O රුධිර කාණ්ඩය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා ද?

Update: 2023-06-28 07:22 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟම මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. විවිධ මදුරු විකර්ෂක ආලේපන වර්ග ගැල්වීම, මුළු සිරුරම වැසෙන පරිදි ඇදුම් ඇදීම ආදී විවිධ උපක්‍රම ඒ සදහා භාවිතා කරනවා. මේ අතර සමාජ ජාලා වල පළවන සමහර සටහන් මගින් දැක්වෙන්නේ O රුධිර ඝනය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. මේ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන් 

සමහර සමාජ ජාලා සටහන් මගින් අදහස් කර තිබුණේ  O රුධිර ඝනය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි.

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Also Read: Fact Check: ටැටූ කිරීම, රුධිරය දන් දීමට බාධාවක්ද?

කරුණු පැහැදිලි කිරීම 

අපගේ රුධිරය සෑදී ඇත්තේ ප්ලාස්මා නම් ද්‍රවයක පවතින රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා මගින්. ඔබේ රුධිර කාණ්ඩය හඳුනාගනු ලබන්නේ රුධිරයේ ඇති ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක මගිනි.

රතු රුධිරාණු මත මිනිසුන්ගේ විවිධ රුධිර වර්ගවල වෙනස් වර්ගවල ප්‍රතිදේහ ඇත. මෙම ප්‍රතිදේහ ප්‍රෝටීනමය සංයෝගයි. මිනිසුන්ට ඒ ඒ රුධිර වර්ගය ලැබෙන්නේ දෙමාපියන්ගේ ජාන සංයුතිය අනුවයි. ඒ අනුව A, B ,AB ,O ලෙස ප්‍රධාන රුධිර වර්ග 4 ක් ඇත . එසේම සඳහා Rh ලෙස හඳුන්වන ප්‍රෝටීනය පැවතීම (+) හෝ නොමැතිවීම (-) මුල්කරගනිමින් වඩාත් සුලභ රුධිර වර්ග අට නම් කරනු ලබන්නේ A+, A-, B+, B-, O+, O-, AB+ සහ AB ලෙසයි. මේ පිලිබඳ විස්තර මෙතනින් සහ මෙතනින්

ලොව වඩාත්ම සුලභම රුධිර ඛාණ්ඩය වන්නේ O+. එසේම O- රුධිර වර්ගය සහිත පුද්ගලයන්ට අනෙක් සියලුම රුධිර වර්ග සහිත පුද්ගලයන්ට රුධිරය පරිත්‍යාග කළ හැකිය.(සර්ව දායකයා). එක් එක් රුධිර ඛණ්ඩයට ලබාදිය හැකි සහ ලබාගත හැකි රුධිර වර්ග පිලිබඳ විස්තර මෙතනින්

මෙම රුධිරයේ ඇති ප්‍රතිදේහ වර්ග සමහර මිනිසුන්ගේ ඛේටය ,කදුළු වැනි දේහ තරලවලද ඇත. O රුධිර ඝනය ඇති අය මදුරු දෂ්ඨනයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බවට යම් සමාජ මතයක්ද පවතිනවා. අප මුලින්ම අවධානය යොමුකළේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් සිදුකර පර්යේෂණ මොනවාද ,මෙහි යම් සත්‍යතාවයක් පවතීද යන කරුණයි.

O රුධිර ඝනය සහ මදුරු දෂ්ඨනය පිලිබඳ සිදුකර තිබු පර්යේෂණ

1974 වසරේදී මැලේරියා වාහක මදුරුවන්ගේ දෂ්ඨනයට ලක්වන්නේ කුමන කායික ලක්ෂණයන්ගෙන් සතු පුද්ගලයන්ද යන කරුණ පිලිබදව පුද්ගලයන් 102 දෙනෙක් යොදාගෙන සිදුකරන ලද පර්යේෂණයකදී අනාවරණය කරගෙන ඇත්තේ O රුධිර ඝනය ඇති අය මැලේරියාවට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවයි. ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්.Archived

නැවත 2004 වසරේදී ,ඩෙංගු මදුරුවන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබදව සිදුකරන ලද පර්යේෂණයකදී ලබාගත් ප්‍රතිපල අනුව ,O රුධිර ඝනය ඇති පුද්ගලයන්ගේ තරල මත මදුරුවන් වැසීමේ සම්භාවිතාව 83.3 % ක් වෙද්දී A රුධිර ඝනය ඇති ඇයගේ රුධිරය මත මදුරුවන් වැසීමේ සම්භාවිතාවය 46.5% කි. කෙසේ වෙතත් මෙහිදී ,මෙම කැපී පෙනෙන වෙනස දක්නට ලැබෙන්නේ A රුධිර ඝනය සම්බන්ධයෙන් පමණක් වන අතර අනෙත් රුධිර ඝන සහ O අතර කැපී පෙනෙන වෙනසක් දක්නට නොලැබුණි.එම පර්යේෂණය සම්බන්ධ විස්තර මෙතනින්.Archived

2019 වසරේදී ඩෙංගු මදුරුවන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබදව ශ්‍රී ලංකාවේ ,ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයක ප්‍රතිඵල අනුව O රුධිර ඝනය ඇති අයට ඩෙංගු මදුරුවන්ගේ ආකර්ෂණය වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා. මදුරුවන්ගේ බිත්තර දැමීමේ ක්‍රියාවලිය සදහායි ඔවුන් රුධිරය උරා බොන්නෙ. නමුත් O රුධිර ඝනය ඇති ඇයගේ රුධිරය උරාබීම මගින් එම ක්‍රියාවලියේ විශේෂ වාසිදායක තත්ත්වයක් මදුරුවන්ට නොමැති බවත් එම පර්යේෂණය මගින් පෙන්වා දෙනවා. ඒ පිලිබදව වැඩිදුර විස්තර මෙතනින්. Archived

මෙම සංසිද්ධීන් සම්බන්ධයෙන් දැනට පර්යේෂණ සිදු කෙරී ඇත්තේ ඉතාම අවම වශයෙන්. එමෙන්ම මදුරුවන් රුධිර ප්‍රතිදේහවලට ආකර්ෂණය වෙනවානම් එහි යාන්ත්‍රණය කවර ස්වභාවයක්ද යන්නත් පැහැදිලි නැති කරුණුයි.

මේ පිලිබදව තවදුරටත් කරුණු අධ්‍යයනය කළ අපට පැහැදිලිවූ කාරණය වන්නේ මදුරුවන් මිනිසුනට ආකර්ශනයවී දෂ්ඨ කිරීම හා සම්බන්ධව සාධකයන් බොහොමයක් බලපාන බව පර්යේෂණවලින් යෝජනා කරනවා.එවන් කරුණු කිහිපයක් පිලිබදව අවධානය යොමු කරමු.

ඇදුම්වල පැහැය - මිනිසුන් ඇද පැළද සිටින ඇදුම්වල පැහැය ,මදුරුවන්ගේ ආකර්ෂණයක් ඇතිවීම සදහා සඳහා වැදගත් බව බොහොමයක් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. මදුරුවන් කලු/රතු පැහැති/තද පැහැයට හුරු ඇදුම් හැද සිටින පුද්ගලයන්ට බෙහෙවින් ආකර්ෂණය වන බව සහ ලා පාට ඇදුම් හැද සිටින පුද්ගලයන් සදහා ආකර්ෂණය අඩු බව පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා. මෙම කරුණ සම්බන්ධයෙන් මෑතක ඇමෙරිකාවේ දී සිදුකල පර්යේෂයනයක විස්තර මෙතනින් Archived

හුස්ම ගැනීමේදී පිටකරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය - සිදු කර ඇති පර්යේෂණයකට අනුව පුද්ගලයන් පිටකරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද මදුරුවන් ආකර්ෂණය වීම සදහා බලපානවා. ඒ අනුව ස්වාභාවිකව ආශ්වාස , ප්‍රාශ්වාස කිරීමේදී වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිටකරන පුද්ගලයන් සහ ව්‍යායාම සිදු කිරීම් ආදිය අවසානයේ දිගු හුස්ම හරහා වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිටකරන අවස්ථාවලදී ,මදුරුවන් ආකර්ෂණය වීම වැඩියි. අඩි 164 ක් වැනි දුර ප්‍රමාණයක සිට වුවත් කෙනෙක් පිටකරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මදුරුවන්ට දැනෙන බව පර්යේෂණවල සදහන් .එවන් පර්යේශයක පර්යේශණයක විස්තර මෙතනින්. Archived

ශරීරයෙන් පිටකරන ශ්‍රාවයන්ගේ ගන්ධය - දහදිය වැනි සිරුරෙන් පිටකරන ශ්‍රාවයන්ගේ ගන්ධය නිසාද මදුරුවන් ආකර්ෂණය වීම සිදුවෙනවා.කෙසේ වෙතත් මේ සම්බන්ධ පර්යේෂණයන් මේ වන විටත් සිදුවෙමින් පවතින අතර ,මෑතදී අවසන් කල මෙම සංසිද්ධිය සම්බන්ධ පර්යේෂණ 2 ක විස්තර මෙතනින් සහ මෙතනින්. Archived & Archived

තවද මද්‍යසාර පානය කළ අයගේ සිරුරෙන් පිටවන ගන්ධය - හේතුවෙන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයන් වෙත වැඩි මදුරු ආකර්ශනයක් පවතින බව සමහර පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. නමුත් මේවා නිශ්චිත කරුණු නොවෙයි. තවමත් පර්යේෂණය පවත්වමින් තිබෙනවා. දැනට දශක ගණනකට පෙර සිදුකල එවන් පර්යේෂණයක විස්තර මෙතනින් . Archived

සෞඛ්‍ය අමාත්‍යංශයේ කීට විද්‍යාඥයෙක්

මේ පිලිබදව අප සමග අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ කීට විද්‍යාඥයෙක් ලෙස කටයුතු කරන සතිර මාරසිංහ අප සමග පැවසුවේ දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව O රුධිර ඝනය ඇති අය සදහා මදුරුවන්ගේ වැඩි ආකර්ශනයක් ඇති බව පිළිගන්නා බවයි. ඒ සදහා හේතුව වන්නේ ඒ අයගේ රුධිරයේ වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක් තිබීම සහ එහි බලපෑම හේතුවෙන් ඇමෝනියා , ලැක්ටික් අම්ලය වැනි දේ සාපේක්ෂව වැඩි සාන්ද්‍රණයකින් නිපදවා දේහ ශ්‍රාවයන් සමග ඒවා පිටතට නිදහස් කිරීමයි. එම ශ්‍රාවයන් වලට මදුරුවන්ගේ වැඩි ආකර්ශනයක් ඇති බවත් ඔහු පැවසුවා. කෙසේ නමුත් මෙය සමහර භූ ගෝලීය ප්‍රදේශයන්, ඒවායෙහි ජිවත්වන මදුරු විශේෂ සහ වෙනත් පාරිසරික සාධක මතද වෙනස් වන බවත් ඔහු පැවසුවා. එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පර්යේෂණ ප්‍රමාණය අඩු නිසා නිශ්චිත වශයෙන්ම තහවුරුවූ කාරණයක් නොවන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම සිරුරේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ,සිරුරේ උෂ්ණත්වය වැනි සාධක ද මදුරුවන් ආකර්ශනය වීම සදහා බලාපාන බවත් ඔහු පැවසුවා.

මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා වීමට සිදුකළ යුතු දේ සම්බන්ධයෙන් ඔහු පලකළ අදහස්ද එක්කර අප පලකරන සටහනක් පහතින්.

  • මදුරුවන්ගෙන් ආරක්ෂා වන දැල් භාවිත කිරීම මගින් ඔබ සිටින පරිශ්‍රයේ දොරවල් සහ ජනෙල් වසා දැමීම.
  • විශේෂයෙන් උදේ සහ සවස එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදෙන දරුවන්ට ශරීරය ආවරණය වන පරිදි ආරක්ෂිත ලා පැහැති ඇඳුම් භාවිතය.
  • පැඟිරි තෙල්, Lemongrass (සේර) තෙල්, කොහොඹ තෙල් යනාදි ස්වභාවික විකර්ෂක මෙන්ම DEET (N,N-Diethyl-m-toluamide) අඩංගු රසායනික විකර්ෂක භාවිතය . කෙසේ වෙතත්, විකර්ෂකවල බලපෑම කෙටි කාලීන වේ. (පැය ½- 6) *නිෂ්පාදන ලේබලයේ දක්වා ඇති උපදෙස් වලට අනුකූලව විකර්ෂක භාවිතය සිදු කළ යුතු බව ද, ඔවුන් පෙන්වා දෙනවා.

සෞක්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද මදුරු විකර්ෂක කිහිපයක් 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු අප කල විමසීමේදී සදහන් කලේ රුධිර ඝන සහ මදුරු දෂ්ඨනය අතර කිසියම් සම්බන්ධයක් තිබෙනවාද ,එසේ නොවේද යන කාරණය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ ඔස්සේ විවිධ කාරණා ඉස්මතුවුවත් ඒ සම්බන්ධ පොදු සම්මුතියක් හෝ එකගතාවයක්  විද්‍යාඥයන් අතර නොමැති බවයි. එම නිසා දෂ්ඨනය සදහා සම්මත අවදානම් සාධකයක් ( Established Risk Factor) ලෙස O රුධිර ඝනය පැවතීම නොසැලකෙන බවත් ඔහු පැවසුවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මදුරු දෂ්ඨනය සදහා බලපාන්නේ සාධක බොහෝ ගණනක එකතුවක් බවයි.

මේ පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකර තිබු කරුණු විමර්ෂණයක් මෙතනින්

Also Read: දෙහි ගෙඩි පළුවල කරාබුනැටි ගසා මදුරුවන් නිවසන ඇතුළුවන ස්ථාන අසළ තැබීම, ඩෙංගු මදුරු උවදුරින් වැළකීමේ සාර්ථක ක්‍රමයක් නොවේ!

දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:O රුධිර ඝනය කාණ්ඩය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතීද?

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News