නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු මෙරටින් හමුවූ බවට හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Update: 2023-09-29 09:53 GMT

නැවත වරක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ‘නිපා වෛරසය’ පැතිර යාම හේතුවෙන් තවත් කොවිඩ් වෛරසය වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වේදැයි මෙරට ජනතාව ද, බියෙන් පසු වුණා. මෙරට ද, මෙම වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනෙකු සිටින බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

රිජ්වේ ආර්යා ළමා රෝහලේ “නිපා වෛරසය” ආසාදනය ට සමාන රෝග ලක්ෂණ දරුවන් දෙදෙනෙකු හඳුනාගෙන සිටින බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, මෙම පණිවිඩය WhatsApp ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා.

මේ පිළබඳ කරුණු පැහැදිලි කිරීමක් කිරීමට අප පියවර ගත්තා.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

මේ දිනවල විශේෂයෙන්ම ඉන්දියාවේ පැතිරෙමින් පවතින “නිපා වෛරසය” මෙරටට පැමිණි බවට හෝ මෙරටින් ආසාදිතයින් හමුවී ඇති බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් අප ඉහත සටහන් වල දක්වා තිබූ රිජ්වේ ළමා රෝහලේ නිපා ආසාදිත දරුවන් හමු වී ඇත් ද යන බවට විමසා බැලීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා. ඒ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ‘නීපා’ වෛරස් ආසාදිතයෙකු හමු වී ඇති බවට මෙතෙක් තහවුරු කර නොමැති බවත්, ‘නිපා වෛරසයේ’ රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ ඇති දරුවන් දෙදෙනෙකු රිජ්වේ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බවත්, එම දරුවන් දෙදෙනා දැඩි ලෙස රෝගාතුරව සිටියද, මොළයේ රුධිර වහනය සහ ඉදිමීම වැනි රෝග ලක්ෂණ මත පමණක් ඔවුන්ට ‘නීපා’ වෛරසය ආසාදනය වී ඇති බවට උපකල්පනය කළ නොහැකි බවයි.

බැක්ටීරියා ආසාදන, වෛරස් ආසාදන සහ ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධ ඇතුළු විවිධ රෝග නිසා මෙම රෝග ලක්ෂණ ඇති විය හැකි අතර, මෙම දරුවන් දෙදෙනාට පමණක් නොව වෙනත් රෝහල්වල ද, මෙම ලක්ෂණ ඇති තවත් රෝගීන් සිටින අතර ඔවුන්ට ද මොළයේ රුධිර වහනය සහ ඉදිමීම වැනි තත්ත්ව අත්විඳින බවත්, මෙම දරුවන් දෙදෙනා ද එවැනි පොදු රෝග ලක්ෂණ ඇති රෝගයකින් පෙළෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ඒ හේතුවෙන් ‘නිපා’ ආසාදිත වූ බවට පැවසීමට ඉක්මන් වැඩි බව ද, රෝහල අධ්‍යක්ෂවරයා තහවුරු කළා.

කෙසේ වෙතත් රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින දරුවන් දෙදෙනාට ‘නිපා වෛරසය’ වැළඳීමේ හැකියාව වෛද්‍ය විජේසූරිය නිශ්චිතවම බැහැර කර නොමැති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

නිපා වෛරසය යනු සත්ත්වයින් මගින් බෝවන වෛරසයක් වන අතර එයින් අදහස් වන්නේ එය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය විය හැකි බවයි. එය එන්සෙෆලයිටිස් (මොළයේ දැවිල්ල) සහ ශ්වසන ආබාධ ඇති කළ හැකි දුර්ලභ නමුත් මාරාන්තික වෛරසයකි. ‘නිපා’ වෛරස් ආසාදනයේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් වෛරසයට නිරාවරණය වී දින 4-14 කට පසුව ආරම්භ වන අතර උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ පාචනය ඇතුළත් විය හැකිය. දරුණු අවස්ථාවල දී, කෝමා සහ මරණයට හේතු විය හැක.

“නිපා වෛරසය” ආසාදනය සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර, එම රෝග තත්වය කළමනාකරණයේ ප්‍රධානතම දෙය වන්නේ උපකාරක සත්කාරයයි. උණ සහ වලිප්පුව පාලනය කිරීම සඳහා රෝගීන්ට දියර, දේහයට අවශ්‍ය ඛනිජ ලවණ වර්ග ලබාදීම සහ ඖෂධ ලබා දිය හැක. සමහර අවස්ථාවලදී, කෘතිම ශ්වසන ආධාර අවශ්‍ය විය හැකිය.

නිපා වෛරසය පැතිරීම වළක්වා ගැනී සඳහා උපදෙස්:

වෛරසය රැගෙන යා හැකි වවුලන් සහ වෙනත් සතුන් සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න.

පළතුරු සහ එළවළු අනුභව කිරීමට පෙර ඒවා හොඳින් සෝදන්න.

අමු රට ඉඳි යුෂ පානය කිරීමෙන් වළකින්න.

මස් සහ බිත්තර හොඳින් පිසින්න.

සනීපාරක්ෂක පුරුදු ඇති කර ගන්න.

නිපා වෛරස් ආසාදනයේ යම් රෝග ලක්ෂණයක් ඔබට ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

Full View

“නිපා වෛරසය” බරපතල වෛරස් තත්ත්වයක් වන නමුත් එය ඉතා දුර්ලභ ය. ඔබව ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් හොඳ සනීපාරක්ෂක පුරුදු ඇති කර ගන්න. 

“නිපා” ආසාධිත රෝගීන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පසුගියදා නියෝග කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්.

මේ පිළිබඳ තහවුරු කර ගත් වැඩි දුර තොරතුරු සමගින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු මෙරටින් හමුවූ බවට හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News