ප්ලාස්ටික් බිත්තර ලෙස වාර්තා වී ඇති සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

Update: 2023-09-21 17:02 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මෙරට පැවති දේශීය බිත්තර හිඟයත්, බිත්තර වල මිල ඉහළ යාම වැනි කටයුතු හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණා. මෙම බිත්තර වල ගුණාත්මක තත්ත්වයන් පිළිබඳව ද, නොයෙකුත් ආකාරයේ ගැටලු ඇති බව ට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් මතු වෙද්දී මේ දිනවල ප්ලාස්ටික් බිත්තර පිළිබඳ භීතියක් ද, සමාජයේ පැතිරෙමින් තිබෙනවා. මේ පිළිබඳ වගකිවයුතු ආයතන හා  නොයෙකුත් පාර්ශව විසින් සිදු කරන ලද අදහස් සමගින් අප මේ පිළිබඳව සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

බිත්තර කෘත්‍රිමව නිෂ්පාදනය කරන ක්‍රියාවලියක් බවට දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වෙමින් පවතී. එහි සිරස්තලයේ සඳහන් වන්නේ “ඉන්දියාවේ බිත්තර කන්න කලින් මේක බලන්න” යනුවෙනි.

Full View

Facebook

මෑතකදී බෙන්තර ප්‍රදේශයේ කෙටි ආහාර අවන්හලකින් ලබා ගත් ආහාර වල ප්ලාස්ටික් බිත්තර ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

එම වීඩියෝවේ දැක්වෙන්නේ, එම ආහාරයේ අඩංගු වී තිබූ බිත්තර කැබැල්ලක් පිළිස්සීමකට ලක් කිරීමේදී එය පුපුරන හඬක් සමගින් අළු වන බවයි. එම වීඩියෝව පහතින්.

Full View

Facebook

එමෙන් ම තවත් වීඩියෝවක් පළ වූයේ හලාවත ප්‍රදේශයේදී වීඩියෝගත කරන ලද ප්ලාස්ටික් බිත්තරයක් බවට පවසමින්, එම බිත්තර සිවිය ප්ලාස්ටික් කොළයක් බව ද, පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා.

Full View

Facebook

මෙම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ඉන්දියාවේ ප්ලාස්ටික් බිත්තර ලෙස චීනයේ සෙල්ලම් බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියක් හුවමාරු වූ අවස්ථාවක්! 

ඉහත පළමු වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට අපට හැකි විය. එය ඉන්දියාවේ නිෂ්පාදනයක් සිදුවන ක්‍රියාවලියක් නොව චීනයේ සෙල්ලම් බිත්තර සාදන නිෂ්පාදන ක්‍රියාවලියකි.

2017 වසරේ පළ වූ චීනයේ නාගරික මහජන ආරක්ෂක කාර්යාංශයේ ජියැන්ග්නිං ශාඛාවේ නිල වෙබ් අඩවියක පළ වූ වාර්තාවක පෙන්වා දෙන්නේ, මෙය සැබෑ බිත්තර ලෙස මවාපාමින් වෙළඳපොළට ඇතුළු වන ව්‍යාජ බිත්තර නොව, ළමුන් සඳහා “බිත්තර” සෙල්ලම් බඩු නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක වීඩියෝවක් බවයි. තවද, මෙම සෙල්ලම් බඩු චීන E-commerce වේදිකා ඔස්සේ මාර්ගගත ක්‍රමයට ලබා ගත හැකි බව ද ඔවුන් එම ලිපියේ  වැඩිදුරටත් පෙන්වා දෙනවා. සංසරණය වන වීඩියෝවේ පෙන්වා ඇති බිත්තරවල ද මෙම නිෂ්පාදන සන්නාමයේ නම ඇතුළත් ස්ටිකර් දැක ගන්නට ලැබෙනවා.

මෙම ස්ටිකරය භාවිත වන නිෂ්පාදනයන් පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී ඔන්ලයින් වෙළඳාමේ නියුතු වෙබ් අඩවියක මෙම බිත්තර නිෂ්පාදනය දැක ගැනීමට හැකි විය. ඒ අනුව එම වෙබ් අඩවියේ සඳහන් විස්තරයට අනුව, එය ළමයින් සඳහා සාදන ලද සෙල්ලම් බිත්තරයකි. එය ස්පොන්ජියක් මෙන් සකස් කර ඇති අතර ආතතියෙන් මිදීමට අතින් මිරිකීමට හැකිවන ලෙස මෙය සාදා නිම කර ඇති නිෂ්පාදනයකි. 

ලංකාවෙන් වාර්තා වී ඇති සිදුවීම්වලට අදාළ සාම්පල රසායනාගාර පරික්ෂා සඳහා යොමු කර තිබෙනවා: මෙතෙක් ප්ලාස්ටික් බිත්තර නිෂ්පාදනය යොදා ගත් බවට අනාවරණය වී නැහැ!

ඉහත දෙවන වීඩියෝව (බෙන්තර ප්‍රදේශයේ අවන්හලකට සම්බන්ධ) පිළිබඳව විමසීමට අප බෙන්තර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරිවරයාගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, එම අවන්හලේ ආහාර වලින් හමුවූ බිත්තර කොටස රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බවයි.

එසේම ඉහත තෙවන වීඩියෝව සම්බන්ධයෙන් අප ජා-ඇල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරිවරයාගනේ ද, විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ, ප්ලාස්ටික් බිත්තර ඇති බවට කිසිදු පැමිණිල්ලක් ඒ වන තෙක් නොලැබුණු බවයි.

එසේම ප්ලාස්ටික් බිත්තර සිදුවීම් සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රදේශයේ හිටපු සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කළේ, ප්ලාස්ටික වැනි ද්‍රව්‍ය එකතු කොට හෝ කෘතිම බිත්තර වාණිජමය මට්ටමෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ නම් ඒ සඳහා සාමාන්‍ය වෙළඳපළේ පවතින මිලට බිත්තර මිලට වඩා වැඩි මිලක් දැරීමට සිදුවනු ඇති බැවින් ප්‍රායෝගිකව සිදුවීමේ ඉඩකඩක් නොමැති බවයි. මෙය හුදෙක් මෙරට බිත්තර සංගම් විසින් බිත්තර ආනයනය කිරීම වැළැක්වීම අරමුණු කොට ගෙන අනියත බියක් සමාජයේ ඇති කිරීමට උත්සහ කිරීමක් බවට තමා අදහස් කරන බවත්, මීට පෙර තමා සේවයේ නියුතු කාලයේ දී ද අවස්ථා කිහිපයක දී මේ ආකාරයේ ප්ලාසිටික් බිත්තර, ප්ලාස්ටික් සහල් බවට සැකකෙරෙන සිදුවීම් වාර්තා වුවද ඒ කිසිවක දී පිළිගත හැකි පරිදි ප්ලාසිටික් බිත්තර / සහල් නිෂ්පාදනයක් ගැන අනාවරණය නොවූ බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා.

Also Read : ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සත්‍ය කතාව!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය ( Food control Administration Unit, Health Ministry)

අප මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා සඳහන් කළේ, මෙරට ආනයනය කරන බිත්තර වල සාම්පල රසායනාගාර පරීක්ෂණයට යොමු කරන අතර එහිදීද එවැනි ප්ලාස්ටික් බිත්තර ලෙස සැලකිය හැකි සාම්පල හමු නොවූ බවයි. එමෙන් ම, සාමාන්‍ය බිත්තරයක් තැම්බීමෙන් අනතුරුව, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන අයුරින් හඬක් පිටවන බවත්, වීඩියෝවේද එය සම්පූර්ණ පිලිස්සීමකට එම ලක් නොවන බවත් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසා සිටියා.

අපද, මෙලෙසින් වෙළඳපොළේ ඇති නැවුම් බිත්තරයක් තම්බා එහි සුදු මද පිළිස්සීමකට ලක් කිරීමේදී ඉහත වීඩියෝවේ දැක්වෙන අයුරින් එමගින් බිත්තර පිපිරනෙ හඬක් නිකුත් විය. එමෙන් ම බිත්තරය ප්ලාස්ටික් මෙන් ගින්දර ඇල්ලූ පමණින් ගිනි නොගත් අතර පිළිස්සීමට ලක් කිරීම හේතුකොට අළු බැඳීම පමණක් සිදුවිය. 

එමෙන් ම බිත්තර අධි ශීතකරණයක දීර්ඝ කාලයක තබා තිබීමෙන් පසු වුවද , මෙවැනි තත්ත්වයන් දැක ගත හැකි බවද ඔහු සඳහන් කළා.කෙසේ වෙතත් ප්ලාස්ටික් බවට සැකසහිත බිත්තර, අදාළ රස පරීක්ෂක වාර්තා සඳහා යොමු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත්, ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

කාර්මික තාක්ෂණ ආයතනය (ITI)

කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඉල්මි හේවාජූලිගේ මහත්මිය පවසා සිටියේ, එවැනි ප්ලාස්ටික් බිත්තර ඇති බවට හමුවූවොත් ඒ සඳහා රසායනාගාර පරීක්ෂණය සිදු කිරීමට හැකි බවත්, මෙතෙක් එවැනි පරීක්ෂණයක් සිදු කර නොමැති බැවින් ඒ පිළිබඳව වාර්තාවන් නොමැති ව මෙම බිත්තර සම්බන්ධ අදහසක් පැවසීමට මේ වන විට නොහැකි බවයි.

කෙසේ වෙතත් ප්ලාස්ටික් බිත්තර යනුවෙන් පාරිභෝජනය කළ හැකි ලෙස බිත්තර නොමැති බවත්, කෘතිම බිත්තර නිෂ්පාදනය කළ හැකි බැවින් කෘතිම බිත්තර නොයෙකුත් රසායන එකතු කොට චීනය වැනි රටවල නිෂ්පාදනය කරන බවත්, ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

බිත්තර වල ප්‍රෝටීන තත්ත්වය වෙනසකට භාජනය වන බැවින් බිත්තර ශීත නොකරන බවත්,එවැනි තත්ත්වයක් තුළ බිත්තරයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් ඉහත වීඩියෝවල දැක්වෙන තත්ත්වය ඇති විය හැකි බවත්, කෙසේ වෙතත් අදාළ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පමණක් ඒ පිළිබඳ අදහස් දැක්විය හැකි බවයි කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂවරිය පවසා සිටියේ.

එමෙන් ම, ඉහත දෙවන වීඩියෝව (ජා-ඇල) සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ඉල්මි හේවාජූලිගේ මහත්මිය පැවසූවේ, බොහෝ අවස්ථාවන් වලදී ඇතැම් කුකුලන්ගේ බිත්තර වල සිවිය කොටස ඝන කමට වැඩෙන බවත්, ඒ හේතුවෙන් මේ පිළිබඳ නිසියාකාර රසායනාගාර පරීක්ෂාවක් සිදු කළ කිරීමෙන් පසුව අදහස් දැක්විය හැකි බවයි.

ඒ අනුව ඉහත වගකිවයුතු ආයතන විසින් මේ පිළිබඳ සිදු කිරීමට නියමිත රසායනාගාර පරීක්ෂාවෙන් පසු ලැබෙන පිළිතුරු මෙම ලිපිය සමගින් ඉදිරියේදී යාවත්කාලීන කිරීමට අප බලාපෙරොත්තු වන්නෙමු.

පාරිභෝගික සේවා අධිකාරිය

පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතාගෙන් අප විමසීමක් කළේ, ප්ලාස්ටික් බිත්තර ඇති බවට පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී තිබුණේ ද, යන්නයි.

ඒ මහතා පවසා සිටියේ, එම අධිකාරියට එවැනි පැමිණිලි මෙතෙක් ලැබී නොමැති බවයි. මීට පෙර ද, ප්ලාස්ටික් සහල් ඇති බවට පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවත්, නමුත් එවැනි සහල් වෙළඳපොළ තුළ හමු නොවුනු බවත්, මෙයත් එලෙසින් ගෙන යන අසත්‍ය තොරතුරක් බවයි අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ.

ශ්‍රී ලංකා සත්තව නිෂ්පාදකයින්ගේ සංගමය 

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා නෙත් පුවත් ආයතනය හා සම්බන්ධව අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් තොරතුරු පැතිරුණ ද, මෙහි ඇත්ව තත්ත්වය අදාළ ආයතන වලින් පරීක්ෂා කළ යුතු බවයි.

විශේෂයෙන් අප දන්නා පරිදි, චීනයේ කෘතිම බිත්තර නිෂ්පාදනය කරන මුත්, මෙරට තුළ‍ෙ එවැනි බිත්තර වෙළඳපොළක් නොමැති බවත්, ඒවා මෙරටට ආනයනය නොකරන බවත්, විශේෂ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, මෙහි ඇත්ත තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු බවත් ඒ මහතා සඳහන් කරනවා.

මේ අවස්ථාවේදී මෙරට වෙළඳපොළේ පවතින්නේ 100% ක් දේශීය නැවුම් බිත්තර බව ද, ආනයනික බිත්තර වල යම්කිසි දෝෂ සහිත බව ක් විය හැකි බවත්, අත්‍යවශ්‍ය ආහාරවල ප්‍රමිතිය පිළිබඳ අදාළ ආයතන දැනුවත් වී පාරිභෝගිකයාව ද, දැනුවත් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසූවේ. එම වාර්තාව මෙතනින්.

ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය (FSSAI) 

2018 වසරේදී ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියෙන් (FSSAI) පළ කරන ලද වාර්තාවක් අනුව ද,  ප්ලාස්ටික් බිත්තර නිෂ්පාදනය පිළිබඳ ප්‍රකාශ අසත්‍ය බව ට සඳහන් කර තිබෙනවා. FSSAI පවසන්නේ, ලාභ භාණ්ඩ නිෂ්පාදනය කර වැඩි මිලට විකිණීම සඳහා ව්‍යාජ භාණ්ඩ නිෂ්පාදනය කරන නමුත්, ප්ලාස්ටික් භාවිතයෙන් බිත්තර නිෂ්පාදනය කිරීම සැබෑ කුකුල් බිත්තරවලට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වන ක්‍රියාවලියක් බවයි.

එමෙන්ම එම ප්‍රමිති අධිකාරිය පෙන්වා දෙන්නේ, බිත්තරයේ ජලය නැතිවීමේ ප්‍රතිඵලයක් ලෙස බිත්තරයේ සුදු සහ කහ මදය ප්‍රමාණයෙන් හැකිලී යන අතර එම දෙක එකට සංයෝජන විය හැකි බවත්, එබැවින් එවැනි බිත්තරයක් කැඩී ගිය විට, එය සාමන්‍ය බිත්තර මෙන් කහ මදය හෝ සුදු මදය වෙන් නොවී ඇති බැවින් ප්ලාස්ටික් හෝ ව්‍යාජ බිත්තර ලෙසට සිතෙන බවයි. බිත්තරයේ තෙතමනය නැතිවීම නිසා, එය වියළි බවට පත් වීම හේතුවෙන් ප්ලාස්ටික් බිත්තර බවට හැඟීමක් ලබා දෙන කඩදාසි මෙන් පෙනෙන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

fssai.gov.in

2020 වසරේ ද, වව්නියා ප්‍රදේශයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වෙයි

කෙසේ වෙතත් මීට පෙර 2020 වසරේ ද, වව්නියා ප්‍රදේශයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වූ අතර ඒ පිළිබඳව ද, එම අවධියේ දී අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්.

Also Read : කෘතිම ප්ලාස්ටික් බිත්තර යොදා වව්නියාව හෝටලයක් ආහාර පිළියෙළ කර නැත!

එහිදී මාධ්‍යවේදියකු යයි පැවසු තැනැත්තෙකු වව්නියාවේ නගරයේ හෝටලයක ඇති සැහැල්ලු ආහාර වල කෘතිම බිත්තර ඇති බවට කරන ලද පැමිණිල්ලක් අනුව වව්නියාව නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ එම ආහාර පරික්ෂා කරන ලද අතර එහි අඩංගුව තිබුණේ කෘතිම බිත්තර නොව සාමාන්‍ය බිත්තර බවට තහවුරු වී තිබුණා.

මේ පිළිබඳව එම අවධියේ අප වව්නියාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගෙන් ද සිදුකල විමර්ශනයකදී අපට පැහැදිලි කර සිටියේ මෙම සිද්ධියට මාධ්‍යවේදියෙකු සම්බන්ධ වී තිබු බැවින් මෙසේ විශාල වශයෙන් මාධ්‍ය හරහා හුවමාරු වී තිබූ බවයි. අදාළ මාධ්‍යවේදියා සිදුකළ පැමිණිල්ලක් මත හෝටලය පරීක්ෂා කෙරුණු අතර එහිදී ප්ලාස්ටික් හෝ කෘතිම බිත්තර කිසිවක් හමුව තිබුනේ නැහැ.

කෙසේවෙතත් බිත්තර රෝල්ස් පිළියෙළ කිරීම සඳහා එම හෝටලය යොදාගෙන තිබුණේ, මුලින් තම්බා, ඉන් අනතුරුව අධිශීතකරණයේ දමා තිබූ බිත්තර වූ අතර එය මෙසේ තරමක තද ගතියක් පෙන්නුම් කර තිබූ බවත්, තම්බා ගත් බිත්තර දින කිහිපයක් ශීතකරණයේ තිබිය හැකි වුවද , අධිශීතකරණයේ තැබීම (ඝෘණ උෂ්ණත්වයන් යටතේ) වැරදි ක්‍රියාවලියක් බැවින් ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා හෝටල් හිමියාට අවවාද කර තිබුණා.

ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සම්බන්ධයෙන් පුවත් වාර්තා

ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන බිත්තර පරිභෝජනය සඳහා සුදුසු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බැවින් ඒවා පරිභෝජනය කිරීමට බිය නොවන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කර තිබුණා.

එසේම මෙසේ ඉන්දියාවෙන් ආනයන කරන බිත්තර ලංකාව තුළ බෙදාහරින්න ලෙස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව කටයුතු කරන බැවින් ඔවුන්ගේ උපදෙස් පත්‍රිකාවේ සඳහන් වන පරිදි යම් පුද්ගලයෙකු ශීතකරණයක ගබඩා නොකොට දින 4 කට වැඩි කාල සීමාවක් තබන්නේ නම් එය නීතිමය වශයනේ වරදක් බවත්, එසේම කල් ඉකුත්වීමේ දිනය මකා වැනි මිනිස් පරිභෝජනයට නුසුදුසු බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් නීතිමය පියවර දැනටමත් ගෙන ඇති බවත් ඇතුළුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති දැක්වූ අදහස් මෙතනින්.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ප්ලාස්ටික් බිත්තර සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News