සන්නස්ගල, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපහාස කළා ද?

Update: 2024-02-19 07:04 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඇතැම් ව්‍යාජ පුවත් හේතුවෙන්, පුද්ගලයෙකුගේ චරිතය ඔසවා තැබීමට මෙන් ම බිඳ හෙළීමටත්, ප්‍රතිරූපයට හානි කිරීමටත් හැකියාවක් තිබෙනවා. එලෙසින් සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මෙල්බන් වල ඉන්නේ පුදුම පෙරේත පැපොල් ඇට ලොන්ත ප්‍රජාවක්. ඔස්ට්‍රේලියාවේ හිඟන්නනො වගේ ජීවත්වෙලා ලංකාවට ගිහින් ලංකායෙ උන්ට පඩ ෂෝ දෙන ගං කබරු ඩොලර් දහයක් දීල පොතක් ගන්නෙ නෑ කුණු කමටයනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතා ප්‍රකාශ කළ බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

Facebook |Archived

උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් පළ කළ තව ත් ප්‍රකාශයක් ලෙස දක්වමින් තවත් සටහන් පෙළක් පළවී තිබුණේ පහත අයුරින්.

Facebook | Archived Link Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙසට අපට ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

සිංහල සාහිත්‍යය තුළ මුණගැසෙන ජනප්‍රියම නවකතාකරුවකු, ලේඛකයෙකු පමණක් නොව ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයෙකු ද වූ උපුල් ශාන්ත සන්නස්ගල විසින්, මෙවැනි ප්‍රකාශයන් සිදු කර තිබුණා ද යන්න, ඔහුගේ YouTube නාලිකා, නිල සමාජ මාධ්‍ය ගිණුම් යනාදිය හරහා පරීක්ෂා කිරීම අප මූලිකව ආරම්භ කළ අතර, සන්නස්ගල මහතා විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් ආකාරයේ ප්‍රකාශයන් කළ බවට පළ වූ වීඩියෝවක් හෝ සටහනක් අපට දැක ගන්නට නොලැබුණි.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා මේ වන විට ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වී සිටින බව දැක ගන්නට ලැබුණු අතර ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් සන්නස්ගල මහතා සහභාගී වූ වැඩසටහන් සහ එම සංචාරයේ හමුවීම් කිහිපයක් ද, සමාජ මාධ්‍ය හරහා පළ කළ තිබුණත්, එම අවස්ථාවන් වලදී හෝ ඔහු විසින් ඉහත සඳහන් ප්‍රකාශයන් සිදු කළ බව ට දැක ගන්න ට නොලැබුණි.

මේ හේතුවෙන් මේ දිනයන්හි ඔස්ට්‍රේලාවේ සංචාරයක නිරතව සිටින උපුල් ශාන්ත සන්නස්ගල මහතාගෙන් ද මේ පිළිබඳ විමසීමක් සිදුකළා.

උපුල් ශාන්ත සන්නස්ගල

සන්නස්ගල මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ප්‍රකාශ කළ බවට ඒත්තු ගන්වමින් හුවමාරු වන ඉහත සටහන් සියල්ලම අසත්‍ය බවත්, තමන් කිසිදු හෝ අවස්ථාවක එවැනි ප්‍රකාශක් සිදු කර නොමැති බවයි.

“මට අවුරුදු 60 ක්. මේ අවුරුදු 60 ඇතුළත මන් වැඩ කරලා තියෙන සියලු දේවල් මම පොත් 55ක් විතර ලියලා තියෙනවා මගේ නමින්. මගේ අදහස් මම විවෘතව ලියලා තියෙනවා. මම දැනට යූටියුබ් 4ක් පාවිච්චි කරනවා. ඒකේ මට ඕන ප්‍රකාශ මන් දාලා තියෙනවා. ඒවා මගේ නමින් තියෙන්නේ. ෆේස්බුක් එකේ මගේ ෆලෝවර්ස් ලා ලක්ෂ 3ක් විතර ඉන්නවා. මගේ පේජ් එකක් තියෙනවා. ඒවල දාලා තියෙන්නේ මගේ දේවල්.

මට කියන්න ඕන අදහසක් නීතියට යටත් ව සදාචාරයට යටත් ව එතික් එකක් ඇතුළේ මන් ප්‍රකාශ කරන මනුස්සයෙක්, මම. එතකොට මේ අදහස් එක්ක ගැටෙන්න බැරි අය බොහෝ වෙලාවට ඒවට උත්තර දෙනවා වෙනුවට මෙහෙම ෆේක් ටිකක් හදලා, විශේෂයෙන් ඔස්ට්‍රේලියාවට ආවාට පස්සේ විශාල ෆේක් ප්‍රමාණයක් හදලා.

එක්තරා විදියකට ගත්තොත් ඒක බුලින් මට. අනික් පැත්තෙන් ගත්තොත් මන් ගොඩ නගලා තියෙන සිවිල් කැරැක්ටර් එකට ඩැමේජ් කරනවා. මන් ඔස්ට්‍රේලියාවේ ඉන්න ලෝයර්ස්ලත් එක්ක කතා කරමින් ඉන්නවා මේ වෙද්දි මේකට නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ද කියලා”

මේ පිළිබඳ ව සන්නස්ගල මහතා සිය ෆේස්බුක් පිටුවේ ද, මෙම සටහන් අසත්‍ය බව ට දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන් ම මෙම ව්‍යාජ පළ කිරීම් සම්බන්ධයෙන්, පසුගිය දා ඔස්ට්‍රේලියාවේදී පැවති සම්මුඛ සාකච්ඡාවක දී සන්නස්ගල මහතා දැක්වූ අදහස් මෙතනින්.

ජනප්‍රිය ෆේස්බුක් පිටු කිහිපයක සන්නාම අවභාවිතා කරමින් සිදුකළ ව්‍යාජ නිර්මාණ පෙළක්!

එමෙන් ම මෙම සටහන් මෙරට ජනප්‍රියත්වය ට පත් වී ඇති ෆේස්බුක් පිටු කිහිපයකින් පසුගිය පෙබෙරවාරි 15 වන දා පළ කර ඇති බවට දක්වා තිබුණු බැවින්, අප එම ෆේස්බුක් පිටු පිළිබඳව සිදු කළ මුලික පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, ඉහත පෙන්වා දී ඇති ආකාරයේ සටහන් එම පිටු වල පළ කර නොමැති බවයි.

එම සටහන් පළ කර තිබූ බවට හඟවා තිබූ ෆේස්බුක් පිටු කිහිපයක් වූ “1000 Talk "තව්සන් ටෝක්", HelaNada , මීට කලින් දැකලා නෑ තමයි, Sundari - සුන්දරී” යන පිටු වල ඇඩ්මින්වරුන් අප සම්බන්ධ කර ගත් අතර, ඔවුන් පවසා සිටියේ ද තම පිටු හරහා එවන් සටහන් පළ කර නොතිබුණු බවත්, තම සන්නාම අවභාවිතා කොට මෙසේ ව්‍යාජ සටහන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට මෙන්ම පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද (SL CERT), පැමිණිලි කර ඇති බවයි.

කෙසේ වුවද මෙම සටහන්, අදාළ ෆේස්බුක් පිටුවල මුලින්ම පළවී තිබුනේ නැති බව තහවුරු කර ගැනීම සඳහා එම ෆේස්බුක් පිටු තුළ පසුගිය පෙබරවාරි 14, 15, 16 යන දිනයන්හි පළ කළ සියලු සටහන් (මකා දැමු සටහන් තිබේ නම් ඒවායේ විස්තරද සහිතව) සම්බන්ධයෙන් සිදු කළ තාක්ෂණික පරීක්ෂාවෙන් ද අපට තහවුරු වූයේ, එකී ෆේස්බුක් පිටුවල, ඉහත පෙන්වා දෙන පරිදි සන්නස්ගල මහතා සම්බන්ධයෙන් සටහන් පළ කර හෝ පළකොට පසුව ඉවත්කොට හෝ නොමැති බවයි.

ඒ අනුව පෙනී යන්නේ, අදාළ සන්නාම මඟින් පෙන්වා තිබෙන ෆේස්බුක් පිටු හරහා එකී සටහන් පළවී නොතිබුණු අතර, ඔවුන්ගේ ආකෘති යොදා ගනිමින්, වෙනත් පාර්ශවයන් විසින් එම නිර්මාණ සිදුකර ඇති බවයි.

කෙසේවෙතත් මේ පිටු අතරින් ‘මීට කලින් දැකලා නෑ’ ෆේස්බුක් පිටුව විසින්, ඔවුන්ගේ ආකෘතිය අවභාවිත කොට නිර්මාණය කර තිබූ අසත්‍ය සටහන් ඉවත් කරගැනීමේ අරමුණින්, ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා ඊයේ(18) දින අදාළ ව්‍යාජ සටහනේ ආකෘතියක් පළ කරමින් ෆේස්බුක් වෙත වාර්තා කර තිබු අතර, අපව දැනුවත් කරමින් එම පෝස්ටුව නැවත ඉවත් කර ගන්නා ලදී.

අසත්‍ය සටහන් නිර්මාණය වීමට පාදක වූ කරුණු

උපුල් ශාන්ත සන්නස්ගල මහතා පසුගිය පෙබරවාරි 03 වන දා ඔස්ට්‍රේලියාවේ දී “සන්නා සමග සිංදු කයිවාරුව” මෙල්බර්න්හිදී පවත්වා තිබූ අතර එහිදී සන්නස්ගල මහතා විසින් රචිත පොත් මිලදී ගැනීමේ අවස්ථාව ද සලසා තිබුණා.

ඉන් පසුව එහිදී ඉතිරි වූ තිබූ පොත් මිලදී ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ Ambula Berwick හෝ GO Gota GO යන ස්ථාන වලින් හැකි බව ද, සඳහන් කරමින් එරට සිටින ලාංකිකයන් විසින් මෙලෙසින් ෆේස්බුක් සටහන් පළ කර තිබුණා.

එමෙන් ම තමන්ගේ ප්‍රසංගය සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන්ට සහභාගී වන ලෙස පවසමින් සන්නස්ගල මහතා විසින් ෆේස්බුක් සටහනක් ද, පළ කර තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙවැනි සටහන් ද ඉහත අසත්‍ය සටහන් නිර්මාණය වීමට ඇතැම්විට පාදක වී තිබු බව අනුමාන කළ හැක.

කෙසේ වෙතත් මෙම පොත් අතරින් සන්නස්ගල මහතාගේ NO STOPING OR TURNING BACK පොත හැර අනිත් පොත් සියල්ල විකුණා අවසන් බවත්, අවසානයේදි ඉහත අසත්‍ය සටහන් සියල්ල, සෘණාත්මක අලෙවිකරණයක් ( නෙගටිව් මාකටින් - Negative marketing) බවට පෙරලුණු බවට ත්, ඇතමුන් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින්. Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, උපුල් ශාන්ත සන්නස්ගල මහතා, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සිදු කළ අපහාසාත්මක ප්‍රකාශයන් බවට උපුටා දක්වමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවත්, සන්නස්ගල මහතා විසින් එවැනි ප්‍රකාශයන් සිදු කර නොමැති බවත්ය. එමෙන්ම එම සටහන් පළ කර ඇති බවට දක්වා තිබූ ෆේස්බුක් පිටු ද, එවැනි සටහන් පළ කර නොමැති අතර එය හුදෙක් ඔවුන්ගේ සන්නාම යොදා ගනිමින්, වෙනත් පාර්ශවයන් විසින් නිර්මාණය කර ඇති සටහන් පෙළකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සන්නස්ගල, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අපහාස කළා ද?

Written By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News