ලෝකයේ ලාබාලතම උපාධිධාරියා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දරුවෙක් ද?

Update: 2023-10-17 05:24 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයේ විශේෂිත වාර්තාගත ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඊට මෑතම නිදසුන වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මීටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කරදුන් තරුෂි කරුණාරත්නයි.

මෙවැනි ගෞරවනීය ජයග්‍රහණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතමින් විවිධ සටහන් ප්‍රචාරය වනවා මෙන්ම, ඇතැම් අවස්ථාවලදී ජනතාව මුලා කරන, නොමඟ යවන සුළු සටහනුත් ප්‍රචාරය වනවා. සමාජ මාධ්‍ය පරිශීලකයින් අතරිනුත් බොහෝ දෙනා විසින් නොදැනුවත්වම, මෙම අසත්‍ය තොරතුරු සමාජය තුළ සංසරණය වීමට තම අනුග්‍රහය ලබා දෙනවා.

මෙවැනි වාර්තාවක් මෑතකදීත් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල අවදානයක් ලබා ගනිමින් සංසරණය වනවා අපට දැක ගැනීමට ලැබුණා.

සමාජ මාධ්‍ය පලකිරීම් ( Social Media Posts)

සමාජ මාධ්‍ය ඔස්සේ මෑත දිනකදී සිදු කර තිබූ පලකිරීමකට අනුව වයස අවුරුදු 11ක, ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සිසුවෙක්, උපාධි 3ක් සහිතව විශ්ව විද්‍යාලයෙන් සමත්ව තිබෙනවා. මේ පලකිරීමේ දැක්වෙන අන්දමට ඔහු සැක්‍රමෙන්ටෝහි ඇමෙරිකන් රිවර් කොලේජ්හි සිසුවෙක් ලෙස අධ්‍යාපනය හදාරා අවසන් කර තිබෙනවා.

මෙය මීට දින 3කට පෙර ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පලවූ ආකාරය දැක්වෙන සටහන පහතින්.

Facebook | Archived

බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙම සටහන හුවමාරු කරමින්, එහි දැක්වෙන දරුවාට සුබ පැතුම් එක් කර තිබෙන අයුරු දැකගන්නට ලැබුණා.

දින 3කට පෙර සමාජ මාධ්‍යයේ පලවූ වාර්තාවේ මුල් ඉදිරිපත් කිරීම ෆේස්බුක් ඔස්සේ සොයා යෑමේදී මෙම ලිපිය මීට සර්වසම ලෙස වෙනත් ෆේස්බුක් පිටුවක්  තුළ 2015 වසරේ මැයි මාසයේදී පලවී තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා.

Facebook | Archived

මෙම සටහන් 2019 වසරේ දීත් විවිධ ලෙස හුවමාරු වී තිබෙන අයුරු අපට පෙනී ගියා.

මේ පිළිබඳව අප කරුණු විමර්ෂණයක් සිදු කළා.

කරුණු විමර්ෂණය(Fact Check) 

අප විසින් මුලින්ම අදාල පලකිරීම්වල පැවතුණ ඡායාරූප රිවර්ස් ඉමේජ් සොයාබැලීමකට ලක් කළා. එහිදී මෙම දරුවා ටනිශ්ක් ඒබ්‍රහිම් නැමැත්තෙක් බව අපට සොයා ගැනීමට හැකිවුණා. ඔහු 2003 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ, සැක්‍රමෙන්ටෝහි උපත ලබා තිබෙනවා. ඔහු මේ වන විට වයස අවුරුදු 20ක අයෙක්. ඔහුගේ පියා බිජෝව් ඒබ්‍රහම් වන අතර ඔහු වෘත්තියෙන් මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. ඔහුගේ මව ටාජි ඒබ්‍රහම් පශු වෛද්‍යවරියක්. මොවුන් දෙදෙනා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවන්.

ටනිශ්ක් 2015 මැයි මාසයේ දී ගණිතය සහ භෞතීය විද්‍යාව, සාමාන්‍ය විද්‍යාව සහ විදේශීය භාශා අධ්‍යනය යන උපාධි තුන, 4.0ක GPA (Great Point Average) අගයක් සමඟ ලබාගත්තා. ඉන්පසු අවුරුදු 15ක් වන විට ජෛව වෛද්‍ය ඉන්ජිනේරුවරයෙකු බවට පත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ටනිශ්ක පුලස්ති ලෙස හුවමාරු වූ සියළුම ඡායාරූප සහ තොරතුරු ටනිශ්ක් ට සමාන වන අතර, ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ නම් පමණක් ශ්‍රී ලාංකික ලෙස හැගී යන ආකාරයට වෙනසකට ලක් කර ඇති බවත් පෙනී යනවා.

ටනිශ්ක්ගේ ජයග්රහණ පිළිබඳව වාර්තා වැඩසටහන් බොහෝ මාධ්‍යන් ඔස්සේ විකාශනය වී තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත ටනිශ්ක් ඉහත ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන ටනිශ්ක ම බවත්, ඒ අනුව පෙනී යනවා.

ටනිශ්ක් පිළිබඳව වැඩිදුර තොරතුරු සහ ඡායාරූප මෙතනින්.

ටනිශ්ක් වයස අවුරුදු 19 වන විට ඔහුගේ ආචාර්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා. ඒ ජෛව වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව සම්බන්ධ ආචාර්‍ය උපාධියක්. ටනිශ්ක් පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යයක පළ වූ වාර්තාවක් මෙතනින්.

ඔහු තම උපාධි පාඨමාලා සම්පූර්ණ කළ UC Davis උසස් අධ්‍යාපන ආයතනයෙන් ඔහු පිළිබඳ එක් කළ සටහනක් මෙතනින්. ටනිශ්ක් සම්බන්ධව යූ ටියුබ් හි පලවුණ වීඩියෝවක් මෙතනින්.

කෙසේ වෙතත්, මේ දක්වා ලෝකයේ සිට ලාබාලතම උපාධිධාරියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටින්නේ 1984 වසරේ උපන් මයිකල් කියර්නි නැමැති ඇමරිකානු ජාතිකයෙක්. ඔහු ඔහුගේ උපාධිය වයස අවුරුදු 10 වන විට සම්පූර්ණ කර තිබෙනවා.

එමෙන්ම ලෝකයේ ලාබාලතම ආචාර්‍ය උපාධිය ලබා ගත් තැනැත්තා ලෙස සැලකෙන්නේ කාල් විටේ නැමැත්තෙක්. ඔහු වයස අවුරුදු 13 වන විට ඔහුගේ ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

ටනිශ්ක් ඒබ්‍රහිම් ද ලෝකයේ අඩුම වයසකින් උපාධිය සහ ආචාර්‍ය උපාධිය ලබා ගත් කිහිප දෙනා අතරට එක් වෙනවා.

මේ වන විට ටනිශ්ක් වයස අවුරුදු 20ක තරුණයෙකු වන අතර MedARC නම් වෛද්‍ය විද්‍යාත්මක කෘත්‍රිම බුද්ධි ආශ්‍රිත ක්‍රම නිපදවීමේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරනවා. තවද ඔහු ලෝකයේ  දැනට සිටින ලාබාලතම ජෛව වෛද්‍ය ඉන්ජිනේරුවරයාද වනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ෂණයෙන් සොයා ගැනුනේ ටනිශ්ක් ඒබ්‍රහිම් නම් ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවෙක් වන ඡායාරුප සටහන්හි පෙන්වා ඇති දරුවා සම්බන්ධ තොරතුරු සිතා මතා විකෘති කොට, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයෙක් බව පෙන්වා දෙම්න් සමාජ ජාලා පරිශීලකයින්ව නොමඟ යැවීමට දරා ඇති උත්සාහයක් දරා තිබෙන බවයි. එසේම මෙම සුවිශේෂී දරුවා ලොව ඉතා කුඩා වියේදී උපාධි සහ ආචාර්ය උපාධි ද සම්පුර්ණ කර තිබුණ ද ඔහු එම ජයග්‍රහණ ලබාගෙන තිබෙන ලොව ලාබාලතම දරුවා ලෙස වාර්තා වන්නේ ද නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලෝකයේ ලාබාලතම උපාධිධාරියා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙක්ද?

Written By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News