ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

Update: 2023-11-07 13:07 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ශ්‍රී ලංකාවේදී රාජසන්තක කරන ලද ඇත් දළ විනාශ කිරීමක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී හුවමාරු වුනේ මේ ආකාරයෙන්.

“අහිංසක ඇත්තුන්ගේ ජීවිතේ පවු - උත්සව තියලා විනාශ කරනවට වඩා ඵලදායී දෙයක් කරානවනම් වටිනවා” 

Facebook | Archived Link

නොයෙකුත් තේමා යටතේ මේ ඡායාරූපයම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුව තිබු ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණා.

මෙවැනි වාණිජමය වටිනාකමක් ඇත් දළ විනාශ කිරීම අපරාධක් බවත්, ලංකාවේ අලින්ට අත්ව ඇති ඉරණම මෙයින් මොනවට පැහැදිලි වන බව යනාදී තේමා යටතේ මෙම ඡායාරුප සටහන හුවමාරු වී තිබූ ආකාරයක් ද අපට නිර්ක්ෂණය වුණා.

Explainer (කරුණු පැහැදිලි කිරීම):

ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි ලංකාවේ මෑතකදී සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප පළමුව පරීක්ෂා කළත් එවැනි වාර්තාවක් පිළිබඳ අපට දැක ගන්නට නොලැබුණි.

එමෙන්ම එම ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස ඇති බැනරයේ 2016 වසරේ ජනවාරි මස 26 වන දා ලෙස සඳහන් වී ඇති බව දැක ගන්නට ලැබුණා.

ඒ අනුව කළ විමර්ශනයේදී දැකගනන්ට ලැබුණේ 2012 මැයි මස 12 වන දා රුපියල් මිලියන 400ක් පමණ වටිනා ඇත් දළ 359 ක තොගයක් කෙන්යාවේදී සිට මැදපෙරදිගට හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ වරායේදී ශ්‍රී ලංකාවේ රේගු භාරයට පත් වූ සිදුවීමක් හා සම්බන්ධ සිදුවීමක් බවයි.

මෙලෙසින් 2012 වසරේදී රාජසන්තක කරන ලද ඇත් දළ විනාශ කිරීම ගාලුමුවදොර පිටියේදී 2016 වසරේ ජනවාරි මස 26 වන දා උත්සවශ්‍රීයෙන් පැවැත්වූයේ ‘ලේ තැවුරුණූ ඇත්දළ පිදුමට නොවේ’ යන තේමා පාඨය මුල් ‍කොට ගනිමින් සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුපය ඇතුළු එම අවස්ථාවේ ඡායාරූප පෙළක් සමඟින් පළවූ වාර්තාවක් මෙතනින්. Archived

පුරා හෝරා හතක් තිස්සේ යන්ත්‍රානුසාරයෙන් කඩා පොඩි කෙරෙන ඇත්දළ පුත්ත‍ලමේදී පුළුස්සා දැමීමට කටයුතු සූදානම් කළ බව ද, මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ලෝකයේ ඇත්දල ජාවාරම ඉතාමත් සූක්ෂමව සිදුවෙන අතර එයට එරෙහිව විශාල විරෝධයක් ලෝකය පුරා පරිසරවේදීන්ගෙන් මතුව තිබේ. ඇත්දළ වලට කිසිදු සමාජ වටිනාකමක් නොදී, ‘ඇතුන් මරා ඇත්දල ලබා ගැනීම අපරාධයක්‘ ලෙස සැලකීම මෙහි ප්‍රමුඛ කාරණයක් වී තිබෙනවා.

කෙන්යාවේ සිට ඩුබායි බලා යන නැවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ලැබුණු ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව රේගු අධ්‍යක්ෂ උදයනාත් ලියනගේ බීබීසීය ට පවසා තිබුණා.

මෙම ඇත්දළ ප්‍රයෝජනයක් නොගෙන විනාශ කිරීම සම්බන්ධයෙන් ද මතයක් පැවතිය ද, මෙහි ඉතා කුඩා ඇත් පැටවුන්ගේ පවා දළ ඇති බවත්, මේ ඇතුන් සමුහ ඝාතනය කර මෙලෙසින් දළ ලබා ගත් හෙයින් මේවා වස්තුවක් නොවන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ඇතුන් මරා කල මෙම අපරාධයට වටිනාකමක් ලබා නොදීමට මෙලෙස මෙම ඇත් දළ තොගය විනාශ කිරීමට රජය තීරණය කල බවයි මෙම අවස්ථාවට එක්ව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ.

මෙම අවස්‌ථාව නිරීක්ෂණය සදහා වඳ වී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ ලේකම් ජෝන් ස්‌කැන්ලොන්ද සහභාගි වී සිටි අතර බීබීසීයටඅදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙලෙස ඇත් දළ විනාශ කල පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාව බවයි.

2015 වසරේ අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් චතුරශ්‍රයේදී ද, ඇත් දළ තොගයක් වීනාශ කිරීමේ සිදුවීමක් වාර්තා වනවා. එම බලධාරීන් පවසා තිබුණේ, ඒවා විනාශ කරමින් තමන් උත්සාහ දරන්නේ නීති විරෝධී ඇත් දළ වෙළෙඳාම සහ ඇතුන් මරා දැමීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.

එමෙන් ම බව හොංකොං හිදී ද, මෙලෙසින් ජාවාරම්කරුවන් ගෙන් අල්ලා ගන්නා ලද ඇත් දළ ටොන් තිහකට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමක් සම්බන්ධයෙන් ද, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

නීතිඥ ජගත් ගුණවර්ධන

අප මේ පිළිබඳව පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥයෙකු වන සහ ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ, එවැනි නීතිවිරෝධි ලෙස ජාවාරම් සිදු කරන ඇත් දළ සඳහා ක්‍රියා කළ යුතු ආකාර දෙකක් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ ප්‍රඥප්තිය අනුව ඇති බව ත්, ඒවා නම් අදාළ රටට ප්‍රති අපනයනය කිරීම හෝ නැතිනම් විශේෂ අවසරයක් රැගෙන විකිණීමටයි.

නමුත් ඉහත සම්මුතියේ 2006 වසරේ පැවැත් වූ පාර්ශවයන්ගේ රැස්වීමේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව ත්, එම වාර්තාවේ නිර්දේශ මාලාවට අනුව නීති විරෝධි ජාවාරම් හසු වුවහොත්, ඒවා විනාශ කළ යුතු බව ත්, ඒ සඳහා ප්‍රසිද්ධියක් ද ලබා දිය යුතු බවයි. ඒ අනුව ඉහත සිදුවීමේදී ද, ක්‍රියා කර ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා සඳහන් කළේ, ඉහත සිදුවීම වඳ වී යැමේ තර්ජනයට ලක්‌ව ඇති ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ ප්‍රඥප්තියේ වාර්තාවක් අනුව විනාශ කළ බවත්, ජාවාරමකදී හසුකර ගත් විදේශිය රටක ඇත් දළ විශාල ප්‍රමාණයක් වානිජමය පරමාර්ථයෙන් ලංකාවේදී භාවිත කළ නොහැකි බවයි.

එසේම මෙරට තුළ ජාවාරම් කරන ඇත් දළ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ක්‍රියා පිළිවෙලට අනුව ඒ සඳහා නඩු කැඳවා, අධිකරණය විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තීන්දුව ලබා දෙන බවත් එහිදී ගන්නා තීරණ මත ඇතැම් අවස්ථාවලදී පන්සල් සඳහා භාරදෙන බවත්, ඇතැම් ඒවා තම දෙපාර්තමේන්තුව භාරයේ තබා ඇති බවත්, සඳහන් කළා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:TITLE: ඇත් දළ විනාශ කිරීම සම්බන්ධයෙන් හුවමාරු වන ඡායාරූප සටහන් ගැන කරුණු පැහැදිලි කිරීමක්!

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News