දුම්රිය / බස් සීසන් අවලංගු කළ යුතු බවට දුමින්ද නාගමුවගේ ප්‍රකාශයක්?

Update: 2024-02-06 08:04 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විශේෂයෙන්ම දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන්හි කොටසක් පමණක් යොදාගනිමින්, නොමග යන සුළු පුවත් හෝ සටහන් නිර්මාණය කිරීම කලක සිට දක්නට ලැබෙන ප්‍රවණතාවයක්. ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ද, විශේෂයෙන් මැතිවරණ පසුබිමක දී මෙලෙසින් නොමග යන සුළු අන්දමින් පුවත් වාර්තාකරණය කරන අතර එලෙසින් හුවමාරු වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

‘සීසන් අවලංගු කළොත් දුම්රිය සහ ලංගමට ලාභ ලැබිය හැකි බව දුමින්ද නාගමුව කියයි’ යනුවෙන් ‘දිනමිණ’ පුවත් පතේ පළ වූ බවට දක්වමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙම ප්‍රකාශ සත්‍ය බවට බෙහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, “සීසන් අවලංගු කළොත් දුම්රිය සහ ලංගමට ලාභ ලැබිය හැකි බව දුමින්ද නාගමුව කියයි” යනුවෙන් ශීර්ෂ පාඨය සඳහන් පුවතක් ‘දිනමිණ’ පුවත්පතේ සත්‍ය වශයෙන් ම පළ වී තිබුණා ද, යන්නයි.

ඒ අනුව, කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ පසුගිය ජනවාරි 31 වන දින දිනමිණ පුවත් පතේ පළමු පිටුවේ සහ සය වන පිටුවේ එම පුවත සඳහන් කර තිබූණේ මෙලෙසින්.

Archived Link

කෙසේ වෙතත් මේ පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධ නිවැරදි කිරීමක් පළ කරන ලෙස 'දිනමිණ' පුවත් පතෙන් ඉල්ලීමක් ද, සිදු කර තිබුණා. Archived Link

‘දිනමිණ’ පුවත් පත විසින් ඊට ප්‍රතිචාර දක්වමින් 'දුමින්ද නාගමුවගේ ප්‍රකාශය පෙරටුගාමීන් නෑ කියයි' යනුවෙන් සඳහන් කරමින්, පෙබරවාරි 1 වනදා ලිපියක් පළ කර තිබුණු අතර එහි වැඩිදුරටත් සඳහන් වී තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා කෑගල්ල දේවාලගමදී පැවති රැස්වීමකදී කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔවුන්ගේ පෙර ලිපිය පළකර තිබු බවයි. එසේම අදාළ වීඩියෝව QR කේතයක් මගින් නැරඹීට සලස්වා තිබුණා. ‘දිනමිණ’ විසින් පළ කරන ලද එම වීඩියෝව මෙතනින්.

නමුත් මෙම කෙටි වීඩියෝව මඟින්, දුමින්ද නාගමුව මහතා විසින් අදාළ කරුණ සම්බන්ධයෙන් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශයේ අරුත ඉස්මතු වේ දැයි පරික්ෂා කිරීමට, ජනවාරි 28 වනදා ගලිගමුව දේවාලේගම දී දුමින්ද නාගමුවගේ අදහස් දැක්වීම ඇතුළත් වෙනත් වීඩියෝ පරික්ෂා කිරීමට උත්සුක වුණා.

ඒ අනුව දැක ගන්නට ලැබුණේ, දුමින්ද නාගමුව මහතා විසින් සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශයෙන් කොටසක් පමණක් පළ කිරීම හේතුවෙන් මෙලෙසින් නොමග යන සුළු අර්ථයෙන් ඉහත ප්‍රවෘත්තිය පළ කර ඇති බවයි. එහි සම්පුර්ණ කොටස අඩංගු ඛණ්ඩයක් පහතින්.

අද සමහරු කියනවා මේ ඔක්කොම විකුණන්න ඕන කියලා. විකුණුවට කමක් නෑ කියලා. දුම්රිය දෙපාර්තමේන්තුව, පාඩු ලබනවා. මිලිියන 11 යි ආදායම. බිලියන 40 ස් ගානක් වියදම. දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන්න පුළුවන්. කොහොමද ලාභ ලබන්නේ? දුම්රිය දෙපාර්තමේන්තුව දීලා තියෙන සීසන් එක කැන්සල් කරා නම්, පාසල් දරුවන්ට දීලා තියෙන සීසන් එක කැන්සල් කරලා, රජයේ සේවකයින්ට දීලා තියෙන සීසන් එක කැන්සල් කරලා, තවත් දීලා තියෙන සීසන් කැන්සල් කරලා. දුම්රියේ ටිකට් ගාස්තුව ගෙනාවනම් බස් ටිකට් එකේ ගාස්තුව ගානට,දුම්රිය දෙපාර්තමේන්තුව මෙහෙම කරනකොට ලාභ ලබනවා.

දැන් ඒකට ඔගලන් කැමතිද? අපි අහන්නේ? ඒකට කැමතිද? ඒක කැන්සල් කරොත් ඒ වියදම කාගේ සාක්කුවට ද, බලපාන්නේ? දැන් වටෙන් කැරකිලා ඔක්කොම වැදිලා තියෙන ඔගලන්ගෙන් අපි අහනවා දරුවා යන්න පාවිච්චි කරන සීසන් එකත් නැති වුණොත් එහෙම වාර ප්‍රවේශ පත්‍රයත් නැති වුණොත් එහෙම මේක කාට ද, බලපාන්නේ?

ලංගමේ ලාභ කරවන්න පුළුවන් ලංගමේ ලාභ කරවන්න, ඔය ළමයින්ට දීලා තියෙන සීසන් ඔක්කොම කැන්සල් කරලා, රජයේ සේවකයින්ට දීලා තියෙන ඔක්කොම සීසන් ටික කැන්සල් කරා නම්, ලංගමය ලාභ ලබන්න පටන් ගන්නවා. එතකොට මොකද කියන්නේ ඔයගොල්ලන්?

මොකද ඒකට හේතුව මේ කවුරුත් නොදෙන මේවා කියලා දීපු අය, මේවා ඔක්කොම සමහරු අපේ, කෝච්චියේ යන ගමන්, කෝච්චි ස්ට්‍රයික් එකක් ආපු දවසට කෝච්චියේ සීසන් එකෙන් යන මිනිහා කියනවා මේක ප්‍රයිවටයිස් කරන්න ඕනා කියලා. කෝච්චි ස්ට්‍රයික් කරන එකත් එච්චර හොඳ නෑ. ඒක වෙනම කතාවක්.  කෝච්චියේ සීසන් එකේ යන ගමන් කියනවා මේවා විකුණන්න ඕනා කියලා. හරිද? මේවා විකුණුවොත් සහෝදරයා, මේ අපිට වැදිලා තියෙනවට වඩා ඩබල් ත්‍රිබල් වදිනවා. මෙගොලන් එතනට තමා මේක ගේන්න හදන්නේ. මෙගොලන් සෞඛ්‍ය සේවයට කරන්න හදන්නේ ඒක. මෙගොලන් අධ්‍යාපනයට කරන්න හදන්නේ ඒක, මේ රටේ පාසල් පද්ධතියට කරන්න හදන්නේ ඒක. විශ්ව විද්‍යාල පද්ධතියට කරන්න හදන්නේ ඒක. මේවා නිකන් ස්වාභාවික මරණයකට පත් කරල තියනවා

Full View

Facebook

මේ අනුව දුමින්ද සිය කතාවේ දී ප්‍රශ්න කරන්නේ දුම්රිය / බස් ගාස්තු අවලංගු කොට ලාභ ලැබිය හැකි වුව ද ජනතාව එවැන්නකට කැමති වෙනවා ද? එවැනි තීරණයක් ගතහොත් එය බලපාන්නේ අසරණ ජනතාවටම නොවේද බව යි ඔහු පෙන්වා දෙන්නේ.

ජනවාරි 28 ජනගමුවේ දී දුමින්ද නාගමුව අදගස් දක්වමින් සිය අදහස් පළකර තිබු පැයක පමණ දිවෙන කතාවේදී ප්‍රවාහන ක්ෂේත්‍රයට අමතරව, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රයන්ට ද අත් වෙමින් තිබෙන ඉරණම, IMF මැදිහත් වීම, ඉන්දියානු මැදිහත්වීම ආදී කරුණු ගැන දුමින්ද නාගමුව ප්‍රශ්න කරනවා. සම්පුර්ණ වීඩියෝව මෙතනින්.

එසේම, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය පාඩු ලබන බව පවසමින් එය පෞද්ගලීකරණය කිරීමට රජය උත්සුක බවත්, මෙය ලාභ ලැබීමට නොව, මහජන සුභ සාධනය සඳහා ක්‍රියාත්මක වන සේවා බවත්, එම සම්පුර්ණ අදහස ඉස්මතු නොකරමින්, දුමින්ද නාගමුවගේ ප්‍රකාශයේ කොටසක් පමණක් පළකරමින් නොමඟ යවන සුළු අදහසක් ‘දිනමිණ’ පුවත්පත මතු කර ඇති බව දක්වමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩගේ අදහස් දැක්වීම පහතින්.

Full View

අප මේ පිළිබඳව දුමින්ද නාගමුව මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, තමන් පසුගිය 28 වන දා සහභාගි වූ රැස්වීමක සඳහන් කළ ප්‍රකාශයක් සම්පූර්ණයෙන් පළ නොකර තමන් සිදු කළ ප්‍රකාශයට සම්පූර්ණ පටහැනි අර්ථයක් සමගින් ‘දිනමිණ’ පුවත් පත ප්‍රවෘත්තියක් පළ කර ඇති බවයි. එම වරද නිවැරදි නොකිරීම හේතුවෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා එම පුවත්පතට එන්තර්වාසියක් යවා ඇති බවත්, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

'දිනමිණ' පුවත්පත විසින් දුමින්ද නාගමුව මහතා විසින් කළ ප්‍රකාශයක් විකෘතිකර නොමඟ යවන සුළු පරිදි පුවතක් පළ කිරීම සහ එම වරද නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් සිදුව ඇති හානියට, සති දෙකක් ඇතුළත මිලියන 500ක් ගෙවන ලෙස එන්තරවාසියක්, පසුගිය 04 වන දින 'දිනමිණ' කර්තෘවරයාට සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට යවා තිබුණේ මෙලෙසින්. Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දුම්රිය / බස් සීසන් අවලංගු කළ යුතු බවට දුමින්ද නාගමුවගේ ප්‍රකාශයක්?

Written By: Pavithra Sandamali

Result: Missing Context

Tags:    

Similar News