හන්තාන සඳගිරි විහාරය ආශ්‍රිතව මහා පරිසර විනාශයක් සිදුවෙනවා ද?

Update: 2023-06-29 11:49 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කඳු මුදුන්වල පන්සල් ගොඩනැගීමෙන් මහා පරිසර විනාශයන් සිදුවන බවට සමාජ ජාලා සටහන් ඔස්සේ මේ දිනවල බොහෝ සටහන් සංසරණය වෙනවා. සමාජ ජාලා ඔස්සේ එල්ලවන විවේචනවල එක ප්‍රධාන ඉලක්කයක් වන්නේ හන්තාන ප්‍රදේශය ආශ්‍රිතව ඉදිවෙමින් පවතින විහාරස්ථානයක් වන සඳගිරි විහාරයයි. සඳගිරි විහාරයෙන් සුවිශාල පරිසර හානියක් සිදුවී ඇත්ද හෝ සිදුවෙනවාද ? සඳගිරි විහාරය සහ ඒ අවට ප්‍රදේශය පුරා සිදුකල සංචාරයකින් අනතුරුව අප විසින් තබන සටහනකි මේ.

සමාජ ජාලා සටහන් 

සමාජ ජාලා සටහන් වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ සඳගිරි විහාරස්ථානයෙන් මහා පරිසර විනාශයක් සිදුවන බවට යි.

Facebook | Archived

මේ සම්බන්ධයෙන් පළකර තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

කරුණු විමසා බැලීම : 

අප එම ස්ථානයට ළඟාවන වන විට එහි බැතිමතුන් සුලු පිරිසක් සිටින ආකාරය දක්නට ලැබුණු අතර ‘මානා’ පඳුරු සහිත ලදු කැලෑ ප්‍රදේශයක් සහ යාබද තේ වතුයායක් එම විහාරස්ථානය ආශ්‍රිතව දක්නට ලැබුණා. විහාරය පිහිටා ඇත්තේ කන්ද මුදුනේයි. විහාරස්තානයේ සිට  ඉදිරිපස බලන විට ඈතින් හන්තාන කඳුයාය දක්නට ලැබෙනවා. 

එසේම මෙම විහාරස්ථානය තනා ඇති කන්ද හන්තාන රක්ෂිතයට (Protected Area) අයත් ස්ථානයක් නොවන බව අප විසින් පොල්ගොල්ල මධ්‍යම පරිසර අධිකාරි කලාපීය කාර්යාලයෙන් සිදු කරන ලද විමසීමේදී ඔවුන් විසින්ද තහවුරු කළා.

විහාරස්ථානය භාරව කටයුතු කරන ගඟසිරිපුර ධමාමාලෝක හිමියන්ද එම කරුණු තහවුරු කළ අතර කන්දේ ඉතා විශාල භූමි ප්‍රමාණයක් හෙළි , පෙහෙළි කර ඇති බවක් හෝ කඳුකර වනාන්තරයක් ඒ අවට පවතින බවක් දක්නට ලැබුණේ නැහැ.

වසර කිහිපයකට පෙර වැඩ ආරම්භ කර ඇති විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු තවමත් සිදුකෙරෙමින් පවතින ආකාරය පහත වීඩියෝවෙන් .

විහාරස්ථානය සහ ඒ අවට කදු ප්‍රදේශය අප විසින් ගන්නා ලද සේයාරූ රැසක් පහතින්.

ඉදිරිපස පාරේ  සිට බැලූ විට කන්දේ ඇති තේ වතු සහ මානා ලදු කැලෑව අතුරින් විහාරස්ථානය දක්නට ලැබෙන ආකාරය පහත සේයාරුවෙන්. 

කන්දේ තේ වගාකර තිබුණු ආකාරය පහතින්.

මානා පදුරු සහිත ලදු කැලෑව දක්නට ලැබුණේ පහත අයුරින්.

දාගැබ පියගටපෙළට පහලින් දිස්වන ආකාරය 

හන්තාන සංරක්ෂණ සංගමය

මේ පිළිබදව අප හන්තාන ප්‍රදේශයේ පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහාම කැපවී දශක ගණනාවක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හන්තාන සංරක්ෂණ සංගමයේ සභාපතිවරයාගෙන්ද කරුණු විමසා සිටියා. ඔහු සඳහන් කර සිටියේ හන්තාන පරිසර පද්ධතියට මෙම විහාරස්ථානය නිසා සැලකිය යුතු හානිදායක බලපෑමක් මෙතෙක් සිදුව නොමැති  බවයි. එමෙන්ම විශ්ව විද්‍යාලයේ සමහර සිසුන්ද දාගැබ වැද පුදා ගැනීම සදහා මෙහි පැමිණෙන බවත් ඔහු අප සමග පැවසුවා.

සංරක්ෂණවේදිනී ඇන්ජලී වොට්සන්

හන්තාන ප්‍රදේශය ආශ්‍රිතව විවිධ පර්යේෂණවල යෙදී ඇති, එහි පවතින තත්ත්වයන් සම්බන්ධව යම් අවබෝධයක් ඇති සංරක්ෂණවේදිනියක් වන ඇන්ජලී වොට්සන් අප සමග පැවසුවේ, මෙම විහාරස්ථානය මේ වන විට ගොඩ නැගෙමින් පවතින අතර මෙහි වැඩ කටයුතු අවසන් වීමත් සමග දැනටත් වඩා බැතිමතුන් පිරිසක් මෙහි පැමිණීමට ඉඩ පවතින බවයි. දැනට මෙම විහාරස්ථානයට පහලින් පවතින පුද්ගලික ආයතනයකට අයත් කුරුළු උද්‍යානය නැරබීම සඳහා විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර විහාරස්ථානය ඉදි කිරීමෙන් අනතුරුව පැමිණෙන පිරිස වැඩිවීම නිසා , කැලි කසල, ශබ්ද දුෂණය වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. දිවියන් ආදී සතුන් මේ ප්‍රදේශයේ සංචරණය කරන බවත් ,මෙහි පැමිණෙන පිරිස වැඩිවුවහොත් ඔවුන්ගේ සංචරණයට යම් බාධාවක් ඇතිවිය හැකි බවයි ඇයගේ අදහස.

වැඩ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 2014 වසරේදීයි. ඊට පෙර එම භූමියේ පැවති තත්ත්වය සහ වර්තමානයේ පවතින තත්ත්වය Google Earth සේයාරූ ඔස්සේ නිරික්ෂණයෙදී වන වැස්මේ සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබෙන බව ඉතා පැහැදිලියි. සඳගිරි සෑය ඉදිකර තිබෙන ප්‍රදේශයේ පමණක් ඉදිරිකිරීම් සිදුකර තිබෙන බව ද පසුගිය දශකයේ ලබාගත් ඡායාරූප ඔස්සේ දැක ගන්නට ලැබෙනවා.

ඒ ඒ වසරවලදී ලබාගත් Google Earth සේයාරූ පහතින්.

20102014
20172019
20232023

2023 වසරේ දී Google Earth හරහා ලබාගෙන තිබු චන්ද්‍රිකා ඡායාරූප පරික්ෂා කිරීමේදී දාගැබට දකුණු පසට වන්නට 2019 වසරේදී දක්නට නොලැබුණු යම් වනාන්තර හෙළි පෙහෙළි කිරීමක් දක්නට ලැබුණා. එහි විශාලනය කරන ලද සේයාරුවක් පහතින්.

මේ පිලිබදව සොයා බැලීමට එම විහාරස්ථානයට ගිය අප Factcrescendo කණ්ඩායමට ද දැකගන්නට ලැබුණේ විහාරස්ථානය ඉදිකිරීමේදී ඉවත්කරන ලද පස් මානා පදුරු සහිත ප්‍රදේශයට දමා ඇති නිසා මෙලෙස දිස්වන බවයි. විහාරස්ථානයෙන් මේ පිළිබඳව විමසීමේ දී අපට දැන්වූයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සදහා යොදාගැනීමට මෙම ස්ථානයේ මෙලෙස ඉවත්කරන ලද පස් ගොඩදමා තිබෙන බවයි.

විහාරස්ථානය සම්බන්ධයෙන් ඒ ආසන්නයේ ඇති ගම්වල පිරිසගේ අදහස්

අප මේ විහාරස්ථානය සම්බන්ධයෙන් ඒ ආසන්නයේ ඇති ගම්වල පිරිස් සමග ද කතාබහ කළා. එහිදී අප සමග අදහස් පළකළ බොහෝ දෙනෙක් පැවසුවේ ද මෙම විහාරස්ථානය නිසා පරිසරයට විශාල හානිකර බලපෑමක් සිදුව ඇති බවට පැතිරෙන ප්‍රචාර සාවද්‍ය බවයි.

මෙහි වනාන්තරයක් හෙළි කිරීමක් සිදුව නොමැති බවක් පැවසූ ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, මෙය ස්වාභාවික වනාන්තර පරිසර පද්ධතියක් ලෙස නොව දැනට දිගු කාලයක සිට පවතින්නේ තේ වතු සහිත වතු වගාවක් ලෙස බවයි.

කාලයක් තිස්සේ මෙහි එක ප්‍රදේශයක මානා පඳුරු සහිත ලදු කැලෑව පවතින බවත් , වසරකට එක වරක් පමණ දඩයක්කරුවන්/වෙනත් පුද්ගලයන් විසින් මෙම මානා කැලෑව ගිනි තැබීම පුරුද්දක් ලෙස සිදුකරමින් සිටියද ,මෙම විහාරස්තානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමත් සමග නිතර බැතිමතුන් එම ප්‍රදේශයේ සැරිසැරීම නිසා මානා කැලෑව ගිනි තැබීම් මෑතක දී සිදු නොවූ බවත්, ඒ හේතුවෙන් පරිසරය සහ වන සතුන් ආරක්ෂා වීමත් සිදුව ඇති බවයි ඔවුන්ගේ අදහස .

එමෙන්ම අප සමග කතාබහ කල ඇතැම් ගම්වාසින් පැවසුවේ, අලුතින් විහාරස්ථානය ඉදිකිරිම නිසා එහි පැමිණෙන බැතිමතුන් හට මල්, පහන් තිර විකිණීම ආදිය සිදු කිරීමට හැකියාව ලැබීම නිසා රැකියා නොමැතිව සිටි දිලිදු පිරිස් සුලු පිරිසකට හෝ කිසියම් ආදායමක් උපයා ගැනීමටද හැකියාව ලැබුණු බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හන්තාන සඳගිරි විහාරයෙන් මහා පරිසර විනාශයක් සිදුවෙනවාද?

By: Fact Crescendo Team

Result: Explainer

Tags:    

Similar News