පොදුජන පෙරමුණේ මෙවර මැයි රැළියට සම්බන්ධ ඡායාරූපයක් ද?

Update: 2023-04-29 11:46 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දාට සමගාමිව පැවත්වෙන මැයි දිනය සැමරීම සඳහා, වසර කිහිපයකට පසුව, ප්‍රධාන දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වනවා. මේ අතර මෙවර පොදු ජන පෙරමුණේ මැයි රැළියේ තේමා පාඨයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වූ ඡායාරූපයක් බහුලව සංසරණය වනවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමක් අප සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

2023 ලෝක කම්කරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වමට නියමිත මැයි රැලිය ඒකාබද්ධ මැයි රැළියේ තේමා පාඨය “බදුබරට, පාවාදීමට, බැඳුම්කර මංකොල්ලයට, ජාතික සම්පත් විකිණීමට, මර්ධනයට එරෙහි.. ඒකාබද්ධ මැයි රැළිය” බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එම ඡායාරූප සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙවර පොදුජන පෙරමුණ විසින් පැවැත්වීමට නියමිත මෙවර මැයි දින සැමරුමේ රැළියේ තේමාව මෙය බවටත්, ඉහත ඡායාරූපය මෙවර මැයි රැළයට සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූපයක් බවටත්, බොහෝ දෙනා උපකල්පනය කර තිබුණා. 

ඒ බවට පළ වූ තවත් සටහන් මෙතනින් සහ මෙතනින් Archived Link | Archived Link

මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම “ඒකාබද්ධ මැයි රැළිය” පිළිබඳ සෙවීමක් සිදු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ මීට වසර 5 කට පෙර ලබාගත් ඡායාරූපයක් බවයි.

පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ 2018 මැයි දින රැළියේ සේයාරුවක්!

ඒකාබද්ධ මැයි රැලියට සූදානම් වන ගාල්ල සමනල ක්‍රීඩාංගනය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සේයාරුවම, 2018 මැයි මස 6 දින ෆේස්බුක් හි පළකර තිබූ අවස්ථාවක් පහතින්.

2018 May Photo Album | Archived

එලෙසින් ඡායාරූප සටහන් සංසරණය වී තිබූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින්. 2018 මැයි 07 වනදා ගාල්ල සමනල ක්‍රීඩාපිටියේ පැවැත්වූ, එවකට පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියේ සජීවි විකාශය මෙතනින්. ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් මෙතනින්.

අභියෝග බිඳ අභිලාශ ජයගමු’ තේමාවෙන් 2023 පොදුජන පෙරමුණ මැයි රැළිය පවත්වන්නේ බොරැල්ල කැම්බල් පිටියේ!

ඉන්පසුව අපගේ අවධානය යොමු වූයේ පොදුජන පෙරමුණ විසින් මෙවර 2023 වර්ෂයේ ලෝක කම්කරු දිනයට සමගාවීම මැයි දින රැළියක් සිදු කරනවා ද යන්නයි . ඒ අනුව, අප එම පක්ෂයේ මන්ත්‍රී සංජීව එදිරිමාන්නගෙන් මේ පිළිබඳව විමසා සිටියා. ඒ මහතා සඳහන් කළේ, ‍ මෙවර පොදුජන පෙරමුණ මැයි රැළිය බොරැල්ල කැම්බල්පිටියේදී මැයි මස 01 වනදා සවස 2.00ට ඇරඹීමට නියමිත බවයි.

එමෙන් ම මෙවර තේමාව සම්බන්ධයෙන් ද, අප විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ, මෙවර මැයි රැළියේ තේමාව වන්නේ, “අභියෝග බිඳ අභිලාශ ජයගමු” යන්න බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ තිබෙන්නේ 2018 වසරේ පැවැත්වූ මැයි රැළියට පෙර ලබාගත් සේයාරුවක් බවත්, එම තේමාව මෙවර වේදිකාවේ දැක්වෙන්නේ නැති බවත්ය.

මැයි 01 වන දා ලෝක කම්කරු දිනයට සමගාමීව පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ජන රැළිය පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා හා මන්ත්‍රී සංජීව එදිරිමාන්න එක්වූ මාධ්‍ය සාකච්ඡාවක් පහතින්.

Full View

ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති නිවේදනය මෙතනින්

එමෙන්ම මෙවර බොරැල්ල කැම්බල් පිටියේ මැයි 01 වන දා ට පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණ රැළියට සූදානම් කර ඇති ‘අභියෝග බිඳ අභිලාශ ජයගමු’ යන තේමාව රැගත් බැනරයක් අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Facebook | Facebook | Archived Link

2023 බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වීම නියමිත පොදුජන පෙරමුණ මැයි රැළියේ සුදානම පිලිබඳ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමයේ අද(29) පළකර තිබූ ෆේස්බුක් ඡායාරූප එකතුවක් මෙතනින්. මෙහි වේදිකාව සම්පුර්ණයෙන් ඉදිවීමෙන් පසුව එහි ඡායාරුපයක් සමඟ මෙම ලිපිය යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.

ඒ අනුව පැවසිය හැක්කේ ඉහත සමාජ මාධ්‍ය හුවමාරු වන්නේ මෙවර මැයි දිනය  වෙනුවෙන් පොදුජන පෙරමුණේ සුදානමේ ඡායාරුපයක් නොව, 2018 වසරේ ගාල්ල සමනල ක්‍රීඩා පිටියේදී පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ මැයි රැළිය සඳහා සූදානම් වෙමින් තිබූ වේදිකාවේ ඡායාරූපයක් බවයි.

Also Read: හවුල් ආණ්ඩුවට එරෙහිව අප්‍රේල් 02 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක්?

කම්කරු දිනය හේතුවෙන් අරගල භූමියට පැමිණි නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ධජය, ගාලු මුවදොර අරගල භූමියේදී ඊලාම් ධජයක් ලෙස හුවමාරු වූ අයුරු

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

මෙවර 2023 ලෝක කම්කරු දිනයට සමගාමීව පවත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වේදිකාවේ තේමාව “බදුබරට, පාවාදීමට, බැඳුම්කර මංකොල්ලයට, ජාතික සම්පත් විකිණීමට, මර්ධනයට එරෙහි.. ඒකාබද්ධ මැයි රැළිය” යැයි හඟවමින් හුවමාරු වන්නේ 2018 මැයි 07 වනදා ගාල්ල, සමනල ක්‍රීඩා පිටියේදී එවකට පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මැයි රැළිය සඳහා සූදානම් වෙමින් තිබූ වේදිකාවේ ඡායාරූපයකි. එසේම 2023 පොදුජන පෙරමුණේ මැයි රැළිය බොරැල්ල කැම්බල්පිටියේ දී පැවැත්වීමට නියමිත අතර එහි තේමාව වන්නේ, ‘අභියෝග බිඳ අභිලාශ ජයගමු’ යන්නයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පොදුජන පෙරමුණේ මෙවර මැයි රැළියට සම්බන්ධ ඡායාරූපයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News