කාන්තාවන් දෙදෙනෙකුවත් විවාහ කර ගන්නේ නැති පිරිමින්ට, එරිත්‍රියානු රජය විසින් බරපතල සිරදඬුවම් නියම වෙන නීතිය ඇත්තක්ද?

Update: 2024-06-26 12:23 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

විවාහය සම්බන්ධව සංස්කෘතිකමය සහ නීතිමය වශයෙන් විවිධ වෙනස්කම් එක් එක් රටවල් තුළ පවතිනවා. මෙම වෙනස්කම් පිළිබඳව සත්‍ය කරුණු මෙන්ම, නොමඟ යවන සුළු කරුණු ද වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහටත් ලක් වෙනවා. මෙලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ කරුණක් කෙරෙහි අප අවධානය යොමු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

එරිත්‍රියානු රජය, අවම වශයෙන් කාන්තාවක් දෙදෙනෙකුවත් විවාහ කරගන්නා පුද්ගලයින්ට බරපතල වැඩ සහිත සිර දඬුවම් පැමිණුවීමට එරට රජය තීරණය කර ඇති බව පුවත්පත් වාර්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එමෙන්ම, තම සැමියාට තවත් කාන්තාවක් විවාහ කරගැනීමට ඉඩ නොදෙන බිරින්දෑවරුන්ට එරෙහිවත් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙනු ඇති බවට මෙහි පෙන්වා දී තිබුණා. විවාහ දෙකක් සිදු කරගන්නා පිරිමින්ගේ විවාහ උත්සව කටයුතුවල වියදම රජය විසින් දැරීම රජය විසින් සිදු කිරීමට රජය කැමැත්ත පල කර ඇති බවත් මෙහි සඳහන්.

මෙම නීතිය සඳහා හේතුව ලෙස එහි දක්වා තිබුණේ, එරිත්‍රියාව සහ ඉතියෝපියාව අතර දිගු කාලයක් පැවති සිවිල් යුද්ධය නිසා එරිත්‍රියාවේ පිරිමි ගහණය සැලකිය යුතු ලෙස අඩු වීම නිසා උද්ගත වූ සමාජ ගැටළුයි.

මෙම සටහන් WhatsApp ඔස්සේ බහුලව හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මේ පිළිබඳව සත්‍ය විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

සටහන්වල ආරම්භය :

මෙම පුවත පිළිබඳව විමසා බලන විට, මෙය වසර කිහිපයක සිට වරින් වර අන්තර්ජාතික වශයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූවක් බව තහවුරු වුණා. මෙය 2016 වසරේ පමණ සිට තවමත් මෙලෙස සමාජ මාධ්‍ය අවධානය ලබාගෙන තිබෙනවා. විවිධ වසරවල මෙම සටහන හුවමාරු වූ අන්දම මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මුල් සමයේදී මේ හා සම්න්බන්ධ උපහාසාත්මක සටහන්ද විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙනවා. එම සටහන් මෙතනින්.

2016 වසරේදී මෙම නීතිය පිළිබඳව කියවෙන ‘නීතිමය’ බවට පෙන්වා දෙන ලිපියක් පවා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙයින් කියවී තිබුණේ “අපේ රටේ මෑතකාලීනව උද්ගත වූ තත්ත්වයන් හේතුවෙන් අප බරපතල පිරිමි හිඟයක් සහ කාන්තා පර්ශ්වයේ බහුලත්වයක් අත්විඳිමින් සිටිනවා. ඒ නිසා, පිරිමින්ට දැන් නීත්‍යානුකූලව, අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනාවක් විවාහ කර ගැනීම නීති ගත කිරීම අවශ්‍ය වී තිබෙනවා. මෙය සිදු නොකරන්නට දඬුවම් ලබාදෙනවා. මෙම දඬුවම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම පවා විය හැකියි.” යන්නයි.

මෙම කරුණ මුලින්ම වාර්තා කරන්න්නේ කෙන්යානු පුවත් වෙබ් අඩවියක් වන Crazy Monday නම් වෙබ් අඩවියයි. පසුව මෙය නයිජීරියාව සහ දකුණු අප්‍රිකාවේද සත්‍ය තොරතුරක් ලෙස වාර්තා වී තිබෙනවා. කෙසේනමුත් මෙම ලිපිය වංචාසහගත, ව්‍යාජ එකක් බවට පෙන්වා දීමට ඒ සමයේ එරිත්‍රියානු රජය කටයුතු කර තිබෙනවා. එවකට එරිත්‍රියාවේ තොරතුරු සන්නිවේදනය පිළිබඳව අමාත්‍ය Yemane Gebremeskel ට්විටර් පනිවිඩයක් නිකුත් කර මෙම සටහන් ප්‍රතික්ෂේප කර තිබුණා.

Twitter | Archived

මේ පිළිබඳව BBC පුවත් සේවය තැබූ සටහනක් මෙතනින්. ඔවුන් පෙන්වා දෙන්නේ මීට සමාන ව්‍යාජ ලිපි සහ සටහන් සුඩානයේද හුවමාරු වූ බවයි.

එරිත්‍රියාවේ බහුවිවාහ සම්බන්ධ සංස්කෘතිකමය පසුබිම :

අප්‍රිකාව පුරා බොහෝ රටවල බහුවිවාහ සංස්කෘතිය පවතිනවා. එරිත්‍රියාව වැනි උප සහරානු කලාපයේ රටවල මෙම තත්ත්වය ඉතාමත් බහුලයි. වාර්තාවලට අනුව පෙනී යන්නේ මෙම සංකල්පය ප්‍රකටව පැවතීමට හේතු කිහිපයක් පවතින බවයි. මින් එකක් වන්නේ, මෙම රටවල කුඩා පිරිමි ළමුන් විවිධ රෝගාබාධවලට ලක්වී මිය යාමට පවතින සම්භාවිතාවය, ගැහැණු ළමුන් මෙම තත්ත්වයට මුහුණ දී මිය යාමට වඩා වැඩි නිසා අඩු පිරිමි ජන ඝණත්වයක් එම රටවල් තුළ පැවතීමයි. එමෙන්ම, මෙම අප්‍රිකානු රටවල්වල විවාහයේ මූලික අරමුණක් වන්නේ, කාන්තාවන් මහළු වියට එලඹුන විට ඔවුන්ව රැක බලා ගැනීමට දරුවන්ගේ උපකාරය ලැබීමයි. එහිදී, ඇතැම්විට තම සැමියාගෙන් තමාට දරුවෙකු නොලැබෙනු හැකි බවට පවතින සැකය නිසා, කාන්තාවන් මේ වන විටත් බිරිඳක් සහ දරුවන් සිටින පිරිමියෙකුව තම සැමියා ලෙස තෝරාගැනීම සිදු කරෙනවා. මේ පිළිබඳව සටහනක් මෙතනින්.

එරිත්‍රියාවේ බහුවිවාහ සම්බන්ධ නීති :

එරිත්‍රියාවේ නව සිවිල් සංග්‍රහය යටතේ බහු විවාහය සහ ද්වි විවාහය නීතියෙන් තහනම් කර තිබෙනවා. විවාහය යනු එක් පුරුෂයෙකු සහ එක් කාන්තාවක් අතර ඇතිවන බැඳීමක් ලෙස නීතියේ අර්ථ දක්වා තිබෙන නිසා, පෙර විවාහයක් සිදු කරගෙන සිටින අයෙකුත් නැවත විවාහ වීම මෙම කොන්දේසිය මඟින් තහනම් වනවා.

1991 දී, එරිත්‍රියාවේ නිදහසෙන් පසු හඳුන්වා දුන් 2/1991 ප්‍රකාශනය යටතේ, විවාහයන් සඳහා වූ කොන්දේසි සඳහා ව්‍යතිරේකයක් හඳුන්වා දී තිබෙනවා. මෙයින්, ඉස්ලාම් ආගමේ දර්ශනය ඉහත කොන්දේසියට පටහැනි බැවින් එම පාර්ශ්ව සඳහා මෙම කොන්දේසියෙන් නිදහස ලබා දී තිබෙනවා. ඒ අනුව, ඉස්ලාම් ආගමේ අනුගාමිකයින් සඳහා පමණක් රට තුළ බහු විවාහය සඳහා අවසර දී තිබෙනවා. නමුත් නව සිවිල් සංග්‍රහයේ මෙවැනි අවසරයක් අඩංගු වන්නේ නැහැ.

එමෙන්ම එරිත්‍රියාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතියේ (International Covenant on Civil and Political Rights – ICCPR) පාර්ශ්වකරුවෙක්. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ නීතිමය පසුබිමත් ඔවුන්ට බලපෑමක් එල්ල කරනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට අනුව, විවාහ වීමේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සමානාත්මතාව සඳහා බහුවිවාහය යන සංකල්පය නුසුදුසුයි. ඒ නිසා එය ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකම එය නියත වශයෙන්ම අහෝසි කළ යුතුව තිබෙනවා.

එරිත්‍රියාවේ විවාහයන් සම්බන්ධ නීතිමය පසුබිම පිළිබඳව වැඩිදුර තොරතුරු මෙම වාර්තාවෙන්.

එරිත්‍රියාමේ ජනගහණය සහ ස්ත්‍රී-පුරුෂ අනුපාතය :

එරිත්‍රියාව නැගෙනහිර අප්‍රිකාවේ ඉතියෝපියාව, සුඩානය සහ ජිබූටි රජවල් සහ රතු මුහුද මායිම්ව පවතින රටක්. වර්ග කිලෝමීටර 117 600ක් පමණ භූමියකින් සමන්විත මෙම රටේ මිලියන 3.684ක පමණ ජනගහණයක් ජීවත් වෙනවා.

ආසන්නතම වාර්ථාවලට අනුව, එරිත්‍රියාව තුළ ජනගහණය සලකන විට, පුරුෂයින් මිලියන 1.89ක් සහ ස්ත්‍රීන් මිලියන 1.93ක් ජීවත් වෙනවා. මෙය ප්‍රතිශතයක් වශයෙන් ගතහොත් පුරුෂ 49.38%කුත්, ස්ත්‍රී 50.62%කුත් වනවා. 2024 වසර වනවිට එරිත්‍රියාවේ ස්ත්‍රී-පුරුෂ අනුපාතය පුරුෂයින් 97.546ට ස්ත්‍රීන් 100ක් වනවා. එරිත්‍රියාවේ ජනගහණය පිළිබඳව සජීවී තොරතුරු දැනගැනීමට මෙතනින්.

ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහන්වල පෙන්වා දෙන තරමේ පුරුෂයින්ගේ හිඟයක් හෝ කාන්තාවන් ප්‍රමාණයේ වැඩිබවක් මෙයින් පෙන්වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ ජනගහණ අනුපාතය පවා පවතින්නේ මීට ආසන්න මට්ටමක. (ස්ත්‍රී 50.7% සහ පුරුෂ 49.3%)

එරිත්‍රියාවේ බහුවිවාහය අනිවාර්‍ය කිරීමෙන්, බොහෝ කාන්තාවන්ට විවාහයක් සිදු කරගත නොමැති තරම් පිරිමි හිඟයක් සිදුවනු ඇති. මෙවැනි නීතියක් සඳහා අවම වශයෙන් සමස්ත ජනගහණයෙන් පිරිමි 35%ක් පමණ වනතෙක් අඩු වීම සිදුවිය යුතු බව ගණනය කිරීම්වලදී පෙනී යනවා.

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

එරිත්‍රියාවේ පිරිමින් සඳහා විවාහ දෙකක් හෝ වැඩි ගණනක් සිදු කරගැනීම අනිවාර්‍ය බවටත්, එසේ නොකරගන්නා අයට බරපතල දඬුවම් හිමිවන බවටත් සිදු කෙරෙන සමාජ මාධ්‍ය ජාලා සටහන් අසත්‍යයි. මෙම සටහන් 2016 වසරේ සිට මේ දක්වා වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සිදුවෙනවා. 2016 වසරෙන් පසු මේ වන විට එරිත්‍රියාව තුළ ද්වි හෝ බහු විවාහ තහනමට ලක්වී තිබෙනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:එරිත්‍රියාවේ අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකුවත් විවාහ කර නොගන්නා පිරිමින්ට බරපතල සිරදඬුවම් නියම වෙන නීතිය ඇත්තක්ද?

Fact Check By: Fact Crescendo Team

Result: False

Tags:    

Similar News