කඳාන ප්‍රදේශයේ සැරිසැරූ, මරිය මව්තුමියගේ හැඩහුරුවට සමාන කාන්තාව කවුද?

Update: 2024-02-10 07:20 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විවිධ ආගම් වල සංකේතාත්මක චරිත, ජීවමානව දැකගන්නට ලැබෙන අවස්ථා යනුවෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවෙනවා. ලංකාවේ පසුගිය දා මෙවැනි සිදුවීමක් පිලිබඳ මහත් ආන්දෝලනයක් ඇතිව තිබුණා. එයට හේතු වුයේ, කතෝලික ආගමේ ප්‍රධාන චරිතයක් වන, ජේසුස් ජේසුස් වහන්සේගේ මෑණියන් ලෙස සැලකෙන, ‘මරිය මව්තුමියගේ’ හැඩහුරුවට සමාන හැඩරුවක් ඇති කාන්තාවක්, ලංකාවේ කඳාන ප්‍රදේශයේ මහ මාර්ගයේ සැරි සැරූ වීඩියෝවක්.

සමාජ මාධ්‍ය සටහන් :

“මරියතුමි නේද මේ? මේ සීන් එක මොකක්ද, කඳානේ මරියතුමි වගෙ කෙනෙක් පල්ලිය ඉස්සරහ ඉන්නව කියන්නේ ඇත්තක්ද,  දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරේ කියන්නකො” යනුවෙන් සඳහන් වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ කිතුණුවන් විසින් අදහන ජේසුස් ස්වාමිදරුවන්ගේ මව වන ‘මරිය තුමිය’ගේ අනුරුව බවට දක්වමින්.

Full View

Facebook

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කුතුහලයෙන් පසු වූ අතර තවත් පිරිසක් මේ ඔස්සේ නොමග ගොස් තිබුණා.

YouTube ඔස්සේ ද එම වීඩියෝව හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

කරුණු විමසා බැලීම:

ඉහත වීඩියෝව සම්බන්ධයෙන් දක්වා තිබු අදහස් අතර, පසුගිය වකවානුවේ බෞද්ධ ආගමට සම්බන්ධ අවලෝකිතේශ්වර බෝධිසත්වයින් ලෙස තමාව හඳුන්වාගත් පුද්ගලයෙකු ඉස්මතු වීමේ සිදුවීම ඇතුළු සිදුවීම්වල තවත් දිගුවක් ලෙස, තවත් ආගමික නියෝජිතයෙක් බවට පෙන්වා ගැනීමට උත්සහ දරන කල්ලියකගේ ක්‍රියාවක් බවටත් බොහෝ පුද්ගලයන් අදහස් දක්වා තිබුණා. මේ සම්බන්ධයෙන් ඇතැම් වෙබ් වාර්තා පළ වී තිබුණේ මේ අයුරින්.

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප මෙම විදේශීය හුරුවක් ඇති කාන්තාව සිටි බවට සඳහන් කඳාන ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙන් විමසීමක් කළා.

එහිදී ඔවුන් සඳහන් කළේ, ඇය රුසියානු ජාතික විදේශීය කාන්තාවක් බවත්, ඇය නිදහසේ කඳාන ප්‍රදේශයේදී ගමන් කරනා විට ඇයගේ රූපය හා ඇඳ සිටි වස්ත්‍රය හේතුවෙන් බොහෝ දෙනා මෙලෙසින් කුතුහලයෙන් පසු වූ බවයි.

පසුව එම කාන්තාවගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා පොලීසිය විසින් කටයුතු කර ඇති අතර එම විදෙස් කාන්තාව කිසිදු මානසික ආබාධියකින් පෙළෙන්නේ නැති අතර ඇය භාවනා කටයුතු වල නිරත වන අතර ලංකාවේ සංචරය කිරීමේදී මෙලෙසින් නිදහසේ ඇය මාර්ගයේ ගමන් කළ අවස්ථාවක පටිගත කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වී ඇති බවයි කඳාන පොලිසිය පවසා සිටින්නේ.

එමෙන් ම කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ පියතුමන්ගෙන් ද, අප මේ පිළිබඳව විමසීමක් කළේ, මෙම කාන්තා එම දේවස්ථානය වෙත පැමිණ තිබේ ද, යන්නයි. පියතුමන් සඳහන් කළේ, එම කාන්තාව කඳාන දේවස්ථානයේ දැක නොමැති අතර දේවස්ථානය සමඟ අදාළ කාන්තාවගේ කිසිදු සම්බන්ධතාවයක් ද, නොමැති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කඳාන ප්‍රදේශයේ සැරිසැරූ, මරිය මව්තුමියගේ හැඩහුරුවට සමාන කාන්තාව කවුද?

Written By: Pavithra Sandamali

Result: Insight

Tags:    

Similar News