මාවරලේ භද්දිය හිමියන්ව ඉලක්ක කර ගනිමින් හුවමාරුවන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !!

Update: 2023-07-08 13:21 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඇතැම් භික්ෂුන් වහන්සේලා විසින් සිදුකරනු ලබන බවට පැවසෙන විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිරෙනවා.සමාජ ජාලාවල අදහස් දක්වන පුද්ගලයන් විශාල වශයෙන් අදාළ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යයි සැක කෙරෙන ස්වාමීන් වහන්සේලාව දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වන බවක්ද පෙනී යනවා.මේ අතර සමාජ ජාලාවල පැතිරෙන තවත් වීඩියෝවක් මගින් හැගවීමට උත්සාහ දරා තිබුණේ ප්‍රකට ධම්ම කථික ස්වාමීන් වහන්සේ නමක් වන මාවරලේ භද්දිය හිමියන් විසින් මෙම විනය විරෝධී ලෙස හැසිරෙනබවට පැවසෙන භික්ෂුන් වහන්සේලාව විවේචනය කරමින් අදහස් දක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් තදබල විරෝධාකල්පයකින් යුක්තව කතා කරන බවක්.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

මෑතකදී සමාජ ජාලාවල ප්‍රකටවූ වීඩියෝවකින් දැක්වුණේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවක් දෙදෙනක් සමග කාමරයක සිටින ආකාරයක් .බොහෝ දෙනා එය විවේචනය කරමින් අදහස් දක්වා තිබු ආකාරයක්ද දක්නට ලැබුණා.අදාළ වීඩියෝවේ රූප රාමුවක් එක පසෙකින්ද ,අනෙත් පසින් මාවරලේ භද්දිය හිමියන් විසින් අදහස් දක්වන වීඩියෝවක්ද ,එක් කරමින් සකසා තිබූ වීඩියෝවකින් හැගවිමට උත්සාහ දරා තිබුණේ ,, එම ස්වාමින් වහන්සේව විවේචනය කරන පුද්ගලයන් කෙරෙහි භද්දිය හිමියන් විසින් දැඩි විරෝධාකල්පයකින් කතා කරන බවක්.

Full View

Facebook | Archived 

මේ සම්බන්ධ කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප භද්දිය ස්වාමීන්වහන්සේ විසින් මෙම ප්‍රකාශය සිදුකරන වැඩසටහන Talk with Chatura වැඩසටහන බව හදුනා ගත්තා.එම වැඩසටහන රුපගතකර අන්තර්ජාලයට එක්කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි.එනම් සමාජ ජාලාවල මේ දිනවල වේගයෙන් පැතිරෙන ස්වාමින් වහන්සේ නමක් කාන්තාවන් දෙදෙනෙක් සමග කාමරයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝව ප්‍රචාරය වීමට මාස ගණනාවකට පෙරයි.එම නිසා මෙය ,එම වීඩියෝවේ දැක්වෙන ස්වාමින් වහන්සේව විවේචනය කරන පුද්ගලයන් කෙරෙහි භද්දිය හිමියන් විසින් කිසියම් විරෝධාකල්පයකින් කතා කරන අවස්තාවක් නොවන බව පැහැදිලියි.

මාවරලේ භද්දිය හිමියන් විසින් Talk with Chatura වැඩසටහනේදී මෙම අදහස් දැක්වීම සිදුකරන්නේ චතුර අල්විස් මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමත් ලෙසයි.එම සම්පුර්ණ වීඩියෝව පහතින්.(පැය 1 මිනිත්තු 34 සිට අහන්න )

https://youtu.be/f3EGppc2hRk?t=5660

මේ පිලිබදව තවදුරටත් තහවුරු කරගැනීම සදහා මාවරලේ භද්දිය හිමියන්ගෙන්ද ,අප ඒ පිලිබදව විමසා බැලුවා.

උන්වහන්සේ අප සමග පැවසුවේ Talk with Chatura වැඩසටහනේදී තමන් ,අදහස් දැක්වුවේ සමස්ත බුද්ධ ශාසනයට ,බෞද්ධ ඇදහිලි සහ විශ්වාසයන්ට පහර ගසා ,ඒවා සමච්චලයට ලක්කිරීමේ රැල්ල පිලිබදව මිසක , විනය විරෝධී ලෙස හැසිරෙන බවට සැක කෙරෙන භික්ෂුන්වහන්සේලා ට විරුද්ධව විවිධ පුද්ගලයන් විසින් විවේචනය කිරීම් පිලිබදව නොවන බවයි.

කිසියම් භික්ෂුවක් විසින් නීති විරෝධී කටයුතු සිදු කරනවානම් ,ඒ සම්බන්ධයෙන් පොලිසිය මගින් නිතිය ක්‍රියාත්මක කල යුතු අතර ශාසන විනයට විරෝධී කටයුතු සිදුකරනවානම් මහානායක ස්වාමින් වහන්සේලා විසින් ඒ සම්බන්ධයෙන් කල යුතු බවයි ,භද්දිය හිමියන් පැවසුවේ .

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

මීට මාස කිහිපයකට පෙර මාවරලේ භද්දිය හිමියන් විසින් සහභාගී වූ Talk with Chatura වැඩසටහනේදී උන්වහන්සේ මගින් අදහස් දක්වන්නේ සමස්ත බෞද්ධ ශාසනයට සහ බෞද්ධ ඇදහිලි සහ විශ්වාසයන්ට එරෙහි රැල්ලක් පිලිබදව මිස මේ දිනවල සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝවල සිටින විනය විරෝධී ලෙස හැසිරෙන බවට සැකකෙරෙන භික්ෂුන් සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් දක්වන පුද්ගලයන් සම්බන්ධයෙන් නොවේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මාවරලේ භද්දිය හිමියන්ව ඉලක්ක කර ගනිමින් හුවමාරුවන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !!

Written By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News