පලස්තීන ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමයින්ගේ මළ සිරුරු දැක්වෙන ඡායාරූපයක්ද?

Update: 2023-10-18 16:56 GMT

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය මේ වන විට තවදුරටත් දරුණු වෙමින් සහ ලෝක යුධ නීතිවලට අනුකුල නොවන පියවර පවා ඔස්සේ ඇවිල යමින් තිබෙනවා. මේ සම්බන්ධ කරුණු වැඩි වැඩියෙන් මේ වන විට ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පල වෙනවා.

මෑතකදී ඒ සම්බන්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූපයක් අඩංගු පලකිරීමක් වෙත අපගේ අවදානය යොමු වුණා.

සමාජ මාධ්‍ය පලකිරීම්(Social Media Posts)

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෑත දිනකදී සිදු කර තිබූ පලකිරීමකට අනුව පලස්තීන ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමුන් පිරිසක් ලෙස දක්වමින් මියගිය දරුවන් රැසකගේ ඡායාරූපයක් පල වී තිබුණා.

Facebook | Archived

මෙම ඡායාරූපය විවිධ සිරස්තල සමඟ විවිධ සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබුනේ මෙය මේ වන විට පවතින ඊශ්‍රායල-පලස්තීන යුද්ධයට සම්බන්ධ බව පෙන්වා දෙමින්. මෙලෙස පලවුණ තවත් පලකිරීමක් මෙතනින්. Archived

විශේෂයෙන්ම මෙම ඡායාරුපය සැබවින්ම ඊශ්‍රායල-පලස්තීන යුධ ගැටුම් තත්වයන් පිළිඹිඹු කරන අවස්තාවක් ද යන්න පිලිබඳ කිහිපදෙනෙකුම විමසා තිබු අතර ඒ පිළිබඳව සත්‍ය කරුණු විමසා බැලීමට අපි තීරණය කළා.

කරුණු විමර්ෂණය(Fact Check)

අප විසින් මුලින්ම අදාල පලකිරීම්වල පැවතුණ ඡායාරූප Reverse Image සොයාබැලීමකට ලක් කළා. ඡායාරූපයේ පෙන්වා තිබෙන්නේ සැබෑ ලෙසම මිය ගිය දරුවන් පිරිසකගේ ඡායාරුපයක් වුවද එම මුල් ඡායාරූප පල වී තිබුණේ මීට වසර 10කට පමණ පෙරාතුවයි. 2013 වසරේ අගෝස්තු 21වන දින, සිරියාවේ නැගෙනහිර ඝෝටා (Ghouta) ප්‍රදේශයට, රජයට හිතවත් පිරිස් මඟින් එල්ල කරන ලද රසායනික වායු ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය සිරියානු දරුවන්ගේ මළ සිරුරුවල ඡායාරූපයක් මෙහි දැක්වෙන බව සිරියානු සටන්කාමින් පවසා තිබු බව ඇමරිකාවේ United Press International (UPI) පුවත් සේවයේ සඳහා Diaa El Din වාර්තා කර තිබුනේ මෙලෙසින්. Archived

2013 වසරේ එල්ල වූ මෙම රසායනික ප්‍රහාරය සැරින් නම් රසායනිකය අඩංගු වූ විෂ වායු ප්‍රහාරයක්. ඇමෙරිකා එක්සත් ජනපද රජයට අනුව මෙයින් සිරියානු වැසියන් 1429ක් මිය ගොස් ඇති අතර ඒ අතරින් 426ක් දරුවන්. තවද, 6000කට ආසන්න ප්‍රමාණයක් හුස්ම සිරවීම ආදී ශ්වසන අපහසුතාවලින් පීඩාවට පත් වී තිබෙනවා. 2013දී මෙම ප්‍රහාරය පිළිබඳව වාර්තා කර තිබූ ආකාරය මෙතනින්. ඉහත ඡායාරූපය සහිතව National Geographic විසින් පල කර තිබූ “සිරියාවේ රසායනික අවි බැහැර කල හැකි ආකාරය” වාර්තාව මෙතනින්.

වසර 10කට පසු මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැක්වෙන, ඡායාරූප සහිත වාර්තාවක් මෙතනින්. ඒ හා සම්බන්ධ තවත් පසුවිපරම් වාර්තාවක් මෙතනින්.

ඉහත ඡායාරූපයද සහිතව New York Times ඔස්සේ මෙම ප්‍රහාරය ඇතුළු සිරියානු යුද්ධයේ ප්‍රතිවිපාක පිළිබඳ දැක්වූ වීඩියෝව මෙතනින්.

කෙසේ නමුත් ගාසා තීරයේ මේ වන විට පවතින යුදමය වාතාවරණය හමුවේ ගාසා තීරය ආශ්‍රිතව ජීවත් වූ දරුවන් ඉතා ඉහළ බලපෑමකට ලක්ව තිබෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය යන දෙරටේම දරුවන් විශාල වශයෙන් මිය යමින් සිටිනවා. මිනිසුන් දහස් ගණනකට මේ වන විට ජීවිත අහිමිව තිබෙනවා. ඒ අතරින් බහුතරයක් දරුවන් සහ කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන්.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ෂණයෙන් සොයා ගැනුනේ ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබෙන ඡායාරූපය 2023 වසරේ මේ වන විට ඇතිවී තිබෙන ඊශ්‍රායල් - පලස්තීන සටන්කරුවන් අතර ඇතිවූ යුදමය තත්ත්වය නිසා මියගිය දරුවන්ගේ ඡායාරූපයක් නොවන බවයි. මෙය 2013 වසරේ අගෝස්තු 21 දින සිරියාවේ ඝෝටා ප්‍රදේශයේ දී මියගිය කුඩා සිරියානු දරුවන්ගේ මළ සිරුරු දැක්වෙන ඡායාරූපයක්. කෙසේවෙතත් වත්මන් ඊශ්‍රායල-පලස්තීන දරුණු ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම දරුවන් විශාල පිරිසක් ද මියගොස් තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පලස්තීන ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමයින්ගේ මළ සිරුරු දැක්වෙන ඡායාරූපයක්ද?

Written By: Fact Crescendo Team

Result: Misleading

Tags:    

Similar News