මංජු නිශ්ශංක, නාලක ගොඩහේවා සහ X-Press Pearl ගැන හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2023-04-28 17:20 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකා වෙරළ තීරයට සහ ජලජ ජීවින්ට විශාල හානියක් සිදු කරමින් X-Press Pearl නැව අනතුරට ලක්වී මේ වෙද්දී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මෙම අනතුර මඟින් සිදුවූ හානි සඳහා වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම පිලිබඳ බොහෝ පාර්ශව දිගින් දිගටම හඬ නැගු අතර නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය දිනෙක තීරණය කර තිබුනේ සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමටයි. එම තීරණය පිළිබඳව ද බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණා.

මේ පසුබිම අතරතුර පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදුකරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ නැව් සමාගම මගින් විශාල වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමෙන් වැලකීමට, අදාළ පාර්ශවයන්ට බලපෑම් කිරීමේ අරමුණින්, ඩොලර් මිලියන 250ක මුදලක්, චාමර ගුණසේකර නම් පුද්ගලයෙකුගේ ගිණුමට බැරකර ඇති බවත්, එම බැංකු ගිණුම ලියාපදිංචි කර ඇත්තේ බ්‍රිතාන්‍ය තුළ ලියාපදිංචි බැංකුවක බවයි. ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ චාමර ගුණසේකර යනු කවුරුන්ද බව හෝ තොරතුරේ නිරවද්‍ය බව නොදන්නා බව සහ මෙම තොරතුර තමන් රහස් පොලිසියට ලබාදුන් බවයි.

ඒත් සමගම බොහෝ දෙනා චාමර ගුණසේකර කවුරුන්ද යන්න පිලිබඳ විමසිලිමත් වුණා. මේ අතර සමහර සමාජ ජාලා සටහන්වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ චාමර ගුණසේකර ලෙස හැදින්වෙන්නේ මංජු නිශ්ශංක නමැති පුද්ගලයෙකු බවයි. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් මේ.

සමාජ ජාලා සටහන් 

චාමර ගුණසේකර ලෙස හැදින්වෙන්නේ මංජු නිශ්ශංක බවට ලංකා ඊ නිව්ස් ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබුණු අතර ඔවුන්ගේ බ්ලොග් අඩවියේ ලිපියක ද ඒ සම්බන්ධ සටහනක් පළව තිබුණා.

එහි දැක්වෙන්නේ මංජු නිශ්ශංක යනු හිටපු වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සමඟ සමීපව කටයුතු කල පුද්ගලයෙකු බව සහ චාමර ගුණසේකර නමින් හැදින්වෙන්නේ ද මංජු නිශ්ශංකම බවයි.

මේ සම්බන්ධව ඊ නිව්ස් ෆේස්බුක් පිටුවේ පළව තිබුණු සටහන පහතින්.

Facebook| Archived

මේ පොස්ටුවේ දක්වා ඇති සබැඳි හරහා ඊ නිව්ස් බ්ලොග් අඩවියේ සහ වෙබ් අඩවියේ පළව තිබුණු සටහන් උපුටා ගැනීමක් පහතින්.

ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි වූ චාමර ගුණසේකර සහ මංජු නිශ්ශංක යනු දෙදෙනෙක් නොව එක් අයෙක් ද විය හැකිය. මංජු නිශ්ශංක යනු වාසගමක් නොමැති නමකි. මොහුගේ නියම නම චාමර මංජු නිශ්ශංක ගුණසේකර විය හැකිය. මොහු එංගලන්තයේ ඉගෙන ගන්නා කාලයේ නෙට් වෙස්ට් බැංකුවේ ඇරඹූ ගිණුමක් විය හැකිය. එංගලන්තයේ දී ශිෂ්‍යයෙකුට පහසුවෙන් ගිණුමක් ආරම්භ කළ හැකි අතර එහිදී මුල් නම සහ වාසගම පමණක් සෑහේ. එසේ නොවන්නේ නම් චාමර ගුණසේකර යනු මංජුගේ නිශ්ශංකගේ හෙංචයියකු ද විය හැකිය. ඉහත කාරණා සහ නාලක ගොඩහේවාට චාමර ගුණසේකර මුදල් එවූයේ ඇයි යන වග සොයාගැනීමේ අභියෝගය අපි ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සහ මේ පිළිබඳ පරීක්ෂන පවත්වන සීඅයිඩියට බාරදෙන අතර ඔවුන් ඒ පිළිබඳ අසමත් වේ නම් ඒ ගැන සොයා දීමට ද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට හැකි බවද ප්‍රකාශ කරමු.

E- News Blog | Archived

මෙහි තවත් බොහෝ කරුණු ද සඳහන් වනවා. ඒ අතර මංජු නිශ්ශන්ක ගේ අධ්‍යාපන පසුබිම, ඔහු කලක් නාලක ගොඩහේවාට සහාය දුන් අයුරු, පසුව අරගලයට සහාය දුන් බව ආදී තොරතුරුද සඳහන් .

එමෙන්ම නාලක ගොඩහේවාට ඔහු මැතිවරණ සමයේ මුදල් ලබාදුන්නේ චාමර ගුණසේකර නමින් ඇති ගිණුමක් හරහා බවද සඳහන්. කෙසේ නමුත් එය ස්වාධීනව සත්‍යාපනය කිරීමට අපහසු කරුණක්.

නමුත් මංජු නිශ්ශංක ලෙස හැඳින්වෙන්නේ චාමර ගුණසේකරම විය හැකි බවට සඳහන් කර තිබෙන බැවින් මංජු නිශ්ශංක යනු කවරෙක් ද යන්න සොයා බැලීමට අප කටයුතු කළා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර ලෙස හැදින්වෙන්නේ එකම පුද්ගලයෙක් බවට කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් සඳහන් කර තිබුණේ නැහැ.

මේ පිලිබදව විමසීමට මංජු නිශ්ශංක සම්බන්ධ කර ගැනීමට අපට හැකිවූ අතර ඔහු පැවසුවේ තමාට එල්ලවන චෝදනා සම්පුර්ණ අසත්‍ය බවයි . එමෙන්ම සිය නම මංජු නිශ්ශංක බවත්, එහි වෙනත් කොටස් නොමැති බවත් ඔහු පැවසුවා. මංජු යනු සිය මුල් නම සහ නිශ්ශංක යනු වාසගම බවත් ඔහු සඳහන් කරා. ඒ බව තහවුරු කිරීමට ඔහුගේ ජාතික හැදුනුම්පතේ සහ ගමන් බලපත්‍රයේ පිටපත් ලබාගැනීමට ද අපට ලබාදුන් අතර අතර එහි සඳහන්ව ඇත්තේ ද මංජු නිශ්ශංක යන නම පමණයි.

මංජු නිශ්ශංකගේ ජාතික හැඳුනුම්පතේ සහ ගමන් බලපත්‍රයේ පිටපත් පහතින්.

මංජු නිශ්ශංක ගේ නම මුලින් තිබී ඇත්තේ මංජුල නලින් නිශ්ශංක ලෙසයි. ඉන්පසුව තමන් සිය නම “මංජු නිශ්ශංක” ලෙස නිත්‍යානුකූලව වෙනස් කල බව ඔහු අප සමග අනාවරණය කළා.

කෙසේ වෙතත් තමන් හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාට මැතිවරණ සමයේ උදවු උපකාර කල බව මංජු නිශ්ශංක පිළිගත්තා. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරාවි යන විශ්වාසය මත, තමන් ඇතුළු විදෙස්ගතව සිටි බොහෝ දෙනා ලංකාවට පැමිණ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට උදවු කල බවයි.

එලෙසම තමන් ගම්පහ ප්‍රදේශයේ උපන් අයෙක් බැවින් පසුගිය මැතිවරණයේ දී පොහොට්ටුවේ නියෝජිතයෙක් ලෙස මහ මැතිවරණයට ගම්පහින් ඉදිරිපත්වූ නාලක ගොඩහේවාටද සහාය දැක්වූ බව මංජු නිශ්ශංක පැවසුවා.

කෙසේ නමුත් කාලයක් සමග දේශපාලන තලයේ සිදුවූ වෙනස්කම් සලකා බලා ගාලු මුවදොර අරගලයට තමන් බොහෝ සෙයින් සහාය ලබාදුන් බවත් ඔහු පිළිගත්තා. එමෙන්ම ඊ නිව්ස් වාර්තාවේ සඳහන් සිය අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු සත්‍ය බවත්, නමුත් එහි සඳහන්ව තිබෙනවාටත් වඩා තමන්ට අධ්‍යාපන සුදුසුකම් ඇති බවත් නිශ්ශංක අප සමග පැවසුවා.

කෙසේ නමුත් චාමර ගුණසේකර නම් පුද්ගලයෙක්ව හෝ නොදන්නා බවත් චාමර ගුණසේකර නැමැත්තෙකුට තමා කිසි ලෙසක මුදල් ලබා දී නොමැති බවත් පවසමින් මංජු තවදුරටත් පවසන්නේ එංගලන්තයේ Natwest බැංකුවේ ගිණුමක් හෝ තමාට ගිණුමක් නොමැති බවයි. එසේම මෙම අසත්‍ය  පුවත පළකල  ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව එම වෙබ් අඩවියේ මෙහෙයුම් කටයුතු සිදුවන බ්‍රිතාන්‍යයේ අධිකරණයක නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයතු කරන බවත් සඳහන් කළා.

මංජු නිශ්ශංක පිලිබදව වැඩිදුර තොරතුරු දැනගත හැකියි ඔහුගේ Linkedin ගිණුම හරහා මෙතනින්.

එසේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් තමාගේ නම යොදාගෙන Lankaenews වෙබ් අඩවියේ පලකර ඇති ලිපිය, ඉතා ද්වේශසහගතව තමාගේ දේශපාලන කටයුතු ඉලක්ක කරගනිමින් පුද්ගලික මඩ ගැසීමේ අරමුණින් පළකර ඇති අසත්‍ය ලිපියක් බව, අද(28) දින මාධ්‍ය හමුවකට එක්වෙමින්, මංජු නිශ්ශංක කරුණු පැහැදිලි කර තිබුණා. එහිදී ඉහත කරුණු වලට අමතරව මංජු නිශ්ශංක නමින් ඇමරිකා එක්සත් ජනපදයේ දී ඔහු භාවිතා කළ රියදුරු බලපත්‍රය ද ඔහු පෙන්වා සිටිනවා. එම සම්පුර්ණ කරුණු දැක්වීම පහතින්.

Full View

මේ දිනවල ලංකාවේ බොහෝ ලෙස සෙවුම් සිදුකර තිබෙන චාමර ගුණසේකර නම් පුද්ගලයා සම්බන්ධයෙන් අප තොරතුරු විමසා බැලීමට කටයුතු කළ ද, ඒ සම්බන්ධ නිල තොරතුරක් අපට මෙතෙක් වාර්තා නොවුණි.

ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි මංජු නිශ්ශංක එංගලන්තයේ දී සිය අධ්‍යාපනය හදාරන සමයේදී ඇරඹූ නැට්වෙස්ට් බැංකුවේ ගිණුමක් හරහා එම මුදල් ගණුදෙණුව සිදු කළා නම්, විදේශ ගමන් බලපත්‍රයේ මෙන්ම හැඳුනුම්පතේ ද, දක්වා ඇති සත්‍ය නමින් එම ගිණුම ආරම්භ කිරීම සිදුවිය යුතු අතර, අන්වර්ත නාමයකින් බැංකු ගිණුමක් ආරම්භ කළ නොහැක. ව්‍යාජ කරුණු ඉදිරිපත් කොට ගිණුමක් ආරම්භ කළ බවට ද කිසිඳු සාක්ෂියක් නොමැති අතර ඊ නිව්ස් වාර්තාවේ අඩංගු කරුණු බොහොමයක් උපකල්පන ආකාරයෙන් ඉදිරිපත් කර තිබු බව ද පෙනෙනවා.

සත්‍ය වශයෙන් ම චාමර ගුණසේකර නමැති පුද්ගලයෙක් සිටිනවා ද නැද්ද යන්න පැවසීමට අපට ප්‍රමාණවත් තොරතුරු නොලැබුණත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ලබා ගත හැකි නිල තොරතුරු ඇත්නම් ඒ පිළිබඳ මෙම ලිපියේ තොරතුරු යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන අතර ඉහත කරුණු පැහැදිලි කිරීමෙන් අප පෙන්වා දී ඇත්තේ මෙතෙක් මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර යන අය දෙදෙනා එක් අයෙකු බවට පිළිගත හැකි පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් නොමැති බවයි.

එසේම X-Press Pearl නැව් අනතුරට පෙර අනතුරට ලක්වූ New Diamond නැව හා සම්බන්ධව වන කරුණක් සම්බන්ධව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසුම් සංවාදයක් ඇතිවුනේ මෙලෙසින්. එම නැව අනතුරට ලක්වන අවස්ථාවේත් වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියේ නාලක ගොඩහේවායි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මංජු නිශ්ශංක, නාලක ගොඩහේවා සහ Express Pearl ගැන හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Fact Check By: Fact Crescendo Team

Result: Explainer

Tags:    

Similar News