නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සාලිය පීරිස් නොවේ!

Update: 2023-05-30 07:07 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

බුදු දහම සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පසුගිය දා අත්අඩංගුවට පත් වූ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සම්බන්ධ නඩුවේ දී ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“බුදුන්ට අපහස කළේ විහිළුවට.  ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාරියට ඇප ලබා දෙන්න. නීතිඥ සාලිය පීරිස් නටාෂා වෙනුවෙන් අධිකරණයේ!” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ ද, මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙය සත්‍යයක් බව ට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් ද, නීතිඥ සාලිය පීරිස් මහතා නතාෂා වෙනුවෙන් පෙනී සිටින බවයි දක්වා තිබුණේ.

Dinamina 29/05/23. එහි වෙබ් පුවතේ ද, එය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

ලංකාදීප ජාතික පුවත්පතේ ද, ඊයේ(29) දින එය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රහසන ශිල්පිනී ජයනි නතාෂා එදිරිසූරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පළ කර තිබුණා.

එසේම කිහිප දෙනෙක් මෙම පුවත අසත්‍ය බවට ද අදහස් පළකර තිබීම හේතුවෙන්, මේ පිළිබඳව වැඩිදුර කරුණු ලබාගැනීමට අප නීතිඥ සාලිය පීරිස් මහතාගෙන් විමසීමක් සිදු කළා.

නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේ, තමන් නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥවරයා නොවන බවත්, ඇතැම් මාධ්‍ය වාර්තා වල පෙන්වා දුන් පරිදි තමන්, පසුගිය 28 වන දා කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ පෙනී නොසිටි බවත්, එය අසත්‍ය තොරතුරක් බවයි.

මේ සම්බන්ධයෙන් නීතිඥ සාලිය පීරිස් මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ ද, සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අධිකරණ මාධ්‍ය වාර්තාකරුවන් කිහිපදෙනෙකුගෙන් ද, විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ ද, නතාෂා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන්නේ, සාලිය පිරිස් නොව, නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් බවයි.

එමෙන් ම ඊයේ(29) දිනයේ පළ කර තිබූ අසත්‍ය තොරතුර නිවැරදි කරමින් ‘දිනමිණ’ පුවත් පත ද, එම නඩුව සම්බන්ධ නීතිඥ වරයා ලෙස කටයුතු කරන්නේ නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා බවට දක්වා තිබුණේ මෙලෙසින්.

ICCPR පනත යටතේ චෝදනා ගොනු කොට ඇති, 'බුදුදහමට අපහාසයක් කළ බවට' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ප්‍රහසන ශිල්පිනි නාතාෂා එදිරිසුරිය විසින් පසුගියදා කොළඹ දී පැවැත්වූ ප්‍රහසන වැඩ සටහනකදී බුදු දහම සම්බන්ධ කරමින් සිදු කළ ප්‍රකාශයන් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හේතු වී තිබුණා.

Also Read : නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මේ වන විට බන්ධනාගාර ගත කර සිටින ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින නීතිඥවරයා වන්නේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ජාලා වල පළ වූ සටහන් අසත්‍ය බවයි. එම නඩුව සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥවරයා වන්නේ, නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා ඇතුළු පිරිසකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සාලිය පීරිස් නොවේ!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News