දුස්තොරතුරු මැඩලීමට නායකත්වය ගන්නා ඔබට, ජාත්‍යන්තර පුහුණුවක් හා ප්‍රදානයක් ද සමගින්, සමාජයට සේවයක් කිරීමට මහඟු අවස්ථාවක් !

Update: 2023-07-29 09:28 GMT

අයදුම් කිරීමට දැන් ම පිවිසෙන්න. Click here

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) යනු ලොව පුරා ජනමාධ්‍යවේදය ප්‍රවර්ධනය කරන, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි වෘත්තීය සංවිධානයකි. ICFJ විසින්, ලොව පුරා සිටින වාර්තාකරුවන්ට සහ මාධ්‍ය කළමනාකරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ, සහයෝගිතා සහ ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කර තිබෙනවා.1984 සිට ක්‍රියාත්මක වන මෙම ජාත්‍යන්තර මධ්‍යස්ථානය, පසුගිය වසර 27ක කාලය පුරාවට රටවල් 180ක මාධ්‍යවේදීන් 70,000කට අධික සංඛ්‍යාවකගේ අභිවෘද්ධිය සඳහා සෘජුව කටයුතු කර ඇත.

අසත්‍ය තොරතුරු මෙන් ම දුස් තොරතුරු සමාජයේ වේගවත්ව ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා ඊට එරෙහිව ක්‍රියාකිරීමට සුදුසුකම් ලත් පුද්ගලයන් පුහුණු කොට, ඔවුන් සවිබල ගැන්වීමේ නවතම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ICFJ කටයුතු සම්පාදනය කර තිබෙනවා.

මෙම ‘අසත්‍ය තොරතුරු මැඩලීමට, පුහුණුකරුවන් පුහුණු කිරීමේ’ වැඩසටහන (Disarming Disinformation's Training of Trainers) යටතේ තෝරාගනු ලබන පුද්ගලයින්ට, අසත්‍ය තොරතුරු හඳුනා ගැනීමට සහ ඒවාට එරෙහිව ක්‍රියා කිරීමට මනා පුහුණුවක් ලබාගැනීමේ අවස්ථාව සැලසෙනවා. ඉන්පසුව එම පුහුණුව ඔස්සේ ලබා ගන්නා අත්දැකීම් තුළින්, සමාජයේ විවිධ පුද්ගල කොට්ඨාශයන් සඳහා දුස් තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීමට පුහුණු කිරීම සඳහා, ICFJ විසින් අමෙරකානු ඩොලර් 2000ක දීමනාවක් ද, ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන අසත්‍ය තොරතුරු එරෙහිව ක්‍රියා කිරීම සඳහා සිදුවන ගෝලීය වැඩසටහනක් වන අතර මෙම වසරේ දී එම පුහුණුව ලබා දීම සඳහා තෝරාගත් කලාප වනුයේ අප්‍රිකාව, ආසියාව, යුරෝපය, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවයි (MENA). මෙම සෑම කලාපයකින්ම, අයදුම්කරුවන් පස් දෙනෙකු බැගින් තෝරාගනු ලබන අතර ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙනු ලබයි. ICJF සහ ජාත්‍යන්තර කරුණු පරීක්ෂක ජාලයේ MediaWise සමඟ ආසියානු කලාපයේ මෙම පුහුණුව ලබා දීම සඳහා තෝරාගෙන තිබෙන්නේ අප FactCrescendo ආයතනයයි.

පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනින් අමෙරිකානු ඩොලර් 2000ක දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලැබූ පුද්ගලයෙක්, 2023 නොවැම්බර් සිට 2024 ජුනි දක්වා සම්පත්දායකයෙක් ලෙස කටයුතු කරමින් අවම වශයෙන් සමාජයේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් 60 දෙනෙකු පුහුණු කරනු ඇතැයි මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනු ලැබේ.

අයදුම්පත් 2023 අගෝස්තු 4 (GMT 3h59) වන දා තෙක් විවෘතව පවතී. අයදුම්පත් සමාලෝචන ක්‍රියාවලිය අගෝස්තු 8 සිට අගෝස්තු 18 දක්වා ක්‍රියාත්මක වන අතර එමගින් තෝරා ගන්නා සාර්ථක අයදුම්කරුවන්, අමෙරිකානු ඩොලර් 2,000 ප්‍රදානය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. මේ වසරේ ඔක්තෝබර් මැද සිට අග කාලය තුළ පැවැත්වීමට නියමිත විශේෂ පුහුණුවට සහභාගී වීමට ඔබට ආරාධනා කරනු ලැබේ. ඔබව තෝරාගනු ලැබුවහොත්, අදාළ සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැදවනු ඇත.

සැලකියු යුතුයි:

අයදුම්කරුවන් ප්‍රදාන සහ පුද්ගල පුහුණුව සඳහා සුදුසුකම් ලැබීමට අගෝස්තු 7 වනදා GMT සිට 12pm - 4pm (ලංකාවේ වේලාවෙන් ප.ව. 5.30 සිට ප.ව. 9.30 දක්වා) පැය 4ක මාර්ගගත(Online) පාඨමාලාවට සහභාගී විය යුතුයි. මේ පිළිබඳව ඔබට ඊමේල් පණිවුඩයක් ඔස්සේ පමණක් තොරතුරු ලබා දෙනු ලබන බැවින්, යම් හෙයකින් අදාළ ඊමේල් දැනුම්දීම නොලැබුණේ නම්, ඔබගේ SPAM ෆෝල්ඩරය ද පරීක්ෂා කරන්න.

අයදුම් කිරීමට දැන් ම පිවිසෙන්න. Click here

මෙම වැඩසටහන සඳහා ඔබ සුදුසුකම් ලැබීමට නම් :

  • ඉලක්කගත කලාප හතරේ රටවල් වලින් එක් අයෙක් විය යුතුයි. ශ්‍රී ලංකාව ආසියානු කලාපයට ඇතුළත් වේ.
  • අගෝස්තු 7 වන දින පැය 4 ක මාර්ගගත පාඨමාලාවට සහභාගී විය යුතුයි.
  • ඔබේ ප්‍රජාව තුළ නායකත්ව ගෙන කටයුතු කළ පුද්ගලයෙකු ලෙස අත්දැකීම් ඇති අයෙක් විය යුතු අතර මේ සඳහා අයදුම් කිරීමට මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කර පළපුරුද්ද ලබා තිබීම අත්‍යවශ්‍ය නොවේ.
  • 2024 ජූනි දක්වා ඔබ විසින් සිදු කරන පුහුණුවීම් ක්‍රියාත්මක කිරීමට කැමැත්ත සහ හැකියාව තිබිය යුතුයි.
  • ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ සාමාන්‍ය හැකියාවක් අවශ්‍යයි.
  • සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමේ දැනුම සහ පළපුරුද්ද අමතර සුදුසුකම් ලෙස සලකනු ලබයි.

ප්‍රතිලාභ :

  • ලංකාව ඇතුළත් ආසියානු කලාපයකට ප්‍රදානයන් 5ක් ඇත.
  • ‘අසත්‍ය තොරතුරු මැඩලීමට, පුහුණුකරුවන් පුහුණු කිරීමේ’ වැඩසටහනේ අවසන් වශයෙන් තෝරාගනු ලබන සෑම පුහුනුකරුවෙකුටම USD 2,000ක් බැගින් ප්‍රදානයක් ලැබෙනු ඇත.
  • ලංකාව ඇතුළත් වන ආසියානු කලාපයේ ප්‍රදානය ලබන්නන්ට ඔවුන්ගේම පුහුණුවීම් වර්ධනය කිරීමට MediaWise සහ FactCrescendo අප ආයතනයෙන් සහය ලැබෙනු ඇත.

දුස්තොරතුරුවලට එරෙහිව ක්‍රියාකිරීමට ඔබට ලැබෙන ජාත්‍යන්තර පුහුණුව මෙන් ම, අසත්‍ය තොරතුරු වලට එරෙහිව ක්‍රියාකිරීමට නායකත්වය ගැනීමට ඔබට ලැබෙන මෙම මහඟු අවස්ථාව මඟහැර නොගන්න !

වැඩි විස්තර සඳහා WhatsApp: +94771514696 | Email: hello@myfactree.org

Tags:    

Similar News