ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළා ද?

Update: 2023-10-01 10:17 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඇතැම් සිදුවීම් වාර්තා කිරීමේදී කරුණු නිසි අයුරුන් නොසොයා පුවත් වාර්තා කිරීමේදී බොහෝ සෙයින් ජනතාව නොමග යනු ලබනවා. එලෙසින් නොමග ගිය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික මහතා බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළ බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එමෙන් ම එම සටහනේ සබැඳියේ දක්වා තිබූ වෙබ් පුවතේ තව දුරට ත් සඳහන් කර තිබුණේ, “වැටුණු රට භාරගෙන සුඛිත මුදිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගෙන් ඉල්ලා සිටින බව මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසූ බව ත්, රට භාරගෙන ජනතාවට නිදහස ලබා දෙන ලෙසත් රට අතහැර යන ජනතාවට ඉන්න හිතෙන රටක් හදන ලෙසත් එහිමියන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටි බවයි. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි බැහැ දකින්නට පැමිණි අවස්ථාවේ මෙලෙසින් පැවසූ බව එහි දක්වා තිබුණා.”

emanisa| Archived Link

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම විමර්ශනය කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් අප ට දැක ගන්නට නොලැබුණි.

අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළා. හිමියන් සඳහන් කරනු ලැබුවේ, තමන් විසින් කිසිදු අවස්ථාවක පාඨලී චම්පක මන්ත්‍රීවරයා සම්බන්ධ එවන් ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, ඔහු තමන් බැහැ දැකීමට නොපැමිණි බව ට වගකීමෙන් ප්‍රකාශ කරන බව ත් උන්වහන්සේ සඳහන් කළා.

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සම්බන්ධ නොවුණු සියලු ජාතීන් එකමුතුව පක්ෂ 14ක් ජාතික සංවිධාන එකමුතුවකින් වර්තමානයේ පාලනය හොබවන හොර, දූෂිත දේශපාලනයන් එළවීමට කටයුතු කරන බව උන්වහන්සේ පසුගියදා පවසා තිබුණේ මෙලෙසින්.

අප මේ පිළිබඳව මන්ත්‍රී පාඨලී චම්පක මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසා සිටි අතර ඔවුන් තහවුරු කළේ, එම පුවත සාවධ්‍ය බව ත්, මන්ත්‍රීවරයා මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවහැංගුණවැවේ ධම්මරතන හිමියන් බැහැදැකීමට නොගිය බව ත් ය.

නමුත් පසුගිය දා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමිපාණන් බැහැදැකීමට ගිය අවස්ථාවේ එම හිමියන් විසින් ඉහත පුවත් ලිපියේ පෙන්වා දෙන පරිදි ප්‍රකාශයක් සිදු කළ බව ත්, ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.

එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

Full View

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළ බවට පළ වන සටහන් අසත්‍ය බව ත්, එවන් ප්‍රකාශයක් සත්‍ය වශයෙන් ම සිදු කළේ, දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නායක හිමිපාණන් බව ත්ය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළා ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News