ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

Update: 2023-11-02 12:58 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වුවහොත් ඒවා සියල්ල ඉවත් කළ හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“ලීක් වුණා නම් මෙහෙම කරන්න” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ සටහනක් සංසරණය වුණා. එහි දක්වා තිබුණේ කාන්තාවකගේ ඡායාරූපයක් සංස්කරණය කරමින් නිරුවත් කර ඇති බවට දක්වමින් එලෙසින් සංස්කරණය කළ පුද්ගලයා විසින් ඇයගෙන් මුදල් කප්පම් ලබා ගැනීමට කටයුතු කරන අයුරුයි. කෘතිම බුද්ධිය ඔස්සේ(AI තාක්ෂණය) ඇතුළු වෙනත් ක්‍රම මඟින් නිර්මාණය කොට සංස්කරණය කරන මෙවන් ඡායාරූප ඉවත් කර ගැනීම සඳහා StopNCII.org වෙබ් අඩවියට ඒ පිළිබඳව වාර්තා කිරීමෙන් එම ඡායාරූප යොමු කරන සියලු සමාජ මාධ්‍ය ජාලා වලින් ඉවත් කෙරෙන බවට දක්වා තිබුණා.Facebook

එසේම මේ සම්බන්ධයෙන් සටහන් රැසක් පසුගිය කාලයේ දී ලංකාවේ ද නිර්මාණය වී තිබු අතර ඇතැම් සටහන් මඟින් පැවසුනේ StopNCII.org වෙබ් අඩවිය වෙත පිවිස ඔබගේ සංස්කරණය කරන ලද සහ සත්‍ය ඡායාරුප එයට උඩුගත කිරීමෙන් පසුව ඔවුන් අදාළ සංස්කරණය කරමින් නිර්මාණය කළ සේයාරූ ඉවත් කරන බවයි. එවැනි සටහනක් පහතින්.

FB | Archived

StopNCII.org වෙබ් අඩවිය විසින් අන්තර්ජාලය හරහා හුවමාරු වූ ඔබගේ සියලු නිරුවත් ඡායාරූප, අසත්‍ය, සංස්කරණය කරන ලද ඡායාරූප ඉවත් කරන බවට ඉහත වීඩියෝව ඔස්සේ සඳහන් කෙරෙනවා. මේ ඒ පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

StopNCII වෙබ් අඩවිය එක්සත් රාජධානිය පදනම් කරගත් අනුග්‍රහයකත්වය දක්වන කොටසක් ‘Revenge Porn Helpline’ හි ව්‍යාපෘතියක් බව එම වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

StopNCII

NCII (non-consensual intimate image sharing) යනු යමෙකුගේ අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ, ඔවුනගේ අවසරයකින් තොරව, මාර්ගගත ක්‍රම ඔස්සේ හෝ වෙනයම් ආකාරයකට හෝ බෙදාගැනීමේ ක්‍රියාවයි. මෙම ක්‍රියාවලිය මර්දනය කිරීම StopNCII අරමුණු කරගෙන ඇති අතර එය රාජ්‍ය සංවිධානයක් හෝ අන්තර්ජාලයේ පළවන සියලු දේ පාලනය කරන බහුජාතික හෝ ජාත්‍යන්තර සංවිධානයක් නොවේ.

එසේම මෙම වෙබ් අඩවියට සෘජුව තනි ඡායාරූපයක් හෝ වීඩියෝවක් ඉවත් කිරීමට කිසිදු බලයක් හෝ අධිකාරියක් හෝ හැකියාවක් නොමැත. පැහැදිලිව කිවහොත් StopNCII හට අන්තර්ජාලයෙන් ඔබගේ සියලුම ඡායාරූප හෝ වීඩියෝ ඉවත් කළ නොහැක.

StopNCII වෙබ් අඩවියට ඔබේ නිරුවත් හෝ සංස්කරණය කළ ඡායාරූප හෝ වීඩියෝ උඩුගත කිරීමට ලබා දී ඇති උපදෙස් ව්‍යාකූල තත්ත්වයක පවතී. එහි ඔබ ඔබේ සත්‍ය ඡායාරූප හෝ වීඩියෝ උඩුගත කළ යුතු බව දක්වා තිබීම එක් නිදසුනකි. නමුත් StopNCII ඔබට ඔබේ නිරුවත් / සංස්කරණය කළ ඡායාරූපය හෝ වීඩියෝව හෝ සංස්කරණය කරන ලද ඡායාරූප හෝ වීඩියෝව උඩුගත කිරීමට අවශ්‍ය නොවේ.

එසේම StopNCII හි ඔබට තනි ඡායාරූපයක් හෝ වීඩියෝවක් උඩුගත කිරීමට අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, එය හුදෙක් ඔබ ලබාදෙන ඡායාරූප හෝ වීඩියෝ Scan කරයි. StopNCII ඔබගේ උපාංගයේ ඔබ තෝරන ඡායාරූප හෝ වීඩියෝ පමණක් ස්කෑන් කරයි, සහ ඒවායේ ඩිජිටල් ඇඟිලි සලකුණු (හැෂ්) ජනනය කරයි. එය ඔබගේ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ බාගත කිරීමක් හෝ ඔවුන් ළඟ තබා ගැනීමක් හෝ සිදු නොකර ගනී.

StopNCII හරහා ඔබ කෙස් (case) එකක් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිලිබඳ විස්තර කිරීමක් පහතින්. 

https://youtu.be/QK5bsODiKsI

ඡායාරූප / වීඩියෝ ඉවත් කරනු ලබන්නේ ඇතැම් සමාජ මාධ්‍ය වේදිකා මඟින් පමණි!

කලින් සඳහන් කළ පරිදි StopNCII විසින්ම නිරුවත් හෝ සංස්කරණය කරන ලද ඡායාරූප හෝ වීඩියෝ සියල්ල ම ඉවත් නොකරයි. ඒ වෙනුවට, ඔවුන් එය කිරීමට හවුල්කාර සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක් මත සිදු කරනු ලබයි.

ඒවා නම්,

  • Meta සමාගම යටතේ ක්‍රියාත්මක වන Facebook, Instagram, Threads
  • TikTok
  • Reddit
  • Bumble
  • OnlyFans
  • Pornhub

මෙම වේදිකාවලට පමණක් StopNCII වෙතින් මෙවැනි පැමිණිලි සහ ඩිජිටල් හැෂ් (ඇඟිලි සලකුණු) ලැබෙනු ඇත.

StopNCII හි ක්‍රියාකාරිත්වය පිළිබඳව වීඩියෝවක් මෙතනින්. ඒ පිලිබඳ StopNCII හි ප්‍රධාන විධායක පසුගිය වසරේ දී කරුණු දැක්වූ අවස්ථාවක වීඩියෝවක් පහතින්.

https://youtu.be/fm6zYjRsz0E

සියලුම නිරුවත් ඡායාරූප / වීඩියෝ ඉවත් නොකෙරේ!

ඉහත සහය දක්වන වේදිකාවල පවා, StopNCII වෙත ඉදිරිපත් කරන ලද එම ඡායාරූප / වීඩියෝ ඉවත් කරන බවට සහතිකයක් නොමැත.

එම වේදිකාවල ඩිජිටල් හැෂ් සඳහා ඔවුන්ගේ පද්ධති ස්කෑන් කරනු ඇති අතර, එම සමීප රූප ඔවුන්ගේ වේදිකාවල අපයෝජන ප්‍රතිපත්තිය උල්ලංඝනය කර ඇති බව අනාවරණය වුවහොත්, ඒවා පමණක් ඉවත් කරනු ඇත.

2021 වසරේ StopNCII වෙබ් අඩවිය ආරම්භ වීමත් සමඟ කේස් (case) 20,000 කට වැඩි ප්‍රමාණයක් සහ හෑෂ් 70,000 ක් ඔවුන් වෙත ලැබී ඇති අතර ඉන් බොහෝ දෙනෙක් ට උපකාරී වීමට හැකියාව ලැබූ බව ඔවුන් දන්වා සිටිනවා.

‍එසේම Revenge Porn Helpline විසින් 2015 වසරේ සිට ඉහත සමාජ මාධ්‍ය වේදිකාවල නිරුවත් ඡායාරූප 90% ක් පමණ ඉවත් කිරීමේ අනුපාතයක් වාර්තා කර ඇති බවත් 200,000කට වැඩි , ස්ව-කැමැත්තෙන් තොරව උඩුගත කර ඇති පුද්ගලික ඡායාරූප සාර්ථකව ඉවත් කර ඇති බවත් සඳහන් කරනවා. එය සිත් ඇදගන්නා සුළු වුවද, වාර්තා කරන ලද ඡායාරූප හෝ වීඩියෝවලින් 10%ක් පමණ එම හවුල්කාර සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රතිපත්තිවලට පටහැනිව නොතිබීම හේතුවෙන් එවැනි ඡායාරූප ඉවත් කර නැති බවත් මේ අනුව පෙනී යනවා.

කිසිවෙකුට අන්තර්ජාලයෙන් සියලුම ඡායාරූප / වීඩියෝ ඉවත් කළ නොහැක

StopNCII හට විශාල සහ කුඩා සෑම සමාජ මාධ්‍ය වේදිකාවක් සමඟම හවුල් වීමට හැකි වුවද, අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් හෝ අන්තර්ජාලයෙන් ඔබගේ සියලුම නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ ඉවත් කිරීමට ඔබට උදව් කළ නොහැක.

එයට හේතුව අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසු, එම ඡායාරූප හෝ වීඩියෝ (නිරුවත් හෝ සංස්කරණය කළ) බොහෝ ක්‍රම හරහා WhatsApp හෝ Telegram වැනි පණිවිඩ යෙදුම්, හෝ ඊමේල් සහ ගොනු හුවමාරු සේවා(file-sharing services)වලින් සම්ප්‍රේෂණය කළ හැකි බැවිනි.

තව ද, කිසිවකුට ඉවත් කළ නොහැකි ස්වාධීන වෙබ් අඩවි/අන්තර්ජාලයේ හෝ අඳුරු වෙබ් (Dark Web) සර්වර්වල ඒවා පළ කිරීමට හෝ ගබඩා කිරීමටද හැකිය. අසභ්‍ය වෙබ් අඩවි සහ කණ්ඩායම් මේ සඳහා වෙන් කර ඇති අතර, එම වෙබ් අඩවි සහ කණ්ඩායම් වලින් සංස්කරණය කරන ලද / නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ඉවත් කිරීම සරලවම කළ නොහැක. මේ සම්බන්ධ තව ත් කරුණු විමර්ශනයක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News