රාජ්‍ය බැංකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු ඔස්සේ හුවමාරු වන ව්‍යාජ තරඟවලින් ප්‍රවේශම්වන්න!

Update: 2023-05-31 05:42 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලංකා බැංකුව සහ මහජන බැංකුවේ ෆේස්බුක් පිටු ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යැවීම සඳහා නිර්මාණය කර තිබූ ව්‍යාජ තරඟ පිළිබඳව හුවමාරු වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මූල්‍ය ආයතන විසින් මුදල් ආධාර ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ තරඟයක ස්වභාවයෙන් මෙම සටහන් නිර්මාණය කර තිබුණා.

ලංකා බැංකුව බවට හැඟවීමට එම නමින් නිර්මාණය කළ ෆේස්බුක් පිටුවක දැක්වුණේ

“ආයුබෝවන් හැමෝටම, අද අපේ බැංකුව පින්තූරයේ {D} හැර වෙනත් ලිපියක් සොයා ගත හැකි සැමට මුදල් ආධාර ලබා දීමට තීරණය කළා. නිවැරදිව අනුමාන කරන වේගවත්ම පුද්ගලයින් 100 දෙනාට අපෙන් ත්‍යාගයක් ලැබේ.

ඔබගේ නම ලියාපදිංචි කිරීමට අමතක නොකරන්න,

මෙහි ක්ලික් කරන්න

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එසේම මහජන බැංකුව බවට හඟවමින් එම නමින් නිර්මාණය කළ ෆේස්බුක් පිටුවක දැක්වුණේ

“ආයුබෝවන් හැමෝටම, අද අපේ බැංකුව පින්තූරයේ {K} හැර වෙනත් ලිපියක් සොයා ගත හැකි සැමට මුදල් ආධාර ලබා දීමට තීරණය කළා. නිවැරදිව අනුමාන කරන වේගවත්ම පුද්ගලයින් 100 දෙනාට අපෙන් ත්‍යාගයක් ලැබේ.

ඔබගේ නම ලියාපදිංචි කිරීමට අමතක නොකරන්න,

මෙහි ක්ලික් කරන්න

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් දෙක සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වූවන් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්.

එමෙන් ම ලංකා බැංකුව විසින් පවත්වන තව ත් ගිණුම් ඇදීමක් පිළිබඳව ද, සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

"තරඟය..!! 500-5000 𝙇𝙆, පළමු වාසනාවන්තයින් 150 සඳහා. වාසනාවන්ත අංක සහිත ලියුම් කවර වලින් එකක් තෝරා ඔබේ තේරීම අනුව ලියුම් කවර වලින් මුදල් උපයන්න.
. ඔබගේ නම දැනටමත් අපගේ මාර්ගගත ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ ඇති බවට වග බලා ගන්න.
මෙතනින් ගන්න 👉 https://tinyurl.com/44vztex6 💙
නම ලියාපදිංචි කිරීම ජයග්‍රහණය කිරීමෙන් පසු ජයග්‍රාහකයාට වහාම මුදල් ත්‍යාගයක් ලැබෙනු ඇත 🏆💙
"

Facebook | Archived Link

මේ සඳහා ෆේස්බුක් පරිශිලකයින් දක්වා තිබූ ප්‍රතිචාර පහතින්

එමෙන් ම ඉහත ෆේස්බුක් පිටුවේ පළ වූ තව ත් තරඟයක සම්බන්ධ සටහනක් පහතින්.

Facebook | Archived Link

LG Fans නමැති ෆේස්බුක් පිටුවක ද, තව ත් තරඟයක් පවත්වමින් ජයග්‍රහකයින් සඳහා මුදල් ත්‍යාග පිරිනමන බවට දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ පිළිබඳ සත්‍ය විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලංකා බැංකුව

අප ප්‍රථමයෙන් ම ඉහත සඳහන් රාජ්‍ය මූල්‍ය ආයතන වන ලංකා බැංකුව නිල ෆේස්බුක් පිටුව හරහා මෙලෙසින් තරඟයක් පවත්වමින් ත්‍යාග ලබා දෙන වැඩ සටහනක් ක්‍රියාත්මක වනවාද යන්න පරීක්ෂාවක් සිදු කළත්, එවැනි තරඟයක් සම්බන්ධයෙන් එහි කිසිදු විස්තරයක් දක්වා නොතිබුණි.

මේ හේතුවෙන් අප ලංකා බැංකුවේ මව් ශාඛාවෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ඉහත සඳහන් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි තරඟයක් ඔවුන් විසින් පවත් වන්නේ නැති බවත්, එලෙසින් ත්‍යාග පිරිනැමීමක් ද සිදු නොවන බවත්, එය ලංකා බැංකුව බවට පෙනී සිටිමින්, වෙනත් අරමුණු උදෙසා ව්‍යාජ ලෙස නිර්මාණය කරන ෆේස්බුක් පිටුවක පළකර තිබෙන ව්‍යාජ සටහනක් බවයි.

රු.500 සිට 5000 දක්වා මුදලක් පිරිනමන බවට දක්වා තිබූ අනෙක් තරඟ ද, ලංකා බැංකුවේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා නොතිබූ අතර, තරඟ ජයග්‍රහයකයින් පිළිබඳව පරීක්ෂා කිරීමට දක්වා ඇති බවට පවසා තිබූ සබැඳිය පරීක්ෂා කිරීමේදී දැක ගන්න ට ලැබුණේ, එහි ලංකා බැංකුවේ ජයග්‍රහකයින් බවට දැක්වීමට භාවිත කර තිබුණේ, කොමර්ෂල් බැංකුවේ කාර්ය මණ්ඩලය සිටින ඡායාරූපයකි.

Archived Link

ඒ අනු ව මෙය ව්‍යාජ ලෙස සකසා ඇති අසත්‍ය සටහනක් බවට තහවුරු වන අතර තව දුරට ත් අප මේ පිළිබඳව ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහි නිලධාරියෙකු සඳහන් කළේ, මෙලෙසින් ෆේස්බුක් සටහන් සඳහා කමෙන්ට් පළ කිරීමෙන් තරඟ හෝ ජයග්‍රහයකයින් පත් කර නොගන්නා බව ත් මෙය අසත්‍ය තොරතුරක් බවයි. ලංකා බැංකුවේ නිල ෆේස්බුක් පිටුව පමණක් ඔවුන්ට අයත් බව ත් BOC ලෙස සඳහන් අනෙක් සියලු ෆේස්බුක් පිටු ව්‍යාජ පිටු බව ත් ඔහු තවදුරටත් සඳහන් කරනු ලැබුවා.

මහජන බැංකුව

අපට මහජන බැංකුවේ නිල ෆේස්බුක් පිටුව හරහා ද පරික්ෂා කර බැලුවේ ඉහත සඳහන් ලෙස තරඟයක් පවත්වනවා ද යන්නයි.

ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ මහජන බැංකුවේ සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබූ තරඟය සඳහා යොදා ගෙන ඇති ඡායාරූපය මහජන බැංකුව විසින් සිදු කරන ලද සැබෑ දිනුම් ඇදීමක ඡායාරූපයක් බවයි. නමුත් එම දිනුම් ඇදීමේ දක්වා තිබුණේ ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි තරඟයක් නොව, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ තමන් ට සහ ඔවුන්ගේ පවුල්වලට යහපත් ජීවිතයක් ගොඩනැගීමට වෙහෙස නොබලා කටයුතු කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් දිරිමත් කිරීම සහ අගය කිරීම සඳහා මහජනතාව විසින් දියත් කරන ලද ‘වාසි කොටියායි 2023’ දිනුම් ඇදීමේ අවස්ථාවකි. එම දිනුම් ඇදීම ඉහත සඳහන් සටහට ප්‍රතිචාර දැක්වීම ලැබූ ජයග්‍රහණයක් හේතුවෙන් ලැබුණු ත්‍යාගයන් නොවන බවට ඉන් පැහැදිලි වෙයි.

Facebook | Archived Link

මේ පිළිබඳ තහුවරු කිරීමට අප මහජන බැංකුවේ කාර්ය මණ්ඩලයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, ඡායාරූපයක් පළ කරමින් නොපෙනෙන අකුරු සෙවීමේ තරඟ මහජන බැංකුව විසින් පවත්වා නොමැති බවයි. බැංකුවේ සියලු නිල දිනුම් ඇදීම් නිල ෆේස්බුක් පිටුව හරහා දැනුවත් කරන අතර මහජන බැංකුව නමින් පෙනී සිටින ව්‍යාජ ගිණුම් වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඔවුන් ඉල්ලීමක් ද, සිදු කළා.

LG ප්‍රධාන ශාඛාව

එහි ඩිජිටල් අංශයේ නිලධාරියෙකු තහවුරු කළේ, ඉහත LG ෆේස්බුක් පිටුව ඔවුන් ට අයත් නොවන බව ත්, එලෙසින් තරඟයක් පවත්වා නොමැති බව ත් ය. ව්‍යාජ පෝස්ට් සඳහා නොරැවටෙන ලෙස එම ආයතනය වෙනුවෙන් ඔහු ෆේස්බුක් පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

තහවුරු නොකළ සබැඳි හරහා තෑගි ලබාදෙන බවට පවසන ව්‍යාජ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වළකින්න!

මෙලෙසින් දිනුම් ඇදීම්, නොමිලේ ත්‍යාග, නොමිලේ ඩේටා ලබාදෙන බවට පවසමින් කලින් කලට කරළියට පැමිණෙන, අදාළ නිල සමාගම් මඟින් ප්‍රචාරය නොකෙරෙන, මෙවැනි පණිවිඩ සියල්ලක්ම ව්‍යාජ පණිවිඩ වේ. මෙම පණිවිඩ සමග ලබා දෙන බවට කියන ත්‍යාග පිළිබඳ හෝ විස්තර පිළිබඳ තොරතුරු ඇතුළත් බවට පවසමින් දක්වන සබැඳි (Web links) ඔස්සේ ඒවා ක්ලික් කිරීමෙන් ඇතැම් විට ඔබ නොදැනුවත්වම ඇතැම් සේවාවන් සක්‍රීය වී ඔබගේ ජංගම දුරකතනයේ ඇති ක්‍රෙඩිට් කපා ගැනීම පවා සිදු විය හැක (උදා: ජංගම දුරකථන Games වැනි විවිධ Apps).

එමෙන් ම එම ත්‍යාග ලබා ගැනීම සඳහා ඔබගේ වටිනා දත්ත ඉල්ලා සිටින අතර, එම සබැඳිවලිට පිවිස අයදුම්පත් පිරිවීම මඟින්, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපින (Email Addresses) , දුරකතන අංක, ඔබගේ රුචි අරුචිකම් ඇතුළු විවිධ තොරතුරු ලබාගෙන ඒවා Digital Marketing වැනි දත්ත ප්‍රවර්ධන සිදුකරන ආයතන ආදියට විකිණීම සිදුවිය හැකි අතර ඊටත් වඩා භයානක දේ පවා සිදුවිය හැකියි.

එසේම ඇතැම් වෙබ් අඩවිවලට ඇතුළුවන පරිශීලකයන් වැඩි කර ගැනීම මගින් මුදල් උපයාගැනීම(Click Baits) ආදී කටයුතුත් මේ මේ හරහා සිදුවෙනවා.

මෙහි ඇති වඩාත්ම බරපතල තත්ත්වයක් වන්නේ නම් මෙම සබැඳි හරහා විවිධ වෙබ් අඩවිවලට ඇතුල්වීමේදී පරිගණක වෛරස වලට නිරාවරණය වීම ඔස්සේ, ඔබගේ උපාංග සතු දත්ත දත්ත සොරා ගැනීම ආදියද සිදුවීමට ඇති හැකියාවයි.

මේ නිසා කලයුතු වඩාත්ම සුදුසුම දෙය නම් නොදන්නා, තහවුරු නොකළ සබැඳි හරහා තෑගි ලබාදෙන බවට පවසන විවිධ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකි සිටීමයි.

මෙම තෑගි ලබාදෙන බවට පවසන පණිවිඩ බහුලව හුවමාරු වන්නේ , සිංහල අවුරුදු, නත්තල් ආදී උත්සව සමය ඉලක්ක කරගනිමින් වන අතර ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ සමාගම් වල සංවත්සර ඉලක්ක ගත කරගනිමින් ද මෙවැනි දේ පැතිරෙනවා.

කිසියම් ප්‍රසිද්ධ සමාගමක් හෝ ආයතනයක් මගින් තෑගි ආදිය ලබදෙනවානම් ඒ සම්බන්ධයෙන් ඔවුන් ජනතාව දැනුවත් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා හෝ නිල සමාජ ජාලා පිටු හරහා පමණක් වන අතර ව්‍යාජ සමාජ ජාලා පිටු, ව්‍යාජ වෙබ් අඩවි හරහා සිදුවන්නේ විවිධ කූට අරමුණු වෙනුවෙන් ඔබගේ තොරතුරු ලබාගැනීමයි.

මේවා අපි පොදුවේ SCAM ලෙස හඳුන්වන අතර මෙවැනි පණිවිඩ තවත් අය හා බෙදා ගැනීමට පෙර සැළකිළිමත් වන මෙන් අප ඉල්ලා සිටින අතර ඔබ ද, මෙවැනි ව්‍යාජ පණිවිඩ වලට නොරැවටෙන ලෙස අප ඉල්ලා සිටිනවා.

Also Read : සංවත්සරික දිනුම් ඇදීමකින් Range Rover මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

Also Read : ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩර 500ක් නොමිලේ පරිත්‍යාග කරන බවට ව්‍යාජ සටහනක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රාජ්‍ය මූල්‍ය ආයතන දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව ලෙස පෙනී සිටීමට නිර්මාණය කර තිබු ව්‍යාජ ෆේස්බුක් පිටු මගින් නිර්මාණය කරන ලද අසත්‍ය තොරතුරු රැගත් ව්‍යාජ සටහන් පෙළක් මඟින් ජනතාව මුලා කිරීමේ අරමුණින් තරඟයට සහභාගී වී ත්‍යාග ලබාගත හැකි බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බවයි. ඒ බවට එම මූල්‍ය ආයතන දෙක විසින් තහවුරු කරනු ලැබුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රාජ්‍ය බැංකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු ඔස්සේ හුවමාරු වන ව්‍යාජ තරඟවලින් ප්‍රවේශම්වන්න!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News