika Photography නමැති ෆේස්බුක් පිටුවේ පළ ව තිබූ මෙම දෙපළගේ ඡායාරූප ඇල්බමයට බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා තිබුණේ ද, අනුෂ්ක උදාන යැයි ඔවුන් රැවටී ඇති බවයි. එම ඇල්බමය මෙතනින්. Archived Link

මෙසේ පළවූ එක් ෆේස්බුක් සටහනකට අනුෂ්ක උපහාසාත්මක කෝණයෙන් ප්‍රතිචාර දක්වා තිබු අතර අප මේ පිළිබඳව අනුෂ්ක උදානගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් සිදුකළා. එහිදී අනුෂ්ක තහවුරු කළේ, එම ඡායාරූප වල සිටින්නේ තමන් නොවන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වස්ති ප්‍රඩක්ෂන් හි අනුෂ්ක උදාන විවාහ වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ දැක්වෙන්නේ වෙනත් පුද්ගලයෙකුගේ විවාහ මංගල උත්වසයක ඡායාරූපයක් බවයි. අනුෂ්ක උදාන සඳහන් කළේ, එම ඡායාරූපයේ දැක්වෙන්නේ තමන් නොවන බවත්, තමන් විවාහ පත් වී නොමැති බවත් ය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වස්ති Productions හි අනුෂ්ක යුග දිවියට?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News