IPL ඉතිහාසයේ එකම ලකුණක් වත් නොදී 20 වන පන්දුවාරය යැවූ ප්‍රථම පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ ද?

Update: 2023-05-23 17:26 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල අවසන් අදියරේ පැවැත්වෙන IPL තරඟාවලිය පිළිබඳව ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරේ ද පවතින්නේ දැඩි උනන්දුවක්. විශේෂයෙන්ම ඉහළින් දස්කම් දක්වන කණ්ඩායමක් වන චෙන්නායි පිළේ පන්දු යැවීමේ අංශයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහිෂ් සහ මතීෂගේ දස්කම් දැකගැනීමට ලංකාවේ බොහෝ ක්‍රීඩා ලෝලීන් උත්සුක වී තිබෙනවා.

එවන් පසුබිමක චෙන්නායි පිළ මුහුණ දුන් මූලික වටයේ අවසාන තරඟයේ දී දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ සුවිශේෂී දස්කමක් දැක්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වුණා.  

සමාජ මාධ්‍ය සටහන් :

“IPL ඉතිහාසයේ 20 වන පන්දුවාරය නිලකුණුව යැවූ ලොව එකම පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ” බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් රැසක් අතර සංසරණය වූයේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පන්දුවාර විස්සේ (T20) තරඟයක දී 20 වෙනි පන්දුවාරය (අවසන් පන්දු වාරය) සුවිශේෂී වන අතර එහිදී හැකි තරම් ලකුණු රැස් කර ගැනීමට පිතිකරුවන් උත්සුක වෙනවා. මේ හේතුවෙන් T20 තරඟයක දී අවසන් පන්දුවාරයේ පන්දු 6ටම ලකුණු ලබා නොදීම (නිලකුණු) කර ගැනීම ඇත්තෙන්ම ඉතා අසීරු මෙන්ම දුලභ කාර්යයයක්. 

කෙසේනමුත් සමාජ මාධ්‍ය සටහන්හි දැක්වූ පරිදි IPL තරඟ ඉතිහාසයේ දී විසි වෙනි පන්දුවාරය නිලකුණු කරගත් පළමු පන්දු යවන්නා මහිෂ් තීක්ෂණ ද ?

මහිෂ්ට පෙර IPL පිටියේ 20 වැනි පන්දුවාරය නිලකුණු කරගත් ක්‍රීඩකයින් 4 දෙනෙක් සිටිනවා!

ඒ අතර ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ද වෙනවා. ලසිත් මාලිංග එම දක්ෂතාව දක්වා තිබුණේ 2009 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින්. එහිදී ඔහු ද මහිෂ් මෙන්ම කඩුළු දෙකක් ද දවා ගැනීමට සමත් වී තිබුණා.

මීට අමතරව 20 වන පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් කරගත් අනෙකුත් පන්දු යවන්නන් වන්නේ, 2008 පළමු IPL තරඟාවලියේදී Irfan Pathan (කඩුළු නොලබා), 2017 වසරේ දී Jaidev Unadcat ( පිට පිට කඩුලු ත්‍රිත්වයක් ද හිමිකරගනිමින්) සහ 2022 වසරේ Umran Malik (කඩුළු 3ක්) යන ක්‍රීඩකයින්. 

මෙහිදී විශේෂත්වය වන්නේ මාලිංග හැර ඉතිරි ක්‍රීඩකයින් තිදෙනාම ඉන්දීය ක්‍රීඩකයින් වීමයි. ඒ අනුව මාලිංග ට පසුව, 20 වෙනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් කරගත් විදේශීය පන්දු යවන්නා වීමේ ගෞරවය මහිෂ් තීක්ෂණ ට හිමිවෙනවා.

එසේම මහිෂ්ට පෙර IPL පිටියේ දී නිලකුණු 20 වැනි පන්දුවාරයක් යැවූ පන්දු යවන්නන් සියලු දෙනාම වේග පන්දු යවන්නන් හෝ මද වේග පන්දු යවන්නන් බැවින්, IPL තරගයකදී 20 වෙනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් කරගත් පළමු දඟපන්දු යවන්නා වීමේ ගෞරවය හිමිවන්නේ මහීෂ් තීක්ෂණටයි. 

ලසිත් මාලිංග සහ Umran Malik යන වේග පන්දු යවන්නන් දෙපළ, මෙම අවසන් පන්දු වාරය නිලකුණු කරගෙන තිබුණේ පළමු ඉනිම තුල දී වීම ද විශේෂ කාරණයක්. මහිෂ් මෙන්ම Irfan Pathan සහ Jaidev Udakat එම දස්කම දක්වා තිබුනේ දෙවන ඉනිමේ පන්දු යැවීමේ දී යි.

මේ පිළිබඳ වාර්තා මෙතනින් සහ මෙතනින්.

මහිෂ් තීක්ෂණ විසින් විසි වැනි පන්දුවාරය නිලකුණු කරගත් අයුරු!

මෙම සුවිශේෂී දස්කම දැක්වීමට ලංකාවේ ක්‍රීඩකයෙකු වන මහිෂ් තීක්ෂණ ට හැකියාව ලැබුනේ මැයි මස 20 වැනිදා Delhi Capitals පිළට එරෙහිව, චෙන්නායි පිළ මුහුණ දුන් සිය මුලික වටයේ අවසන් තරඟයේ දීයි.

එම පන්දුවාරය යවන විටත් Delhi Capitals පිළ තරඟයේ පරාජය අභිමුඛව සිටි අතර, මෙම නිලකුණු පන්දුවාරයේ දී පිට පිට කඩුළු දෙකක් (3 වන සහ 4 වන පන්දුවලදී) දවා ගන්නා මහිෂ් ට, තුන්වන කඩුල්ල අවාසනාවන්ත ලෙස අහිමි වන්නේ 5 වන පන්දුව ලෙග්-ස්ටම්ප් එකකට පිටතින් පතිත වීම හේතුවෙන්.

එම තරඟයෙන් ලකුණු 77ක විශාල ජයක් Chennai Super Kings පිළට හිමි වූ අතර එම තරඟය පිළිබඳ විස්තර මෙතනින්. එම තරඟය ජයත් සමඟ චෙන්නායි පිළ, IPL තරඟාවලියේ අවසන් සිව් දෙනාගේ (Play-Off) වටයට සුදුසුකම් ලැබූ අතර ඉන්පසුව ගුජරාට් පිළ සමඟ පවැති තරඟය ද ජයගනිමින් මේ වන විට IPL අවසන් මහා තරඟයටත් සුදුසුකම් ලබා තිබෙනවා. මෙම ජයග්‍රහණ සඳහා මහිෂ් මෙන්ම මතිෂ පතිරණ යන ලංකික පන්දු යවන්නන් යුවලගේ දායකත්වය තීරණාත්මක සාධකයක් වී තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, IPL ඉතිහාසයේ 20 වන පන්දුවාරය එකදු ලකුණක් වත් නොදී, නිලකුණු පන්දුවාරයක් කරගත්, ලොව එකම පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

මීට පෙර එම දස්කම් දැක්වූ පන්දු යවන්නන් 4 දෙනෙක් සිටිනවා. ඒ අතර මෙරට සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග ද සිටින අතර අනෙක් 3 දෙනාම ඉන්දීය පන්දු යවන්නන්. ඒ අනුව IPL පිටියේ දී 20 වැනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් කරගත් පස්වැනි ක්‍රීඩකයා සහ මාලිංග ට පසු දෙවන විදෙස් රටක (ඉන්දියාවේ නොවන) පන්දු යවන්නා වන්නේ මහිෂ් තීක්ෂණයි. එමෙන් ම IPL තරගයකදී 20 වෙනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් සමගින් කඩුළු දෙකක් දවාගත් පළමු දඟපන්දු යවන ක්‍රීඩකයා වීමේ ගෞරවය ද මහීෂ් තීක්ෂණට හිමිවෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:IPL ඉතිහාසයේ 20 වන පන්දුවාරයේ එකම ලකුණක් වත් නොදී පන්දු යැවූ ප්‍රථම පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ ද?

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News