බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක පළ කළ නිර්දේශයන් පිළිබඳ සටහනේ සත්‍ය කතාව!

Update: 2024-02-14 07:58 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල ජනතාව‍ ට එදිනෙදා ජීවිතේ වැදගත් විය හැකි කරුණු වන සෞඛ්‍යමත් ජීවන රටාවකට එළඹිය හැකි ක්‍රම, උපදෙස් වැනි සංවේදී කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ ඒ සඳහා ජනතා ආකාර්ශනය අවධානය වැඩි වශයෙන් හමුවන බැවින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන බැවිනි. මේ නිසා ඇතැම් අවස්ථාවල ඒවාට වැඩි ආකර්ශනයක් ලබා දීම සඳහා අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරනවා අපට සුලබව දැක ගන්නට පුළුවන්. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

2022.8.3 දින ජර්මනියේ බර්ලිනයේ පැවති මාරාන්තික රෝග (පිළිකා ඇති කරන රෝග) පිළිබඳ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ සාරාංශය යනුවෙන් සඳහන් කරමින් එම සමුළුවේ සඳහන් කරුණු යැයි දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

පහත දැක්වෙන්නේ සාමාන්‍ය ජනයා සඳහා සිත්ගන්නා කරුණු කිහිපයක්.

===============

1. තෙල් නැවත භාවිතා කිරීම තහනම්

2. පිටි කිරි නැත

3. මැගී කියුබ් නැත

4. කාබනීකෘත යුෂ නැත (ලීටරයකට සීනි කැට 32)

5. සැකසූ සීනි නැත

6. මයික්රෝවේව් නැත

7. පූර්ව ප්‍රසව මැමෝග්‍රෑම් නැත, නමුත් echomamar භාවිතා කළ හැක

8. ඉතා තද බ්‍රා අඳින්න හෝ වැඩ කිරීමෙන් පසු අඳින්න එපා

9. මත්පැන් නැත

10. ශීත කළ ආහාර නැවත රත් කිරීම තහනම්

11. ප්ලාස්ටික් බෝතල්වල ශීතකරණයේ ජලය ගබඩා නොකරන්න.

12. සියලුම උපත් පාලන පෙති හොඳ නැත, මන්ද ඒවා කාන්තාවකගේ හෝමෝන පද්ධතිය වෙනස් කර පිළිකා ඇති කරයි.

13. විශේෂයෙන් රැවුල බෑමෙන් පසු භාවිතා කරන විට ඩියෝඩ්‍රන්ට් භයානකයි.

14. මව්කිරි දීමෙන් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව සූත්‍රයට වඩා අඩුය.

15. පිළිකා සෛල වැඩිපුරම සීනි සහ සියලුම කෘතිම සීනි, දුඹුරු පවා අනුභව කරයි.

16. තම ආහාර වේලෙහි සීනි භාවිතයෙන් වැලකී සිටින පිළිකා රෝගියෙකුට තම රෝගය පහව ගොස් දීර්ඝායුෂ ලැබිය හැකිය. සීනි = මාරාන්තික සතුරා.

17. බියර් කෝප්පයක් පැය 5ක් සිරුරේ පවතින අතර, මෙම කෝප්පය නිසා පද්ධතියේ අවයව මන්දගාමීව ක්‍රියා කරයි.

ඔව් වෙත:

1️⃣ එළවළු

2⃣ සීනි වෙනුවට සාධාරණ ප්‍රමාණයකින් මී පැණි

3⃣ මස් වෙනුවට බෝංචි වැනි එළවළු ප්‍රෝටීන

4 ⃣ ඔබේ දත් මදින්නට පෙර හිස් බඩක් මත වතුර වීදුරු දෙකක් සහ එම කාමර උෂ්ණත්වයේම කාමරයේ තබා ඇති ජලය පානය කිරීමෙන් අවදි වන විට

5️⃣ රත් නොකළ ආහාර

6⃣ පිළිකා නාශක යුෂ:

කෝමාරිකා + ඉඟුරු + parsley + සැල්දිරි + bromelain (අන්නාසි මැද) මිශ්ර කර හිස් බඩ මත බොන්න.

7⃣ අනෙකුත් පිළිකා නාශක යුෂ: Corosol (බීජ රහිත) + Bromalain.

8⃣ සෑම දිනකම අමු හෝ පිසූ කැරට් හෝ ඒවායේ යුෂ අනුභව කරන්න.

ඇමරිකානු වෛද්‍යවරුන්ගේ සංගමය පිළිකා ඇතිවීමට හේතුවට පිළිතුරු ලබා දුන්නේය.

1️⃣ ප්ලාස්ටික් කෝප්පයකින් තේ බොන්න එපා

2️⃣ කඩදාසි හෝ ප්ලාස්ටික් බෑගයක දමා උණුසුම් කිසිවක් අනුභව නොකරන්න. උදාහරණය: අර්තාපල් (ෆ්රයිස්).

3️⃣ මයික්‍රෝවේව් උදුනේ ප්ලාස්ටික් භාවිතා නොකරන්න

සිහිපත් කරන්න:

🔴 ප්ලාස්ටික් තාපය සමඟ ස්පර්ශ වන විට, එය පිළිකා වර්ග 52 ක් ඇති කළ හැකි රසායනික ද්රව්ය නිර්මාණය කරයි.

🔴 මෙම පණිවිඩය වැඩකට නැති කෙටි පණිවිඩ 100කට වඩා වටිනවා.

🔴 මේ අයහපත් දේවලින් ඈත් වීමට ඔබේ ආදරණීයයන් දැනුවත් කරන්න.

⚠ අන්නාසි වලට වඩා කොකාකෝලා පානය කිරීමෙන් හෝ අතුරුපස සඳහා අන්නාසි ආහාරයට ගැනීමෙන් වළකින්න.

කෝක් සමඟ අන්නාසි යුෂ මිශ්ර නොකරන්න.

මෙම මිශ්‍රණය මිනීමරුවෙක්!

මිනිසුන් එහි මිය යමින් සිටින අතර ඔවුන් වස පානය කර ඇති බව වැරදියට විශ්වාස කරති ... ඔවුන් මෙම මාරාන්තික කොක්ටේල් පිළිබඳ නොදැනුවත්කමට ගොදුරු වී ඇත!

වැදගත් සෞඛ්‍ය උපදෙස්:

වම් කනෙන් ඇමතුම්වලට පිළිතුරු දෙන්න.

සීතල වතුර සමග බෙහෙත් ගන්න එපා

සවස 5 න් පසු බර ආහාර අනුභව නොකරන්න.

උදේට වැඩිපුර වතුර බොන්න හවසට අඩුවෙන්.

ඖෂධ ගැනීමෙන් පසු හෝ ආහාර ගැනීමෙන් පසු වහාම වැතිර නොසිටින්න.

දුරකථනයේ බැටරිය අඩු වූ විට, විකිරණ 1000 ගුණයකින් වැඩි බැවින් දුරකථනයට පිළිතුරු නොදෙන්න.

කරුණාකර මෙම වෛද්‍ය වාර්තාව *මෙයින් ප්‍රයෝජන ගැනීම සඳහා හැකිතාක් පුළුල් ලෙස බෙදාහරින්න*

Facebook | Archived Link

මෙම සටහන් බහුලව ෆේසුබුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

WhatsApp ඔස්සේ ද, මෙම සටහන බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම සටහන් 2017 වසරේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණු බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link |Archived Link

මාරාන්තික රෝග (පිළිකා ඇති කරන රෝග) පිළිබඳ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවක් ජර්මනියේ බර්ලින් වල පවත්වා තිබුණේ ද, යන්න අප Key word හරහා සෙවීමක් කළ ද, එවැනි නමකින් බර්ලින්වල වෛද්‍ය සමුළුවක් පැවති බවට තොරතුරු හමු නොවුණි.

නමුත්, ජර්මානු පිළිකා සංගමය සහ ජර්මානු පිළිකා ආධාර සෑම වසර දෙකකට වරක් බර්ලිනයේ පිළිකා පර්යේෂණ සම්බන්ධයෙන් විවිධ සම්මන්ත්‍රණ පවත්වයි. නමුත් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ඔවුන්ගේ පෙර සම්මන්ත්‍රණවලදී හෝ කළ යුතු සහ නොකළ යුතු දේවල් ලැයිස්තුවක් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවට අපට දැක ගන්නට නොලැබුණි. අවසාන ජර්මානු පිළිකා සම්මේලනය 2022 වසරේ පැවැත් වූ අතර මීළඟ සම්මන්ත්‍රණය මෙම වසරේ (2024) පෙබරවාරි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන් ම ලෝක පිළිකා සම්මේලනයේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී, ඔවුන් ද, කිසි විටෙකත් බර්ලිනයේ සමුළුවක් පවත්වා නොමැති බව ද, අපට තහවුරු වුණා. අවසන් ‘ලෝක පිළිකා සම්මේලනය’ 2022 වසරේ ඔක්තෝම්බර් මස 17-20 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පවත්වා තිබුණා.

ලෝක පිළිකා සම්මේලනය විසින් මෙතෙක් පවත් වා ඇති සම්මේලන පැවැත්වූ රටවල් පහතින්.

worldcancercongress

එමෙන් ම මෙම සටහන් 2017 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ බැවින් අප 2017 වසරට පෙර ලෝක පිළිකා සම්මේලනයේ සාරාංශ වාර්තා ද පරීක්ෂා කළ අතර ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු එම වාර්තාවල දක්වා නොතිබුණි. 2016, 2014 වාර්තා මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලැයිස්තුවේ කරුණු සෞඛයමත් ජීවිතයක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ හැකි පියවරයන් විය හැකි නමුත් එය බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක ලබා දුන් ලැයිස්තුවක සාරාංශයක් බව ප්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත.

මේ පිළිබඳ වෙනත් කරුණු පරීක්ෂක කණ්ඩායමක් සිදු කළ කරුණු විමර්ශනයක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

2022 අගෝස්තු 03 වැනි දින බර්ලිනයේ පැවති මාරාන්තික රෝග පිළිබඳ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ සාරාංශය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන අසත්‍ය වෙයි. මෙම සටහන් 2017 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් වන අතර එය බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක ලබා දුන් ලැයිස්තුවක සාරාංශයක් බව ප්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:බර්ලිනයේ පැවති ජාත්‍යන්තර පිළිකා සම්මන්ත්‍රණයක පළ කළ නිර්දේශයන් පිළිබඳ සටහනේ සත්‍ය කතාව!

Written By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News