දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ දේහය ලෙස සඳහන් කරමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

Update: 2023-07-08 05:54 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ සංරක්ෂණය කර ඇති දේහය මෑතකදී ගොඩ ගන්නා ලද බවත් එය දිරාපත් වීමේ සලකුණු නොපෙන්වන බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව විමසා බලමින් FactCrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“වසර 12කට පසු ශු.ජුවාම් පාවුළු පාප් වහන්සේගේ දේහය ගොඩගනු ලැබු අතර උන්වහන්සේගේ ශරීරය දිරාපත් වීමේ කිසිදු සලකුනක් නොමැතිව නොනැසී පවතී” යනුවෙන් සඳහන් කරමින්, ශු.ජුවාම් පාවුළු පාප් වහන්සේගේ ගොඩගනු ලැබූ දේහයේ වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වූයේ මෙලෙසින්.

Full View

Facebook

ඉහත සඳහන් කළ තේමාවෙන් මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, මෙලෙසින් සඳහන් කරමින් WhatsApp ඔස්සේ මෙම වීඩියෝව හුවමාරු වූයේ මෙලෙසින්.

ශු.ජුවාම් පාවුළු පාප් වහන්සේගේ ගොඩගනු ලැබූ දේහයේ වීඩියෝවක් බවට බොහෝ දෙනා නොමග ගොස් ඇති බවට දැක ගන්න ට ලැබුණේ මෙලෙසින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 2005 අප්‍රේල් 2 වන දින අභාවප්‍රාප්ත වූ අතර පසුව 2014 අප්‍රේල් 27 වන දින රෝමානු කතෝලික සභාව විසින් සාන්තුවරයෙකු ලෙස ශාන්තුවරයට පත් කරන ලදී.

දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ දේහය මෑතකදී ගොඩ ගනු ලැබූ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳව අප ප්‍රථමයෙන් ම අවධානය යොමු කළ අතර එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

2011 වසරේ පටිගත කර තිබු දිවංගත පාප්වහන්සේගේ ජීව ප්‍රමාණයේ ඉටි රූපයක වීඩියෝවක්!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ පසුබිමෙන් ගීතිකා ගායනය සිදුවන බැවින් ඒ පිළිබඳව ද, අපගේ අවධානය යොමු වූ අතර ඒ අනුව සිදු කළ පරික්ෂාවේදී එම ගීතිකා සිදු කරන භාෂාව ස්පාඤ්ඤ භාෂාව බවත් Fact Crescendo අපට තහවුරු කර ගැනීමට හැකි වුණා.

මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප ඉහත වීඩියෝවේ සේයාරූ Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී මෙම වීඩියෝව 2011 වර්ෂයේ අගෝස්තු මාසයේදී YouTube වෙත පළ කරන ලද වීඩියෝවක් බවත්, එහි ස්පාඤ්ඤ බසින් "දෙවන ජෝන් පාවුළු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් මර්සිඩීස් පාසලට පැමිණීම" යන අර්ථයෙන් ශීර්ෂ පාඨයේ සඳහන් වී තිබුණේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=_6iNu7EA3wo

Archived Link

තවද 2011 දී මෙක්සිකෝවේදී රූගත කරන ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ ද දිවංගත පාප්වහන්සේගේ සැබෑ දේහය නොව, උන්වහන්සේගේ ජීව ප්‍රමාණයේ ඉටි රූපයක් වන අතර, එරට දේවස්ථානයකට වැඩම කර පසුව මෙම ඉටි රූපය කතෝලික පාසලක ප්‍රදර්ශනය කර තිබූ අතර එය වසර කිහිපයක් තිස්සේ මෙක්සිකෝවේ විවිධ රදගුරු පදවිවල සංචාරය කර ඇති බව ත්, 2016 දී El Universo නමැති කරුණු පරීක්ෂණ වාර්තාවක දක්වා තිබුණේ මෙලෙසින්.

එමෙන් ම සත්‍ය වශයෙන් ම දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ දේහය ගොඩ ගත් අවස්ථාව පිළිබඳව 2011 වසරේ අප්‍රේල් මස ABC පුවත් සේවයේ පළ වූ ලිපියක සඳහන් වූයේ, දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ දේහය, ශාන්ත පීතර බැසිලිකාවට පහළින් ඇති ගුහාවලින්, ඒ අවස්ථාවේ වතිකානුවේ ඉහළ නිලධාරීන් සහ දිවංගත පාප්තුමාගේ සමීපතම සහායකයින් කිහිප දෙනෙකු පැමිණ සිටි බවයි. ඒ සම්බන්ධ වාර්තාව මෙතනින්. Archived Link

එම අවස්ථාවේ ඡායාරූප අප Getty Images ඔස්සේ පරීක්ෂා කළ අතර එහිදී දැක ගැනීමට ලැබුණු විශේෂ කරුණ නම් එම ගොඩගැනීමේ ඡායාරූප වල දේහය තැන්පත් කර තිබූ කරඬුවේ බාහිර පෙනුම පමණක් දැක ගැනීමට හැකි වන අතර පාප් වහන්සේගේ දේහය නිරාවරණය කර නොතිබූ බවත් සෑම විටම එය ආවරණය කර තිබූ බවයි. එනම් දේහය දැක ගැනීමේ අවස්ථාවක් නොමැති බවයි. එම ඡායාරූප එකතුව මෙතනින්.

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ

කැරොල් ජුසෙෆ් වොජ්ටිලා නමින් ,1920 මැයි මස දකුණු පෝලන්තයේ වදොවිට්සා නගරයේ උපත ලැබූ මොහුට, වයස අවුරුදු 09 දී තම මව අහිමි වන අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරා ද වයස 12 දී අහිමි විය.

යොවුන් වියෙහි සිට මළල ක්‍රිඩාවට සහ පිහිනීමට ප්‍රිය කළ ඔහු 1938 වසරේ දී ක්‍රාකෝව් හී යගියේලෝනියානු විශ්වවිද්‍යාලයට ඇතුළු වන අතර එහිදී ඔහු නාට්‍ය කලාව හා සාහිත්‍ය කාව්‍ය පිළිබඳ උනන්දුවක් දක්වනු ලැබීය.

පෝලන්තය අත් පත් කර ගැනිම සඳහා ජර්මනියේ නාසි හමුදාවගේ බලපෑම හේතුවෙන් විශ්ව විද්‍යාලය වසා දමන්නට සිදුවූ අතර ක්‍රාකෝව් හී අගරදගුරුතුමාගේ මෙහෙයවීමෙන් ඔහුව රහසිගතව දෙව්සත්හලක අධ්‍යාපනය සඳහා යොමු කරන ලදී. දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු සිය දෙව්සත්හල් අධ්‍යාපනය නිම කළ ඔහු 1946 නොවැම්බර් 01 දින පූජකවරය ලබා ගත්තා.

තම පූජකවරයෙක් වීමෙන් පසුව, වසර දෙකක කාලයක් රෝමයේ දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳ ආචාර්ය උපාධිය අවසන් කළ එතුමන් 1948 දී නැවත පෝලන්තයට පැමිණ ක්‍රොකොව් හා ඒ අවට පිහිටි දේවස්ථාන කිහිපයක සේවය කළේය.

කැරොල් ජුසෙෆ් පියතුමා 1958 සැප්තැම්බර් 28 වන දින ඔම්බි නම් පදවියේ රදගුරුතුමා ලෙස අභිසෙස් ලබන අතර ඉන් වසර හයකට පසු ක්‍රොකෝව් හී අගරදගුරුතුමන් ලෙස පත් විය. කතෝලික සභාව තුළ ශ්‍රේෂ්ඨ චින්තකයකු ලෙස සලකනු ලැබූ මෙතුමන් දෙවන වතිකානු මන්ත්‍රණ සභාවට ද සහභාගී විය. එහිදී වර්තමාන ලෝකය තුළ ශුද්ධ වූ සභාවේ ස්ථාවරත්වය පිළිබඳව විමසා බැලීමට එතුමන් දැක්වූ දායකත්වය ඉතා ප්‍රබල ය.

ශුද්ධවූ සභාව වෙත දැක්වූ දායකත්වය නිසාම 1967 ජුනි 26 වන දින අති උතුම් හයවන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින් එතුමන් හට කාදිනල් ධූරය ප්‍රදානය කරන ලදී. අති උතුම් පළමුවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව 1978 ඔක්තෝබර් 16 වන දින දෙවන ජුවාම් පාවුලු නමින් මෙතුමන් පාප් ධූරයට පත් විය.

වසර 456ක කාලයකට පසු ඉතාලි ජාතිකයෙකු නොවන කෙනෙකු ලෙස මෙතුමන් පාප් ධූරයට පත්වුණා. ශුද්ධ වූ සභාවේ දෘශ්‍යමාන නායකයා ලෙස, විශ්වාසයේ, ප්‍රේමයේ සහ සාමයේ පණිවිඩය රැගෙන, රටවල් සියයකට වඩා ප්‍රමාණයක සංචාරය කිරීමට එතුමන්ට හැකිවුණා.

ඒ අතර 1995 ජනවාරි 20 වන දින එතුමන් අප ශ්‍රී ලංකාවට ද සැපත්වීම අප ලද භාග්‍යයකි. එම අවස්ථාවේ දී එතුමන් කොළඹ ගාලු මුවදොර පිටියේ පවත්වන ලද දේව මෙහෙය දී වන්දනීය වූ ජුසේවාස් පියතුමන් භාග්‍යවරයට ඔසවන ලදී.

1981 මැයි 09 වන දින වතිකානුවේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී සතිපතා පවත්වනු ලබන පොදුජන හමුවේ දී විසිතුන් හැවිරිදි තුර්කි ජාතික මොහොමඩ් අලි අග්කා නම් තරුණයෙක් විසින් කරන ලද වෙඩි තැබීමෙන් ඉතා බරපතළ තුවාල ලැබූ එතුමන් ප්‍රාතිහාර්යාත්මක ලෙස සුවය ලබා පසුව සිර කුටියේ දී තමන් ඝාතනය කරන්නට උත්සාහ දැරූ අය හමුවී ඔහුට සමාව ලබා දුන්නා.

මානව හිමිකම් වෙනුවෙන් මහත් හඬක් ලොව තුළ නැගූ මෙතුමන් ලෝකය තුළ පවතින දුක්වේදනා ගැන බොහෝ සෙයින් කතා කළේය. මරණීය දණ්ඩනයට එරෙහිව කතා කිරීම ඒ අතර විශේෂ කාරණාවක් විය. තරුණ හදවත් තුළ මෙතුමන් කෙරෙහි තිබුණේ බොහෝ ආදරණීය බැඳියාවකි. එම නිසාම එතුමන් ලෝක තරුණ දිනයේ නාම සාන්තුවරයා ලෙස ද හඳුන්වනු ලැබේ.

වසර 2001 සිට පාකින්සන් රෝගය වැළඳුණු එතුමන් ශාරීරිකව දුර්වල වන්නට පටන් ගත්තේය. ස්වසන ආබාධයක් හේතුකොටගෙන 2005 පෙබරවාරි 01 දින රෝහල්ගත කළ එතුමන්, ක්‍රම ක්‍රමයෙන් ශාරීරිකව දුර්වල වන්නට පටන් ගත් අතර 2005 අප්‍රේල් 02 වන දින මෙලොවින් සමුගත්තා.

Radio Veritas Asia

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ දේහය මෑතකදී ගොඩගත් බවත් වසර 12 කට පසු දිරාපත් වූ බවට කිසිදු සලකුණක් නොපෙන්වන බවත් සඳහන් කරමින් පළ වූ වීඩියෝව නොමග යවන සුළුයි. එම වීඩියෝවෙන් දැක්වෙන්නේ දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ සංරක්ෂණය කර ඇති දේහය නොව, ඉටි වලින් නිම කර තිබු උන්වනහ්සේගේ දේහයේ අනුරුවකි. මෙම ඉටි වලින් නිර්මාණය කරන ලද දේහය, 2011 දී මෙක්සිකෝවේ ප්‍රදර්ශනය කරන ලදි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ දේහය ලෙස සඳහන් කරමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News