ශෂීන්ද්‍ර රාජපක්ෂ විල්ගමුව රක්ෂිතයේ අක්කර 120ක් පවරා ගෙන තිබෙන බවට පළ වන සටහන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2023-04-10 12:50 GMT

මෙරට දේශපාලන නායකයින් සහ පක්ෂ ඉලක්ක කරගනිමින් පළකරන සටහන් රැසක දක්නට ලැබෙන කරුණක් වන්නේ, මූලාශ්‍ර නොමැති, නැතහොත් ඔප්පු නොකළ හැකි කරුණු අළළා නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් පළකිරීමයි. දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා මෙවන් ක්‍රියාමාර්ග පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. 

ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ විල්ගමුව රක්ෂිතයේ ඉඩමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“IMF ජරමර අස්සේ ශශේන්ද්‍ර රාජපක්ෂ විල්ගමුව රක්ෂිතයේ අක්කර 120ක ප්‍රමාණයක් බිරිඳගේ සමාගමට හොර රහසේම ලියාගෙන ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් උදව් කරලා තව රතිඤ්ඤා දාමු!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් සංසරණය වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

මෙම සටහන් වල දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මේ ඔස්සේ බොහෝ පිරිසක් මේ පිළිබඳව උනන්දුවක් දක්වා ඇති බවත් එහි සත්‍ය අසත්‍යතාව විමසා ඇති බවත්ය.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් වස්ගමුව රක්ෂිතයට ආසන්නව පිහිටා ඇති විල්ගමුව රක්ෂිතයේ අක්කර 120ක ප්‍රමාණයක් බිරිඳගේ සමාගමට ලියා ගෙන ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර ඇත්ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කර බැලුවා. නමුත් එවැනි පුවතක් හෝ විමර්ශන වාර්තාවක් දැක ගන්නට නොලැබුණි.

ඒ හේතුවෙන් අප මේ පිළිබඳව අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් විමසීමක් කිරීමට අප පියවර ගත්තා.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්, ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා ද, මේ සඳහා උපකාර කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල සඳහන් කර තිබූ බැවින් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් මේ පිළිබඳව අප මුලින්ම විමසීමක් සිදු කළා.

ලේකම්වරයා සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක එලෙසින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිඳට හෝ වෙනත් අයෙකුට රක්ෂිතයේ ඉඩමක් පවරා ගැනීමට කිසිදු උපකාරයක් සිදු කර නොමැති බවත්, එමෙන්ම අක්කර 100ක වැනි ඉඩම් ප්‍රමාණයක් පවරනවා නම් අනිවාර්‍යෙන්ම කැබිනට් අවසරයකින් ලබා දියයුතු බැවින් ඒ අයුරින් කැබින්ට අනුමැතිය ලබා දීමට ඉඩම් අමාත්‍යාංශයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බවයි.

එමෙන්ම තමන් විසින් එවැනි කිසිලෙසකත් සිදු කර නොමැති දෙයක් සඳහා මෙවැනි ව්‍යාජ ප්‍රචාර නිර්මණය කරන පුද්ගලයින් ඒ බව තහවුරු කළ සාක්ෂි ඇත්නම් ඒවා ඉදිරිපත් කළ යුතු බවට වැඩි දුරටත් සඳහන් කළා.

ඉඩම් කොමසාරිස් ජනරාල්

ඉඩම් කොමසාරිස් ජනරාල් කේ.ඩී. බන්ධුල ජයසිංහ මහතාගෙන් අප මේ පිළිබඳ විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, රක්ෂිතයේ හෝ විල්ගමුව එම ප්‍රදේශයේ කිසිදු හෝ ඉඩමක් කිසිදු අයෙකුට බැහැර කර නොමැති බවත්, රක්ෂිත රජය සතු වන අතර වාර්ෂික බදු ක්‍රමයට සුළු බෝග වගා කර ගැනීම සඳහා ලබා කොටස් ලබා දෙන අතර වෙනත් කිසිදු අයුරකින් මොනයම් හෝ පුද්ගලයෙකු සඳහා රක්ෂිතයක ඉඩම් පවරා නොදෙන බවයි.

එසේම ඉඩම් කොමසාරිස් ජනරාල් කේ.ඩී. බන්ධුල ජයසිංහ මහතා විසින් සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියකින් දැනුම් දී තිබුනේ තම ආයතනය විසින් විල්ගමුව රක්ෂිතයෙන් අක්කර 120ක ප්‍රමාණයක් කිසිඳු හෝ පාර්ශවයක් වෙත බැහැර කර නොමැති බවයි. එම ලිපිය පහතින්.

එසේම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් රක්ෂිතයේ ඉඩම් ලියා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සටහන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ඉඩම් කොමසාරිස් ජනරාල් අප සමඟ පවසා සිටියා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති 

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්නත විජේසිංහ මහතා විසින් ද, ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ, විල්ගමුව රක්ෂිතයේ කිසිදු ඉඩම් ප්‍රමාණයක් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයාට හෝ එතුමන්ට සම්බන්ධ කිසිදු සමාගමකට හෝ වෙනත් බාහිර පාර්ශවයකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කිසිදු අවස්ථාවකදී පවරාදීමක් සිදු කර නොමැති බවයි.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම්

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුසිත දිසානායක මහතාගෙන් ද, අප මේ පිළිබඳව විමසීමට පියවර ගත්තා.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේ, ඉහත සමාජ මාධ්‍යජාලා සටහන හේතුවෙන් රක්ෂිතයේ එවැනි පවරා දීමක් සම්බන්ධ තොරතුරු සෙවූ නමුත් එවැනි තොරතුරක් තමන්ට දැන ගන්නට නොලැබුණු බවයි.

ඔවුන් යටතේ වසම් 09 ක් පවතින අතර ඉතිරි වසම් 30 ම මහියංගණය ඉඩම් කොමසාරිස් යටතේ පාලනය වන බවත්, ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි රක්ෂිතයේ අක්කර 120 පවරා දුන්නේ නම් ඒ කුමන කොටසේ ද ,යන්න සඳහන් කර නොමැති බවත්, මහියංගණය ඉඩම් කොමසාරිස් කාර්යාලයෙන් ද මේ පිළිබඳ පරීක්ෂා කළ බවත්,  විල්ගමුව රක්ෂිතයේ කිසිදු ඉඩමක් මේ ආකාරයෙන් කිසිදු පුද්ගලයෙක්ට පවරා දීමක් පිළිබඳව වාර්තා වන්නේ නැතිවාක් මෙන්ම රක්ෂිතයේ කිසිඳු ප්‍රදේශයක ඉඩම් එළි කිරීමේ සිද්ධියක් ගැන හෝ තොරතුරු නොමැති බවට තහවුරු කළ හැකි බවයි ඒ මහතා පැවසූවේ.

Global Forest Watch ආයතනයේ වාර්තා අනුව පසුගිය දශක දෙක තුළ විල්ගමුව වනාන්තර ප්‍රදේශයේ වන වැස්ම වෙනස් වී ඇති ආකාරය පිළිබඳ දත්ත කිහිපයක් මෙතනින්.

පරිසරවේදී නීති‍ඥ ජගත් ගුණවර්ධන

පරිසරවේදී නීති‍ඥ ජගත් ගුණවර්ධන මහතා පවසා සිටියේ, නීතිඥවරයෙකු ලෙස, කිසිදු ලියවිල්ලක් නොමැතිව ඉඩමක් පවරා දීම පිළිබඳ පැවසිය නොහැකි බවත්, රක්ෂිතයක ඉඩම් පවරා දීම සිදු කළ නොහැකි බවත්, වාර්ෂික බදු පදනම මත වගා කිරීම වැනි කටයුතු සඳහා තාවකාලිවකව ඉඩම් ඇතැම් අවස්ථාවල ලබා දෙන බවත්, හොර රහසේ හෝ මෙහි සඳහන් පරිදි ලියවිල්ලකින් පවරා ඇත්නම් ඒවා කෙදිනක හෝ හෙළි වනු ඇති බවයි.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ පිළිබඳ සිය නිල ෆේස්බුක් හි සටහනක් පළ කරමින් සඳහන් කළේ, අසත්‍ය හා ද්වේශ සහගත පුවතක් තමන්ගේ නම භාවිත කරමින් ව්‍යාප්ත වන බවයි. එම ෆේස්බුක් සටහන මෙතනින්. Archived Link

එමෙන්ම තමන් විසින් තමන්ගේ බිරිඳගේ සමාගමකට විල්ගමුව රක්ෂිතයේ අක්කර 120ක ප්‍රමාණයක් හොර රහසේ පවරාගෙන ඇති බවට පළ වන සටහන් හේතුවෙන් තමන් එවැනි ක්‍රියාවක් සිදු කර ඇත්නම් එම තොරතුරු හෙළි කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කළ ලිපිය පහතින්.

රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් ද අප මේ ගැන විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, මෙය අසත්‍ය පුවතක් බවත්, අමාත්‍යවරයාගේ නම කැළළක් ඇති කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කර ඇති බව ත්, මේ පිළිබඳව නීතිමය පියවර ගත් බවත් ය.

රජයේ ඉඩම් පිළිබඳ කාර්ය සංග්‍රහය මෙතනින්.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉඩම් සම්බන්ධ නිසියාකාර දැනුමක් නොමැතිකමින් පීඩා විඳින ග්‍රාමීය ජනතා වෙනුවෙන් රජයේ අණපණත් , නීතිරීති පිළිබඳ සරළව අවබෝධය ලබා දීමට නිර්මාණය කරන ලද ඉඩම් කඩම් දැනමුතුකම් අත්පොත මෙතනින්.

සැ.යු. : යම්කිසි නෛතිමය ලියවිල්ලකින් තොරව හෝ ඇතිව ඉඩම් පවරා ගැනීම, රක්ෂිතවල ඉඩම් ජාවාරම්කරුවන් සම්බන්ධ ඉඩම් විකිණීම වැනි පුවත් ඈත අතීතයේ පටන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබේ. ඇතැම් අවස්ථාවල දී එසේ හොර රහසේ, අනෛතිකව සෑදු බවට කියන ලියකියවිලි ද ඉදිරිපත් වෙන අතර මේ ඔස්සේ ඉඩම් ජාවාරම් පිළිබඳ තොරතුරු අනාවරණය වන අතර මෙවැනි අවස්ථා සඳහා දේශපාලනඥයන් සම්බන්ධ වූ අවස්ථා ගණනාවක් ද පිලිබඳ මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබෙනවා. කෙසේ හෝ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන සිදුවීම සම්බන්ධ මෙතෙක් කිසිදු ලියකියවිල්ලක් සාක්ෂියක් වාර්තා වී නොමැති අතර එලෙසින් ලියකියවිලි වාර්තා වූයේ නම් එහි වලංගුභාවය පිළිබඳව සොයා බලා මෙම ලිපිය යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශෂීන්ද්‍ර රාජපක්ෂ විල්ගමුව රක්ෂිතයේ අක්කර 120ක් පවරා ගෙන තිබෙන බවට පළ වන සටහන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News